~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1428548063165


    " 2015 Formula One Drivers Champion "

    Lewis Hamilton

    Flag2_2887729b.jpg


    1426306350.jpg


    hamiltoncar.jpg


    " Moments like these are rare yet powerful beyond measure.
    The journey is not over yet but the happiness I feel today could light up a city.
    What a dream it is to wake up as a 3x F1 World Champion.
    I am but a small link in a big chain of great people who have helped me along the way.
    I want to take this moment to thank them.
    ‪#‎TeamLH‬, there is nothing we cannot do, reach, or conquer.
    We do it together.
    Dream big, people.
    It's time to go out and get it "

    ~ ~Lewis Hamilton via Official FB Page on 26/10/2015 ~~
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    බෑ බෑ කිව්වට XR එකට 160/60/17 ටයර් එක දාන්න පුලුවන් තව ඉඩත් තියනව :D:yes: මම හිතන්නෙ 170 උනත් දාන්න පුලුවන් චේන් එකේ වැදිල යන්තන් කැපිල හැදෙයි. කොහොම හරි 160 ටයර් එක පැලිල පස්සෙ දැක්කෙ. ඒ මගුල ආය රිටන් කරා. යාලුවෙක් දුන්න මට 150 පිරෙලි ජර්මන් ටයර් එකක් සින්හලු. ඒක 150/70/17 එකක්. ගොඩක් තියෙන්නෙ 150/60/17නෙ. මේක ඉතාලියෙන් මිනිහ ගෙනාපු එකක්. අන්න යාලුවෝ නම් යාලුවෝ :yes::yes::love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    chasi එකට නේ තෙල් දාන්නේ



    මේක නේ හරි කමය



    ඕක නෙවෙයි බන් සීන් එක. ඔය බයික් ගැන කිව්ව පොර කිවෙ oil ලෙවල් එක එන්ජිම නිමිල තියනකොට ෆුල් වෙන්න දාන්න කියල. xr වලට එහෙම දැම්මොත් 4l වගේ අල්ලනව :lol: දුවල රත් උනාම ලෙවල් බලන්න ඕනෙ. ලොල්ම තමා

     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Rossi vs Marquez සිද්දියේ අලුත්ම තත්වය . . .

    Lorenzo මේ සිද්දියේදි Marquezගේ පැත්තටයි කතා කරන්නේ ... එ් හේතුව නිසා යමහා ටීම් එකත් අවුල් ගහලාලු තියෙන්නේ . . .
    සමහරු කියන විදියට 2016 වලට යමහා ටීම් එකට Lorenzoව ගන්නේ නැතිවෙයිලු . . .

    රොසීට දුන්නු දඬුවමට විරුද්ධව ලොකු පෙත්සමක් යනවා. . . . හැබැයි එ්කෙන් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි. . .
    මොකද එදා රේස් එකේදිත් රොසීට අවස්ථාව දුන්නා තරඟය අවසන් කරන්න. . . සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදි Disqualification එකක් දීලා තරඟයෙන් ඉවත් කරනවා . . .
    අනික් දේ තමා මේ සිදුවීම සිද්ධවෙන වෙලාවේ රොසී හිටියේ කෝනර් Exit එකේ . . .එ් කියන්නේ බයික් එකේ වේගය වැඩි කරන කලාපයේ . . . එ්ත් රොසී එ් වෙලාවේ Marquezව ට්‍රැක් එකේ wide යවන අදහසින් තව දුරටත් බයික් එකේ වේගය අඩුකරමින් හිටියා . . රොසීත් එ්දේ පිලිගත්තා . .

    අනික් දේ තමා මෙතනදි පාලන කමිටුවට වගකීමක් තිබුනා Rossi vs Marquez දෙදෙනා අතරේ ගැටුම නිර්මාණය වන විට දෙදෙනාටම Black/White කොඩියදාලා Warning එකක් දෙන්න . . .

    Marquez Qualifying වලදි තියා ගත්තු ටයිමින්ග් වලට වඩා 1second වැඩියෙන් තමා මේ සිදුවීම වෙලාවේ දාවනය කරමින් හිටියේ. . . අනිත් ධාවකයින් කෙසේ වෙතත් Marquez ගෙන් එ් දේ බලාපොරොත්තු වෙන්න බැහැ. . . එ් නිසා හොඳටම පැහැදිලි වෙන දේ තමයි Marquez උවමනාවෙන්ම Rossi එක්ක ගැටුමක් නිර්මාණය කරගත්තා කියන එක . . . කෙසේ වෙතත් මේකට හේතුව කලින් දවසේ Rossi Press Conference එකේදී Marquezව චාටර් කරපු සිදුවීම වෙන්න පුලුවන් . . . එ් හේතුව නිසා marquezට තමන් කුඩා කාලේ තමන්ගේ වීරයා උනු Rossiට වඩා වර්තමානයේදී තමන් වේගවත් කියලා පෙන්නන්න අවශ්‍ය වුනා වෙන්න පුලුවන් . . .
    එ් අතරෙම එදා සිදුවීමෙදී Marquez අතින් නීති රීති වලට පටහැනි දෙයක් සිදු නොවුන නිසා මෙතනදි Marquez ට පැනල්ටි හෝ එවන් කිසිම දෙයක් පැනවීමේ හැකියාව නැහැ . . .

    අවසාන වශයෙන් Lorenzo සහ යමහා ටිමී එක අතර ගැටුම ගැන කතා කලොත්, සමහරු පවසන අාකාරයට Lorenzoව ටීම් එකෙන් අයින් කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. . . මොකද දැනට Marquezගේ Pace එකට සමකරන්න පුලුවන් කෙනෙක් MotoGP හෝ Moto2 තරඟවල නැහැ. . . අනික වසර මුලදි Honda කණ්ඩායමේ මෝටර් සයිකලයේ තිබුනු ගැටලු මේ වනකොට නිරාකරණය කරගෙන තියෙනවා . . . කවුරුත් නොසිතපු විදියට Dani Pedrosa තරඟයට අවතීර්ණ වෙන්න එ්ක එක හේතුවක් . . .

    කලින් කිව්වා වගේ දැනට ට්‍රැක් එකේ ඉන්න Fastම රයිඩර් Marquez.. .. Marquez අැතුලු Honda කණ්ඩායම වසර මුලදී පසුබැසීමක් සිදුවනු නිසා Lorenzo,Rossi අැතුලු යමහා කණ්ඩායමට අවස්ථාව ලැබුණා තරඟයේ පෙරමුණ ගන්න . . . වසරේ අවසන් තරඟ කීපයේ Honda කණ්ඩායම දක්වපු දක්ෂතා අනුව ලබන වසරේ මුල සිටම Honda කණ්ඩායම ලොකු තරඟයක් දේවිකියලා හිතන්න පුලුවන් . . . මේ වන විට Dani Pedrosaත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට අැවිත් තියෙනවා . . .

    මේ සියල්ල සමග ලබන වසරේ Yamaha කණ්ඩායමට තරඟයක් ලබා දීමට නම් Lorenzoව අත්‍යාවශ්‍යයි.
    සාමාන්‍යයෙන් Lorenzoට අාරම්භයේදී ඉදිරියට අැවිත් තමන්ගේ වේගය ලබා ගත්තට පස්සේ, එ් වේගය දිගටම රඳවගෙන තරඟය අවසන් කිරීමේ හැකියාව තියෙනවා.
    Marquezට විරුද්ධව යමහා ටීම් එකට පාවිච්චි කරන්න තියෙන එකම අව්ය Lorenzo 99 පමණයි. එ් නිසා කණ්ඩායමෙන් lorenzoව අයින් කරයි කියලා හිතන්න බැහැ . .

    රොසී ගැන කියන්න දෙයක් නැහැ . . .He is a LEGEND . . . The Best . . .නමුත් Marquez + Honda සංයෝජනය එක්ක තරඟ කරන්න රොසීට අවශ්‍ය වේගය නැහැ. . .
    MotoGP track එකේ අද වෙනකොට තියෙන Fastම බයික් එක Honda RC213V . . . එ් ගැන සැකයක් නැහැ . . . අවසන් තරඟ කීපයේ Dani Pedrosa එ් බව තහවුරු කලා . . .

    අවසන් තරඟයේ, අවසන් වටයේ, අවසන් මීටර කීපය වෙනතෙක්ම තරඟය සම්බන්ධයෙන් කිසිවක් නිගමනය කරන්න හැකියාවක් නැහැ . . .

    ### waiting for the Last Race ! ! !
     
    Last edited:

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Rossi vs Marquez
    අවසන් තරඟයේ, අවසන් වටයේ, අවසන් මීටර කීපය වෙනතෙක්ම තරඟය සම්බන්ධයෙන් කිසිවක් නිගමනය කරන්න හැකියාවක් නැහැ . . .
    ### waiting for the Last Race ! ! !

    ඒක නම් ඇත්තම තමයි. ජපානෙ තිබුණ එකෙත් කවුද හිතුවෙ පෙඩ්රෝසා දිනයි කියලා. :eek:
    ඒ වගේම තව දෙයක්, ලොරෙන්සෝ අවුරුදු දෙකකට කන්ට්‍රෑක්ට් සයින් කරල තියන නිසා කොහොමත් අයින් වෙන්නත් බෑ නේද ?.

    දුක කියන්නෙ. රෝසිලා, මාර්කස්ලා, ලොරෙන්සෝල මිලියන 10 ට 12 ට විකිණෙන කොට, පෙඩ්රෝසව මිලියන 4කට විකිණෙන එක.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක නම් ඇත්තම තමයි. ජපානෙ තිබුණ එකෙත් කවුද හිතුවෙ පෙඩ්රෝසා දිනයි කියලා. :eek:
    ඒ වගේම තව දෙයක්, ලොරෙන්සෝ අවුරුදු දෙකකට කන්ට්‍රෑක්ට් සයින් කරල තියන නිසා කොහොමත් අයින් වෙන්නත් බෑ නේද ?.

    දුක කියන්නෙ. රෝසිලා, මාර්කස්ලා, ලොරෙන්සෝල මිලියන 10 ට 12 ට විකිණෙන කොට, පෙඩ්රෝසව මිලියන 4කට විකිණෙන එක.

    • එ්ත් මචං කවදාවත්ම Pedrosa ටීම් එකක් නැතුව චාටර් වෙලා නෑ . . . ටිමී එකේ චාටර් වෙලත් නෑ . . . ට්‍රැක් එකේ ඉන්න එකෙක්වත් පොර තරම් අැක්සිඩන්ට් වෙලත් නැතුව අැති . . . මේ අවුරුදුදෙත් Arm Pumping කේස් එකට Surgery එකක් කරා පොර . . . මාරම රයිඩර් කෙනෙක් . . . පොර MotoGP වලින් අයින් වෙනකල්ම Honda Team එක Pedrosaට යන්නෙ දෙන එකක් නෑ . . .
    • ඔ්නෙම වෙලාවක pressure එක හැඬල් කරන්න පුලුවන් කෙනෙක් තමා Pedrosa කියන්නේ . . . Pedrosaට දැන් තියෙන pace එක සීසන් එක පටන් ගද්දි තිබ්බා නම් බොහෝවිට මාකස් මේ අවුරුද්දේ Champion වෙන්න තිබ්බා . . .

      කන්ට්‍රැක්ට් එක ගැටලුවක් වෙන්නේ නැහැ Lorenzoව අයින් කරන්න. Team එක අැතුලේ ප්‍රශ්න අැතිකරා, එහෙමත් නැත්තන් ටීම් එකේ කීර්තියට හානි කරා කියන්න පුලුවන් . . .
    • කෙසේ වෙතත් F1 වලට සාපේක්ෂව නම් MotoGP ridersලට කරන ගෙවීම ගොඩක් අඩුයි. මොකද Top Level ඩ්‍රයිවර්ස්ලට F1 වලදි ගෙවන්නේ 40-50 අතර . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මයේශ් මාමේ.. මං දැක්කා කව්දෝ මන්දා ඩබලක් ට්‍රැක් එකේ මරාගන්න වගෙ රේස් යනවා.. repsol එකකුයි Movistar එකකුයි. අන්තිමට Movistar එකා වංගුවක් ලග බ්‍රේක් කරලා repsol බුවාව වට්ටනවා කියපංකො...
    ඒ මොකක්ද ඒ උනේ.. ඒක නීතියානුකූලද ? :eek::sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මයේශ් මාමේ.. මං දැක්කා කව්දෝ මන්දා ඩබලක් ට්‍රැක් එකේ මරාගන්න වගෙ රේස් යනවා.. repsol එකකුයි Movistar එකකුයි. අන්තිමට Movistar එකා වංගුවක් ලග බ්‍රේක් කරලා repsol බුවාව වට්ටනවා කියපංකො...
    ඒ මොකක්ද ඒ උනේ.. ඒක නීතියානුකූලද ? :eek::sorry:

    එ් පුතා පොඩි චිත්‍රපටියක් . . . මුලු චිත්‍රපටියම බලන්න ඔ්නි සිද්ධිය හරියට දැන ගන්න නම් . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එ් පුතා පොඩි චිත්‍රපටියක් . . . මුලු චිත්‍රපටියම බලන්න ඔ්නි සිද්ධිය හරියට දැන ගන්න නම් . . .
    අනේ මාමියෝ අපිට චිත්තරපටි බලන්න ඩේටා නැති හින්දා නේ ඒක බැලුවා වගේම විස්තරේ අහගන්න ඔයා හොයාගෙන එන්නේ... අගේ නොකර කියන්ටකෝ :sorry:
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    • කෙසේ වෙතත් F1 වලට සාපේක්ෂව නම් MotoGP ridersලට කරන ගෙවීම ගොඩක් අඩුයි. මොකද Top Level ඩ්‍රයිවර්ස්ලට F1 වලදි ගෙවන්නේ 40-50 අතර . . .

    අම්මට සිරි. ෆෝමියුලා වල එච්චර ගෙවනවද. මම F1 ගැන නම් වැඩිය හොයල නෑ. MotoGP ත් මහ ලොකුවට බැලුව එකෙක් නෙමෙයි මම, ඔය ඉඳල හිටල Isle of man TT බැලුව මිසක්. උඹ රේසිං ගැන කියන ඒවා අහල තමයි මටත් MotoGP බලන්න හිතුනෙ. පෙඩ්රෝසා නම් මමත් දැක්ක තමයි අතත් පෙන්නගෙන පික් එකක ඉන්නවා.
    ස්තුතියි මචෝ විස්තරේට.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest

    ඕක නෙවෙයි බන් සීන් එක. ඔය බයික් ගැන කිව්ව පොර කිවෙ oil ලෙවල් එක එන්ජිම නිමිල තියනකොට ෆුල් වෙන්න දාන්න කියල. xr වලට එහෙම දැම්මොත් 4l වගේ අල්ලනව :lol: දුවල රත් උනාම ලෙවල් බලන්න ඕනෙ. ලොල්ම තමා


    Ehema ekak thiyenawada :oo:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Recondition.

    ජපානෙන් බයික් ගන්න ප්‍රධාන ක්‍රම 3යි.

    1. Auctions / Dealers / Showrooms
    2. Individual Sellers
    3. Black Market ( Mostly, Stolen Bikes)

    ජපානෙන් බයික් එන ප්‍රධාන ක්‍රම 2යි.

    1. Complete Bikes - Below 250cc & RARE !!!
    2. Disassembled Bikes - Very common

    මචෝ හොද 125 cc වගේ ජපන් බයික් එකක් ගන්න තැනක් කියපන්කො ....

    නැත්නම් ඉතින් ඉන්දියන් බජාජ් එකක් තමා :sorry:
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    දුකයි සිංහලු . . . සතියක ශෝක කාලයක් ප්‍රකාශ කරනවා මම . . .


    මොකෝ ලොක්කා දුක. රෝසිට චැම්පියන් වෙන්න බැරි වුන එකටද ? :(
    මට නම් සෑහෙන්න සතුටුයි. :) මාකසුයි, ඩැනී දෙන්න අන්තිම රේස් එකේදි 2, 3 හරි වුන එකට.
    මොනා වුනත් ලොරෙන්සෝ කියන්නෙ ලබන අවුරුද්දෙත් හොඳ ගේමක් දෙන රයිඩර් කෙනෙක් වෙයි මට හිතෙන හැටියට.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දුකයි සිංහලු . . . සතියක ශෝක කාලයක් ප්‍රකාශ කරනවා මම . . .


    මොකෝ ලොක්කා දුක. රෝසිට චැම්පියන් වෙන්න බැරි වුන එකටද ? :(
    මට නම් සෑහෙන්න සතුටුයි. :) මාකසුයි, ඩැනී දෙන්න අන්තිම රේස් එකේදි 2, 3 හරි වුන එකට.
    මොනා වුනත් ලොරෙන්සෝ කියන්නෙ ලබන අවුරුද්දෙත් හොඳ ගේමක් දෙන රයිඩර් කෙනෙක් වෙයි මට හිතෙන හැටියට.

    ඔව් බන් . . .
    අන්තිම රේස් ටික වෙද්දී තමා හොන්ඩා ටීම් එක බයික් එක ගොඩ දාගත්තේ . .
    රෝසී කරපු ගොන් වැඩේ නිසා ටයිටල් එක නැති උනා . . .
    2016 මොනා වෙයිද කියන්න බෑ . .
    Lorenzo, Marquez, Pedrosa, Rossi 4 දෙනාම ෆෝම් එකේ ඉන්නේ . .
    යමහා ටීම් එක ඇතුලේ වලි එහෙන් . . .