A/L නම් කීප දෙනෙක්ගෙම ගියා
අනිල් කේ. සේනාධීර මැත ගැනැ කතා ඕනේ නෑනේ. ගණන් ටික නම් සුප්පා. ඒත් වැඩ්ඩො සෙට් එකකට තමා පොරගේ හොඳ. මොකද අනික් උන්ට තේරෙන්නේ නෑ පොරගේ. රැල්ලට තමා යන්නේ කස්ටිය කුනුහරුප කියන නිසා. ඒත් එක අතකට හොඳයි ලංකාවේ කමකට නැති ලිංගික අධ්‍යාපනේ වත් කියලා දෙනවානේ කියලා![]()
2. R.S. පින්නපොල
දන්නෝ දනිති, නොදන්නෝ බොරුවට කෑ ගසතිකෙම නම් කියලා වැඩක් නෑ ලෙසටම තියෙනවා. කරන්නේ ටිකයි. හැබැයි ඉතින් බොක්කටම වදිනවා පාඩම් කරන්න ඕනේ නෑ. උගන්නන්නෙත් එක්සෑම් එකට ඕනේ කෑලි පමණයි. ඒ නිසා වැඩි විස්තර නැත. බෝරින් නැත. කෙමට අමතරව ගොඩක් ආධ්‍යාත්මික දේවල් ඉගෙන ගත්තැකි. ඒවාට ආස නැති එතීස්ට් වගේ උන් නම් ගියේ නැති වුනාට අවුලක් නෑ.
3.මහේන් ජේකොබ්.
මං ගියපු පිසික්ස් ගුරුවරුන්ගෙන් හොඳම එක්කෙනා මෙයා. ඉගැන්වීම කියන එක බොක්කෙන්ම ඇවිත් තියෙනවා. මට අවුරුදු කීපයක් තේරුන් නැති තියරි පොර දවසින් දෙකෙන් කරද්දි තේරුනා. බෝරින් නෑ පොඩ්ඩක්වත්, ෆන් එකේ උගන්නනවා, විහිලුවක් ලෙසියට කියන් නෑ. හැබැයි කියන එක පට්ටම එකක් කියන්නේ. හරිම නිහතමානි ගුරුවරයෙක්.
4. කීර්ති ධර්මසිරි
මෙයාගෙත් පිසික්ස් ගියා. පට්ටම නොලේජ් එකක් ගත්තැකි ඉතින් ලෝකේ සිද්ධ වෙන දේවල්, අලුත් වැඩ කිඩ ගැන එහෙම. පොර පාඩම්ත් එක්ක ඒවා සම්බන්ධ කරලා කියනවා නියමෙට. අවුලක් නෑ හොඳයි. බෝරින් නෑ. තරහා ගියාම පංතියෙ එවුන් සර්ගෙන් පට්ටම ආතල් එකක් ගන්නවා බනින විදිය අහලා
5. කේසිරි විතානගේ
කෙම සුපිරියටම උගන්නන ගුරුවරයෙක්. ගොඩක් දෙවල් උගන්නනවා. මට නම් කේ සිරි සර්ගේ ඉගැන්වීමයි පින්නපොල සර්ගේ ඉගැන්වීමයි දෙකම එකම විදියට පෙනුනේ. කෙම අකුරක්වත් බැරි එකෙක් වුනත් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා ලෙසටම. කේසිරි සර් නම් ගොඩක්ම විෂය කරුණු කරනවා. අදාල වේවා නොවේවා වුනත් කරනවා වැඩි හොඳට![]()




sira me 2 





