මේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.