හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    ටිකක් කලින් දවසක හවස අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දුරකථන ඇමතුමක් දුන්නා අපේ ගෙදරට. හාමුදුරුවෝ කිව්වා පහුවදා පන්සලට පිරිවෙන් විභාග උත්තර පත්‍ර වගයක් පරික්ෂා කරන්න ස්වාමීන්වහන්සේලා 20 දෙනෙක් පමණ වැඩම කිරීමට නියමිතයි කියලා. ඉතින් එම ස්වාමීන්වහන්සේලාට දහවල් දානය දුන්නොත් හොදයි, හැකියාවක් තියෙනවා නං දානේ මුරයක් ලබා ගන්න පුලුවන්ද ඇහුව.

    අර්තාපල් හොද්දක් සහ බත් හොදටම ප්‍රමාණවත් කිව්වා. ඉතින් ඒ පාර අපි පිළිගන්නපු දානේ මුරය තමයි පහල පින්තුර වල තියෙන්නේ.

    පින්තුරය සමග කෙටි විස්තරයක් තියෙනවා.

    මේ තියෙන්නේ කහ බතක්.

    1.jpg

    රතු කැකුළු බත්. මේ අපි වගා කරන ඒවා.

    2.jpg

    ඔය පහල පින්තුර දෙකේ තියෙන්නේ පොලොස් ඩෙවල් එකක්. සැර අඩුවට තව එකක් හැදුවා. පොලොස් ඩෙවල් හදන්නේ වෙන මස්, මාළු ඩෙවල් හදන විදියටම තමයි. පොලොස් කපලා තෙල් වල බැදලා ඩෙවල් එක හදනවා.

    4.jpg

    3.jpg

    මඥ්ඥෝක්කා තම්බලා පොල් එක්ක තෙල් දාලා. මේ අපි වගා කරපු ඒවා.

    5.jpg

    මේ පහල තියෙන්නේ අර්තාපල් හොද්දක්. මේ අපි වගා කරන ඒවා.

    6.jpg

    මාළු ඇඹුල් තියල් එකක් හැදුවා. මේක කලින් දවසේ රෑ හදලා තිබ්බා. මම හිතන්නේ මාළු ඇඹුල් තියල් තමයි හදන්න ලේසිම මේ ඔක්කොගෙන්ම. බල මාළු කෑලි කපලා හරි කෙලවල්ලා මාළු කෑලි කපලා හරි අරගෙන ගොරකා, ගම්මිරිස්, ලුණු එක්ක අතගාලා රම්පෙ කරපිංචා අතුරපු මැටි හට්ටියකට දාලා අඩු ගින්දරේ පැයක් විතර උයා ගන්නවා වතුර නොදා.

    7.jpg

    කොළ පාට එළවලුවක් ඕනි කියලා හිතුන නිසා බෝංචි ව්‍යංජනයක් හැදුවා.

    8.jpg

    සැමන් ටින් මාළු එකකුත් හැදුවා.

    9.jpg

    වට්ටක්කා කරියක්.

    10.jpg

    අතු ගෝවා කොළ මැල්ලුමක් හැදුව.

    11.jpg

    ගර්කින්/සුකිනි (පිපිඥ්ඥා) සැලඩ් එකක්. මේ අපි වගා කරන ඒවා.

    12.jpg

    අතුරුපසට අලිගැට පේර, කෙසෙල්, පොල් ටොපි වගේ දේවල් දුන්නා.

    13.jpg
    🙏 සාධු සාධු පූජාම වේවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මහනාවෙන්න හිතෙනවා මේක දැක්කම
    ගාථා පාඩම් කරන්නේ නැතුව බැරිද ?
     
    • Like
    Reactions: Janatha Jhon

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,713
    3,042
    113
    ටිකක් කලින් දවසක හවස අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දුරකථන ඇමතුමක් දුන්නා අපේ ගෙදරට. හාමුදුරුවෝ කිව්වා පහුවදා පන්සලට පිරිවෙන් විභාග උත්තර පත්‍ර වගයක් පරික්ෂා කරන්න ස්වාමීන්වහන්සේලා 20 දෙනෙක් පමණ වැඩම කිරීමට නියමිතයි කියලා. ඉතින් එම ස්වාමීන්වහන්සේලාට දහවල් දානය දුන්නොත් හොදයි, හැකියාවක් තියෙනවා නං දානේ මුරයක් ලබා ගන්න පුලුවන්ද ඇහුව.

    අර්තාපල් හොද්දක් සහ බත් හොදටම ප්‍රමාණවත් කිව්වා. ඉතින් ඒ පාර අපි පිළිගන්නපු දානේ මුරය තමයි පහල පින්තුර වල තියෙන්නේ.

    පින්තුරය සමග කෙටි විස්තරයක් තියෙනවා.

    මේ තියෙන්නේ කහ බතක්.

    1.jpg

    රතු කැකුළු බත්. මේ අපි වගා කරන ඒවා.

    2.jpg

    ඔය පහල පින්තුර දෙකේ තියෙන්නේ පොලොස් ඩෙවල් එකක්. සැර අඩුවට තව එකක් හැදුවා. පොලොස් ඩෙවල් හදන්නේ වෙන මස්, මාළු ඩෙවල් හදන විදියටම තමයි. පොලොස් කපලා තෙල් වල බැදලා ඩෙවල් එක හදනවා.

    4.jpg

    3.jpg

    මඥ්ඥෝක්කා තම්බලා පොල් එක්ක තෙල් දාලා. මේ අපි වගා කරපු ඒවා.

    5.jpg

    මේ පහල තියෙන්නේ අර්තාපල් හොද්දක්. මේ අපි වගා කරන ඒවා.

    6.jpg

    මාළු ඇඹුල් තියල් එකක් හැදුවා. මේක කලින් දවසේ රෑ හදලා තිබ්බා. මම හිතන්නේ මාළු ඇඹුල් තියල් තමයි හදන්න ලේසිම මේ ඔක්කොගෙන්ම. බල මාළු කෑලි කපලා හරි කෙලවල්ලා මාළු කෑලි කපලා හරි අරගෙන ගොරකා, ගම්මිරිස්, ලුණු එක්ක අතගාලා රම්පෙ කරපිංචා අතුරපු මැටි හට්ටියකට දාලා අඩු ගින්දරේ පැයක් විතර උයා ගන්නවා වතුර නොදා.

    7.jpg

    කොළ පාට එළවලුවක් ඕනි කියලා හිතුන නිසා බෝංචි ව්‍යංජනයක් හැදුවා.

    8.jpg

    සැමන් ටින් මාළු එකකුත් හැදුවා.

    9.jpg

    වට්ටක්කා කරියක්.

    10.jpg

    අතු ගෝවා කොළ මැල්ලුමක් හැදුව.

    11.jpg

    ගර්කින්/සුකිනි (පිපිඥ්ඥා) සැලඩ් එකක්. මේ අපි වගා කරන ඒවා.

    12.jpg

    අතුරුපසට අලිගැට පේර, කෙසෙල්, පොල් ටොපි වගේ දේවල් දුන්නා.

    13.jpg
    කොහෙද බන් උබ වගා කරන්නේ ? මොනවද ? මමත් වගාවට මාර කැමති . හැබැයි වතු වගාව . උබ වගාවට පෙලබුනේ කොහොමද ? විස්ටර ටිකක් දාපන්
     
    • Like
    Reactions: Janatha Jhon