෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහොමද කාටහරි වරමක් ලැබෙන්නේ? :nerd:

    එක එකාට එක එක විධි තියනවා. සමහරුන්ට කර්නමුන්ඩය එන්න පටන් ගන්නවා. ගොඩක්ම දකින්න ලැබෙන ලක්ෂණය බෙර හඬ සක් හඬ අහන්න අමාරු එක. එතකොට හඳහන බලලා තියන භාධකය අයින් කලාම වරම ආරම්භ වෙනවා ටිකෙන් ටික කියලා තමයි මම අහලා තියෙන්නේ. මට ඉතින් එහෙම වරමක් නැති නිසා මම අත්දැකීමෙන් දන්නේ නම් නැ.

    තවත් සමහරුන්ට ධර්ම දේවතාවා හෝ තමන් ආශ්‍රිතව ඉන්න පහල මට්ටමේ දෙවි කෙනෙක් හිතට එකපාර යම් යම් දේ දැනෙන්න සලස්වනවා. උදාහරණයකට හඳහනක් බලන කෙනෙක් ගමු හඳහන අතට ගත්ත ගමන් සමහරුන්ට හිතෙන්නවා මේ පුද්ගලයාගේ විවාහය අවුල් ඇති කියලා එතකොට එක මත පදනම්ව බලන්න ගත්තම පට පට ගාලා තියන සියලු පිහිටිඉම් පේනවා. අන්න ඒ වගේ.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අඩේ එහෙම නං මචං මොකක් හරි බරපතල සීන් 1ක් වෙන්න ඕන.. උඹ අහල තියනවද ඔය වරම් ලැබෙනවා කියලා සීන් 1ක්.. අන්න එහෙම එකක්ද දන්නේ නෑ..

    එහෙමද ? අනේ මන්ද බන්
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    විශ්වාස කරනව නම් කරපං මට ඕක ඔයිට වඩා හොදට වෙනව.හීනෙ ආයෙත් වෙනස් කරල දකින්නත් පුලුවන්.

    එහෙමද එහෙනම් උබේ ප්‍රශ්නෙටත් මෙතනිත් උත්තරයක් ලැබෙයි අද වෙන දේවල් කලින් හීනෙන් පේන සිද්දියත් වෙනවද?
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    එහෙමද එහෙනම් උබේ ප්‍රශ්නෙටත් මෙතනිත් උත්තරයක් ලැබෙයි අද වෙන දේවල් කලින් හීනෙන් පේන සිද්දියත් වෙනවද?

    ඔව් 4 පාරක් විතර දැක්ක එහෙම වෙන්න තියන ඒවා :) ලොකු විනාසයක් වෙන්න ගිහින් එකෙන් ගලවුනෙත් හීනෙ මතක් වෙලා
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔව් 4 පාරක් විතර දැක්ක එහෙම වෙන්න තියන ඒවා :) ලොකු විනාසයක් වෙන්න ගිහින් එකෙන් ගලවුනෙත් හීනෙ මතක් වෙලා

    :) දැනගත්ත එක හොදයි මේ හැකියාව තියන තව කට්ටිය ඉන්නවා කියල.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නැකැත් රාල;18702842 said:
    ඕකට කියන්නේ පුර්ව නිමිත්ත කියලා. මේ ඔය ගැන මම ලියපු ලිපියක් ඕක කියවන්න
    http://tharaka-eli.blogspot.com/2014/04/blog-post.html

    සහෝ අර හිතේ තියෙන ගැටලුවකට සිහිනෙන් පිළිතුරු ලැබීම මමත් අත් විඳලා තියෙනවා ඉස්සර. සැරයක් මගේ ඉස්කෝලෙ රිපෝට් කාඩ් එක නැතිවෙලා සුමාන ගානක් හෙව්වා හම්බවුනේ නෑ. දවසක් අඩ නින්දෙදි තමා මට ගැටලුවට පිළිතුරු ලැබුනේ. නින්දත් නොනින්දත් අතර වෙලාව. නිදි තමයි, නමුත් ඇහැරෙන්නත් පුලුවන්. තමන්ට හිතෙනවා දැන් ඇහැරෙමු කියලා. මම ඉතින් ක්ෂණිකව නැගිටලා බැලුවා. පෙනුනු තැනම තිබුනා. මම ඒ හීනෙ ආරම්භයක් දැක්කේ නැහැ. අවසානෙ තමයි දැන්ම නැගිටලා බලමු කියලා සිතට ආපු සිතුවිල්ල.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ නැකතගේ නූලක් අදනේ දැක්කේ :cool:

    Rep +++++++++++++++++
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17357053 said:
    ගොඩ දෙනෙක් කිව්ව කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න..

    ෴උවමනා දේ෴
    තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
    රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
    රත්මල් පොකුරු 5ක්
    කපුරු පෙති 5ක්
    රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
    තැඹිලි ගෙඩියක්
    කලු උක්ගස් කැබැල්ලක්
    බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
    පොල් ගෙඩියක්
    කහ දියර ස්වල්පයක්

    ෴පිලිවෙල෴
    මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න.
    පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
    මේක ඉතාම බලවත් දෙයක් සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කලහැකියි ඒ නිසා ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන්න. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    kataragama%2Bdeva%2Bkannalawwa.jpg


    Lankaven pita inna kenekuta meka kranna behe neda ?
     

    Anushka_100

    Member
    Mar 24, 2017
    2
    0
    0
    ප්‍රේමසම්බන්දතා නවතා දීම

    කව්රු හරි මට කියනවද ඔය පෙම් පලහිලව් නවත්තලා දාන කොඩිවින ගැන? ලඟදි දවසක මගේ වෙන්ඩ නැන්දම්මා එහෙම එකක් කරන්න යනවා කියල ආරංචියක් ආවා ඒකයි :oo: