You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තැඹිලි
විමල් තැඹිලි ගසක් පෙන්වා අමල්ගෙන් මෙසේ ඇසීය.
විමල්: පුලුවන් නම් කියපන් අර ගහේ තැඹිලි වලට මොකද උනේ?
අමල්: ෂුවර් එකටම හොරු කඩාගෙන යන්න ඇති.
විමල්: නෑ යකෝ..ඒව ඔක්කොම පොල් වුනා.
තුනපහ
ඕපවතීගේ හෝම්වර්ක් පරික්ශා කල ගුරුතුමිය මෙසේ ඇසීය.
ගුරුතුමිය: ඕපවතී..මොකද මේ ගනන් වල තුනයි පහයි නැත්තෙ?
ඕපවතී: මාත් ෆුල් ට්රයි එකක් දුන්න ටීචර් තුනපහ පොතට දාන්න.ඒත් කොහෙද.අපේ අම්මා ඒවා ඊට කලින් හොද්දට දැම්මනේ.
දඩුවම
රාණි: දවසක් ඉස්කෝලෙදි මගෙ අතින් අල්ලපු කොල්ලෙක්ට මම හොද දඩුවමක් දුන්නා.
සුමනා: මොකද්ද බං ඒ?
රාණි: මම ඌව කසාද බැන්දා.
දිවුරුම
සිරිපාල බිරිදගෙන් ගුටි කා සිටිනු දුටු ගුනපාල මෙසේ ඇසීය.
ගුනපාල: මොකද බං වුනේ?
සිරිපාල: නෑ බං..මම ඊයෙ රෑ බීලා ගෙදර ගිහිලල ආයෙ බොන්නෙ නෑ කියල ගෑනිගෙ ඔලුවෙ අත තියල දිවුරුව
ගුනපාල: ඉතිං බං උඹ දිවුරනකොටත් ගහපු එක වැරදියිනෙ.
සිරිපාල: මාර වැඩේනෙ බං... මම වෙරිමරගාතෙ දිවුරල තියෙන්නෙ අල්ලපු ගෙදර ගෑනිගෙ ඔලුවෙ අත තියලනෙ.
Hikz...

he he he


පිහිනිල්ල
පෙම්වතා: මට හිතෙනව ඩාලිං ඔයාව කරේ තියන් ලෝකෙ වටේ පිහිනන්න.
පෙම්වතී: පිස්සුද අනේ....මගෙ හස්බන්ඩ් වැඩ කරන්නෙ නැවක. එයා දැක්කොතින් විනාසයි.

ela katha tika
වෙලාව බැලීම
කුඹුරේ වැඩ කරමින් සිටි පියා පුතාට මෙසේ කීය.
පියා: ගිහින් වෙලාව කීයද කියලා බලල වරෙන්.
පුතා: මම වෙලාව බලන්න දන්නෙ නෑනෙ තාත්තෙ.
පියා: එහෙනම් ඔරලෝසුවෙ පොඩි කට්ටයි ලොකු කට්ටයි තියෙන්නෙ කොයි පැත්තෙද කියලා බලාගෙන වරෙන්කො.
ගෙදර ගිය පුතා නැවත පැමින මෙසේ කීවේය.
" තාත්තෙ..පොඩි කට්ට වෙල පැත්තෙ.ලොකු කට්ට ඇල පැත්තෙ."

haha!