නිකන් අදහස් තිබුණ කියල තේරුමක් නෑ. ඒව මූලික ව ක්රියාත්මක වෙන්න ඕන. මිනිස්සුන්ට ඒව දැනෙන්න ඕන. නිකන් අදහස්වලට දිනන්න පුලුවන්නම් මේ මාත් ඉල්ලනව ජනාධිපතිවරණයට.
ටීවී එකෙන් මිනිස්සුන්ට කියන්න ඕන කරන වැඩපිලිවෙලවල් ගැන. අනිත් එක තමයි ඒව විශ්වාස කරන්නනම් කටකථා ඉතා වැදගත්. ඒ කියන්නෙ එයා කරල තියෙන වැඩ කටකථා විදියට මිනිස්සු අතර හුවමාරු වෙනවනම් තමයි අර විදියට ටීවි එකේ යන ඒවත් විශ්වාස කරන්නෙ ඉක්මනට.
ඒක නිසා අනිවාර්යයෙන් ගොඩක් දේවල් කරල තියෙන්න ඕන මිනිස්සුන්ට දැනෙන්න.
නැත්තම් ඉතින් ප්රධාන කෙනෙකුගෙ රැල්ලට යන්න හෝ ජනප්රිය වෙලා වගේ ඉන්න ඕන. එහෙම වුණත් මන්ත්රී කෙනෙක් වෙන්න මිසක් ජනාධිපති වෙන්න අවස්ථාවක් නෑ. ජනාධිපතිවෙන්න එහෙම රැල්ලට වගේ දිනනවනම් ඉතින් ප්රධාන පක්ෂයකින් ඉල්ලන්න ම ඕන.