අභිදර්මය ඉගෙන ගන්න

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒ හාමුදුරුවන්ව මීතිරිගල ආරණ්‍ය සේනාසනයෙන් පිටමං කළා කියලා කතාවක් අහලා තියෙනවා. ඒක ඇත්තද?

    "පිටමං" කලා කියන එක නිවැරදි නැහැ. උන්වහන්සේගේ ගුරුවරයාවූ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම හිමියන්ගෙ අපවත්වීමෙන් පසු ස්වකැමැත්තෙන්ම එතනින් පිටව දේවාලෙගම ආරාණ්‍යයක සිටිය. උන්වහන්සේගෙ අවසන් කාලය ඇහැලියගොඩ දම්මුල්ල ප්‍රදේශයේ ආරණ්‍යක වාසය කලා.
     
    Last edited:
    • Like
    Reactions: Little Hulk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,152
    113
    අනිත් එක පටාචාරට අබ හොයන් එන්න කිව්වහම ගිහින් හොයන් ආවා.. මන් ප්‍රායෝගිකන හැමෝටව එදිනෙදා වැඩ කරන ගමන් විදර්සනාව වඩන්න පුලුවන් විදිහක් දැම්මා.. ඕක එකෙක් සතියක් කරාද අඩුම? 😋

    පටාචාරට අබ හොයන් එන්න කියන්නෙ නැතිව, විදර්ශනාව වඩන්න කිව්ව නම් වඩයි ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පටාචාරට අබ හොයන් එන්න කියන්නෙ නැතිව, විදර්ශනාව වඩන්න කිව්ව නම් වඩයි ද?

    කරන එකක් කරලා ඉක්මනින් නිවන් දකින්න රෝස් අන්කල්, time is limited, I'm just messing around here yk

    පටාචාරට අබ හොයන් එන්න කියන්නෙ නැතිව, විදර්ශනාව වඩන්න කිව්ව නම් වඩයි ද?
    https: //youtu.be/lVrCTe-3rGw?si=j_tV7o8Sweqy9qPr
    2:52 ඉදන් බලන්න, ලස්සනයි
    ------ Post added on Mar 27, 2025 at 8:39 PM
     
    • Like
    Reactions: ek_rosh

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,945
    113
    මාතර
    මේ නිවන ගැන මට හිතෙන දෙයක්. (Not directly related to the recent posts..). මේක ලෞකික භාශාවෙන් කතා කරන්නෙ :rolleyes:.
    Click bait title එකක් දැම්මොත්, "නිවන Overrated" ද :lol: ?

    මගේ ප්‍රශ්නය තමයි, අපි නිවනට මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි?
    මට හිතෙන විදියට number 1 reason එක සංසාරය. කවුරුහරි ඔප්පු කලොත්, සංසාරය කියල මගුලක් නැහැ, තියෙන්නෙ එක life time එකයි කියල, ඒ තියෙන එක life time එක මිනිස්සු නිවන වෙනුවෙන් කැප කරයිද?

    අපි අඩියක් පස්සට අරගෙන බලුවොත් ඇත්තටම හිත කියන්නෙ මොකද්ද (ඒක හදෙන විදිය මොකද්ද) කියල, දැනට ලොකෙ mainly ම පිලිගන්න මත දෙකක් තියෙනව.
    1. හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක්.
    2. හිත කියන්නේ වෙනම දෙයක් කියන එක. Dualism
    ගොඩක් වෙලාවට බෞද්ධයෝ විදියට අපි assume කරනව හිතක් වෙනම තියෙනව කියල (තියෙනව කියන්නේ නිත්‍යයි කියන එක නෙවෙයි). ඒක prove or disprove කරල නෑ තාම. ඒ කියන්නෙ theory 1 හරි යන්නත් chance තියෙනව.
    දැන් අපි assume කරමු theory 1 හරි සහ theory 2 වරදියි ක්යල. ඒ කියන්නෙ හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක් කියල. එතකොට, Brain function එක නවතුනාම (or brain එකෙ කොටස් අතරෙ communication නැති වුනාම, හිත උපදින්නෙ නැති වෙනව. (Like in General Anesthesia )

    නිවන තාම වලංගුද ? ඔව්. අපි ඔය නිවන සම්බන්දව කතා කරන දේවල්, ත්‍රිලක්ශනය, චතුරාර්ය සත්‍යය සේරම වලංගුයි.
    හැබැයි මෙන්න මේ සංකල්ප අවලංගු වෙනව,
    සංසාරය
    කර්ම විපාක -- අපි සාමාන්‍යයෙන් පිලිගන්න විපාක දෙන විදිය
    අපාය දිව්‍ය ලෝක -- මැරිලා අපාය දිව්‍ය ලෝක වලට යන සීන්

    ඔය කියපු අනික් සංකල්ප අවලංගු වෙනකොට සාම්ප්‍රදායිකව අපි නිවනට දෙන weight එක අඩු වෙනවා, එක නවත්තන්න බැහැ.

    හැබැයි ඔය මොන theory එක හරි ගියත් නිවන කියන එක වලංගුයි. බෞද්ධයෝ හැටියට අපි එක experience කරන්න ට්‍රයි කරන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒ ගමනේදී open minded ඉන්න ඕන. ශ්‍රද්ධාව නීවරනයක් කරගන්න එපා...
     
    • Love
    Reactions: amino

    අදහස් ටිකක් අපැහැදිලියි.

    ශ්‍රද්ධාවෙන් තොරව බුදුන් කියූ ධර්මය බුදුන් දෙසූ නිවන අවබෝධ කරන්න පුලුවන් කියලද කියන්නෙ ? නැතිනම් ශ්‍රද්ධාව නැහැ කියලා නිකං ඉන්න එපා ශ්‍රද්ධාව ඇතිවෙවා නැතිවේවා බුදුන් කියල තියන එක කරන්න කියන එකද කියන්නෙ?
     
    නිවන පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඒක ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන අත්දැකීමෙන් ඉවරකරන්න පුළුවන් ධර්මතාවයක් සහ බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වෙන ප්‍රධානම factor එක, මම දකින විදියට.

    දැන් අපි ගමු සංසාරය, කර්මය වගේ සංකල්ප. ඒවා ශ්‍රද්ධාවෙන් ගන්න දේවල්. මම උඩ කිව්වේ, මේ වගේ ශ්‍රද්ධාවෙන් ගන්න සංකල්ප හරි හෝ වැරදි වෙන්න පුළුවන් කියල. වැරදි වුනොත් අපි (දැනට සමාජයේ) නිවනට දීල තියෙන weight එක අඩු වෙනවා කියන එක. නිවන බොරුවක් කියන එක නෙවෙයි.
     
    කර්මය සහ පෙරභවය ගැන යම් අවබෝධයක් ලබනවා කියල කියනවා කංකාවිතරණ විශුද්ධියේදි. මේ බව අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම හිමියන්ගෙ සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාන කියන ග්‍රන්තයේ සඳහන් (page 27) වෙනවා. අභිඥ්ඥා ලාභීන්ට පෙර භවයනුත් , එසෙ නොවෙන සමහරෙක් සාමාන්‍ය යෝගාවචරයෙකුට පෙර භවයත් අරමුණු විය හැකි බව සඳහන් වෙනව. මේ ග්‍රන්ථය විශුද්ධි මාර්ගය ගුරු කරගෙන සකස්වුනු එකක් විය යුතුයි. ලියා තිබෙන භික්ෂුවත් බොහොම යහපත් උගත් ප්‍රඥාවන්ත භික්ෂුවක් ලෙසයි සැලකෙන්නෙ. ඉතින් ථේරවාදී විග්‍රහය මේක බවට සැක නැහැ. නමුත් ඒක වැඩිදුරට පැහැදිලි කල යුතු ආකාරය දන්නෙ නැහැ ග්‍රීන්තන්ඩර්. ඒ නිසා ඇසුරුකරන ස්වාමීන්වහන්සේ නමක් ගෙන් මේ ගැන අහන්න බලපොරොත්තු වෙනවා. පිලිතුරක් ලැබුනොත් මේකෙ දාන්නම්.
     
    Last edited:
    • Love
    Reactions: san** and MrFrog

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොන දේ උනත් ඉගන ගන්න එකේ වරදක් නැ
    මමත් 0.0000001 විතර අභිධර්මය මොකක්ද කියලා හෙවුවා
    මගේ නම් මොලේට සමනල් ගැටේ වැදිලා ඔක්කොම පටලවිලා ගියා

    ඒ අස්සේ මම කල්පනා කළා
    බුද්ධ කාලේ සමහර කට්ටිය පොඩි පොඩි බන කතා අහලා සෝවාන් උනා
    අරක මේක කියලා

    උදාහරණයක්
    කුජ්ජුත්තරා කියලා රජ ගෙදරකට මල් ගෙනියන කාන්තාවකගෙන් බන අහලා
    රජබිසව ඇතුළු අන්තප්පුර කුමාරිකාවෝ 500ක් සෝවාන් උනා ලු

    කවුද යක්ෂ සේනාධිපති ලා දෙන්නෙක් පාර දිගේ බන සින් එකක් කතා කර කර යනකොට ඒක උඩු මහලේ ඉඳලා අහගෙන හිටපු කුමාරිකාවක් සෝවාන් උනා ලු (නම් ගම් මතක නැ)

    කුජ්ජුත්තරා කියන්නේ සාමාන්‍ය ගෙදරක වැඩට ඉන්න මට්ටමේ කාන්තාවක් ඉතින් එහෙම කෙනෙකුට ඔය අභිධර්මය වගේ සංකීර්ණ දේවල් ගැන අවබෝධයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි

    ඒ නිසා මට හිතෙන්නේ නිවන් දකින්න අභිධර්මය ගැන දැනුම අත්‍යවශ්‍ය නැතුව ඇති කියලා
    මම නම් හොයන්නේ නිවන් දකින්න මොකක්ද කරන්න ඕනේ කියන දේ තමයි
    ත්‍රිපිටකය කියවන්න උත්සහ කරා නම් හරි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ නිවන ගැන මට හිතෙන දෙයක්. (Not directly related to the recent posts..). මේක ලෞකික භාශාවෙන් කතා කරන්නෙ :rolleyes:.
    Click bait title එකක් දැම්මොත්, "නිවන Overrated" ද :lol: ?

    මගේ ප්‍රශ්නය තමයි, අපි නිවනට මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි?
    මට හිතෙන විදියට number 1 reason එක සංසාරය. කවුරුහරි ඔප්පු කලොත්, සංසාරය කියල මගුලක් නැහැ, තියෙන්නෙ එක life time එකයි කියල, ඒ තියෙන එක life time එක මිනිස්සු නිවන වෙනුවෙන් කැප කරයිද?

    අපි අඩියක් පස්සට අරගෙන බලුවොත් ඇත්තටම හිත කියන්නෙ මොකද්ද (ඒක හදෙන විදිය මොකද්ද) කියල, දැනට ලොකෙ mainly ම පිලිගන්න මත දෙකක් තියෙනව.
    1. හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක්.
    2. හිත කියන්නේ වෙනම දෙයක් කියන එක. Dualism
    ගොඩක් වෙලාවට බෞද්ධයෝ විදියට අපි assume කරනව හිතක් වෙනම තියෙනව කියල (තියෙනව කියන්නේ නිත්‍යයි කියන එක නෙවෙයි). ඒක prove or disprove කරල නෑ තාම. ඒ කියන්නෙ theory 1 හරි යන්නත් chance තියෙනව.
    දැන් අපි assume කරමු theory 1 හරි සහ theory 2 වරදියි ක්යල. ඒ කියන්නෙ හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක් කියල. එතකොට, Brain function එක නවතුනාම (or brain එකෙ කොටස් අතරෙ communication නැති වුනාම, හිත උපදින්නෙ නැති වෙනව. (Like in General Anesthesia )

    නිවන තාම වලංගුද ? ඔව්. අපි ඔය නිවන සම්බන්දව කතා කරන දේවල්, ත්‍රිලක්ශනය, චතුරාර්ය සත්‍යය සේරම වලංගුයි.
    හැබැයි මෙන්න මේ සංකල්ප අවලංගු වෙනව,
    සංසාරය
    කර්ම විපාක -- අපි සාමාන්‍යයෙන් පිලිගන්න විපාක දෙන විදිය
    අපාය දිව්‍ය ලෝක -- මැරිලා අපාය දිව්‍ය ලෝක වලට යන සීන්

    ඔය කියපු අනික් සංකල්ප අවලංගු වෙනකොට සාම්ප්‍රදායිකව අපි නිවනට දෙන weight එක අඩු වෙනවා, එක නවත්තන්න බැහැ.

    හැබැයි ඔය මොන theory එක හරි ගියත් නිවන කියන එක වලංගුයි. බෞද්ධයෝ හැටියට අපි එක experience කරන්න ට්‍රයි කරන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒ ගමනේදී open minded ඉන්න ඕන. ශ්‍රද්ධාව නීවරනයක් කරගන්න එපා...

    (1) ඔය ලෞකිකව කතා කරන සන්සාරයක්වත්, පුනර්භවයක්වත්, කර්මවත්, කර්ම විපාකවත්, ත්‍රිලක්සනයක්වත්, අපාය දිව්යලෝක වත්, චතුරාර්ය සත්යවත්, නිවනක්වත්.. පරමාර්ථය තුල නැහැ තමයි, ප්‍රස්නේ තියෙන්නේ ඕක අවබෝධ වෙන්න "නිවන්" දකින්න ඕනේ එක (මේ උඩ ලෞකික බාසාවෙන් කියන නිවන නෙමෙයි)

    ඒ හැර පෘටක්ජන කෙනෙක්, ඔය උඩ කියපු ඔක්කොම නැහැ කියලා හිතන් හිටියත්, තියෙනවා කියලා හිතන් හිටියත් ඒ දෙකම මිත්යා දිට්ටි දෙකක් විතරයි

    (2) හිතක් තියෙනවා පෘටක්ජන බෞද්ධයෝ ඇසූම් කරනවා, ඔව්, ඒක තමයි උන්ට "පෘථක්ජන ප්ලෙබ්ස්ලා" කියන්නේ 😝 ඔය "හිත" කියලා පෘටක්ජන මට්ටමෙන් තේරුමක් පනවපු සන්කල්පය පරමාර්ථය තුල නැහැ

    (3) brain functions වලින් තමයි මේ භෞතික යැයි සම්මත යතාර්ථය තුල මිනිස්සු නටන නැටිලි නටන්නේ, sensory information processes කරලා දැනීම ඇති වෙන්නේ, සිහිය ඇති වෙන්නේ සහ පවත්වගන්නේ, ඔන්න ඔතන තමයි fundamentals of reality ගැන ප්‍රස්නයක් ඇති වෙන්නේ මිනිස්සුන්ට

    ඉතින් ඒක ගැන හොයපු සමහරු දැක්කා මේ "සිහිය" වෙනස් කර ගන්න පුලුවන් කියලා එක එක දේවල් වලින් ( බෙහෙත්, බාවනා ක්‍රම, sensoy deprivation..), ඒ altered states of consciousness වලදි මිනිස්සු මේ අපි සාමාන්ය භෞතිකයි කියලා සම්මත යතාර්ථයට එහා, භෞතිකව විස්තර කරන්න බැරි දේවල් අත් වින්දා
    ex: salvia divinorum ගහලා සමහරු inanimate objects වෙලා අවු 100-1000 ගත කරා, සමහරු මුහුද යට ගෙවල් හදලා පවුල් කලා ලමයිත් හදන් හිටියා..
    සමහරු බාවනා කරලා ප්‍රථම රූප - නේව සන්නා නා සන්නායතනය දක්වා සාමපත්ති සුවයෙන් කල් ගෙව්වා

    සමහරු physical reality එක කියලා සම්මත මේ අපේ මොලේ ක්‍රියාකාරීත්වයට සාපේක්සව ඇති වෙන perceptions මගින් perceive කරන භෞතික යතාර්ථය ගැන හෙව්වා එතෙන්දි පරමානුව, උප පරමානුක අංශු, නිව්ටන් පසික්ස් සංකල්ප, ක්වොන්ටම් පිසික්ස් සන්කල්ප, ස්ට්‍රිං න්‍යාය, සූපස්ට්‍රිං න්‍යාය, එම් නියාය වගේ සන්කල්ප ගොඩක් ඇති වුනා

    සිහිය දියුනු කරලා altered states of consciousness වලට ගියපු සමහරු එක එක දේවල් අත් වින්දා, රූප ද්යාන සමාපත්ති වල හිටපු අය අදාල මෙන්ටල් ෆැක්ටර්ස් පමනක් ඒ අවස්ටාවල පවතින බව දැක්කා, අරූප ද්යාන එක්ස්පීරන්ස් විස්තර කරන්න මට අත්දැකීම් නැ සෝ අය්ඩ්ක්
    බුදුන් ඉපදිච්ච කාලේ නේව සන්නා නා සන්නායතනය තමයි මෝකසය කියලා සැලකුවේ (මෝක්සය කියන්නෙත් නිවනමයි නේව සන්නා නා සන්නායතනය නෙමෙයි කියල කියනවා හින්දු අය මේක මගේ ඉන්ටප්‍රිටේසන් එක), neither perceptions nor non perceptions කියන state ගැන සමහරු විස්තර කරලා තිවෙනවා දැකලා තියෙනවා මන් ඒත් ඒත මෙතන දාලා වැඩක් නැ..තව හින්දු කන්සෙප්ට්ස් ගොඩක් තියෙනවා ඔය භාවනා යෝගින් පර්සීව් (direct knowledge, extra sensory perceptions...) කරලා හදපු කන්සෙප්ට්.. ඒවා වැඩක් නැ නිවන් දකින්න
    ඉතින් ඔතෙන්ට වෙනකන් ගිහින් ඒ හොයන විමුක්තිය මේක නෙමෙයි කියලා තනියෙන් බාවනා කරලා/ මොනා හරි කරලා(idk) තමයි "නිවන" හොයාගත්තේ, ඒ හොයාගත්ත නිවන කියන්නේ ලෞකික දෙයක් නෙමෙයි ඔන්න ඕක තමයි ලොකුම ප්‍රස්නේ, ඒ නිසා තමයි එක එකාට ගැලපෙන විදිහට ලෞකික සන්කල්ප ගොඩනගලා මේ ලෝකෝත්තර සත්ය දකින්න පුලුවන් මාර්ගයක් හදලා ධර්මය දේසනා කරේ

    මේ ලෞකික ධර්මය අහලා, තේරුන විදිහට මාර්ගය පලෝ කරලා නිවන් දැක්කට පස්සේ තමයි උට ධර්මය අවබෝධ වෙන්නේ, නිවන දකිනකන් අවබෝධ වුන ධර්මයක් නැහැ, අර ලෞකික සන්කල්ප ටිකක් එකිනාකට සාපේක්ස අන්දමින් තේරුම් අරම් අවිද්යාවෙන් පනවපු තේරුම් ටිකක් විතරයි තියෙන්නේ, ඔය උබ උඩ අහන ඔක්කොම කන්සෙප්ට්ස් ටිකත් ඒ වගේ තමයි

    අවිද්යාව ඇති විට සිදුවන, බුදුන්ට ගෝචර වුන කර්ම-කර්මඵල ක්‍රියාකාරීත්වය, චිත්ත, චයිතසික ක්‍රියාකාරීත්වය, සසර.. මේ ඔක්කොම අවිද්යාව ඇති විට පවතින්නේ, පටිච්ච සමුප්පාදය පටන් ගන්නෙම අවිද්යාවෙන්, අවිද්යාවට independently පැවැත්මක් නැහැ ඔය එකකට වත්, අවිද්යාව නැති ලෞකිකත්වය/ පරමාර්ථය/ නිවන තුල ඔය එකකවත් පවතින්නැහැ

    ඒ concepts ටික වැදගත් වෙන්නේ, හරි මාර්ගෙට වැටිලා, මාර්ගය තුල යන පෘථක්ජනයට, මාර්ගඵල ලැබුවට පස්සේ ඕකට පයින් ගහල විසික් කරන්න පුලුවන්

    භෞතික යතාර්ථයට එහා තියෙන අනිත් ඔක්කොම, hallucinations ද නැද්ද කියලා දැන් අහන්න එපා ඊලගට, මාර්ගේ පෙන්නලා තියෙනවා, තඩි මැනුවල් එකක්ම තියෙනවා, මාර්ගය අනුගමනය කරලා බලන්න ( සමහරු මාර්ගය අනුගමනය කරන්න ගිහිනුත් ට්‍රැක් පන්න ගන්නවා 😝)
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අනුගමනය
    අවබෝධ
    නෙමෙයි ද
    හිතක් වෙනම තියෙනව කියල
    තිරිපිටකයේ තියනවා හිත කියන්නේ ඒ ඒ මොහොතේ හටගන්නා දෙයක් කියලා
    මහණෙනි උපන් සිත ප්‍රබාශ්වරයි, එයද වනාහි ආගන්තුක උප ක්ලේශ ... (එතනින් එහා මතක නැ )
    අපාය
    තිරිසන් අපාය පෙන්නම තියනවා නේද
    නිවනට දෙන weight එක අඩු වෙනවා,
    එහෙනම් බුදුහාමුදුරුවෝ කියයි ද ?
    රවුල් හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න දරන අධිමාත්‍ර වෑයමට වඩා වැඩි වෑයමක් දරන්න නිවන් දකින්න කියලා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    සිරාවටම හිතුවේ නෑ එළකිරි එකේ මේ subject එක ගැන මේ තරම් හොයලා තියන මිනිස්සු ඉන්නව කියලා ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුද්ධ කාලේ සමහර කට්ටිය පොඩි පොඩි බන කතා අහලා සෝවාන් උනා
    අරක මේක කියලා

    සොවාන් වෙන්න "සිහියෙන්" / "යෝනිසෝ මනසිකාරෙන්" හිටියනන් ඇති

    ප්‍රස්නේ අයෝනිසො මනසිකාරයෙන් ඉන්න එකනේ, සිහියෙන් ඉන්න පුරුදු වෙන්න ගන්න පුලුවන් මෙවලම් ගොඩක් දේසනා කරලා තියෙනවා මාර්ගය තුල, ඔය සිල් ගන්න එකේ ඉදන් විදර්සනා භාවනාව වෙනකම් තියෙන්නේ step by step ඕන කෙනෙක්ට මේ සත්ය දකින්න උපකාරී කර ගන්න පුලුවන් මෙවලම්

    ඉතින් සමහරු වචන දෙක තුනක් අහන් ඉද්දි යෝනිසෝ මනසිකාරයෙන්, ත්‍රිලක්සනය දැකලා පරමාර්ථය අත්විදිනවා, සමහරු step by step ගිහින් අන්තිමට විපස්සනා බාවනාව කාලයක් වඩලා යෝනිසෝ මනසිකාරයෙන් ත්‍රිලක්සනය දැකලා පරමාර්ථය අත් විදිනවා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,945
    113
    මාතර
    අවිද්යාව ඇති විට සිදුවන, බුදුන්ට ගෝචර වුන කර්ම-කර්මඵල ක්‍රියාකාරීත්වය, චිත්ත, චයිතසික ක්‍රියාකාරීත්වය, සසර.. මේ ඔක්කොම අවිද්යාව ඇති විට පවතින්නේ, පටිච්ච සමුප්පාදය පටන් ගන්නෙම අවිද්යාවෙන්, අවිද්යාවට independently පැවැත්මක් නැහැ ඔය එකකට වත්, අවිද්යාව නැති ලෞකිකත්වය/ පරමාර්ථය/ නිවන තුල ඔය එකකවත් පවතින්නැහැ

    උඹේ reply එකෙන් මම අහපු දේට අදාළ වෙන්නේ මෙන්න මේ ටික. මේකේ උඹ කියනවනේ අවිද්‍යාව ඇතිවිට සිදුවන, කර්ම ක්‍රියාවලිය, සසර... කියල. මම ඉස්සෙල්ල කිව්වේ මචන්, ඔය කියපු කර්ම ක්‍රියාවලිය, සසර කියන ඒවා අවිද්‍යාව ඇති විටවත් සිදු නොවෙන්න ලොකු chance එකක් තියෙනවා කියල.
    (මම හිතන්නේ මං කියන්න ගියපු දේ හරියට කියවිලා නැහැ මගෙන්.)
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මොන දේ උනත් ඉගන ගන්න එකේ වරදක් නැ
    මමත් 0.0000001 විතර අභිධර්මය මොකක්ද කියලා හෙවුවා
    මගේ නම් මොලේට සමනල් ගැටේ වැදිලා ඔක්කොම පටලවිලා ගියා

    ඒ අස්සේ මම කල්පනා කළා
    බුද්ධ කාලේ සමහර කට්ටිය පොඩි පොඩි බන කතා අහලා සෝවාන් උනා
    අරක මේක කියලා

    උදාහරණයක්
    කුජ්ජුත්තරා කියලා රජ ගෙදරකට මල් ගෙනියන කාන්තාවකගෙන් බන අහලා
    රජබිසව ඇතුළු අන්තප්පුර කුමාරිකාවෝ 500ක් සෝවාන් උනා ලු

    කවුද යක්ෂ සේනාධිපති ලා දෙන්නෙක් පාර දිගේ බන සින් එකක් කතා කර කර යනකොට ඒක උඩු මහලේ ඉඳලා අහගෙන හිටපු කුමාරිකාවක් සෝවාන් උනා ලු (නම් ගම් මතක නැ)

    කුජ්ජුත්තරා කියන්නේ සාමාන්‍ය ගෙදරක වැඩට ඉන්න මට්ටමේ කාන්තාවක් ඉතින් එහෙම කෙනෙකුට ඔය අභිධර්මය වගේ සංකීර්ණ දේවල් ගැන අවබෝධයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි

    ඒ නිසා මට හිතෙන්නේ නිවන් දකින්න අභිධර්මය ගැන දැනුම අත්‍යවශ්‍ය නැතුව ඇති කියලා
    මම නම් හොයන්නේ නිවන් දකින්න මොකක්ද කරන්න ඕනේ කියන දේ තමයි
    ත්‍රිපිටකය කියවන්න උත්සහ කරා නම් හරි

    නිවන කියන්නෙ, රාගක්කයො, දෙශක්කයො, මොහක්කයො නිබ්බානන්,

    දර්මය දකින්න පටිචචසමුපපාදය අවබොද කරන්න ඔන, පටිචචසමුපපාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය දැක්කා වෙන්නෙ,

    ඉදපපචචයතා පටිචචසමුපපාදය තෙරුම් ගන්න ඔන, මෙලොව ජාති හැදෙන පටිචචසමුපපාදය,

    පටිචචසමුපපාදය කොටස් තෙරුම් අරන් එකතු කරලා තෙරුම් ගන්න උත්සාහා කරන්න,

    Screenshot_20231017_013258_Xodo_020450.jpg
     
    Last edited:
    • Love
    Reactions: amino

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ඉස්සෙල්ල කිව්වේ මචන්, ඔය කියපු කර්ම ක්‍රියාවලිය, සසර කියන ඒවා අවිද්‍යාව ඇති විටවත් සිදු නොවෙන්න ලොකු chance එකක් තියෙනවා කියල.

    වෙනවද නැද්ද කියලා අපිටම බලන්න පුලුවන්, මැරෙනකන් ඉන්න ඕනෙත් නැහැ, දකිද්දි අර උඩ කියපු observer (අපි) හමු වෙන්නෙත් නැ, කර්ම ක්‍රියාවලිය කියලා කලින් හිටන් හිටපු මුකුත් හමු වෙන්නෙත් නැ, සසර, අවිද්යාව කියලා කලින් හිටන් හිටපු සන්කල්ප හමු වෙන්නෙත් නැ, ශූන්යතාවය බවටම පත් වෙනවා, නිර්වාන ධාතුව ස්පර්ෂ කරනවා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,945
    113
    මාතර
    වෙනවද නැද්ද කියලා අපිටම බලන්න පුලුවන්, මැරෙනකන් ඉන්න ඕනෙත් නැහැ, දකිද්දි අර උඩ කියපු observer (අපි) හමු වෙන්නෙත් නැ, කර්ම ක්‍රියාවලිය කියලා කලින් හිටන් හිටපු මුකුත් හමු වෙන්නෙත් නැ, සසර, අවිද්යාව කියලා කලින් හිටන් හිටපු සන්කල්ප හමු වෙන්නෙත් නැ, ශූන්යතාවය බවටම පත් වෙනවා, නිර්වාන ධාතුව ස්පර්ෂ කරනවා
    අවිද්‍යාව ඇති විටදී කියල ඇහුවේ ඒකයි.. (උඹ කියපු දේමයි quote කලේ). but that's fine. thanks for the discussion anyway.
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    906
    700
    93
    මේකේ unrelated හාමුදුරුවරු, පොත් promotions සහ මගේ එක උඹේ එකට වඩා ලොකුයි ඇරෙන්න OP ගේ ප්‍රශ්නය ගැන කතා කරලා තියෙන්නෙ ඉතා සුළුවෙන්... පිස්සුද? හැටිද? 😜
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේකේ unrelated හාමුදුරුවරු, පොත් promotions සහ මගේ එක උඹේ එකට වඩා ලොකුයි ඇරෙන්න OP ගේ ප්‍රශ්නය ගැන කතා කරලා තියෙන්නෙ ඉතා සුළුවෙන්... පිස්සුද? හැටිද? 😜
    සිංහල පන්තියක කෑල්ලකුත් තියේ අන්තිමට 😝
     
    • Haha
    Reactions: nuwan9999