කොහෙවත් ගියෙ නැද්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබල කොහෙවත් ඇවිද්දෙ නැද්ද ලාස්ට් වීක් එකෙ. මගෙත් සෑහෙන්න ප්ලෑනක් තිබ්බ, එත් අන්තිම සතියෙ ලගම එකෙකුට කොරෝන හැදිල ප්ලෑන් හබක් උනා. ඒ නිස ඒ වැඩ කරගන්න වෙලාව මදි උනා. හිතේ තරහටත් එක්ක ඔන්න ඔහෙ යනව කියල හිතාගෙන ගියපු ගමනක් දාන්නන්, මට වෙන වැඩකුත් නැති එකෙ.

    අන්තිම ලොකු ප්ලෑනක් නැතුව බයික් එකත් සර්විස් කරගෙන, ඇදුම් කෑලි 2කුත් දාගෙන 27 එනිද එලියට බැස්ස.

    D1 - කොලබ ඉදන් හපුතලෙ, පූනාගල පිල්කින්ටන් පොයින්ට්

    හොමගම ඉදන්, රත්නපුරට ඇවිල්ල, එතනින් බෙරගලට ආව, එ ටික නන් කියන්න තරන් දෙයක් නෑ, බලන්ගොඩට එනකන් ටිකක් ට්‍රැපික්, ඊට පස්සෙත් එකත් නෑ, බෙරගලින් හැරෙව්වට පස්සෙ, ටිකක් ලස්සනයි, පොඩි පටු පාරත් එක්ක, කදු පන්ති ටිකක් තියනව.

    බෙරගල - වැල්ලවාය පාර කියන්න ජරාම පාරක්, දැන් නන් මුල හරිය කාපට්, කොස්ලන්ද හරියෙ පාර හදාගෙන යනව
    ලොකු අවුලක් නෑ, දුවිල්ල ඇරෙන්න

    කොස්ලන්දෙන් හැරිල, කිමි 12ක් වගෙ යන්න ඕන අර කියපු වත්තට. වතු පාරවල්.
    උන්ට ඉතින් තේ ලොරිය යාගන්න තිබ්බ නන් ඇති. ඊට වඩා සන්වර්දනයක් කෙරෙන්නෙ නෑ. කොම හරි පොට් එකට ආව.
    මෙතනට ඌව, දකුනු පලාත් දුරට පේනව ලස්සනට , ඈතට





    ටිකක් වෙලා හිටියම , මෙන්න එකෙක් ඇවිල්ල ටිකට් එකක් දීල 100ක් ඉල්ලන් ගිය, වත්තෙන් කියල කීවෙ
    පොඩ්ඩක් ඉදල, විටක් එහෙම හපල, ආයෙ ආව හපුතලේට. රොසෙන්කා කියල පොඩි ගෙස්ට් හවුස් එකක්. 27 රෑ එතන තමා.
    කාමරෙ 2000යි. උනුවතුර තියනව, හපුතලෙ දවස් රස්නෙ උනාට, රෑට අන්සම 13-15 වෙනකන් අඩු වෙනව. පට්ට කූල්. මෙතන වීව් එකත් හොදයි


    D2 - හපුතලෙ ඉදන්, බදුල්ල, පස්සර, මඩොල්සිම, එතනින් මොනරාගල, ආරුගම්බෙ



    මඩොල්සිම තියනව නියම කෑම්පින්ග් පොට් එකත් ලෝකාන්තෙකුත් එක්ක. මම ඉතින් කෑම්ප් සීන් වලට වැඩි ආසාවක් නැති නිසා
    ගිහිල්ල බලල එනව විතරයි. හපුතලෙ, බදුල්ල, පස්සර ලුනුගලට එනකන් , කදු / වන්ගු.

    ලුනුගලින් හැරිල යන්න ඕන, ඒ ටිකත් මුල් හරියෙ අර කිව්ව වගෙ තේ වතු පාරවල්.




    අන්තිම කිමි 1 වගෙ නන් ගූ 70යි. හෙන ගල් ගොඩවල් තියෙන්නෙ, එත් බයික් වලට. උස වාහන් වලට යන්න පුලුවන්, කාර් බෑ.

    ලෝකාන්තෙ නන් මෙලො රෙද්දක් පෙනුනෙ නෑ මීදූම නිසා. ඒත් ලස්සනයි ඉතින්. මීදුම ඇවිල්ල ඇගේ හැපෙනව
    ආතල්


    මේ බෝඩ් එක මතක ඇති, මේක දැන් දෙපාරක් විතර පේන්ට්‍ කරා, ඒත් යක්ක පුතාලත් එක්ක
    බේරන්න බෑ.





    බිබිල- පස්සර තාම හදනව, නාය ගිහිල්ලත් තිබ්බ
    මේක A grade එකෙ පාරක් (A4 or A5)

    මොනරාගල - සියබලාන්ඩුව - ලාහුගල අවුලක් නෑ. මගදි රොටි පාරකුත් දාගෙනම ආව ඉන්න තැනට ,
    ආරුගම්බෙ Shim Beach Resort, 2500 per room with AC



    D3 - ආරුගම්බෙ ඉදන් පානම, ඔකන්ද, ආපහු බුත්තල, කතරගම, තිස්ස, වැල්ලවාය, ඇල්ලවල ඇල්ල, ඇල්ල

    ඔකන්ද දේවාලෙ කියල එකක් තියන්ව, පානම ඉදන කිමි 16ක් වගෙ. මේ පාර යන්නෙ කුමන කියන ගමට ඉස්සර. ඉස්සර මේ ගමෙ මිනිස්සු ඉදල තියනව, යුද්දෙ කාලෙ, ඒ මිනිස්සු පානමට ගෙනල්ල. එ ගම, කුමන පාක් එකට අහුවෙලා. ඒ පොල් ගස්, ගෙවල් එහෙම තම තියනවලු.


    ඔන්න ඔක දේවාලෙ, කතරගම කපුවත් එන්නෙ මෙත්නට කියනවලුනෙ. කොම හරි මුලින් විශ්නු දෙයියො පානමට ගොඩ බැහැල, එතනින් ක්තරගමට ඇවිල්ල, එතනින් කැබලිත්තට ආවාලු, දැන නන් කැබලිත්තෙත් නැහල්ලු. ඔහොමත් කියනව සම්හරු





    බුත්තල කතරගම පාරේ අලි නන් ඉන්නව හැමදාම වගෙ. යක්ක වේසිගෙ පුත්තු කන්ඩ පුරුදු කරල උන් එනව පාරට.
    තිස්ස ඉන්නව යාලුවෙක්, උගෙ ගෙදරටත් මූන දාල ආයෙ ආව


    ඇල්ලවල ඇල්ල කියල එකක් බලන්න ආව. මේක වැල්ලවාය, කිට්ටුව තියෙන්නෙ. ලස්සනය දිය ඇල්ලක් එක්ක නාන්න පුලුවන් පොට් එකක්. ගිය මාසෙත් 4ක් මැරිල තිබ්බ. යන්න ඔනෙ ටිකක් කැලෙ මැද්දෙ.




    D4 - ඇල්ල ඉදන් නුවරඑලිය, දොලොස්බාගෙ, දේදුගල, රුවන් වැල්ල, හෝමගම

    මම නන් නිතරම වගෙ ඇල්ල පැත්තට යනව, මරු පැත්තක්, ලස්සනයි, රස්නෙ නෑ
    උදේම නුවර එලියට ඇවිල්ල, නාවලපිටිය එතනින් දොලොස්බාගෙ පැත්තට ආව. මෙහෙත් ලස්සනයි

    දේදුගල වීව් පොයින්ට් එක මේ. පොටො වල්ට තියන තරන් ලස්සනක් නෑ වගේ.


    https://flic.kr/p/2mWdVwD


    දේදුගල ඉදන් බුලත් කොහුපිටියට එනකොට හෙන දියඇලි සෙට් එකක් තියනව, බයික් එකෙ හුලම් අඩු වෙල තිබ්බ නිස ඒව බලන ගියෙ නෑ. එහෙම්ම ආව බුලත්කොහුපිටියට. කිමි 10-15ක් යනකන් වින්කලයක්වත් නෑ ඒ හරියෙ. මේක පොඩි ඇල්ලක්, පාර අයිනෙ තිබ්බෙ.

    දවස් 4ට, කිමී 1152ක් වගෙ ඇදල තිබ්බ. වැඩි ගානක් ගියෙ නෑ ඔක්කොටම 19000ක් වගෙ වියදම් උනෙ
    තනියම යන එකෙක් වාසිය ඉතින්, වියදම අඩුයි, එකක් නෑ, ඕනෙ විදිඅයට තීරන ගන්න පුලුවන්.
    නිමි


    ඔක්කොම පොටෝස් දාන්න බෑ බන් මේකෙ. තියන ඒව ඩිලීට් කරනන්ත් බෑ
    මීඩිය විදියට දාන්නත් නෑ, ඇල්බම් එක මෙතනින් බලන්න පුලුවන්

    https://www.flickr.com/photos/127288015@N02/
    ------ Post added on Jan 9, 2022 at 4:53 PM
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෑනිත් එනව වෙලාවකට
    දවස් ගනන් යන්න එන්නෙ නෑ
    gaani ubata adanthettam karana neda :(
    lovly wife kenekwanm ohoma gedra thiyla trip ynna hithenne nane

    ගෑනිගෙන් ගුටි කන්න වෙන නිසා හොරෙන් යන්නෙ ඕකා
    ow mu gaanita baya seen ekk thiyenne. naththan bedapu ekek thaniyma ynne nane. gaani dala ynne yaluwo ynwanm wtrai
    ------ Post added on Jan 9, 2022 at 5:33 PM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    ‌වැල්ලවාය බෙරගල පාර කාපට් ඒක නම් පට්ට පට පට. උඹ ඔය ගිහින් තියෙන්නේ පොඩ්ඩ දුරයිනේ. මම ඔකේ වැල්ලවායේ ඉදන් බෙරගලට ඒනකන්ම ආවා. ගෙදර උන්දැට දියලුම බලන්න ඔනිමයි කියලා සති දෙක තුනකට කලින් තමයි මාත් ආවෙ. අම්ම‌ො තව අවුරුදු තුන හතරකටවත් ඔය පාර නම් හදන ඒකක් නැ.