෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මචන් මම මේ අහන කාරණය මේ ත්‍රෙඩ් එකට අදාළ නැත්නම් මට සමාවෙන්න. මෙතන ඉන්න ගුප්ත විෂයන් පිලිබඳ දැනුම තියන මහත්වරුන්ට කියන්න පුලුවන්ද කලින් වෙන්න තියන දේවල් හීනෙන් පේන්නේ මොකක් නිසාද කියල මේක මොනවහරි අමනුෂ්‍ය බලපෑමක්ද නැත්නම් ඒ පුද්ගලයාගේ තියන විශේෂත්වයක්ද නැත්නම් වෙනත් හේතුවක්ද? නිවැරදි පැහැදිලිකිරීමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
 
kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;18699434 said:
    අඩේ කොහොමෙයි ඉතින්...

    හොඳින් ඉන්නවා මචං.. උඹේ ජෝතිෂ්‍ය පන්තිය ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් 1 දැක්කා.. වැඩේ කොහොමද? නැගලා යනවද?

    භූත වැඩක් කරනවා බලන්න ආසයි බං.. කෝ අර සෙට් වෙලා තෙල් හිඳිමු කිව්ව හාදයාගෙන්වත් ආරංචියක් නෑනේ..
    :oo::oo::oo::oo:
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් මම මේ අහන කාරණය මේ ත්‍රෙඩ් එකට අදාළ නැත්නම් මට සමාවෙන්න. මෙතන ඉන්න ගුප්ත විෂයන් පිලිබඳ දැනුම තියන මහත්වරුන්ට කියන්න පුලුවන්ද කලින් වෙන්න තියන දේවල් හීනෙන් පේන්නේ මොකක් නිසාද කියල මේක මොනවහරි අමනුෂ්‍ය බලපෑමක්ද නැත්නම් ඒ පුද්ගලයාගේ තියන විශේෂත්වයක්ද නැත්නම් වෙනත් හේතුවක්ද? නිවැරදි පැහැදිලිකිරීමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    අඩේ මටත් පොඩ්ඩක් ඔය සීන් එක දැනගන්න ඕන.. මම සමහර වෙලාවට බාගෙට නින්දෙන් ඉන්නකොට එහෙමත් නැත්තං මුකුත් නොකර මුකුත් නොසිතා නිවාඩු පාඩුවේ උඩ බලං ඉන්නකොට චිත්‍රපටියක් වගේ රූප පෙළක් පේනවා.. :oo::oo::oo::oo:
    හැබැයි පෙනිලා ඉවර වුණායින් පස්සේ දැක්කේ මොකද්ද කියලා මතක නෑ පොඩ්ඩක්වත්.. :baffled::baffled::baffled::baffled::baffled:
    මාත් ඉතින් එව්වා සම්පූර්ණෙන්ම හිතෙන් අයින් කරලා ඉන්නවා.. ඔන්න එකපාරටම මොකක් හර අහඹු සිද්දියක් වෙනවා.. :eek::eek::eek::eek:
    සිද්දියේ භාගයක් විතර යද්දි නිකං හුරුපුරුදු ගතියක් දැනෙනවා.. ඊට පස්සේ මතක් වෙනවා.. අඩේ.. මේක මේ විදිහටම කලින් දැකලා තියනවනේ කියලා.. සම්පූර්ණ සිද්ධීයම.. ඒ විදිහටම.. :shocked::shocked::shocked::shocked:

    ඇයි බං එහෙම වෙන්නේ..? :eek::eek::eek::eek:
    දෙතුන් පාරක් නෙමෙයි.. මට මතක ඇති කාලේ ඉඳලාම මෙහෙමයි.. සිය දහස් ගාණක් දැකලා සැබෑ වෙලා තියනවා..
    :dull::dull::dull::dull:
     
    මම කියන්න කැමති නෑ මේක මට වෙන එකක්ද වෙන කෙනෙක් ගැනද මම අහන්නේ කියල. කොහොම වුනත් ඒ තත්වේ නම් මීට වඩා වෙනස්. එතැනදී පෙනුන හීනේ ගොඩක් වෙලාවට ඒ විදියටම මතක තියෙනවා. ඒ වගේම හීනෙන් පෙන්නේ වෙන්න යන දේ ඒ විදියටම නෙමේ හීනයක් ඇතුලත පේන එක දෙයක් විතරක් ගොඩක් වෙලාවට ඊට පස්සේ දවසෙ සිද්ද වෙනවා. මේකට මේ ගැන දැනුමක් තියන කෙනෙක් උනන්දුවක් දක්වල උත්තරයක් දුන්නොත් තව විශේෂ දෙයක් තියනවා කියන්න. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මේ සම්බන්දව දැනුම තියන කෙනෙක් පිළිතුරක් දෙනවනම් හරි වටිනවා. අහ ඒ වගේම මේ සහෝදරයට වගේ ඒ සිද්දියේ කෙනාට ඇහැරිලා ඉන්නවා වෙලාවට කිසිම රුප පෙළක් පේන තත්වයක් නෑ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මම මේ අහන කාරණය මේ ත්‍රෙඩ් එකට අදාළ නැත්නම් මට සමාවෙන්න. මෙතන ඉන්න ගුප්ත විෂයන් පිලිබඳ දැනුම තියන මහත්වරුන්ට කියන්න පුලුවන්ද කලින් වෙන්න තියන දේවල් හීනෙන් පේන්නේ මොකක් නිසාද කියල මේක මොනවහරි අමනුෂ්‍ය බලපෑමක්ද නැත්නම් ඒ පුද්ගලයාගේ තියන විශේෂත්වයක්ද නැත්නම් වෙනත් හේතුවක්ද? නිවැරදි පැහැදිලිකිරීමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    ඕකට කියන්නේ පුර්ව නිමිත්ත කියලා. මේ ඔය ගැන මම ලියපු ලිපියක් ඕක කියවන්න
    http://tharaka-eli.blogspot.com/2014/04/blog-post.html
     
    • Like
    Reactions: Bender

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොඳින් ඉන්නවා මචං.. උඹේ ජෝතිෂ්‍ය පන්තිය ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් 1 දැක්කා.. වැඩේ කොහොමද? නැගලා යනවද?

    භූත වැඩක් කරනවා බලන්න ආසයි බං.. කෝ අර සෙට් වෙලා තෙල් හිඳිමු කිව්ව හාදයාගෙන්වත් ආරංචියක් නෑනේ..
    :oo::oo::oo::oo:

    ඔව් මචං හොන්ඳීන් යනවා. ගෝලයෝ 4ක් ඉන්නවා 4 දෙනාම සිරා. ගොඩක් උනන්දුයි සබ්ජක්ට් එකට...

    දවසක මොනවහරි කරමු සෙට් වෙලා..
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    නැකැත් රාල;18702842 said:
    ඕකට කියන්නේ පුර්ව නිමිත්ත කියලා. මේ ඔය ගැන මම ලියපු ලිපියක් ඕක කියවන්න
    http://tharaka-eli.blogspot.com/2014/04/blog-post.html

    ගොඩක් ස්තුති මචන් ඒත් ඔය ලිපියේ වැඩි විස්තරයක් නෑනේ පුර්ව නිමිති හීන නිතරම පෙන්න හේතුව මොකද්ද කියල. මේක සාමාන්‍ය දෙයක්ද එහෙමත් නැත්නම් කිසියම් පිටස්තර බලපෑමකින් සිද්ද වෙනවද කියල දැනගන්න විදියක් නැද්ද. තව දෙයක් තියනවා මේ කෙනාගේ හීන ගැන ඒත් ඒ දේ මෙතන කියන්න සුදුසු නෑ කියල හිතෙනවා මොකද ඒක ටිකක් විශ්වාස කරන්න අමාරු වෙයි කියල හිතෙනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    Mehema deyak tiyenawa oya pirith kiyanakota pretayanta inna beri nisa gewal wala inna ayata karadara karala a then walin yanna salaswanawslu
    Matath hitenne meka tikak etta kiyala

    Hebet budun wedala gatha kiyana eka nam monath ne

    අමූලික බොරු. පිරිත් ගැන නොදන්න අය තමයි ඔය වගේ කතා කියන්නේ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    නැකැත් රාල;17215273 said:
    රොබාට මම කිව්වා මේකට සෙට් වෙන්න කියලා..
    කිඹුලෝ ඔය ගුප්ත විද්‍යාව කියලා බොරු කරන සෙට් එකක් ඉන්නවනේ. මම හිතුවා ඒ ගැන විඩියෝ එකක් කරන්න.. කොයි විදිහට කරන්නද කියල තමයි හිතාගන්න බැරි.. ඇඟිලි දෙකෙන් දෙහි කපන්න උතුරන තෙල් එකට අතදාන්න අතේ මිනි ඔලුව මවන්න සහ යන්තරේ ජීවමෙන් පද්දන්න වගේ ඒවා ටික කරන විදිහ කියල දෙන්න. සියල්ල මට කරන්න පුලුවන්. අයිඩියා එකක් දීපන්කො වීඩියෝ එක කරන්න...

    ade machan siraawatama karahanko video ekak... maath wede gena godak unandui... :eek:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් ගොඩක් කැමති පැත්තක්
    මේගැන දනුමනම් මගේ අඩුයි
    දිගටම කරගෙන යමු.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් ස්තුති මචන් ඒත් ඔය ලිපියේ වැඩි විස්තරයක් නෑනේ පුර්ව නිමිති හීන නිතරම පෙන්න හේතුව මොකද්ද කියල. මේක සාමාන්‍ය දෙයක්ද එහෙමත් නැත්නම් කිසියම් පිටස්තර බලපෑමකින් සිද්ද වෙනවද කියල දැනගන්න විදියක් නැද්ද. තව දෙයක් තියනවා මේ කෙනාගේ හීන ගැන ඒත් ඒ දේ මෙතන කියන්න සුදුසු නෑ කියල හිතෙනවා මොකද ඒක ටිකක් විශ්වාස කරන්න අමාරු වෙයි කියල හිතෙනවා.

    මචං උඹේ හඳහනේ චන්ද්‍රයා ස්වක්ෂේත්රද? 8 කේතු ඉන්නවද? ඔය දෙකෙන් එකක් තියන උන්ටත් ඔය සින් එක තියනවා.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;18702873 said:
    ඔව් මචං හොන්ඳීන් යනවා. ගෝලයෝ 4ක් ඉන්නවා 4 දෙනාම සිරා. ගොඩක් උනන්දුයි සබ්ජක්ට් එකට...

    දවසක මොනවහරි කරමු සෙට් වෙලා..

    එළ එළ මචං.. උඹ මොකක්හරි එක්සපෙරිමන්ට වැඩක් වගේ කරනවනං අපිටත් කියහන්.. මාත් අනිවා එනවා.. උදව්වක් දෙන්නයි.. දැකබලා ගන්නයි..:rolleyes::rolleyes::rolleyes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;18702842 said:
    ඕකට කියන්නේ පුර්ව නිමිත්ත කියලා. මේ ඔය ගැන මම ලියපු ලිපියක් ඕක කියවන්න
    http://tharaka-eli.blogspot.com/2014/04/blog-post.html

    අඩේ රාලේ මට පෙනෙන එව්වත් පූර්ව නිමිති ද එතකොට..?

    :confused::confused::confused::confused:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    නැකැත් රාල;18705464 said:
    මචං උඹේ හඳහනේ චන්ද්‍රයා ස්වක්ෂේත්රද? 8 කේතු ඉන්නවද? ඔය දෙකෙන් එකක් තියන උන්ටත් ඔය සින් එක තියනවා.

    රාහු නම් 8 නෙමේ අනිත් කාරණය මොකද්ද කියල තේරුමක් නෑ
     
    • Like
    Reactions: kasunacrox

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මම කියන්න කැමති නෑ මේක මට වෙන එකක්ද වෙන කෙනෙක් ගැනද මම අහන්නේ කියල. කොහොම වුනත් ඒ තත්වේ නම් මීට වඩා වෙනස්. එතැනදී පෙනුන හීනේ ගොඩක් වෙලාවට ඒ විදියටම මතක තියෙනවා. ඒ වගේම හීනෙන් පෙන්නේ වෙන්න යන දේ ඒ විදියටම නෙමේ හීනයක් ඇතුලත පේන එක දෙයක් විතරක් ගොඩක් වෙලාවට ඊට පස්සේ දවසෙ සිද්ද වෙනවා. මේකට මේ ගැන දැනුමක් තියන කෙනෙක් උනන්දුවක් දක්වල උත්තරයක් දුන්නොත් තව විශේෂ දෙයක් තියනවා කියන්න. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මේ සම්බන්දව දැනුම තියන කෙනෙක් පිළිතුරක් දෙනවනම් හරි වටිනවා. අහ ඒ වගේම මේ සහෝදරයට වගේ ඒ සිද්දියේ කෙනාට ඇහැරිලා ඉන්නවා වෙලාවට කිසිම රුප පෙළක් පේන තත්වයක් නෑ.

    උඹ මචං අහලා තියනවද? මනසේ ඇල්ෆා තත්ත්වය ගැන..?
    ඇල්ෆා අවස්ථාව කියන්නේ මචං මනස ගොඩක් සන්සුන් වෙලා සිතුවිලි මුකුත්ම නැති වගේ වෙලාවක් මගේ දැනුමේ හැටියට.. ඒ කියන්නේ අපි විශේෂ මුකුත් හිතන්නේ නෑ.. ඉබේ හිතෙන්නෙත් නෑ.. මනස නිකං හිස් වගේ.. එහෙම ඇස් පියාගත්තම රූප පේන්න ගන්නවා.. සමහර දේවල් කිසිම අදාලත්වයකුත් නැති දේවල්..
    මම උදාහරණයක් කියන්නං.. මම මචං අවුරුද්දට තෑගි එහෙම ගන්න ගියා කන්වෙන්ෂන් සෙන්ටර් 1ට.. කෑල්ලත් එක්ක ගියේ.. ඒකේ චීන පිඟන් බඩු කලාපයක් තිබ්බා.. බඩු විකුණන්න හිටියෙත් චීන්නු.. ඒක ඇතුලට ගියහම නිකං චීනේ ගියා වගේ තමයි හැම පැත්තෙන්ම.. ඔන්න මට එකපාරටම දැනෙනවා මේ පරිසරය හොදට හුරුයි වගේ.. කලින් කොහෙදි හරි දැකලා තියනවා වගේ කියලා.. හැම දෙයක්ම හැම සෙටප් එකක්ම අපි අඳන් හිටපු අඳුම් පවා.. ඊට පස්සේ මම කෑල්ලට පිඟන් කටු වලින් හදපු මාලයක් අරන් දුන්නා.. ඒකෙදි චීන්නු එක්ක වෙච්ච දෙබස් එහෙමත් මට හොඳට හුරුයි.. කලින් අහපු දෙයක් ආයි අහනවා වගේ.. වෙළෙන්දා අන්තිමට කියපු කතාව සහ එවෙලෙම එතනට ආපු චීන කාන්තාවක් අපි ගැන දීපු කමෙන්ට් එක ඇහුන විතරයි ඔන්න මට මතක් වෙනවා මම මේ සිද්ධිය මේ විදිහටම මාසෙකට විතර කලින් දැක්කනේ.. හැම දෙයක්ම හැම සිද්ධීයක්ම හැම වචනයක්ම ඒ විදිහටම.. එකකොට අර කලින් දැකපු හීනෙත් ආපහු මතක් වෙනවා..ඔන්න ඔය වගේ දෙයක්..
    හීනෙන් මම දැක්කේ කෑල්ලත් එක්ක චීනෙ ගිහින්.. බිල්ඩින් 1ක් ඇතුලේ.. ෂොපින් සෙන්ටර් එකක් වගේ.. දැපැත්තේ පොඩි පොඩි ස්ටෝල්ස් තියනවා.. අපි අත් අලලන් එව්වා බල බල යනවා.. ඊට පස්සේ මම පිඟන් කටු මාලයක් අරන් දෙනවා සහ ඒ ආශ්‍රිත දෙබස් තමයි..
    එදා හීනෙ දැකපු වෙලේ මම කල්පනා කෙරුවෙ කෑල්ල ඒකක චීනෙට ගිය සීන් 1ක්නේ මේක.. බඳින්නේ නැතුව දෙන්නට තනියම චීනෙ යන්න බෑනේ.. තාම බැඳලත් නෑනේ.. බඳින්න කල් තියනවනේ තව.. නිකන් හේතුවක් නැතුව පෙනිච්ච මනස්ගාතයක් වෙන්න ඇති.. බැන්දයින් පස්සේ අනිවා චීනේ යන්න ඕන කියලා හිතලා අමතක කරලා දැම්මා.. ඊට පස්සේ දවස් 1-2 යනකොට එහෙම එකක් දැක්කද කියලත් මතක නෑ.. ඇත්තටම උනායින් පස්සේ තමයි ආපහු හීනේ මතක් වෙන්නේ..
    බස් එකක ගිය වලියක් ගැන, කහ ඉරෙන් පාර මාරු වෙද්දි වෙච්ච සිදුවීම් කීපයක්, නෑදෑයො අපේ ගෙදර ආවම ඇති වෙච්ච සංවාද, අපි නෑයො බලන්න ගියාම වෙච්ච සංවාද, ඉස්කෝලෙදි, කැම්පස් එකේදී, ඔෆිස් එකේදි වගේම කෑල්ල එක්ක ඉන්න වෙලාවලදි සිද්ද වෙච්ච සමහර සිදුවීම් සහ දෙබස් ඒ විදිහටම දැකලා තියනවා කලින්.. හැබැයි ඒක කලින් දැක්ක කියලා මතක් වෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය උනායින් පස්සේ තමයි..
    :oo::oo::oo::oo::oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩේ රාලේ මට පෙනෙන එව්වත් පූර්ව නිමිති ද එතකොට..?

    :confused::confused::confused::confused:

    ඔයාට පෙන එකත් එහෙම වෙන්න පුළුවන්. ඕක කරදරයක් නම් කවුද ඥාතියා කියලා බලලා දානයක් මානයක් කරලා පිං අනුමෝදන් කරන්න..
     
    • Like
    Reactions: kasunacrox