වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..

    :cool::cool::cool:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    .. ඒ මැන්ගෝ අදත් ඉතින් මැන්ගෝම තමයි..හැබැයි අදත් මේ වගේ වැඩකට සහය ගන්නවානම් A -Z සියලුම උපදෙස් දීල තමයි යවන්නේ..

    එ කියන්නෙ මචන් යාලුවා තාම එම තත්වයේමද?:eek:

    මොනව උනත් උබේ කතාව ඇත්ත,:)
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම ඉතිං උදේ 6 ට විතර ත්‍රීවීල් එකක් හොයාගෙන ගියා යාලුවගේ ගෙදර. වෙලාවට වැඩිය දුර බැහැර නෙවෙයි මේක ඉන්නේ, ත්‍රීවීල් එකේ රුපියල් 100 යේ දුර. බැලින්නම් මේ යකා ඇන ඔක්කොම තද වෙන පැත්තට තව තද කරලා. මොට්ටයා නිකමටවත් බලලා නෑ මේක අනිත් පැත්තට බුරුල් කර ගන්න පුලුවන්ද කියලවත්.:growl: මම මේ යකාට බැන බැන රෝදේ මාරු කරලා දීලා දැන් වෙඩිමට පල කියලා ආවා. :dull:

    වෙලාවට උබ ලගපාතක හිටියේ. නැත්නම් ඉතින් උබටත් පොලාට උනා වගේම දෙයක් වෙන්නේ:lol:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..:yes::yes:

    උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා:lol::lol::lol:

    බැංකු කාරයාට තමා මන් ආසම:shocked:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා:lol::lol::lol:

    බැංකු කාරයාට තමා මන් ආසම:shocked:

    යකෝ අකුරු පොඩියට දාපං. :growl::growl:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකෝ අකුරු පොඩියට දාපං. :growl::growl:

    අඩෙ සොරි බන් මට මෙකේ පෙන්නන්නේ පොඩිවට බන්. මම එත් බැලුව මොකද මේ ෆොන්ට් එක වෙනස් වෙන් නෑත්තේ කියල.:(
    thx bro:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙලාවට උබ ලගපාතක හිටියේ. නැත්නම් ඉතින් උබටත් පොලාට උනා වගේම දෙයක් වෙන්නේ:lol:

    ඔව් ඌ ලග හිටපු නිසා රුපියල් සීයයි, පොඩි කරදරේකුයි එක්ක වැඩේ ඉවර කර ගන්න පුලුවන් වුනා. බැරිවෙලාවත් මූ කිලෝමීටර් 30 ක් විතර දුර හිටියනම් බඩුම තමයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol::lol:

    පට්ට සෙට් එකක්නේ බං... ඔය බැටරි කතාව නම් මටත් වුනා එක පාරක්.. බැටරියේ කරන්ට් වදිනවා කියලා අංකල් කෙනෙක් කෑ ගැහුවා.. පොර කියන්නේ බැටරියෙ ක්නෙක්ටර් දෙක ශෝර්ට් කරන කොට පට්ස් ගාලා පුපුරන නිසා ඒක ඇල්ලුවොත් අපි මැරෙයි කියලා.. :sorry:

    මොකද්ද බං නවාරා එකේ රිවස් සීන් එක..? :confused:

    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

    :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

    ehemath ekakda :baffled::baffled: mm terum gatta hati.... :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබටනම් ඉන්නේ සුපිරිම සෙට් එකක් බන්, හින කාල මැරෙනවා:lol::lol::lol:

    බැංකු කාරයාට තමා මන් ආසම:shocked:

    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අද දවසේ එපිය.
    මේකත් අර ජර්නි බස් එක ගැනම තමා සිංහලු.
    මේ බසය දිව්වේ 192 කියන රූට් එකේනෙ. අපි ගන්න කලිං.
    ඉතිං ගෙනාපු දවසේ ඉදං ම මොන මොනවා හරි රෙපෙයාර් තිබුනා.
    පොඩි පොඩි රෙපෙයාර් වලට අපි ඉතිං යන්නේ අර අන්තිමට ගියර් බොක්ස් එක හයි කරපු අපේ තාත්තාගේ පරණ යාලුවාගේ ගැරේජ් එකට. දෙයියංග පිහිටයි එතනට ගිහිං ආවත් වාහනේ ගොඩ. ඒ මනුස්සයා හැදුවොත් දුවගන්න පුලුවං ලෙඩ එන්නෑ.
    ඒ උනත් පොඩි පරහක් තිබුනා. එතනට වාහන ගොඩක් එනවා. වෑන් කාර් එහෙම. ඉතිං ඒ අංකල් ටිකක් අදිමදි කරනවා අපේ වගේ බස් එතනට දාන්න ගන්න. ඉතිං අපේ තාත්තත් ඔය සීන් එක දන්න නිසා උවමනාවක්ම ඇරුනම එහෙ ගෙනියන්නෑ.
    ඔය ස්තූල් සර්විස් කරන තැනම වාහන එලවන ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. බුවා ගෙවල් වලට ඇවිත් වාහන හදනවා. මැකෑනික් කෙනෙක් තමයි.
    බස් එක ගෙනාපු අළුත හැම සෙනසුරාදා ඉරිදාම අපේ ගෙදර ගැරේජ් සිරි ගති. මජං නොගෑවුනු මගේ අත් පාරවල් එහෙම නැති බිත්ති නැති තරම්. ඔන්න එක සති අන්තෙක අපේ බස් එකේ පස්ස බ්‍රේක් මදි , ඩිපරන්සල් හම් එකක් තියෙනවා.. ඇක්සලයකිං ඔයිල් ලීක්.. ඔය වගේ ලොඩ ගොඩක් තිබුනා. තාත්තා කෝල් කලා සිංහලු අර බාස්ට. මොකක්ද කරන්න පුලුවං කියලා බලන්න. ඔන්න එක් සුවබැර සෙනසුරාදා දිනක මෑන්ස් උදේම අපේ මිදුල ලගට ඇවිත්.
    මොනවා උනත් මිනිහා හරි කඩිසර වැඩකාරයෙක්. දඩ බල ගාලා ජැක් ගහලා කොට තියලා.. පිටිපස්ස රෝද සෙට් දෙක පැන්නුවා. අප්පා.. බ්‍රේක් සිලින්ඩර් සවුත්තුයි. වොශර් ගිහිං. ලයිනර් ගෙවිලා හොදටම. ඒ මදිවට බ්‍රේක් ඩ්‍රම් කැපිලා හොදටම :sorry: එක අතකට ඉතිං අවුරුදු 30ක් විතර පරණ වාහනේක ඕවා ඔහොම වේනන එපැයි. ඊට පස්සේ ඩිපරන්සල් ජොයින්ට් බැලුවම ඒවාත් සෑහෙන සවුත්තුයි. සර්වලෝක පූට්ටුවේ සෑහෙන සද්දයක් හොයා ගත්තා. ඒ මදිවට ඩිපරන්සල් ගෙඩියේත් අවුලක් තිබුනා. මට මතක හැටියට වීල් එකක්. කොටින්ම ඩිපරන්සල් එකම වන් පාට් ගත්තොත් ලෙඩ වාට්ටුවක්. :sorry:
    අපේ තාත්තයි අර බාසුයි කථා කරගත්තා රී කන්ඩිහන් ඩිපරන්සලයක් ගෙනත් තියන්න.
    ඔන්න සිංහලු දැං ඩිපරන්සලය ගලවන්නේ නැතුවම යූ බෝල්ට් අතර දුර මැන ගත්තා. අර බාස් තමා සියළුම මිනුම් කටයුතු කරන්නේ. හරි අයියේ යං කියලා අපේ මාමා කෙනෙක්ගේ වෑන් එකකුත් අරං ගියා ඩිපරන්සල් හොයන්න. වැඩි දුර යන් නඋනේ නෑ.. කඩවතින්ම බඩු හම්බුනා. ඩිපරන්සල් එකයි ජොයින්ට් ටිකයි සේරම . :cool:අදුරන කඩයකිං. අකේ සල්ලි නෑ . රුපියල් 40 000ක් කිව්වා.පස්සේ වාරික දෙකකිං ගෙවන්න අයිතිකාරයව කැමති කරගත්තා :sorry: isusu NKR පලල් මූන ඩිපරන්සලයක්. අරූ හොදට බලලා... මැනලා කාරිය කිව්වා ආ අයියේ මේක හරි කියලා. තාත්තා ගෙදරින් මැනගෙන ආවේ නෑ.. බාස් මැනපු නිසා...
    ආයෙ ඉතිං අහන්න දෙයක් යෑ.. මූ ලියාගෙනත් ආපු එකනේ කියලා පටෝගෙන ආවා ගෙදර. අහල පහල එවුනුත් කථා කරං ඇවිත් මේක කොහොමෙං කොහොමෙං හරි බෑවා. අපේ තිබුන එක ගලවලා මේක හයි කරන්නයි දැං සූදානම...

    ඔන්න සිංහලු අපේ එක ගලවලා එලියට ඇදලා අරං.. දෙයියනේ කියලා මේක හයි කරන්නයි සූදානම. බැලු බැල්මටම පේනවා මේක චුට්ටක් පලල වැඩියි වගේ. හැබැයි කවුරුත් සද්ද කලේ නෑ. අරූ නෙ බාස්. ඌට හරි නිසා නේ ගෙනාවෙ.
    ඔන්න දැං බසය යටට ඩිපරන්සලේ ඇදලා අරං... බැලන්ස් එකේ උඩට ජැක් කලා...

    ඔන්න සිංහලු දැං.. බාස් ඔළුව කස කස කල්පනා කරනවා.
    අපි ඇහුවා මොකද මල්ලි කියලා....
    මූ කියනවා.. " අයියේ එක U බෝල්ට් එකක ඉදං අනිකට දුර අඩුයි නේ. මේ ඩිපරන්සල් එක පලල වැඩියි කියලා :eek:"

    ()&()&*#)*%+(_%(#*$()& errrrrrrrrrrrrrrrrrrr
    මොනවා කරන්නද .. අත්පිට මුදලට ගෙනා එකක් නං මාරු කරගන්න තිබුනා. ඒත් මේක පොඩි කේස් එකක් දාගෙන ගෙනාපු එකක්. ආයෙ ගෙනියන්නත් බෑ කිව්වා :sorry:

    පස්සේ දහ අතේ කල්පනා කරලා....
    අපේ ඩිපරන්සල් ටියුබ් එක පලු කලා... මදේ අයිං කලා. අළුත් එකේ මගේ බට් කලා. ඊට පස්සේ අපේ එකේ තිබ්බ ඇක්සල් දෙම එබුවා. මොකද අළුත් ඇක්සල් දිග වැඩියි. හබ් දෙක ගත්තා. ඒවාගේ ලයිනර් අනං මනං සේරම හොදට තිබුනා.
    ඩිපරන්සල් පොලු වල අවුලක් තිබුනේ නෑ... ඒවා එහෙමම දැම්මා...

    ඔන්න ඔහොමයි සිංහලු ඩිපරන්සල් හයි කලේ :sorry:

    එදා වැඩේ කරලා ඉවර වෙලා බාස්ගේ ගාන දීලා ඌව පිටත් කලා.
    ආයේ වාහනයක් හදන්න ඌ නං මේ පැත්තක වත් ආවේ නෑ. අහල පහල මිනිස්සු බැන්නා ඌට අපේ තාත්තාට වඩා :eek:
    අන්තිමටයි දාන ගත්තේ... මූ යූ බෝල්ට් අතර දුර මැනලා තියෙන්නේ එක පැත්තක් එළියේ... අනික් පැත්ත ඇතුලේ... :sorry::shocked::frown::dull::(

    (හැබැයි කොහොම හරි හදා ගත්තට පස්සේ බ්‍රේක් නං පට්ටෙට තිබුනා... IDG සාක්කි. මේකෙ ටිංකර් වැඩකට අපි එහෙ ගිහිං මේක රෑට පාක් කරන්න හෙන පල්ලමක ගියා :lol:
    7.gif
    )

    මතු සම්බන්ධයි

    ප.ලි. සිවිලියන් එක ගෙනල්ලත් අවුරුදු 2ක් 3ක් යනකං ඔය ජර්නියේ අයින් කරපු ගියර් පෙට්ටි දෙකයි ඩිපරන්සල් සෙට් එකයි තව බඩු ගොඩකුයි තිබුනා අපේ ගෙදර.
    අන්තිමට ස්කූල් සර්විස් කරන දුප්පත් මනුස්සයෙක්ට හෙමීට සල්ලි දෙන්න කියලා සේරම දීලා දැම්මා.
    මට මතක විදිහට ඔය සේරටම තාත්තාට හම්බුනේ රුපියල් 8000 ක් වගේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: dwpsg and TomCat077

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි සංකපාලයෝ.. පට්ටයි කතාව..:cool::cool: දෙක බට් කරලා හරි දාගත්ත එක ලොකු දෙයක්...:yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..:) :')
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මගේ යාලුවෙක් එකපාරක් මගෙන් අහනවා උගෙ වාහනෙ සයිලන්සරෙන් වතුර එනවා බාස් කෙනෙකුට පෙන්නන්න වෙයිද කියල..
    :lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාස තුනකටත් අඩු කාලෙකදී වීව්ස් 50 000 කට වඩා වැඩි ප්‍රමාණයක් වැටුන ත්‍රෙඩ් එකට උඹල දීපු දායකත්වය උපරිමයි.. ලියන්න දේවල් නැති උනාට උඹල මේක කියවල යමක් ලබාගන්නවනම් ඒක තමයි මේ ලියන හැමදෙනාගේම සන්තෝසය .. ඒ වගේම කියවල මාරු නොවී කොමෙන්ට් එකක් දාල යන එක ගැන හුඟක්ම ස්තුතියි..:) :')
    පොල්වත්තට එකව්න්ට් එකෙන් ලොග් අවුට් වෙන් නඅමතක වෙලාද :sorry::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනේ මන්ද බන් .. මිනිස්සු සාමාන්‍ය ජීවිතේ දේවල් ගැනවත් කිසිම සාමාණ්‍ය දැනුමක් නැති එක රටේ අවාසනාව.. කට්ට කපටි කයිරාටික එවුන් කිසිම මහන්සියක් නැතුව අහිංසක මිනිස්සු හාවෝ කරනවා.

    මගේ මැන්ගෝ ඒ කාලේ වැඩ කරේ මම වැඩ කරපු තැනම තමයි.. මන්ගොට ඔන්න අලුත් රියදුරෙක් දුන්න ලොක්ක. අලුතෙන් එන හැම රියදුරාම ඉතින් ලොක්කගේ දේසපාලන හිතවත්තු තමයි. උන් වුර්තීය රියදුරන් නෙවෙයි. වැඩ කරගන්න එකෙක් ආපු ගමන් ලොක්ක ඌ හාවා කරලා වැඩක් ගන්න තමයි බලන්නේ සතියක් හරි.. අපි මේ අලුත් රියදුරාට කිව්වේ මහත්තය ඩ්‍රයිවර් කියල.

    ඔන්න අලුත් රියදුරා එක්ක මගේ මැන්ගෝ රජරට පැත්තේ සේල්ස් යනකොට වින්ඩ්ස්ක්රීන් එක දුවිලි බැඳිලා නිසා මැන්ගෝ කියල ඔය වීදුරුව ටිකක් හෝදගන්න කියල වොෂර් එකෙන්.. මහත්තය ඩ්‍රයිවර් ගත් කටටම කිව්වලු අපරාදෙනේ මල්ලි රේඩියේටර් එකේ වතුර ටික ... ගිහින් නවත්තලම හොදගමු කියල.. මැන්ගෝ එහෙම්මම සීට් එක ඇල කරගෙන නින්දට වැටුනලු වාහනෙන් පැනල බඩ අල්ලාගෙන හිනාවෙන්න විදිහක් නැති නිසා...:lol::lol::lol::lol::lol:

    නවාරා එක 6 speed බන් . . . 5 speed එලවලා පුරුද්දට රිවස් දැම්මම වැටෙන්නෙ 6th එකට . . . රිවස් එකට දාන්න නම් මුලින්ම ගියර් ලීවර් එක පහලට තද කරන්න ඕනි . . තද කරන් ඉන්න ගමන් සුපුරුදු පරිදි දකුනු කෙලවරේ පිටි පස්සට දැම්ම තමා රිවස් එකට වටෙන්නෙ. . . අපෙ එකා ඒක ඩන්නෙ නැතුව අරන් ගිහින් රිවස් කියල 6thඑකට දාලා. . .අන්තිමට රිවස් වැටෙන්නෙ නෑ කියලා අරන් ආවා . . .

    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .
    හිනා ‍වෙලා බඩත් රිදෙනවා යකෝ:lol::lol::lol:
    ඔන්න අද දවසේ එපිය.
    මේකත් අර ජර්නි බස් එක ගැනම තමා සිංහලු.
    මේ බසය දිව්වේ 192 කියන රූට් එකේනෙ. අපි ගන්න කලිං.
    ඉතිං ගෙනාපු දවසේ ඉදං ම මොන මොනවා හරි රෙපෙයාර් තිබුනා.
    පොඩි පොඩි රෙපෙයාර් වලට අපි ඉතිං යන්නේ අර අන්තිමට ගියර් බොක්ස් එක හයි කරපු අපේ තාත්තාගේ පරණ යාලුවාගේ ගැරේජ් එකට. දෙයියංග පිහිටයි එතනට ගිහිං ආවත් වාහනේ ගොඩ. ඒ මනුස්සයා හැදුවොත් දුවගන්න පුලුවං ලෙඩ එන්නෑ.

    කොහොම හරි වැඩේ කර ගත්ත එක ලොකු දෙයක්
     
    Status
    Not open for further replies.