මාර වැඩක් ඊයෙ උනේ

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
    ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
    මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    උඹ රජවෙන්න යන්නෙ.
    අද හෙට මඟුල් කඩුවයි, ඔටුන්නයි, ඉතිරි අඩුම කුඩුමයි අරගෙන ඇමති මණ්ඩලේ පෙරහැරෙන් ගෙදරට එයි.

    ඇමති මණ්ඩලේ අයට කොවිඩ් හින්ද මඟුල් කඩුව කුරියර් කරල ගෙදරට එවන්නත් ඉඩ තියෙනව. ගෙදර අයට අවධානෙන් ඉන්න කියන්න. නැත්තං කුරියර් සර්විස් එකේ එකා අල්ලපු ගෙදර එකාට බඩු ටික දීල යයි.
    එහෙම උනොත් උඹේ චාන්ස් එක අහක ඉන්න එකෙක්ට යනව..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඕක ලකුණක් මචං .
    උබට රාජ යෝගයක් තියෙනවා .
    කේන්දරෙත් පොඩ්ඩක් බලල චන්දෙ ඉල්ලාපන් .
    නැත්තන් මහන වෙයන් .
    හැබැයි හොද පන්සලක මහන වෙන්න ඕන නැත්තන් ප්‍රතිපලයක් නැහැ .
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඌ උබට වැන්ද ලබ්බක් නෑ.
    ඌ වදින්න ඇත්තේ ජය ශ්‍රී මහා බෝධිය පැත්තට හරි, දළදා මාලිගාව පැත්තට හරි වෙන්න ඇති.
    අදත් ගිහින් ඌ එද්දී වෙන තැනක ඉදල verify කර ගනින්.
    අදත් වැන්දොත් උබ ගොඩ.
    හෙට ඉදන් ගමේ ඉන්න බයියෝ සෙට් එක එනවා උබට දන් පැන් අරගෙන උබව නමස්කාර කරන්න.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ පැත්තෙ ලොකු රජමහා විහාරයක් තියෙනවා ලංකාවෙම ප්‍රසිද්ධ. අපේ ගමේ පන්සල නෙවෙයි. ටිකක් දුරින්. මම ඊයෙ හවස නිකමට එහෙට ගියා. බුදුන් වැඳලා එලියෙ තියන ගල්වැටියක් උඩ වාඩිවෙලා හිටියා. ටිකවෙලාවකින් ඒ පන්සලේ ඇතා ආවා බුදුන් වදින්න. බුදුන් වදිනවා කීවට ඇත්ගොව්වා ඌව එතනට ගෙනාවාම රොඩ්නි අල්ලගෙන ආපු මල්ටික තියලා ඌ බුදුකුටිය ඉස්සරහා දණගහලා වදිනවා.
    ඊයෙත් මූ වෙනදා වගේම ඇවිත් බුදුන් වැන්දා. පස්සෙ මූ මගෙ පැත්තට ආවා . මන්පාර අයිනෙ හිටිය හන්දා මට බයක් දැනුනෙත් නෑ. ඊට පස්සෙ මූ මන් ඉස්සරහට ඇවිත් නැවතිලා මගෙ පැත්ත හැරිලා අර විදියටම දනගහලා හොඩේ නවලා මට වැන්දා.එතන අවට හිටිය මිනිස්සුත් පුදුම උනා ඒක දැකලා. ඒක දැකලා ආච්චි කෙනෙකුත් අත් දෙක උඩට කරන් වැදගෙන හයියෙන් සාදු සාදු කීවා. මට හිතාගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා. මන් එහෙම්මම ශේප් එකේ මාරු උනා.
    මන් මීට කලින් කවදාවත් උගෙ ලගට ගිහිනුත් නෑ කෑමක් දීලා වත් නෑ.
    ලඟදිම ඔයාගේ ගමේ නමින් හාමුදුරුනමක් ශාසනයට එකතු වෙයි :D
     
    • Haha
    Reactions: johnyh and PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    ඕක ලකුණක් මචං .
    උබට රාජ යෝගයක් තියෙනවා .
    කේන්දරෙත් පොඩ්ඩක් බලල චන්දෙ ඉල්ලාපන් .
    නැත්තන් මහන වෙයන් .
    හැබැයි හොද පන්සලක මහන වෙන්න ඕන නැත්තන් ප්‍රතිපලයක් නැහැ .

    na sirwataama mkak hri hoda suba seen ekakta thama bn ohoma wenne bn
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අනාගත රජකම බලාගෙන ඉන්න කුමාරවරුන්ට එහෙම ඔය සීන් එක ආරංචි වෙන්න දෙන්න එපා පු‍තෝ... අනිවා උඹව උස්සනව...