ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
--
--
සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
පාලක පක්‍ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
"මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි."