1960's 1970's වල ඇමරිකාව වත් රුසියාව වත් හඳට ගියා කියලා මම නං පෞද්ගලිකව විස්වාස කරන්නේ නෑ. ඇමරිකාව අලි බොරුවක් ගැහුවා. රුසියාවත් ඒ බොරුවම කලා. දෙන්නම මොකුත් නොවුනා වගේ හිටියා කියලයි මම හිතන්නේ. නමුත් අද වෙද්දී එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. නමුත් ඇමරිකාව කියනවා නං අද යන්න බෑ යන වියදම අරවා මේවා වැඩි කියලා එහෙනං උන් කවදාවත්ම ගියේ නෑ. මොකද ඇමරිකාවට අද තියන resources ලෝකේ කිසිම රටකට නැතුව ඇති. resources නෑ කියලා මග අරිනවා කියන්නේ බොරුවක්. ඇමරිකාව හඳට ගියා කියලා විස්වාස කරන හැමෝම, නාසා එක කිවුව පලියට පිලි ගත්තා මිසක් 99.9999% ක්ම හඳට ගියා ය කියන්න තියන සාක්ෂි වල සත්‍යතාව නිකමටවත් පර්යේෂනත්මකව පරික්ෂා කරලා නෑ නේ? එහෙම කරපු අය 0.0001% ඉන්නවා කියමු? කොහොමද ඒ ගොල්ලෝ ඒ තොරතුරු වල සත්‍යතාවය ඔප්පු කරන්නේ ඒවා භාවිතයෙන් හඳට නොයා? ඒ නිසා මට නං පේන්නේ එක්කෝ ඇමරිකාවයි රුසියාවයි කියන ඒවා විශ්වාස කරන්න ඕන. නැත්තන් නොකර අතැරලා දන්න ඕන. සාමාන්යෙන් ඇමරිකාව කියන කතා බැලුවම මට කියන්න තියෙන්නේ කියන තරං යකා කළු නෑ. ඇමරිකාව කියෝන තරං තමන්ට දෙයක් නැති බව වෙන වෙන දේවල් වලින් පෙන්නලා තියනවා. ඒ නිසා මම හිතන්නේ ඕකත් එහෙමම ඇති.