Rossi vs Marquez සිද්දියේ අලුත්ම තත්වය . . .
Lorenzo මේ සිද්දියේදි Marquezගේ පැත්තටයි කතා කරන්නේ ... එ් හේතුව නිසා යමහා ටීම් එකත් අවුල් ගහලාලු තියෙන්නේ . . .
සමහරු කියන විදියට 2016 වලට යමහා ටීම් එකට Lorenzoව ගන්නේ නැතිවෙයිලු . . .
රොසීට දුන්නු දඬුවමට විරුද්ධව ලොකු පෙත්සමක් යනවා. . . . හැබැයි එ්කෙන් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි. . .
මොකද එදා රේස් එකේදිත් රොසීට අවස්ථාව දුන්නා තරඟය අවසන් කරන්න. . . සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථා වලදි Disqualification එකක් දීලා තරඟයෙන් ඉවත් කරනවා . . .
අනික් දේ තමා මේ සිදුවීම සිද්ධවෙන වෙලාවේ රොසී හිටියේ කෝනර් Exit එකේ . . .එ් කියන්නේ බයික් එකේ වේගය වැඩි කරන කලාපයේ . . . එ්ත් රොසී එ් වෙලාවේ Marquezව ට්‍රැක් එකේ wide යවන අදහසින් තව දුරටත් බයික් එකේ වේගය අඩුකරමින් හිටියා . . රොසීත් එ්දේ පිලිගත්තා . .
අනික් දේ තමා මෙතනදි පාලන කමිටුවට වගකීමක් තිබුනා Rossi vs Marquez දෙදෙනා අතරේ ගැටුම නිර්මාණය වන විට දෙදෙනාටම Black/White කොඩියදාලා Warning එකක් දෙන්න . . .
Marquez Qualifying වලදි තියා ගත්තු ටයිමින්ග් වලට වඩා 1second වැඩියෙන් තමා මේ සිදුවීම වෙලාවේ දාවනය කරමින් හිටියේ. . . අනිත් ධාවකයින් කෙසේ වෙතත් Marquez ගෙන් එ් දේ බලාපොරොත්තු වෙන්න බැහැ. . . එ් නිසා හොඳටම පැහැදිලි වෙන දේ තමයි Marquez උවමනාවෙන්ම Rossi එක්ක ගැටුමක් නිර්මාණය කරගත්තා කියන එක . . . කෙසේ වෙතත් මේකට හේතුව කලින් දවසේ Rossi Press Conference එකේදී Marquezව චාටර් කරපු සිදුවීම වෙන්න පුලුවන් . . . එ් හේතුව නිසා marquezට තමන් කුඩා කාලේ තමන්ගේ වීරයා උනු Rossiට වඩා වර්තමානයේදී තමන් වේගවත් කියලා පෙන්නන්න අවශ්‍ය වුනා වෙන්න පුලුවන් . . .
එ් අතරෙම එදා සිදුවීමෙදී Marquez අතින් නීති රීති වලට පටහැනි දෙයක් සිදු නොවුන නිසා මෙතනදි Marquez ට පැනල්ටි හෝ එවන් කිසිම දෙයක් පැනවීමේ හැකියාව නැහැ . . .
අවසාන වශයෙන් Lorenzo සහ යමහා ටිමී එක අතර ගැටුම ගැන කතා කලොත්, සමහරු පවසන අාකාරයට Lorenzoව ටීම් එකෙන් අයින් කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. . . මොකද දැනට Marquezගේ Pace එකට සමකරන්න පුලුවන් කෙනෙක් MotoGP හෝ Moto2 තරඟවල නැහැ. . . අනික වසර මුලදි Honda කණ්ඩායමේ මෝටර් සයිකලයේ තිබුනු ගැටලු මේ වනකොට නිරාකරණය කරගෙන තියෙනවා . . . කවුරුත් නොසිතපු විදියට Dani Pedrosa තරඟයට අවතීර්ණ වෙන්න එ්ක එක හේතුවක් . . .
කලින් කිව්වා වගේ දැනට ට්‍රැක් එකේ ඉන්න Fastම රයිඩර් Marquez.. .. Marquez අැතුලු Honda කණ්ඩායම වසර මුලදී පසුබැසීමක් සිදුවනු නිසා Lorenzo,Rossi අැතුලු යමහා කණ්ඩායමට අවස්ථාව ලැබුණා තරඟයේ පෙරමුණ ගන්න . . . වසරේ අවසන් තරඟ කීපයේ Honda කණ්ඩායම දක්වපු දක්ෂතා අනුව ලබන වසරේ මුල සිටම Honda කණ්ඩායම ලොකු තරඟයක් දේවිකියලා හිතන්න පුලුවන් . . . මේ වන විට Dani Pedrosaත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට අැවිත් තියෙනවා . . .
මේ සියල්ල සමග ලබන වසරේ Yamaha කණ්ඩායමට තරඟයක් ලබා දීමට නම් Lorenzoව අත්‍යාවශ්‍යයි.
සාමාන්‍යයෙන් Lorenzoට අාරම්භයේදී ඉදිරියට අැවිත් තමන්ගේ වේගය ලබා ගත්තට පස්සේ, එ් වේගය දිගටම රඳවගෙන තරඟය අවසන් කිරීමේ හැකියාව තියෙනවා.
Marquezට විරුද්ධව යමහා ටීම් එකට පාවිච්චි කරන්න තියෙන එකම අව්ය Lorenzo 99 පමණයි. එ් නිසා කණ්ඩායමෙන් lorenzoව අයින් කරයි කියලා හිතන්න බැහැ . .
රොසී ගැන කියන්න දෙයක් නැහැ . . .He is a LEGEND . . . The Best . . .නමුත් Marquez + Honda සංයෝජනය එක්ක තරඟ කරන්න රොසීට අවශ්‍ය වේගය නැහැ. . .
MotoGP track එකේ අද වෙනකොට තියෙන Fastම බයික් එක Honda RC213V . . . එ් ගැන සැකයක් නැහැ . . . අවසන් තරඟ කීපයේ Dani Pedrosa එ් බව තහවුරු කලා . . .
අවසන් තරඟයේ, අවසන් වටයේ, අවසන් මීටර කීපය වෙනතෙක්ම තරඟය සම්බන්ධයෙන් කිසිවක් නිගමනය කරන්න හැකියාවක් නැහැ . . .
### waiting for the Last Race ! ! !