පාකින්සන් හොද කරන්න පුලුවන්ද?

techhelpme

Well-known member
  • Mar 20, 2019
    1,761
    2,539
    113
    සිංහල වෙදකමින් පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
    එහෙම හොද කරගත්තු අය ඉන්නවද?

    අපේ අම්මට අවුරුදු 7ක ඉදන් වගේ අත් දෙකම ගැහෙන ලෙඩක් තියෙනවා. ලාවට ඔලුවේ කැක්කුමක් වගෙත් එනවා. ඩොක්ටර් පාකින්සන් වලට තමා බෙහෙත් දීලා තියෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ උදේ හවස syndopa බොනවා.

    අපි ඉතින් ඒ බෙහෙත් බොනගමන සිංහල වෙද්දු දෙතුන් දෙනෙක් ගාවටත් අරන් ගියා. සමහරුන්ගේ බෙහෙත් වලට හරිගියේ නෑ. ලෙඩේ වැඩි වෙන්න ඇවිල්ලා නතරත් කළා. තවත් එක්කෙනෙක් බලලා කෙලින්ම කිවවා මේක හොද කරන්න බෑ කියලා.

    ඉතින් මට දැනගන්න ඕනේ ඇත්තටම එහෙම හොද කරගත්තු කවුරුහරි ඉන්නවද කියලා. එයාලගේ එක්පිරියන්ස් එක ගැන. නැත්තන් සිංහල වෙද්දු පස්සේ යන එක බොරු වැඩක් ද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    544
    349
    63
    සමහර වැඩ්ඩො ඉන්නවලු අංශභාගය එහෙම බොහෝ දුරට සනීප කරන. ඒත් 100%ක් නම් බැරිවෙයි.
     
    • Like
    Reactions: NRTG and techhelpme

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    6,851
    2,573
    113
    මම දන්නා තරමට 100% හොද කරන්න බෑ... ඉන්න ලෙවල් එකෙන් දරුණු ලෙවල් එකට යන එක කන්ට්‍රෝල් කරනවා වගේ දෙයක් තම කරන්න පුළුවන්...
     
    • Love
    • Like
    Reactions: NRTG and techhelpme

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,183
    6,863
    113
    නුවර පල්ලෙකැලේ ආයුර්වේද hospital එකේ specialist කෙනෙක් හම්බවෙලා බලන්න. මම දන්න කෙනෙක් බෙහෙත් ගන්නවා, තවම හැබැයි සති 2 ක් වගේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and techhelpme

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,833
    12,453
    113
    හැමිනේශන්
    මෙහෙමයි.. දන්න විදියටනම් ඕක 100%ක්ම හොද කරන්නනම් බෑ මචන්.. මගේ තාත්තටත් අවුරුදු 8ක ඉදන් විතර තියෙනව, මුල ඉදන්ම ඉන්ග්‍රීසි බෙහෙත් තමයි ගත්තෙ. පාලනය කරන එක විතරයි වෙන්නෙ. අවුරුද්දකට කලින් වැලිගම සිංහල ආයුර්වේද රෝහලේ මාස දෙකක් නවත්තගෙන හොද ට්‍රීට්මන්ට් එකක් කරා, ඒකටනම් මාරම හොද සනීපයක් ආවා අපේ තාත්තට.. බෙහෙත් ඔරුවෙ, කිරි නාවන සීන්, තෙල් ගාන සීන් අනම්මනම් සෑහෙන්න දේවල් ගොඩක් කරා එතනින්. කොල ජාති සෙට් එකක් දෙනව හොයන් එන්න කියල. ඒ ඔක්කොම පිලිවෙලට මං කරා.. යද්දි තිබ්බ ගොඩක් ඇගේ වේදනා එහෙම සෑහෙන්න දුරට සනීප වෙලයි ගෙදර ආවෙ. ඒත් ඉන්ග්‍රීසි බෙහෙත් තාම බොනව. ඒක නවත්තන්න බෑ.. සිංහල බෙහෙත් වලින්නම් ඒකට විසදුමක් හම්බ වෙන්නෙ නෑ..
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    647
    478
    63
    සිංහල වෙදකමින් පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
    එහෙම හොද කරගත්තු අය ඉන්නවද?

    අපේ අම්මට අවුරුදු 7ක ඉදන් වගේ අත් දෙකම ගැහෙන ලෙඩක් තියෙනවා. ලාවට ඔලුවේ කැක්කුමක් වගෙත් එනවා. ඩොක්ටර් පාකින්සන් වලට තමා බෙහෙත් දීලා තියෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ උදේ හවස syndopa බොනවා.

    අපි ඉතින් ඒ බෙහෙත් බොනගමන සිංහල වෙද්දු දෙතුන් දෙනෙක් ගාවටත් අරන් ගියා. සමහරුන්ගේ බෙහෙත් වලට හරිගියේ නෑ. ලෙඩේ වැඩි වෙන්න ඇවිල්ලා නතරත් කළා. තවත් එක්කෙනෙක් බලලා කෙලින්ම කිවවා මේක හොද කරන්න බෑ කියලා.

    ඉතින් මට දැනගන්න ඕනේ ඇත්තටම එහෙම හොද කරගත්තු කවුරුහරි ඉන්නවද කියලා. එයාලගේ එක්පිරියන්ස් එක ගැන. නැත්තන් සිංහල වෙද්දු පස්සේ යන එක බොරු වැඩක් ද?
    මචං අම්මට වයස කීයෙදි වගේද ඔය ලෙඩේ හැදුනෙ?

    මෙහෙමයි.. දන්න විදියටනම් ඕක 100%ක්ම හොද කරන්නනම් බෑ මචන්.. මගේ තාත්තටත් අවුරුදු 8ක ඉදන් විතර තියෙනව, මුල ඉදන්ම ඉන්ග්‍රීසි බෙහෙත් තමයි ගත්තෙ. පාලනය කරන එක විතරයි වෙන්නෙ. අවුරුද්දකට කලින් වැලිගම සිංහල ආයුර්වේද රෝහලේ මාස දෙකක් නවත්තගෙන හොද ට්‍රීට්මන්ට් එකක් කරා, ඒකටනම් මාරම හොද සනීපයක් ආවා අපේ තාත්තට.. බෙහෙත් ඔරුවෙ, කිරි නාවන සීන්, තෙල් ගාන සීන් අනම්මනම් සෑහෙන්න දේවල් ගොඩක් කරා එතනින්. කොල ජාති සෙට් එකක් දෙනව හොයන් එන්න කියල. ඒ ඔක්කොම පිලිවෙලට මං කරා.. යද්දි තිබ්බ ගොඩක් ඇගේ වේදනා එහෙම සෑහෙන්න දුරට සනීප වෙලයි ගෙදර ආවෙ. ඒත් ඉන්ග්‍රීසි බෙහෙත් තාම බොනව. ඒක නවත්තන්න බෑ.. සිංහල බෙහෙත් වලින්නම් ඒකට විසදුමක් හම්බ වෙන්නෙ නෑ..
    මචං, පාකින්සන්ස් බෙහෙත් වල side effect එකක් විදිහට memory losses, confusion වගේ එනවද?
    ------ Post added on Feb 19, 2024 at 4:09 PM
     
    • Like
    Reactions: techhelpme and NRTG

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,182
    808
    113
    මචං අම්මට වයස කීයෙදි වගේද ඔය ලෙඩේ හැදුනෙ?


    මචං, පාකින්සන්ස් බෙහෙත් වල side effect එකක් විදිහට memory losses, confusion වගේ එනවද?
    ------ Post added on Feb 19, 2024 at 4:09 PM
    ඔව් එනවා. එකට කියන්නේ පාකින්සන් ඩිමෙන්ෂියා.not a treatment side effect. කුස්වල වේදහාමුදුරුවෝ හොඳයි කියනවා. අරන් බලල හොඳනම් කියන්න
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,644
    2,840
    113
    ඕකට ඉංග්‍රීසි බෙහෙත් බොන කිසි කෙනෙක්ට සුව වෙලා නෑනේ බන්. හැමෝම කරන්නේ බෙහෙත් බිබී ඉන්න එක විතරනේ...... :confused:
     
    • Sad
    • Like
    Reactions: techhelpme and NRTG

    erandak

    Active member
  • Jan 3, 2007
    99
    106
    33
    පාලනය කරන්න විතරයි පුලුවන්. හ‌ොද කරන්න තාම බහෙතක් හ‌ොයාගන නෑ. Levodopa and Carbidopa පතෙි වලින් තමා පාලනය ව‌ෙන්න‌ෙ
     
    • Like
    Reactions: techhelpme and NRTG