පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඔය ලිස්ට් එකේ යටට දැනට ලැබුන ටිකත් දාන්න. .
    එතකොට අදහසක් ගන්න ලේසි වෙයි. . නැත්තන් එකපාර බලන කෙනෙක්ට අදහසක් ගන්න අමාරුයි. .

    :yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 250
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
    6. කටර් 200
    7. පැන්සල් 1200

    10. මකන 200
    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    13. ඩිමයි පාට 60
    14. ඩිමයි සුදු 60
    15. වාර්නිශ් කොල 60
    16. ගම් බොතල් ලොකු 10
    17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
    18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
    19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
    20. ස්ටෙපල්+ කටු 5



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
    BUMP
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    --------Reminder----------
    දැනුම බෙදා දීම කියන්නේ පුදුමාකාර පිනක්.උබලා දැකලා තියනවද ලොකු සල්ලිකාර පවුල් වල ඉගනගන්න බැරි දරුවෝ.ඒ මොකද පෙර ආත්ම වල හැමදේම දැන් දීල ඒවගේ විපාක විදිහට හැම සැප සම්පතක්ම ලැබිලා. හැබැයි පෙර ආත්ම වල දැනුම බෙදා දීලා නැහැ.ඉතින් මේ ආත්මේ හැමදේම ලැබුනත් ඉගනගන්න බැහැ.දැනුම පිහිටන්නේ නෑ.පිටරට වල විශ්ව විද්‍යාල නෙමෙයි කොයි ලෝකෙක යැව්වත් ඒ දරුවට බුද්දිය පිහිටන්නේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිපලේ තමයි අම්ම තාත්තාගෙන් ලොකු දේපල ප්‍රමාණයක් උරුම උනාට ඒක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ.අම්ම තාත්තා නැතිකලෙක අර දේපල එක්කෝ අනිත් සහෝදරයෝ අරගන්නවා,නැතිනම් පිට එඋන් අරගන්නවා.අර දරුවා මහපාරේ.ඉතින් මේවා දකිද්දී අපි කල්පනාවට ගන්න ඕනේ මොකක්ක්ද. මොන අනෙකුත් පින් කම් කලත් දාන මාන වස්තුව දේපල දන් දුන්නත් ඒවගේ විපාක විදිහට මතු බවයේ දේවල් ලැබුනත් ඒවා මතු බවයේදී ආරක්ෂා කරගන්න නම් මේ බවයේදී දැනුම දැන් දීලා ඒ කුසලයත් සිදු කරගන්න ඕනේ.

    ඒවගේම තව දෙයක් ඔයාලා දැකල ඇති දුප්පත් පවුල් වල හොදට ඉගෙන ගන්න පුළුවන් බුද්දිය පිහිටපු දරුවෝ.ඇයි මේ පෙර බවයේ කිසිම දෙයක් දැන් නුදුන්නත් දැනුම බෙදල දීලා තියනවා. එම නිසාම උපතින් මව් පිය උරුමයෙන් දෙයක් නොලැබුනත් ඔහුට උරුමකරන් අපු දැනුම බුද්දිය නිසා යම් දවසක ජිවිතේ ලෞකික වශයෙන් දින ගන්නවා. මම මේ අත කඩාගෙන ලියපු ටික උබල තේරුම් අරන් අද පටන් දැනුම දැන් දෙන්න ක්‍රියා කලොත් මේක ලියපු මටත් කියවපු උබලටත් කුසල් රැස් වෙන එක නවතන්න මාරයටත් බැහැ.

    :yes::yes::yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    යාලුවනෙ.....

    අපි එදාට පොඩි ළමයින්ට දිවා ආහරය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද එකට සංවෙදි කතාවක් තියන නිසා....


    මෙ ළමුන් පාසල් එන්නෙ උදෙට කාලා නොවෙයි. එකට හෙතුව එයලට කන්න දෙන්න එ ගොලොන්න්ගෙ භාරකාරයන්ට නොහැකි විම නිසා.

    සාමන්‍යයෙන් දවසකට වෙල් 2ක් පමනයි ඔවුන් ආහර ගන්නෙ. පොඩ්ඩක් හිතන්න යාලුවනෙ... මෙ මල් කැකුලු වගෙ ඉන පොඩි උන් හරියට බඩට නොකා ඉගෙන ගන්නෙ කොහොමද කියලා....


    තව හෙතුවක් තමයි මෙ පාසලෙ ළමයින්ගෙන් වැඩි ප්‍රමානයක අම්මා හො තාත්තා හො ඒ දෙන්නම ඉන්නෙ මත් කුඩු නිසා හිරෙ. එයාල ඉන්නෙ අච්චි හො සියා හො නැදැ ගෙදරක.

    ලොකු අයගෙ වැරදි වලට අහින්සක පොඩි ළමයින්ට තමා වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.

    අපි යන දවසටවත් එ ළමයින්ට දිවා ආහරය දෙන්න බලාපොරොත්තු වෙන්නෙ අන්න එ කාරනය නිසයි.

    අපි ගත්ත එ තිරනයට ඔයාලා එකග වෙයි කියලා හිතනවා.

    එදාට දිවා ආහරයට දෙන්න පුලුවන් මොනවද කියලත් අදහසක් දෙන්න....


    දැනට හිතුවෙ,
    1. කෙක් කැල්ලක්
    2. මාළු පාන් එකක් සහ
    3. කිරි පැකට් එකක්



    අපිට එවා සපයන්න පුලුවන් අය ඉන්නවනම් pm එකකින් හො කමෙන්ට් එකකින් අපව දැනුවත් කරන්න...




    attachment.php
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාළු පාන් එක වෙනුවට රෝල්ස් එකක් දෙන්න. පොඩි උන් ආස ඒවට

    මට එකවුන්ට් නම්බර එකක් පීඑම් කරන්න
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් බැන්කුගත කලා අද.බලන්ට ආවද කියල :):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මාළු පාන් එක වෙනුවට රෝල්ස් එකක් දෙන්න. පොඩි උන් ආස ඒවට

    මට එකවුන්ට් නම්බර එකක් පීඑම් කරන්න

    ළමයි කීයක් විතර ඉන්නවද බං..
    පුලුවන් නම් වෙනුවට නැතුව මාලු පාන් ගෙඩියටම රෝල් එකකුත් එකතු කරන්න පොඩි ට්‍රයි එකක් දෙමුකො..
    මමත් පොඩි සපෝට් එකක් දෙන්න බලන්නම්..
    :)

     
    Last edited: