රත්තරන්ගේ හිනා කතා

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    තැඹිලි

    විමල් තැඹිලි ගසක් පෙන්වා අමල්ගෙන් මෙසේ ඇසීය.

    විමල්: පුලුවන් නම් කියපන් අර ගහේ තැඹිලි වලට මොකද උනේ?
    අමල්: ෂුවර් එකටම හොරු කඩාගෙන යන්න ඇති.
    විමල්: නෑ යකෝ..ඒව ඔක්කොම පොල් වුනා.
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    තුනපහ

    ඕපවතීගේ හෝම්වර්ක් පරික්ශා කල ගුරුතුමිය මෙසේ ඇසීය.

    ගුරුතුමිය: ඕපවතී..මොකද මේ ගනන් වල තුනයි පහයි නැත්තෙ?
    ඕපවතී: මාත් ෆුල් ට්‍රයි එකක් දුන්න ටීචර් තුනපහ පොතට දාන්න.ඒත් කොහෙද.අපේ අම්මා ඒවා ඊට කලින් හොද්දට දැම්මනේ.
     
    • Like
    Reactions: maxi boy

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    බීමත් සැමියන්ට එරෙහිව බිරින්දන්ගේ පන්දු යැවීම.

    01: ඔය බීම දැන්වත් නතර කරන්නකො රත්තරන් (දග පන්දු):D
    02:මේ...ඔයාගෙ ඔය බොන එක නම් නතරකරගන්න (මද වේග පන්දු):nerd:
    03: ඕයි...තමුසෙගෙ ඔය බීම නවත්තනවා හොද හිතින් (වේග පන්දු):frown:
    04: හුහ්....තොගෙ ඔය බීම නතර කලේ නැත්තන් මම තෝව මකෝනවා..(බවුන්සර්):growl:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    දඩුවම

    රාණි: දවසක් ඉස්කෝලෙදි මගෙ අතින් අල්ලපු කොල්ලෙක්ට මම හොද දඩුවමක් දුන්නා.
    සුමනා: මොකද්ද බං ඒ?
    රාණි: මම ඌව කසාද බැන්දා.
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    දිවුරුම
    සිරිපාල බිරිදගෙන් ගුටි කා සිටිනු දුටු ගුනපාල මෙසේ ඇසීය.

    ගුනපාල: මොකද බං වුනේ?
    සිරිපාල: නෑ බං..මම ඊයෙ රෑ බීලා ගෙදර ගිහිලල ආයෙ බොන්නෙ නෑ කියල ගෑනිගෙ ඔලුවෙ අත තියල දිවුරුව
    ගුනපාල: ඉතිං බං උඹ දිවුරනකොටත් ගහපු එක වැරදියිනෙ.
    සිරිපාල: මාර වැඩේනෙ බං... මම වෙරිමරගාතෙ දිවුරල තියෙන්නෙ අල්ලපු ගෙදර ගෑනිගෙ ඔලුවෙ අත තියලනෙ.



     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    පිහිනිල්ල

    පෙම්වතා: මට හිතෙනව ඩාලිං ඔයාව කරේ තියන් ලෝකෙ වටේ පිහිනන්න.
    පෙම්වතී: පිස්සුද අනේ....මගෙ හස්බන්ඩ් වැඩ කරන්නෙ නැවක. එයා දැක්කොතින් විනාසයි.
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    වෙලාව බැලීම

    කුඹුරේ වැඩ කරමින් සිටි පියා පුතාට මෙසේ කීය.

    පියා: ගිහින් වෙලාව කීයද කියලා බලල වරෙන්.
    පුතා: මම වෙලාව බලන්න දන්නෙ නෑනෙ තාත්තෙ.
    පියා: එහෙනම් ඔරලෝසුවෙ පොඩි කට්ටයි ලොකු කට්ටයි තියෙන්නෙ කොයි පැත්තෙද කියලා බලාගෙන වරෙන්කො.

    ගෙදර ගිය පුතා නැවත පැමින මෙසේ කීවේය.

    " තාත්තෙ..පොඩි කට්ට වෙල පැත්තෙ.ලොකු කට්ට ඇල පැත්තෙ."