ෂේප් එකක් දාගන්න තිබුනනේ.. දැන් කරන්න දෙයක් නෑ. සුදු ෂර්ට් එකක් ඇදල සපත්තු දාල වැදගත් විදිහට යමන්. මතක ඇතුව යාලුවෙක් එක්කගෙන පලයන් මොකද නඩුව අහල දදේ ගෙවල එනකන් උඹව දානවා කූඩුවට. උසාවි පටන් ගන්න විනාඩි 45 විතර කලින් පලයන්. ඔතන ඉන්නවා ලොයර්සල ඕනේ තරම්, එකෙක් අල්ලපන් උපරිම 2000 ඉල්ලයි. එකත් 1000 විතර අඩු කරගන්න පුළුවන් කතා කරල. උඹට දවසෙන් ලයිසම ගන්න පුළුවන් උඹ රජයේ සේවකයෙක් හෝ රියදුරු රැකියාවක් කරන කෙනෙක්නම්, හැබැයි පුතෝ එක ඔප්පු කරන්න id එකක් හෝ letter එකක් ඕනේ සහතික කරපු.
ඊට පස්සේ lawyer උඹේ දඩ කොලේ ඉල්ල ගනි. උසාවි පටන් ගන්න කලින් ඌ නඩු අංකෙ දාල දඩ කොලේ ආයෙ උඹේ අතට දෙනව. ඊට පස්සෙ උසාවිය පටන් ගත්තහම් බලාගෙන හිටපන් උඹේ නම කතා කරනකන්. උඹට මොකුත් කියන්න දෙයක් නෑ, නම කිව්වහම ගිහින් කොටුවට නැගපන්. 25000 ගහනව. document හරිනම් දඩ ගෙවල යන්න උඹව අල්ලපු පොලිසියට අදාල එතනට ඇවිත් ඉන්න එකාගෙන ලයිසම අරගෙන යන්න පුළුවන්. document මොකුත් නැත්නම් මාසයක් ලයිස්ම තහනම් කරනව. මාසෙකට පස්සේ ගිහින් මෝසමක් දාල ගන්න වෙන්නෙ.
දෙවැනි සැරේට මාට්ටු උනොත්නම් අනිවා මාස 3, හෝ 6 කට බඩු හම්බ වෙනව.