Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ado pattai ban..oka wathurata awulak nadda?..horunta ehema galawanna barida ban...mokadda oya anik meter eka

නෑ මචන් ඔය එළියෙන් පේන්න තියෙන්නේ waterproof cover එක.මම cam එක සෙට් කරගෙන ගිය පලවෙනි දවසෙම හොඳටම තෙමුණා.කිසිම අවුලක් නෑ.
හැන්ඩ්ල් බාර් මවුන්ට් එක බයික් එකේ තියෙද්දී කැමරා එක ගලවගෙන යනවා මචන්.නැත්නම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ :rofl:

ඒක මචන් RPM මීටර් එකක් :rolleyes:
 
randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    මමත් මෙටික මෙහෙම්මම කරනවා බන්.:yes::yes:
    සමහර විට මම කහ ඉර ගාව නවත්තලා.මගේ දෙපැත්තෙන් වාහන කෙළගෙන යනවා.පාර පනින්න ආපු මිනිස්සු කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙනවා.ඒ වෙලාවට ඉතින් මමත් පාර මැද හිටවපු කණුවක් වගේ.ඒ වෙලාවටනම් ඇත්තටම මට බය හිතෙනවා බන් පිටිපස්සෙන් එකෙක් ඇවිල්ලා ඇනලා දායි කියලා

    සිරාවට බන් එහෙම ඉඩදුන්නම හොර්න් එකකින් හරි අතින් දෙන සිග්නල් එකෙන් හරි දැනෙන දේ ගැන පට්ටම සතුටුයි.මට ඉඩ දුන්න වෙලාවට මමත් හොර්න් එකක් ගහගෙන හෝ ඔලුවෙන් හෝ මගේ ස්තුතිය පුද කරගෙන යන්නේ

    උඹ මේක කරන්නේ බයික් එකේද කාර් එකේද? බයික් එකේනම් ටිකක් පරිස්සමෙන්. මං කියන්නේ කහ ඉරේ පනින මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා කියලා නෙමෙයි. ඔය වැඩේ ටිකක් භයානකයි.

    මම එක පාරක් ඔය විදිහට කහ ඉරට ඉඩ දුන්නා බේස් ලයින් පාරේදී දෙමටගොඩදී. ලොකු ට්‍රැෆික් එකක් තිබුනේ නෑ ඒ වෙලාවේ. මම දකුණු පැත්තේ ලේන් එකේ නවත්තගෙන ඉන්නවා. පාර පනින මිනිස්සු මගේ ඉස්සරහ. එහා පැත්තේ ලෙන් එකේ වාහන කාරයෝ පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ කෙළගෙන යනවා. මැද ලේන් එකේ වෑන් එකක්ද කොහෙද නවත්තලා ඉඩ දුන්නා විතරයි එක පාරටම පිටිපස්සෙන් හයියෙන් බ්රේක් ගහන සද්දයක් ආව. මම කන්නාඩිය බැලුවා.... බඩුම තමයි තඩි ජීප් එකක් (Montero Sport එකක් - පස්සේ දැක්කේ) ඌට නවත්තගන්න බෑ කියල මට ඉවෙන් වගේ තේරුණා. හොඳ වෙලාවට මම 1st ඒකට දාල හිටියේ. මොනවා කරන්නද..... තියලා ඇරියා එකපාරට. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල නවත්තලා බැලුවා. Montero එක කහ ඉරත් පාස් කරලා නැවතිලා තිබුනේ. වෑන් එක ඉඩ දීපු හින්දා මිනිස්සු ටික බේරුනා. මම ඉස්සරහට ආපු හින්දා බේරුනා. නැත්තන් සොරිම තමයි.:(:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මට ඔය අත්දැකීම දෙකම තියෙනවා, ඒ කියන්නේ බයික් එකෙන් සහ කාර් එකෙන්,

    මගේ අදහස මේකයි මචන් . . .

    සාමාන්‍යයෙන් වාහනයක් එලවද්දි ටිකක් වම් පැත්තෙන් ඉඩ තියාගෙන තමයි යන්නේ, අනිත් අය නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි මම නම් එහෙම තමයි. මොකද ඉස්සරහයින් ඒ කියන්නේ දකුණු පැත්තේන් වාහනයක් ඇඟට අවොත් වමට ගන්න පුළුවන් නිස. ගොඩක් වෙලාවට පුරුද්දක් විදියට මම අඩුම තරමේ තත්පර 30කට පාරක්වත් කණ්නාඩි තුනම බලනවා, ඒ කියන්නේ වම දකුණ සහ මැද. එත් හදිස්සි ආස්ථාවකදි අපි වම් පැත්තේ කණ්නාඩිය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි, මොකද අපි වාහනයක් එලවාගෙන යනකොට වම් පැත්තෙන් අපිට හම්බ වෙන බාධක ගැන අපේ හිතේ පොඩි ජායාවක් ඇඳිලයි තියෙන්නේ. අන්න ඒ ජායාවට අනුව තමයි හදිස්සි අවස්ථාවකදි අපි වාහනය වමට ගන්නේ, එත් අපේ හිතේ තියෙන ජායාවට කව්රු හරි පිටිපස්සෙන් අවිත් රිංගුවොත් ඒ කෙනා අපේ හිතේ තියෙන ජායාවේ බාධකයක් විදියට ඇඳිලා තියෙන්නේ නැහැ.

    අන්න ඒ වගේ අවස්ථාවක තමයි ඔය වගේ අනතුරු ගොඩක් දුරට සිද්ධ වෙන්නේ, එකේ වරද 100%ම බයික්කාරයා පිට තමයි අපි පටවන්නේ, මොකද වම් පැත්තේ ඉස්සර කරන්න ලංකාවේ නීතියක් නැහැ. එත් ඉතින් ඕන තරම් බයික් වම් පැත්තෙන් දානවා මමත් එහෙමයි සමහර වෙලාවට දානවා. සමහර බයික් කාරයේ විතරක් නෙමෙයි ත්‍රීවිල් කාරයෝ බස් කාරයොත් දානවා පෙමන්ට් එකේ ඉඩ තිබුනොත්. ඒ වගේ වෙලාවට අපි කොච්චර පරිස්සමින් ගියත් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී.

    වාහනයක් පදවන කෙනෙක් විදියට අපි හැම වෙලාවෙම පුළුවන් තරම් වම් පැත්තෙන් තව කෙනෙකුට රිංගන්න බැරි විදියට වාහනය එලවගෙන යන්න ඕනේ, එත් සමහර වාහනවල යන අය පාරේ යන්නේ මැද්දෙන්, ඒ කියන්නේ පස්සෙන් එන කෙනාට දකුණුන් ඉස්සර කරලා යන්න බැහැ මොකද ඉදිරියෙන් එන වාහන වලට ඉඩ මදි නිසා, ඊට අමතරව කොච්චර හොන් ගැහුවත් වාහනය වමට ගන්න තරම් බුද්ධියක් ඒ කෙනාට නැහැ. අන්න ඒ වගේ වෙලාවට පිටි පස්සෙන් එන වාහනය ගොඩක් දුරට වම් පැත්තෙන් ඉස්සර කරන්න පෙලබෙනවා.

    තව එකක් තමයි ගොඩක් ලොකු ලොකු වාහනවල යන ලොකු ලොකු ජොබ් කරන කට්ටිය, සමහර ඩොක්ටර්ස්ලා, විශේෂයෙන් ලේඩි ඩොක්ටර්ස්ලා, ඔළුව ඉදිමිච්ච ගැහැණු පිරිමි දෙපක්ෂයේම කට්ටිය හිතාගෙන ඉන්නේ එයාගේ ලොකු කමට, වාහනේ වටිනාකමට, ජොබ් එකේ ලොකු කමට, තත්වෙට, තරාතිරමට වාහන එලවන්න පුළුවන් කියලා, එත් ඒ අය දන්නේ නැහැ ඒ දෙවල් මොනා තිබ්බත් ඩ්‍රවින් ලයිසන් එකක් අරගෙන මාර්ග නිති පිලිපදිමින් වාහන එලවන්න ඕනා කියලා. අන්න ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට පාරේ යන්නේ පාර එයාලගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන, පිටි පස්සෙන් එන වාහනයක් එයාව ඉස්සර කරලා යන එක එයාට නිකන් මදි කමක් වගේ හිතෙනවා ඇති, ඒ වගේ කෙනෙක් හම්බ උනොත් මම නම් ඒයාට හොදට තෙරුම් කරලා දෙනවා එයාගේ තත්වේ තිබුනට මොලේ නැති බව. ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්‍රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්‍රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,

    තවත් දවසක් යාළුවෙකුගෙ ලොරියකින් තවත් යාළුවෙකුගේ ගෙදරට බඩු වගයක් පටවගෙන මම කන්ද නඟිනවා, ලෙඩි ඩොක්ටර් කෙනෙන් ජිම් එකටද කොහෙද යන්න පල්ලම බහිනවා, වාහන දෙකකට මාරු වෙන්න ඉඩ අඩුයි ඒ පාරේ, මම කන්දෙන් 75% විතර ගිහින් කාර් එක දාන එපා කියලා මම හොන් ගැහුවා ලයිට් ගැහුවා, මොන මේ යොධි දැම්මා කියහන්කෝ කාර් එක පල්ලමට. දැන් දෙන්නටම යන්න විදියක් නැහැ, මේකි කියනවා ඔයා දන්නවද මම කව්ද කියලා, මම අහවල් ඉස්පිරිතාලේ අහවල් ඩොක්ටර්, මගේ මහත්තයා අහවල් ඉස්පිරිතාලේ අහවලා, කිය කිය මට ටොක් කරනවා පස්සට ගන්න කියලා, අන්තිමට මමත් එයාට හොදට ටොක් එකක් දුන්නා රෙස්පට් බහින්නම, අවට හිටපු මිනිස්සුත් නොනගේ ඔළුවේ අමාරුවට හොදට ප්‍රතිකාර දුන්නම ලස්සනට කාර් එක පස්සට ගත්තා.

    අපි බයික් එකක යනවනම් හැකිතාක් දකුණු පැත්තේන් ඉස්සර කරන්න කියන එක තමයි මම නම් කියන්නේ, එත් සමහර වෙලාවට අර මම කලින් කියපු අය වගේ අමාරු කාරයෙක් හම්බ උනොත් නම් ඉතින් වමෙන් දානවා ඇර වෙන විකල්පයක් නැහැ, ඒ වගේ වෙලාවට වමෙන් දානවා නම් පුළුවන් තරම් ඉස්සරහා යන වාහනේ පදවන කෙනාට තමා වම් පැත්තෙන් ඉස්සර කරනවා කියන එක එත්තු ගන්වන්න කිහිප සැරයක් හොන් එක ගහන්න, එක පාරටම වමෙන් නොදා ටිකක් දාන්න වගේ ගිහින් බ්‍රෙක් කරන්න, ටිකක් හයියෙන් රෙස් කරන්න කල්ච් එක අල්ලගෙන, අන්න ඒ වගේ ඉදිරියෙන් යන කෙනාව රැවටීමක් වගේ කරන්න, එත් එකා ඇහුවේ නැත්තන් හොන් එක ගහගෙනම ඉන්න, එත් ඇහුවේ නැත්තන් ඉදිරිය අරක්ෂාකාරී කියලා හිතෙනවාම් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනගමන් වෙලාවක් තියෙනවනම් ලුණු ඇබුල් ටිකක් එක්ක අරූට මොලේ ටිකක් පාදලා යන්න,

    :yes: :yes: හරියටම කියල තියෙනවා ලොක්කා! :) රේප් 7+
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වැඩක් නෑ බං කතා කරලා. Signal දා හිටියත් වැඩක් නෑ බං. මොකද ගොඩක් එවුන්ට මෝල් බං. වමට සිග්නල් දාලා දකුණට හරවන එවුන් ඉන්නේ. ඒක හින්දා බයික්කාරයෝ සිග්නල් care කරන්නේ නෑ වැඩිය. එපා වෙනවා බං ලංකාවේ drive කරන හැම එකාටම Discipline නෑ බං හෝන් එකෙන් වාහන එලවන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹ මේක කරන්නේ බයික් එකේද කාර් එකේද? බයික් එකේනම් ටිකක් පරිස්සමෙන්. මං කියන්නේ කහ ඉරේ පනින මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා කියලා නෙමෙයි. ඔය වැඩේ ටිකක් භයානකයි.

    මම එක පාරක් ඔය විදිහට කහ ඉරට ඉඩ දුන්නා බේස් ලයින් පාරේදී දෙමටගොඩදී. ලොකු ට්‍රැෆික් එකක් තිබුනේ නෑ ඒ වෙලාවේ. මම දකුණු පැත්තේ ලේන් එකේ නවත්තගෙන ඉන්නවා. පාර පනින මිනිස්සු මගේ ඉස්සරහ. එහා පැත්තේ ලෙන් එකේ වාහන කාරයෝ පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ කෙළගෙන යනවා. මැද ලේන් එකේ වෑන් එකක්ද කොහෙද නවත්තලා ඉඩ දුන්නා විතරයි එක පාරටම පිටිපස්සෙන් හයියෙන් බ්රේක් ගහන සද්දයක් ආව. මම කන්නාඩිය බැලුවා.... බඩුම තමයි තඩි ජීප් එකක් (Montero Sport එකක් - පස්සේ දැක්කේ) ඌට නවත්තගන්න බෑ කියල මට ඉවෙන් වගේ තේරුණා. හොඳ වෙලාවට මම 1st ඒකට දාල හිටියේ. මොනවා කරන්නද..... තියලා ඇරියා එකපාරට. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල නවත්තලා බැලුවා. Montero එක කහ ඉරත් පාස් කරලා නැවතිලා තිබුනේ. වෑන් එක ඉඩ දීපු හින්දා මිනිස්සු ටික බේරුනා. මම ඉස්සරහට ආපු හින්දා බේරුනා. නැත්තන් සොරිම තමයි.:(:(:(

    අෆ්ෆා.මමත් ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්නේ.ඒ තරමට සුවර් නෑ.
    බයික් එකේ බන්.තනියමත් නෙවෙයි වයිෆ් එක්ක යන්නෙත්.දවසට දුවන 44km වලින් 34km විතර වයිෆුත් එක්ක.ඒ නිසයි බය.
    උඹේ කතාව සහතික ඇත්ත.හිත දෙන්නේ නෑ බන් නොනවත්වා යන්න.ඔය වැඩේ බොහෝ වෙලාවට වෙන්නේ බේස් ලයින් එකේ,මහරගම දෙල්කඳ අතර වගේ පාර පලල් තැන්වලදී තමා.

    ඉතින් උඹ හිතපන් මම ඔහොම කහ ඉරිවල නවත්තලා ගිහිල්ලත් කහ ඉරක් උඩදීම ලයිසන් අරන් අවුරුදු 8 ටම සිදුවුන පලවෙනි අනතුර උණානේ.මම වැරදි නැති උනත් කහ ඉර නිසා මම වැරදි කාරයෙක් උනා.එයින් පස්සේ තමා බයික් එකට කැමරා එක සෙට් කරගත්තේ.
    ඇඹුල්දෙනිය හන්දියේ කහ ඉරට 5 m වත් තිබ්බේ නෑ.මගේ වේගේ 40kmph වගේ.හන්දියේ ට්‍රැෆික් එක නිසා නවත්තන්න බලාගෙන ගියේ.පාර පනින්න හිටියා උස කොල්ලෙක්.මට නවත්තන්න තරම් වෙලාවක් නැති නිසාමද කොහෙද පොර මට අතින් කිව්වා යන්න කියලා.මම එහෙමම ඉස්සරහට ආවා.ගොඩක් වම් පැත්තට වෙන්න ආවේ.හරියටම කහ ඉර උඩදී පට්ට වේසියක් මෙලෝ සියක් නැතුව කොහේදෝ ඉඳන් ඇවිත් බලන්නේවත් නැතුව පැන්නනේ.ඒකි වැදුනේ බයික් එකේ හැන්ඩ්ල් කොනේම.හැන්ඩ්ල් එක අනිත් පැත්තට කැපුනා උඩින් යනවා මතකයි.මම පුළුවන් විදිහට ගුලි උනා උඩින් යද්දී.බයික් එක ඇඹුල්දෙනිය හන්දියේ විසිවෙලා ගිහින්.මම ඊට පස්සේන් බිම පත බෑවිලා.වයිෆ් මටත් පස්සෙන්.
    ග්ලව්ස් දෙකේ අල්ල පැත්තේ තියෙන ප්ලාස්ටික් කෑලි දෙක නිසා අත් දෙක බේරුනා.ජැකට් එකේ පිටේ තිබ්බ බට්න් එකක් ගෙවෙනකන් ගිහින් පිට බේරුණා.වැලමිටයි දනිස් දෙකයි තුවාලයි.වළලුකර ගාව ඉදිමුනා හොස්පිටල් එකේදී.දනිහේ ලේ පිරිලා සති 2ක් ගෙදර හිටියා.මාස 2ක් විතර ගියා ඒ ඉදිමුම බහින්න.
    බිම වාඩිවෙලා කල්පනා කළා මොකද උනේ කියලා.නැගිටගන්න පුළුවන් උනා බැලුවා කව්ද වැදුනේ කියලා.වැදිච්ච එකා නෑ.අර පනින්න හිටපු කොල්ලා කිව්වා අරකි බස් ත්‍රිවිල් එකක නැගලා මාරු උනා කියලා.ඊට පස්සේ තමා බැලුවේ වයිෆ්ට මොකද කියලා.අෆ්ෆා එක කකුලක දනිහගාව තුවාල වෙලා වළලුකර ගාව ඉදිමිලා.පොඩි ක්‍රැක් එකක් වෙලා කියලා තමා ඩොකා කිව්වේ.අතත් තුවාල වෙලා තිබුණේ.වයිෆ් නම් මාස එකහමාරක් ගෙදර.කොන්දේ ඩිස්ක් 2ක් එහෙ මෙහෙ වෙලා නිසා තවමත් ගැස්සෙද්දී අමාරුයි
     
    මේකනම් වැඩියෙන්ම කරන්නේ 3විල් කාරයෝ තමා.:angry::angry:
    කතා කරලා වැඩක් නෑ බන්.සමහරුන්ට හොර්න් එක නැත්නම් ඩ්‍රයිව් කරන්න රයිඩ් කරන්න බෑ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    ඔව ගැන නම් කතා කරල වැඩක් නැ බන්. සමහර එවුන් ඉන්නව කිසි කමකට නැ ඔහෙ යනව කැරපොත්තො යනව වගෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. වමෙන් දාන වැඩෙ නම් මහ එපාකරපු වැඩක් තමයි බන්. උන් බයික් වලින් යන එවුන් නිසා පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න ඔන උන්ගෙ සෙෆ්ටි එක ගැන. මොකද වැදිනොත් වාහනෙ ඇතුලෙ ඉන්න එවුන්ට වගෙ නෙමෙයිනෙ බයික් එකේ ඉන්න එකාට. පොඩි ඉඩක් පේන්න බැ අස්සෙන් රින්ගවල බෆර් එකයි සයිඩ් මිරර් එකයි හුරගෙන යන එවුනුත් ඉන්නව බන් ට්‍රැෆික් වෙලාවට. හොදම වැඩේ නිතරම සයිඩ් මිරර්ස් නිතරම බලන එක.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බයික් නෙමේ ත්‍රී වීලර් හරි වමෙන් ඉස්සර කරනව නම් ඒකමල වදයක්..:angry::angry::angry::angry: ඕක හොඳටම සෙට් වෙන්නේ අපි දකුණෙන් වාහනයක් ඉස්සර කරන්න ඉද්දි අපේ වමෙන් එකෙක් ඉස්සර කරන වෙලාවට බැරිවෙලා හරි අපිට ඉස්සර කර ගන්න බැරිඋනොත් අරූට කැළේ යන්න වෙනවා.මම නම් කැළේ යවනවා..දාපු එකාව.:yes::yes::yes:

    පාරේ වාහනේ අරන් යනකොට ටිකක් වමට බරව යන්න..පාරවල් වල මැද තියන් ගියාම අලි කොටි හිටන් වමෙන් රිංගනවා..මම නම් මගේ වමෙන් එහෙමත් එකෙක්ට තමා ඉස්සර කරන්න දෙන්නේ..
    රිංග ගෙන එනව දැක්කම මම කොහොමත් වම බ්ලොක් කරනවා. :dull::dull::dull::dull:

    වමෙන් ඉස්සර කරල වැද්දුවොත් ඒක කෙලින්ම උගේ වැරද්ද..ඒත් වාහනේ අපේ නේ මචන්.. :dull::dull::dull::dull:
    ඒ නිසා හැකි සෑම විටම වමේ කණ්නාඩි බලලා වමට හරවහන්..
    මට නම් ලංකාවේ උන් සත පහකට ෂුවර් නෑ..
     
    • Like
    Reactions: DJLik

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    සමහර ත්‍රීවීල් ඩ්‍රය්වර්ස්ලා සිග්නල් ලයට් දැම්මම ඔෆ් කරන්නේ නැහැ :angry:. කිලෝමීටරයක් විතර ගිහින් බැරිම තැන අපි ඉස්සර කරන්න හදනකොට තමා හරවන්නේ.

    මොනවා වුනත් bike එක කියන්නේ පොඩ්ඩක් touch වුනත් control නැති වෙන්ව. රෝද දෙක උඩ සෙල්ලම් පරිස්සමින්. :dull:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    SJ4000 එකක් බන්.ඔරිජිනල් SJCAM නෙවෙයි.ebay එකෙන් ගත්තේ.6000/- විතර ගියා වෙනම ගෙන්නපු හැන්ඩ්ල් බාර් මවුන්ට් එකටත් එක්ක.හෙල්මට් එකට සෙට් කරන්නත් පුළුවන්.

    CNFktX4.jpg

    ItJC0Re.jpg

    math cam ekak gahala bn tiyenne. kokatah hodaine. mama gatte YASHICA YAC 300 eka.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නෑ මචන් ඔය එළියෙන් පේන්න තියෙන්නේ waterproof cover එක.මම cam එක සෙට් කරගෙන ගිය පලවෙනි දවසෙම හොඳටම තෙමුණා.කිසිම අවුලක් නෑ.
    හැන්ඩ්ල් බාර් මවුන්ට් එක බයික් එකේ තියෙද්දී කැමරා එක ගලවගෙන යනවා මචන්.නැත්නම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ :rofl:

    ඒක මචන් RPM මීටර් එකක් :rolleyes:

    machan mekath e bay da genawe..link eka deepanko

    kohomada ban meka set kale..
     
    • Like
    Reactions: chamithcp

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ මේක කරන්නේ බයික් එකේද කාර් එකේද? බයික් එකේනම් ටිකක් පරිස්සමෙන්. මං කියන්නේ කහ ඉරේ පනින මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා කියලා නෙමෙයි. ඔය වැඩේ ටිකක් භයානකයි.

    මම එක පාරක් ඔය විදිහට කහ ඉරට ඉඩ දුන්නා බේස් ලයින් පාරේදී දෙමටගොඩදී. ලොකු ට්‍රැෆික් එකක් තිබුනේ නෑ ඒ වෙලාවේ. මම දකුණු පැත්තේ ලේන් එකේ නවත්තගෙන ඉන්නවා. පාර පනින මිනිස්සු මගේ ඉස්සරහ. එහා පැත්තේ ලෙන් එකේ වාහන කාරයෝ පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ කෙළගෙන යනවා. මැද ලේන් එකේ වෑන් එකක්ද කොහෙද නවත්තලා ඉඩ දුන්නා විතරයි එක පාරටම පිටිපස්සෙන් හයියෙන් බ්රේක් ගහන සද්දයක් ආව. මම කන්නාඩිය බැලුවා.... බඩුම තමයි තඩි ජීප් එකක් (Montero Sport එකක් - පස්සේ දැක්කේ) ඌට නවත්තගන්න බෑ කියල මට ඉවෙන් වගේ තේරුණා. හොඳ වෙලාවට මම 1st ඒකට දාල හිටියේ. මොනවා කරන්නද..... තියලා ඇරියා එකපාරට. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල නවත්තලා බැලුවා. Montero එක කහ ඉරත් පාස් කරලා නැවතිලා තිබුනේ. වෑන් එක ඉඩ දීපු හින්දා මිනිස්සු ටික බේරුනා. මම ඉස්සරහට ආපු හින්දා බේරුනා. නැත්තන් සොරිම තමයි.:(:(:(

    ඔව් මචෝ අපි බ්‍රේක් ගහනකොට අනිවා පස්ස බලල කර යුතුයි.. හෙන ගහනව වගේ ගැහුවා වගේ නෙමේ පිටි පස්සේ වාහනේට ABS නැති උනොත් ලොවෙත් බඩු බනිස්.. ගිය සතියේ බේස් ලයින් පාර @#$%^ ගෑණියෙක් කලා ඔය වැඩේ වාහන් සෙට් එකම වගේ 80කට විතර ගියේ.. මේ ගෑණි හෙන ගහනව වගේ බ්‍රේක් ගැහුවා පාරේ අයිනේ හිටපු කෙනෙක්ට පාර මාරු වෙන්න..ඒ මනුස්සය ඉල්ලුවෙත් නෑ.වෙලාවට ඌ මොලේ පාවිච්චි කරල පැන්නේ නෑ පැන්න නම් වාහන දෙක තුනකට චුරුස් වෙනවා..ගෑණියෙක් නිසා බනින්නත් බෑ.. ඔන්න ඔය වගේ මී හරක් වැඩ වෙනවා. ඒ නිසා මම කොහොමත් මට ඉස්සහර වාහනෙත් එක්ක යම් ගැප් එකක් තියන් යන්නේ..

    ඒත් පොඩ්ඩක් වැඩිය ගැප් එක තිබ්බ ගමන් සමහර උන් ඒක අස්සට රිංගනවා.. දවසක් ඔය වගේ රිංගපු එකෙක්ට ලොවෙත් වැඩක් උනා මම හිතන්නේ ආයේ ඌ ජීවිතේට රිංගන එකක් නෑ.. (කේස් එක.. නුවර ඉඳන් කොළඹ එන ගමන් මට ඉස්සරහින් තිබුණේ තඩි පස් අදින ටයිප් ටිපර් එකක්..පොරට කන්දේ බ්‍රේක් කරන් හිටියට පාගල ගන්නකොට ටිකක් පස්සට එනවා..ඒ නිසා මම පොර පස්සට එන ගානට සරිලන්න යම් ගැප් එකක් තියන් ආවේ. බ්ලොක් එකේ ඔහොම ටිකක් ටික ඉස්සරහට එනකොට..එක තැනකදි ඇල්ටො කාරයෙක් මට වමෙන් ඉස්සර කරල එබුවා ඔය ගැප් එක අස්සට..ඇල්ටෝ එක ඇතුලේ හෙන සෙට් එකක් හිටියා පොඩි ළමයින්ද ඇතුලුව.. ඊළඟට වෙන දේ මං දැනන් හිටියා. ලොරිය පස්ස්ට ආවා අරු කෙලින්ම හෝන් එක උඩ ඉඳ ගත්තා වගේ හිතේ.. ලොරි කාරය ලොවෙත් ගේමක් දීලා රේස් කරල දශමෙන් වගේ ඉස්සරහට ගත්තා.. ඇල්ටෝ කාරයා කෙලින්ම වාහනේ අයිනට කරල නවත්ත ගත්තා.. උට පපුවේ අමාරුව හැදුණද ගෑණිගෙන් ගුටි කෑවද කියල නම් දන්නේ නෑ.ලොරිය පස්සට ආව නම් කෙලින්ම ඇල්ටෝ බොනට් එක උඩට නඟිනවා ලොවෙත් නැති වෙන්නම
    ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අෆ්ෆා.මමත් ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්නේ.ඒ තරමට සුවර් නෑ.
    බයික් එකේ බන්.තනියමත් නෙවෙයි වයිෆ් එක්ක යන්නෙත්.දවසට දුවන 44km වලින් 34km විතර වයිෆුත් එක්ක.ඒ නිසයි බය.
    උඹේ කතාව සහතික ඇත්ත.හිත දෙන්නේ නෑ බන් නොනවත්වා යන්න.ඔය වැඩේ බොහෝ වෙලාවට වෙන්නේ බේස් ලයින් එකේ,මහරගම දෙල්කඳ අතර වගේ පාර පලල් තැන්වලදී තමා.

    ඉතින් උඹ හිතපන් මම ඔහොම කහ ඉරිවල නවත්තලා ගිහිල්ලත් කහ ඉරක් උඩදීම ලයිසන් අරන් අවුරුදු 8 ටම සිදුවුන පලවෙනි අනතුර උණානේ.මම වැරදි නැති උනත් කහ ඉර නිසා මම වැරදි කාරයෙක් උනා.එයින් පස්සේ තමා බයික් එකට කැමරා එක සෙට් කරගත්තේ.
    ඇඹුල්දෙනිය හන්දියේ කහ ඉරට 5 m වත් තිබ්බේ නෑ.මගේ වේගේ 40kmph වගේ.හන්දියේ ට්‍රැෆික් එක නිසා නවත්තන්න බලාගෙන ගියේ.පාර පනින්න හිටියා උස කොල්ලෙක්.මට නවත්තන්න තරම් වෙලාවක් නැති නිසාමද කොහෙද පොර මට අතින් කිව්වා යන්න කියලා.මම එහෙමම ඉස්සරහට ආවා.ගොඩක් වම් පැත්තට වෙන්න ආවේ.හරියටම කහ ඉර උඩදී පට්ට වේසියක් මෙලෝ සියක් නැතුව කොහේදෝ ඉඳන් ඇවිත් බලන්නේවත් නැතුව පැන්නනේ.ඒකි වැදුනේ බයික් එකේ හැන්ඩ්ල් කොනේම.හැන්ඩ්ල් එක අනිත් පැත්තට කැපුනා උඩින් යනවා මතකයි.මම පුළුවන් විදිහට ගුලි උනා උඩින් යද්දී.බයික් එක ඇඹුල්දෙනිය හන්දියේ විසිවෙලා ගිහින්.මම ඊට පස්සේන් බිම පත බෑවිලා.වයිෆ් මටත් පස්සෙන්.
    ග්ලව්ස් දෙකේ අල්ල පැත්තේ තියෙන ප්ලාස්ටික් කෑලි දෙක නිසා අත් දෙක බේරුනා.ජැකට් එකේ පිටේ තිබ්බ බට්න් එකක් ගෙවෙනකන් ගිහින් පිට බේරුණා.වැලමිටයි දනිස් දෙකයි තුවාලයි.වළලුකර ගාව ඉදිමුනා හොස්පිටල් එකේදී.දනිහේ ලේ පිරිලා සති 2ක් ගෙදර හිටියා.මාස 2ක් විතර ගියා ඒ ඉදිමුම බහින්න.
    බිම වාඩිවෙලා කල්පනා කළා මොකද උනේ කියලා.නැගිටගන්න පුළුවන් උනා බැලුවා කව්ද වැදුනේ කියලා.වැදිච්ච එකා නෑ.අර පනින්න හිටපු කොල්ලා කිව්වා අරකි බස් ත්‍රිවිල් එකක නැගලා මාරු උනා කියලා.ඊට පස්සේ තමා බැලුවේ වයිෆ්ට මොකද කියලා.අෆ්ෆා එක කකුලක දනිහගාව තුවාල වෙලා වළලුකර ගාව ඉදිමිලා.පොඩි ක්‍රැක් එකක් වෙලා කියලා තමා ඩොකා කිව්වේ.අතත් තුවාල වෙලා තිබුණේ.වයිෆ් නම් මාස එකහමාරක් ගෙදර.කොන්දේ ඩිස්ක් 2ක් එහෙ මෙහෙ වෙලා නිසා තවමත් ගැස්සෙද්දී අමාරුයි

    අයියෝ පවු බන් උඹ :no: :no: උඹල වගේ හොඳ එවුන්ටම ඔය වගේ දේවල් එවන එක ගැනයි බන් දුක :no: :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan mekath e bay da genawe..link eka deepanko

    kohomada ban meka set kale..

    නෑ මචන් මේකනම් ලංකාවෙන් ගත්තේ.උඹ මාලිගාවත්ත පැත්තේ එනවනම් කියපන් මචන් මම තැන කියන්නම්.
    1300/- වුණේ.ebay එකෙත් තියෙනවා

    http://www.ebay.com/itm/LED-13000-RPM-Tachometer-Speedometer-Odometer-Tacho-Gauge-Meter-For-Motorcycle-/221749536133?hash=item33a14d6585:g:P0wAAOSwQJhUlp2D&vxp=mtr

    RPM සිග්නල් එක ගන්න තියෙන්නේ නම් ප්ලග් වලට යන වයර් එකේ මීටර් එකේ ඉඳන් යන වයර් එක ඔතලා.ඒත් මගේ බයික් එකේ ප්ලග් වයර් එකෙන් ගන්න කරන්ට් එක මදි මීටර් එක කරකවන්න.එලකිරියේ හරිඳු ගම්ලත් මට සර්කිට් එකක් හදලා දුන්නා එන කරන්ට් එක වැඩි කරලා දෙන.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් මචෝ අපි බ්‍රේක් ගහනකොට අනිවා පස්ස බලල කර යුතුයි.. හෙන ගහනව වගේ ගැහුවා වගේ නෙමේ පිටි පස්සේ වාහනේට ABS නැති උනොත් ලොවෙත් බඩු බනිස්.. ගිය සතියේ බේස් ලයින් පාර @#$%^ ගෑණියෙක් කලා ඔය වැඩේ වාහන් සෙට් එකම වගේ 80කට විතර ගියේ.. මේ ගෑණි හෙන ගහනව වගේ බ්‍රේක් ගැහුවා පාරේ අයිනේ හිටපු කෙනෙක්ට පාර මාරු වෙන්න..ඒ මනුස්සය ඉල්ලුවෙත් නෑ.වෙලාවට ඌ මොලේ පාවිච්චි කරල පැන්නේ නෑ පැන්න නම් වාහන දෙක තුනකට චුරුස් වෙනවා..ගෑණියෙක් නිසා බනින්නත් බෑ.. ඔන්න ඔය වගේ මී හරක් වැඩ වෙනවා. ඒ නිසා මම කොහොමත් මට ඉස්සහර වාහනෙත් එක්ක යම් ගැප් එකක් තියන් යන්නේ..

    ඒත් පොඩ්ඩක් වැඩිය ගැප් එක තිබ්බ ගමන් සමහර උන් ඒක අස්සට රිංගනවා.. දවසක් ඔය වගේ රිංගපු එකෙක්ට ලොවෙත් වැඩක් උනා මම හිතන්නේ ආයේ ඌ ජීවිතේට රිංගන එකක් නෑ.. (කේස් එක.. නුවර ඉඳන් කොළඹ එන ගමන් මට ඉස්සරහින් තිබුණේ තඩි පස් අදින ටයිප් ටිපර් එකක්..පොරට කන්දේ බ්‍රේක් කරන් හිටියට පාගල ගන්නකොට ටිකක් පස්සට එනවා..ඒ නිසා මම පොර පස්සට එන ගානට සරිලන්න යම් ගැප් එකක් තියන් ආවේ. බ්ලොක් එකේ ඔහොම ටිකක් ටික ඉස්සරහට එනකොට..එක තැනකදි ඇල්ටො කාරයෙක් මට වමෙන් ඉස්සර කරල එබුවා ඔය ගැප් එක අස්සට..ඇල්ටෝ එක ඇතුලේ හෙන සෙට් එකක් හිටියා පොඩි ළමයින්ද ඇතුලුව.. ඊළඟට වෙන දේ මං දැනන් හිටියා. ලොරිය පස්ස්ට ආවා අරු කෙලින්ම හෝන් එක උඩ ඉඳ ගත්තා වගේ හිතේ.. ලොරි කාරය ලොවෙත් ගේමක් දීලා රේස් කරල දශමෙන් වගේ ඉස්සරහට ගත්තා.. ඇල්ටෝ කාරයා කෙලින්ම වාහනේ අයිනට කරල නවත්ත ගත්තා.. උට පපුවේ අමාරුව හැදුණද ගෑණිගෙන් ගුටි කෑවද කියල නම් දන්නේ නෑ.ලොරිය පස්සට ආව නම් කෙලින්ම ඇල්ටෝ බොනට් එක උඩට නඟිනවා ලොවෙත් නැති වෙන්නම
    ..

    :rofl::rofl::rofl:කැත සීන් එක.
    වැඩක් නෑ බන් ඔච්චර දෙයක් වුනත් පාඩමක් ඉගෙන නොගන්න අය ඉන්නවනේ.නැත්නම් අනතුරක් දක්කමවත් එකෙන් පාඩමක් ඉගෙන ගන්නවානම් හරක් වගේ පාරේ යන්නේ නෑනේ.

    අනික තමා සමහර ස්කූටි පදින අය
    ගියර් දාන්නත් දෙයක් නැති නිසා ඔහේ රේස් කරගෙන යනවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයියෝ පවු බන් උඹ :no: :no: උඹල වගේ හොඳ එවුන්ටම ඔය වගේ දේවල් එවන එක ගැනයි බන් දුක :no: :no:

    කරන්න දෙයක් නෑ බන් කවදා හරි කොහේදී හරි මමත් ලොකු වැරද්දක් කරලා ඇති.ඒකනේ එහෙම වෙන්න ඇත්තේ.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නෑ මචන් මේකනම් ලංකාවෙන් ගත්තේ.උඹ මාලිගාවත්ත පැත්තේ එනවනම් කියපන් මචන් මම තැන කියන්නම්.
    1300/- වුණේ.ebay එකෙත් තියෙනවා

    http://www.ebay.com/itm/LED-13000-RPM-Tachometer-Speedometer-Odometer-Tacho-Gauge-Meter-For-Motorcycle-/221749536133?hash=item33a14d6585:g:P0wAAOSwQJhUlp2D&vxp=mtr

    RPM සිග්නල් එක ගන්න තියෙන්නේ නම් ප්ලග් වලට යන වයර් එකේ මීටර් එකේ ඉඳන් යන වයර් එක ඔතලා.ඒත් මගේ බයික් එකේ ප්ලග් වයර් එකෙන් ගන්න කරන්ට් එක මදි මීටර් එක කරකවන්න.එලකිරියේ හරිඳු ගම්ලත් මට සර්කිට් එකක් හදලා දුන්නා එන කරන්ට් එක වැඩි කරලා දෙන.

    thanks machan..i'll let u know..PM balapan
     
    Last edited: