ලෝන් ප්‍රශ්නයක්

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මගේ වෙඩින් එකට ලෝන් එකක් ගන්න ඉන්නෙ මන් ඒ එක්කම ගෙදර ඉතුරුවෙලා තියන බාගෙට බැදපු තාප්පෙයි ගේ ටයිල් කරන්නයි හිතාගෙන ඉන්නවා අවුරුදු 10කට ලක්ෂ 15 විතාර ගන්න ඉන්නෙ මට තියෙන ප්‍රශ්නෙ කෙල්ලට වාහනයක් ගන්නත් ඔනිලු එයා කියනවා වෙඩින් එක අරගෙන ඉතුරු වෙන එකෙන් වාහනයක් අරගෙන ඊට පස්සෙ ගේයි ඉතුරු වැඩ කරමුලු ඒඋනට මට හිතෙනවා වාහනයක් අරගෙන ඒකට යන වියදමත් එක්ක ගෙයි ඉතුරු වැඩ කරන්න බැරි වෙයි කියල මේකෙන් කොයිකද හොද නැත්නම් වෙඩින් එකට විතරක් ලෝන් එක ගන්න එකද
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    "වෙඩින් එක අරගෙන ඉතුරු වෙන එකෙන් වාහනයක් අරගෙන ඊට පස්සෙ ගේයි ඉතුරු වැඩ කරමුලු"

    මෙතැනදී "ඊට පස්සේ" කියන එකෙන් අදහස් වෙන්නේ ගන්න ලෝන් එක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ ලෝන් එකක් දාලා කියන එක.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,629
    14,809
    113
    Bro... general rule of thumb is you should have atleast 1/3 of the vehicle price as savings in an ideal scenario.
    Vaahana ganna epa ubata nadaththuwa amaru nam.
    Kella nam oka therum ganne nathi wei.
    Ganna vaahane chora wunath bandina kena chora wunath a 2ma eka samana siddi 2k. Prashna witharai anthimata.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සෑහෙන්න දිගට ඇදෙන thead එකක්

    ලෝන් එකක් නොගහ වෙඩිමේ වැඩ ටිකයි ගෙදර වැඩ ටිකයි කරගන්න බලන්න..
    වාහන පස්සේ ගන්න..

    ණය කාරයෙක් වෙන්න ප්ලෑන් ගහන්න එපා.. පසුතැවෙන්න වෙයි හදිසියේ හිරඋනොත් එහෙම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    උබේ ගැනි උබට හරියන් නැ ඉස්සලම කියන්න ඕනේ . ඔය පියරු බබී නිසා උබ හෙන පඹගාලක පැටලෙනවා මුල්‍යමය අතින් . සල්ලි නැත්තම් වෙඩින් ගන්න එපා , වෙඩිමට වඩා හැමදාම ඉන්න ගේ වැදගත් . කාර් එකක් අරන් මේන්ටේන් කරන්න සල්ලි නැත්තම් ඇයි කාර් ගන්නේ කාට පේන්නද , වාහනයක් ගනින් ඒ ගානට ස්ථාවර උනාම
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    උබේ ගැනි උබට හරියන් නැ ඉස්සලම කියන්න ඕනේ . ඔය පියරු බබී නිසා උබ හෙන පඹගාලක පැටලෙනවා මුල්‍යමය අතින් . සල්ලි නැත්තම් වෙඩින් ගන්න එපා , වෙඩිමට වඩා හැමදාම ඉන්න ගේ වැදගත් . කාර් එකක් අරන් මේන්ටේන් කරන්න සල්ලි නැත්තම් ඇයි කාර් ගන්නේ කාට පේන්නද , වාහනයක් ගනින් ඒ ගානට ස්ථාවර උනාම
    නෑ මන් බැලුවේ මගේ පඩියත් එක්ක කවදාවත් ගෙයි ඉතුරු වැඩ ටික කරන්න බෑ ලොන් එකක් නැතුව තව තව බඩු ගනන් යනවා අවුරුද්ද්දෙන් අවුරුද්ද ඒකයි
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Bro... general rule of thumb is you should have atleast 1/3 of the vehicle price as savings in an ideal scenario.
    Vaahana ganna epa ubata nadaththuwa amaru nam.
    Kella nam oka therum ganne nathi wei.
    Ganna vaahane chora wunath bandina kena chora wunath a 2ma eka samana siddi 2k. Prashna witharai anthimata.
    කෙල්ල කියනවා මගේ යි එයාගෙ
    දෙමාපියන් ඉන්න කාලෙ වාහන අරගෙන ඒගොල්ලන්ගෙම වාහනයක් ගියායි කියල සතුටු කරන් නැතිව පස්සෙ වාහන අරගෙන මොකටද කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    නෑ මන් බැලුවේ මගේ පඩියත් එක්ක කවදාවත් ගෙයි ඉතුරු වැඩ ටික කරන්න බෑ ලොන් එකක් නැතුව තව තව බඩු ගනන් යනවා අවුරුද්ද්දෙන් අවුරුද්ද ඒකයි
    ගේ වැඩට ලෝන් එක ගත්තට කමක් නෑ ඒක වත්කමක් . වෙඩින් එක කියන්නේ නම් අමු සෝබන වියදමක් . වත්කමක් වෙනුවෙන් ආයෝජනය කරන එකයි වියදමක් වෙනුවෙන් අයෝජනය කරන එකයි උබම හිතපන්. ඔය මගුලේ විඩියෝ එකවත් උබල ආයේ බලන් නෑ පලවෙනි අවුරුද්දේ එක එකාට පෙන්නුවට පස්සේ . පස්සේ වෙන්නේ උබ ගත්ත ණය ගෙවන්න උබට කන කට්ට හීනෙන් පේන එක . විඩියෝ එක වගේ .

    ලෝන් එක අරන් ගෙදර හදන්න හැබැයි ගෙවන්න පුලුවන් ගානක් ගන්න . පඩියෙන් 3/4 ලෝන් එකට දෙන ජාතියේ නුවණකාර වැඩ නම් කරන්න එපා ඊට වඩා ගේ වැඩේ අවුරුදු 10 හෙමීට අදින එක සැපයි. භාන්ඩ වල මිල වැඩිවීම සාපේක්ශයි එත් ලංකාවේ ඒම පඩි වැඩි වෙන්නේ නෑ එකක් අනික යන ලයින් එකට ග්‍රිසිය වගේ කුරිය ලයින් එකක් පේන්නේ ඒ කියන්නේ බංකොලොත් රටක්. ඒම උනාම නම් උබ කියන කතාව හරි ඉස්සරට මුකුත් කරන්න බෑ මේ අයියලා එක්ක .
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    වාහනයක් ගන්නවා කියන්නේ onetime payment එකක් නෙවෙයි. ඉන්ධන, නඩත්තුව, රක්ෂණය, අනතුරු වගේ දේවල් අවුරුදුපතා එනවා. වාහනයෙන් අදායම් මාර්ගයක් එනවානම් කමක් නැහැ. එහෙම නැතිව ඔයාගේ දැන් තියෙන ආර්ථික තත්වය එක්ක ගන්නවා කියන්නේ අඩුම තරමේ ඔය අවුරුදු 7-8ක් ආර්ථික වශයෙන් පිටිපස්සට ගියා වගේ වැඩක්. අනික ඉස්සරහට පොඩි එවුන් සෙට් උනාම වියදම තව වැඩි වෙනවා. මම ඔය තත්වයේ හිටියනම් දැන්ම වාහනයක් ගන්න තිතන්නේ නැහැ.

    උබට sure ද උබ හරි කෙල්ලව තොර ගෙන තියෙන්නේ කියලා?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බඳින එක ඉතින් ලස්සණට කරන එක ඕන එකෙක් ගේ, විශේෂයෙන් කෙල්ලකගේ ලොකුම ආසාවක් නේ, අනිත් ඒවා, ගෙවල් හැදිල්ල, වාහන ගැනිල්ල ඒ දෙකත් සෙට්ල් වෙලා ලස්සණට ඉන්න ආස ඕනෑම කොල්ලෙක්ට කෙල්ලකට තියෙන දෙයක්.

    මට ඉතින් කියන්න තියෙන්නේ පරිස්සමෙන් සල්ලි වියදම් කරන්න!

    ගෙදර හදන එකෙත්, වෙඩින් එකෙත්, වියදම් හොඳට හොයල බලල ඒ ඒ දේවල් වලට අවශ්‍ය වියදම හොයල ප්ලෑන් එකක් හදන්න, අන්තිම සතේට වියදම් බලන්න, ප්ලෑන් එකෙන් පිට මොකුත් කරනවා කියන්නේ ඔක්කොම අවුල් වෙලා සල්ලි මදි වෙන එක,

    ඉතින් වාහනේ ගන්නකොට හදීසි වෙලා ගන්න එපා, හොඳට හොයල බලල ගන්න, විකුණන වාහනේ ලෝකේ තියෙන අන්තිම වාහනේ නෙවේ.

    ගූඩ් ලක් මචෝ
     
    • Like
    Reactions: sha34 and NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    1.5 million walin Wedding ekai car ekai thappei thunama karanna nam amaru wei. oya ganata wedding ekai car ekai gaththath marutiyak thama ganna wenne . hodata hithala thirane karanna 10 years gewannath epai . kella job ekak kranwada?


    anyway Good Luck!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වාහනයක් ගන්න හදිස්සි වෙන්න එපා මචන් ඉස්සෙල්ලා ගෙදර හදාගෙන ඉන්න. ඉන්න තැන ගොඩක් වැදගත්. නැත්තම් කුලියට ඉන්න ගියොත් අපරාදේ ලොකු මුදලක් නැති වෙනවා. ගෙදර හිටියොත් ගෑනියි දෙමව්පියෝනුයි දෙන්නම නැති වෙනවා වලි නිසා. දැන් කාලේ ඕන තරම් ටැක්සි තියෙනවා හදිස්සියකට යන්න ඕන උනොත්.
    නමුත් මේවා ටික ඔයාගේ කෙල්ලටත් කියල කැමැති කරවා ගන්න. නැත්තම් ගෑනු හරි දක්ෂයි අඩුපාඩු වෙනකොට ආඩපාලි කියන්න..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වාහනයක් අරන් දුවන්නේ නැතුව ගේ ඇතුලේ තිබ්බත් ඒකට අනිවාර්යෙන් යන වියදම් කොටසක් තියනවා (ඉන්ෂුරන්ස්/ අදායම් බලපත.... ). ඉතින් ඒ වියදම්, වෙඩින්, ගෙවල් හැදිලි සේරම එකපාර කරන්න බෑ බන්. කෙල්ලට තේරුම් කරලා දීපන්. tv එකේ කතාවලින්, FB එකෙන් වාහන / ගෙවල් දැකල ඒවායේ හීන මවන ගොඩක් කෙල්ලෝ සැබෑ ලෝකේ යථාර්තය තේරුම් ගන්නේ නෑ. ඒවා ඉතින් සෙට් වුනොත් පුරුවේ කරුමයක් තමා.