~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කැමැත්ත කියන්නෙ වෙනයි. ආදරය කියන්නෙ වෙනයි.

    අපි ගහක් ලස්සනයි කිවුව කියල ඒක ගෙදර අරගෙන ඇවිත් තියාගන්නෙ නැහැනෙ. කන්දක් ලස්සනයි කියල ඒක ගාව ගිහින් ගෙයක් හදාගෙන ඉන්නෙ නැහැනෙ. එහෙම ඉන්න අය ඉන්නව. ඒත් ලස්සනයි කියන ‍හැමදේට ම අපි ආදරය කරන්න යන්නෙ නෑ.


    අම්මෝ... ඇඟ කිළිපොලා ගියා... මයිල් කෙලින් වුනා කටුකම්බි ගානට....
     
    කැමැත්ත කියන්නෙ වෙනයි. ආදරය කියන්නෙ වෙනයි.

    අපි ගහක් ලස්සනයි කිවුව කියල ඒක ගෙදර අරගෙන ඇවිත් තියාගන්නෙ නැහැනෙ. කන්දක් ලස්සනයි කියල ඒක ගාව ගිහින් ගෙයක් හදාගෙන ඉන්නෙ නැහැනෙ. එහෙම ඉන්න අය ඉන්නව. ඒත් ලස්සනයි කියන ‍හැමදේට ම අපි ආදරය කරන්න යන්නෙ නෑ.


    ඒත් අපිට එතන ගෙයක් හදන්න බෑකියලා ඒක වනසන්නෙ නෑනෙ......
    ගහ ගෙට ගන්න බෑකියලා ගහකපලා දාන්නෙ නෑනෙ
    ආදරය කරනවා තමයි... එත් ආදරයයි .. අපි හොයන දේයි ඔක්කොම පර්පූන්න නම් තමා ලබාගන්නෙ:D:D:D

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිව නොදකින තරමට ඔයාටමනෙ වාසි;);)

    මට වාසි වෙන්නෙ ඇයි?

    මට අදාල නොවුණත් ඔයා හිතපු දේ නිසා කියන්නම්කො දෙයක්. කට්ටිය ගොඩක් කෙනෙකුට ආදරය කරද්දිත් ඒ කෙනා එක්කෙනෙකුට විතරක් ආදරය කරනවනම් ඒ කෙනා අර කෙනාව අතහරින්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. ඒත් අපි අනිත් අයව නොදකින විදියට ඒ කෙනාව තියාගන්න උත්සහ කරල ඒ කෙනාට වෙන කෙනෙක් ලංවුණොත් එයාට අර කෙනා කැමතිවෙන්න තියෙන ඉඩ වැඩියි. (හැමවිට ම එහෙම න‍ොවුණත්)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මෙහෙ කියන්නෙ ලංකාවෙ අලෝ උස
    වගේ තව ගොඩක් දේවල් බලනවා.............


    හ්ම්... ගොඩාක් දේවල්.... කිව්වෙ බාහිරින් පෙනෙන දේවල් වෙන්න ඇති...
    උස
    මහත
    කෙණ්ඩෙ
    පැහැය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ඉමැජිනේෂන් එක සාර්ථකද?

    සමහරු ‍ෆිල්ම් එකක් බලල ඒ ෆිල්ම් එකේ චරිත අපිට ආදේශ කරගෙන අඬනව නේද? සිංදුවක් අහල ඒ සිංදුව නිසා දුක හිතිල අඬනවනෙ සමහරු. පොතක් කියවල ඒ පොතේ දේවල් නිසා අඬනවනෙ සමහරු. තව කෙනෙක්ගෙ ආදර කථාවක් නිමාවෙනව දැකල අඬනව සමහරු.

    සමහරවිට අර කෙනාට දැනෙන වේදනාව ම ස්පර්ශ කරන්න බැරිවුණාට මේ කෙනාටත් යම් වේදනාවක් දැනෙනව.