මේ නිවන ගැන මට හිතෙන දෙයක්. (Not directly related to the recent posts..). මේක ලෞකික භාශාවෙන් කතා කරන්නෙ

.
Click bait title එකක් දැම්මොත්, "නිවන Overrated" ද

?
මගේ ප්‍රශ්නය තමයි, අපි නිවනට මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි?
මට හිතෙන විදියට number 1 reason එක සංසාරය. කවුරුහරි ඔප්පු කලොත්, සංසාරය කියල මගුලක් නැහැ, තියෙන්නෙ එක life time එකයි කියල, ඒ තියෙන එක life time එක මිනිස්සු නිවන වෙනුවෙන් කැප කරයිද?
අපි අඩියක් පස්සට අරගෙන බලුවොත් ඇත්තටම හිත කියන්නෙ මොකද්ද (ඒක හදෙන විදිය මොකද්ද) කියල, දැනට ලොකෙ mainly ම පිලිගන්න මත දෙකක් තියෙනව.
1. හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක්.
2. හිත කියන්නේ වෙනම දෙයක් කියන එක. Dualism
ගොඩක් වෙලාවට බෞද්ධයෝ විදියට අපි assume කරනව හිතක් වෙනම තියෙනව කියල (තියෙනව කියන්නේ නිත්‍යයි කියන එක නෙවෙයි). ඒක prove or disprove කරල නෑ තාම. ඒ කියන්නෙ theory 1 හරි යන්නත් chance තියෙනව.
දැන් අපි assume කරමු theory 1 හරි සහ theory 2 වරදියි ක්යල. ඒ කියන්නෙ හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක් කියල. එතකොට, Brain function එක නවතුනාම (or brain එකෙ කොටස් අතරෙ communication නැති වුනාම, හිත උපදින්නෙ නැති වෙනව. (Like in General Anesthesia )
නිවන තාම වලංගුද ? ඔව්. අපි ඔය නිවන සම්බන්දව කතා කරන දේවල්, ත්‍රිලක්ශනය, චතුරාර්ය සත්‍යය සේරම වලංගුයි.
හැබැයි මෙන්න මේ සංකල්ප අවලංගු වෙනව,
සංසාරය
කර්ම විපාක -- අපි සාමාන්‍යයෙන් පිලිගන්න විපාක දෙන විදිය
අපාය දිව්‍ය ලෝක -- මැරිලා අපාය දිව්‍ය ලෝක වලට යන සීන්
ඔය කියපු අනික් සංකල්ප අවලංගු වෙනකොට සාම්ප්‍රදායිකව අපි නිවනට දෙන weight එක අඩු වෙනවා, එක නවත්තන්න බැහැ.
හැබැයි ඔය මොන theory එක හරි ගියත් නිවන කියන එක වලංගුයි. බෞද්ධයෝ හැටියට අපි එක experience කරන්න ට්‍රයි කරන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒ ගමනේදී open minded ඉන්න ඕන. ශ්‍රද්ධාව නීවරනයක් කරගන්න එපා...
(1) ඔය ලෞකිකව කතා කරන සන්සාරයක්වත්, පුනර්භවයක්වත්, කර්මවත්, කර්ම විපාකවත්, ත්‍රිලක්සනයක්වත්, අපාය දිව්යලෝක වත්, චතුරාර්ය සත්යවත්, නිවනක්වත්.. පරමාර්ථය තුල නැහැ තමයි, ප්‍රස්නේ තියෙන්නේ ඕක අවබෝධ වෙන්න "නිවන්" දකින්න ඕනේ එක (මේ උඩ ලෞකික බාසාවෙන් කියන නිවන නෙමෙයි)
ඒ හැර පෘටක්ජන කෙනෙක්, ඔය උඩ කියපු ඔක්කොම නැහැ කියලා හිතන් හිටියත්, තියෙනවා කියලා හිතන් හිටියත් ඒ දෙකම මිත්යා දිට්ටි දෙකක් විතරයි
(2) හිතක් තියෙනවා පෘටක්ජන බෞද්ධයෝ ඇසූම් කරනවා, ඔව්, ඒක තමයි උන්ට "පෘථක්ජන ප්ලෙබ්ස්ලා" කියන්නේ

ඔය "හිත" කියලා පෘටක්ජන මට්ටමෙන් තේරුමක් පනවපු සන්කල්පය පරමාර්ථය තුල නැහැ
(3) brain functions වලින් තමයි මේ භෞතික යැයි සම්මත යතාර්ථය තුල මිනිස්සු නටන නැටිලි නටන්නේ, sensory information processes කරලා දැනීම ඇති වෙන්නේ, සිහිය ඇති වෙන්නේ සහ පවත්වගන්නේ, ඔන්න ඔතන තමයි fundamentals of reality ගැන ප්‍රස්නයක් ඇති වෙන්නේ මිනිස්සුන්ට
ඉතින් ඒක ගැන හොයපු සමහරු දැක්කා මේ "සිහිය" වෙනස් කර ගන්න පුලුවන් කියලා එක එක දේවල් වලින් ( බෙහෙත්, බාවනා ක්‍රම, sensoy deprivation..), ඒ altered states of consciousness වලදි මිනිස්සු මේ අපි සාමාන්ය භෞතිකයි කියලා සම්මත යතාර්ථයට එහා, භෞතිකව විස්තර කරන්න බැරි දේවල් අත් වින්දා
ex: salvia divinorum ගහලා සමහරු inanimate objects වෙලා අවු 100-1000 ගත කරා, සමහරු මුහුද යට ගෙවල් හදලා පවුල් කලා ලමයිත් හදන් හිටියා..
සමහරු බාවනා කරලා ප්‍රථම රූප - නේව සන්නා නා සන්නායතනය දක්වා සාමපත්ති සුවයෙන් කල් ගෙව්වා
සමහරු physical reality එක කියලා සම්මත මේ අපේ මොලේ ක්‍රියාකාරීත්වයට සාපේක්සව ඇති වෙන perceptions මගින් perceive කරන භෞතික යතාර්ථය ගැන හෙව්වා එතෙන්දි පරමානුව, උප පරමානුක අංශු, නිව්ටන් පසික්ස් සංකල්ප, ක්වොන්ටම් පිසික්ස් සන්කල්ප, ස්ට්‍රිං න්‍යාය, සූපස්ට්‍රිං න්‍යාය, එම් නියාය වගේ සන්කල්ප ගොඩක් ඇති වුනා
සිහිය දියුනු කරලා altered states of consciousness වලට ගියපු සමහරු එක එක දේවල් අත් වින්දා, රූප ද්යාන සමාපත්ති වල හිටපු අය අදාල මෙන්ටල් ෆැක්ටර්ස් පමනක් ඒ අවස්ටාවල පවතින බව දැක්කා, අරූප ද්යාන එක්ස්පීරන්ස් විස්තර කරන්න මට අත්දැකීම් නැ සෝ අය්ඩ්ක්
බුදුන් ඉපදිච්ච කාලේ නේව සන්නා නා සන්නායතනය තමයි මෝකසය කියලා සැලකුවේ (මෝක්සය කියන්නෙත් නිවනමයි නේව සන්නා නා සන්නායතනය නෙමෙයි කියල කියනවා හින්දු අය මේක මගේ ඉන්ටප්‍රිටේසන් එක), neither perceptions nor non perceptions කියන state ගැන සමහරු විස්තර කරලා තිවෙනවා දැකලා තියෙනවා මන් ඒත් ඒත මෙතන දාලා වැඩක් නැ..තව හින්දු කන්සෙප්ට්ස් ගොඩක් තියෙනවා ඔය භාවනා යෝගින් පර්සීව් (direct knowledge, extra sensory perceptions...) කරලා හදපු කන්සෙප්ට්.. ඒවා වැඩක් නැ නිවන් දකින්න
ඉතින් ඔතෙන්ට වෙනකන් ගිහින් ඒ හොයන විමුක්තිය මේක නෙමෙයි කියලා තනියෙන් බාවනා කරලා/ මොනා හරි කරලා(idk) තමයි "නිවන" හොයාගත්තේ, ඒ හොයාගත්ත නිවන කියන්නේ ලෞකික දෙයක් නෙමෙයි ඔන්න ඕක තමයි ලොකුම ප්‍රස්නේ, ඒ නිසා තමයි එක එකාට ගැලපෙන විදිහට ලෞකික සන්කල්ප ගොඩනගලා මේ ලෝකෝත්තර සත්ය දකින්න පුලුවන් මාර්ගයක් හදලා ධර්මය දේසනා කරේ
මේ ලෞකික ධර්මය අහලා, තේරුන විදිහට මාර්ගය පලෝ කරලා නිවන් දැක්කට පස්සේ තමයි උට ධර්මය අවබෝධ වෙන්නේ, නිවන දකිනකන් අවබෝධ වුන ධර්මයක් නැහැ, අර ලෞකික සන්කල්ප ටිකක් එකිනාකට සාපේක්ස අන්දමින් තේරුම් අරම් අවිද්යාවෙන් පනවපු තේරුම් ටිකක් විතරයි තියෙන්නේ, ඔය උබ උඩ අහන ඔක්කොම කන්සෙප්ට්ස් ටිකත් ඒ වගේ තමයි
අවිද්යාව ඇති විට සිදුවන, බුදුන්ට ගෝචර වුන කර්ම-කර්මඵල ක්‍රියාකාරීත්වය, චිත්ත, චයිතසික ක්‍රියාකාරීත්වය, සසර.. මේ ඔක්කොම අවිද්යාව ඇති විට පවතින්නේ, පටිච්ච සමුප්පාදය පටන් ගන්නෙම අවිද්යාවෙන්, අවිද්යාවට independently පැවැත්මක් නැහැ ඔය එකකට වත්, අවිද්යාව නැති ලෞකිකත්වය/ පරමාර්ථය/ නිවන තුල ඔය එකකවත් පවතින්නැහැ
ඒ concepts ටික වැදගත් වෙන්නේ, හරි මාර්ගෙට වැටිලා, මාර්ගය තුල යන පෘථක්ජනයට, මාර්ගඵල ලැබුවට පස්සේ ඕකට පයින් ගහල විසික් කරන්න පුලුවන්
භෞතික යතාර්ථයට එහා තියෙන අනිත් ඔක්කොම, hallucinations ද නැද්ද කියලා දැන් අහන්න එපා ඊලගට, මාර්ගේ පෙන්නලා තියෙනවා, තඩි මැනුවල් එකක්ම තියෙනවා, මාර්ගය අනුගමනය කරලා බලන්න ( සමහරු මාර්ගය අනුගමනය කරන්න ගිහිනුත් ට්‍රැක් පන්න ගන්නවා

)