කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??


    මම අද කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි..
    ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනේ කියලයි..ඒක එහෙමම නෙවෙයි..මම කියන්න යන්නේ මේකට ඕන අවම සුදුසුකම් ගැනයි..

    මේවා තමයි ඕනෙ වෙන මූලික සුදුසුකම්,

    1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම
    2. අවිවාහක වීම :P
    3. අවුරුදු 18ත් 22ත් අතර වීම
    4. උස අඩි 5යි අගල් 6ට වඩා වැඩි වීම
    5. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා අඩු වීම (බර Kg /උසේ වර්ගය m)
    6. ඇස් පෙනීම 6/6
    මූලිකවම ඕනෙවෙන අධ්‍යාපන සුදුසුකම් තමයි අ.පො.ස (සා/පෙළ) විභාගයට S පාසස් 6ක් ඒ අතර C 4ක් තියෙන්න ඕනේ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි වලටත් එක්ක..
    අ.පො.ස (උ/පෙළ) විභාගයට S පාසස් 2ක් ඕනේ (කැළනි කැම්පස් එකෙන් දෙන Degree එක ගන්නනම් S 3ක් තියෙන්න ඕනේ)
    මේ සුදුසුකම් තියන ඕනේ කෙනෙක්ට වේකන්සීස් හැම අවුරුද්දෙම ගැසට් කලාම Apply කරන්න පුලුවන්..
    ඒත් මතක තියාගන්න ගොඩක් හොදට Exam කරපු අයත් Interview වලට එනවා..
    මේ ඇරුනම ජාතික මට්ටමෙන් ක්‍රීඩාවක් එහෙම කරල තියනවනම් Interview වලදි ඒවට ලකුණු හම්බෙනවා..
    ඒ වගේම ඇස් පෙනීම වගේ ඒවා හරියටම බලනවා Medical එකේදි..
    තව පිසිකල් ටෙස්ට් එකකුත් තියනවා ඒකත් පාස් වෙන්න ඕනේ..
    හැම පාරම 1000 ගාණක් මේකට Apply කරනවා..Interview වලට හොදට මූන දීල ලකුණු වැඩිපුර ගන්න බලන්න ඕනේ හැම වෙලාවෙම..
    මේ ඔක්කොම පාස් උනාට පස්සේ ඔයාලට පුලුවන් Cadet Officer කෙනෙක් විදිහට අපේ ගුවන් හමුදාවට එකතු වෙන්න..:):):)

    වැඩි විස්තර වලට Airfore.lk web site එකට ගිහිල්ලම බලන්නකෝ..