සිඩ්නි මෙල්බර්න් වෙස්ටර්න් ඔස්, පර්ත්, වගේ ප්‍රදාන සිටි වටේට තියෙන පැති තමයි හොද, හරිහමන් ටවුමක් ඇහැට වත් දකින්න නැති අනිත් පැති දුශ්කරයි. PR ගන්න ඕනෙනෙ කියල දුශ්කරම පැති වලට යනවට වඩා හොදයි ලන්කාවෙම ඉන්න එක. ඔස්ට්‍රේලියාව දියුනු රටක් උනාට, හැම පැත්තක්ම "පට්ට ලේසි, සුපිරි" ගනයට වැටෙන්නෙ නෑ. ඒක නිසා කෙනෙක් එනවනම් එන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.
අකවුන්ටන්ට්ස් ල ඩිග්‍රි ඉවර වෙනකොට ඒකට ඩිමාන්ඩ් නැතුව, චෙෆ් කෝස් පටන් ගන්නව නම්, චෙෆ් ල වැඩි උනාම ඒකට ඩිමාන්ඩ් නැති උනාම වෙන එකක් පටන් අරගන්න වෙන්නෙ යාලු. ඩිමාන්ඩ් එක හැදෙන්නෙ කට්ටිය අඩු උනාම, කට්ටිය වැඩි උනාම දැන් චෙෆ් ලට ඩිමාන්ඩ් නම් තව ටික කාලෙකින් චෙෆ් ල වැඩි උනාම ඩිමාන්ඩ් ඉවරයි. ඔහොම ඉවරයක් නැති ප්‍රශ්න. ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රි කරල පී.ආර් ගන්න බැරුව , ඊට පස්සෙ දිගටම තව තව ඩිග්‍රි අකමැත්තෙන් උනත් කරන අය ගොඩක් ඉන්නව, වීස එක කැන්සල් වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ නිසා.
ස්ටූඩන්ට් වීස ඉන්න එවුන්ගෙ ඔලුවට විභාග වලින් එන ස්ට්‍රෙස් එකට අමතරව, දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැත්තන්, කැම්පස් එකට ගෙවන්න වෙන සල්ලි වලින් එන ස්ට්‍රෙස් එක හිතල බලන්න, ලක්ශ 100 ගානෙ වගේ අවුරුද්දකට කැම්පස් වලට ගෙවන්න උනාම.
පී.ආර් තියෙන උන්ව මැරි කලාම පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් ගන්න පුලුවන් නිසා, මෙහෙ ස්ටූඩන්ට් වීස වලින් ඉන්න සමහර කෙල්ලො පී.ආර් තියෙන අයගෙන් අහනව සල්ලි අරන් එයාලව තාවකාලිකව මැරි කරන්න බැරිද කියල. නීති විරෝදී නිසා අපි කීයටවත් ඒ වගේ දේවල් වලට සපෝට් නෑ, ඒත් හිතල බලපන් උන් ඉන්න තත්වෙ.
කෙල්ලන්ට එපා වෙලා ඩිග්‍රි කරලම, කරුමයක් බන් මෙලෝ ආසාවක් නැතුව විභාග කරනව කියන්නෙ.
ඒක නිසා කව්රු උනත් ස්ටූඩන්ට් වීස එනවනම් දෙපාරක් හිතන්න.
රජයෙන් කොහොමත් හරිනම් උබට සල්ලි දෙන්න ඕනෙ නෑනෙ බන්. පී.ආර් අරන් ආවම එක්කො ඉගෙන ගනින් නිදහසේ, ඉගෙන ගන්න බෑ වගේ හිතුනම ස්ටඩි බ්‍රේක් ගන්න පුලුවන් පී.ආර් තියෙන අයට, එතකොට වර්ක් කරන්න පුලුවන්. වර්ක් කරල බෝරින් උනාම ආපහු ඉගෙන ගන්න එක කන්ටිනියු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වීස ඉන්න උන්ට පුලුවන්ද ඕව කරන්න. උන් ඉන්නෙ ගිනි ගොඩක.
------ Post added on Feb 18, 2023 at 7:23 AM
එහෙම අව්ලක් නෑ, මෙහෙ ක්‍රිප්ටො නීත්‍යානුකූලයි.
------ Post added on Feb 18, 2023 at 7:28 AM