EGB ද, COKE ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    උබල දන්නවද අපේ රටේ කාලයක් ජනප්‍රියම පානය Elephanthouse ginger beer වෙලා තිබ්බ කියල...
    අපේ රටේ දිගටම ජනප්‍රිය පානය උනේ කොකා කෝල..ලෝකෙ අංක එක විදියට මෙහේ අංක එක වෙන එක ගේමක් නෑනේ..ඒත් එක කාලෙක කෝක් දෙකට බැස්ස..ඒ elephant house එකේ මාර්කටින් මැනේජර් කෙනෙක් අරං ගිය සුපිරි මාර්කටි කැම්පෙයින් එකක් නිසා.. ඉස්සර උබලට මතක ඇති නේ Ginger beer තිබ්බෙ අර මොරවක මෙඩිටෝ වගේ දූවීලි වැදිල අස්සවල් වල.. ඒව අරං දූවිලි පිහිදාල දෙන්නෙ..මොකද ඉස්සර මිනිස්සු Ginger beer බිව්වෙ බඩේ අමාරුවක් හැදුනොත් විතරයි..අර මාර්කටිං මැනේජර් ඔන්න ඔතන ටාර්ගට් කරල අලුත් වැඩක් කලා.. මතකද Ginger beer.. EGB උනා.. ඊලඟට EGB නැතුව කෑම එපා කියල.. එකක් රට වටේම ගියා.. උන් අරං බඩේ අමාරුවට බව්ව බීම එක ඇපටයිසර් එකක්.කලා.. ඒ කියන්නෙ කෑම රැචිය වැඩි කරන එකක් කියල හැදින්වුව..ඊලගට මිනිස්සු කඩේකට ගිහිං මොනව කෑවත් EGB එකක් එක්ක තමයි කෑවෙ.. ඔන්න ඔය වැඩෙන් කෝක් අංක දෙකට බැස්ස...
    කෝකුත් නිකං හිටියෙ නෑ.. උබල දන්නවද කොකා කෝල කියන බ්රැන්ඩ් නේම් එක. ඒ කියන්නෙ නම විතරක් ලංකාවේ දල දේශීය නිශ්පාදනය වගේ දාහත් ගුනයක්.. ඉතිං කෝක් ගේමට බැස්ස.. උං මුලින්ම කරල තියන බලු වැඩේ තමයි.. මුලු රටේම තිබ්බ දුබුරු පාට EGB බෝතල් ටික අරං ඇවිත් කුඩු කරල.. ඒත්.හරි.ගිහිං නෑ.. දෙවනි පාරත් කුඩු කරල..තුන් පාරක් එහෙම රට වටේ තිබ්බ දුඹුරු පාට EGB බෝතලේ කුඩු කරල.. අරුන් බෝතල් එකපාර හදන්න බෑ.. රී යූස් කර කර නෙ තිබ්බෙ.. උබලට මතකද හැම කඩේකම කොකාකෝල බෝඩ් එකක් තිබ්බ.. තව හැම කඩේම කොකාකෝල ෆ්‍රිජ් එකක් තිබ්බ.. මේ ඔක්කොම නිකං දුන්නෙ..අර ෆ්‍රිජ් එකට දාන්න පුලුවන් උන්ගෙ බොතල් විතරයි.. ඔන්න ඔහොම කරල.. අන්තිම අර Elephant house එකේ මාර්කටිං මැනේජර් වත් පට්ට ගානක් දීල කොකාකෝල කම්පැනියෙන් අරං.. කොහොම හරි.ආයෙත් පලවෙනි තැනට ඇවිල්ල..
    ඒත් අපිට සතුටු වෙන්න පුලුවන් අපේ රටේ කම්පැනි එකක් ලොකෙ යෝදයෙක්ව අතරමං කරන්න සමත් උනා..ඔන්න ඕව තමා මාර්කටිං .. :)


    -copied-


     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    ප්‍රධාන අවුල තමයි බන් ඔය 'Beer' කියන කැල්ල අයින් වෙලා EGB වුන එක.:lol:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,232
    113
    38
    @ katubedda
    වරුන් බ්‍රේවරේජ් දැන් බැහැගෙන යන්නෙ බන්. මම හොදටම දන්න නිසා කියන්නෙ..
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,691
    2,549
    113
    නිධානයක් උඩ
    අලියා බීම වල ක්‍රීම් සෝඩා එකත් අංක එක වුනා. ඒකට ගහන්න ෆැන්ටා එක ක්‍රීම් සෝඩා කළා. හැබැයි දැන් හුගක් සිසිල් බීම කොම්පැනි වැටිලා තියෙන්නේ සුගර් ටැක්ස් නිසා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    EGB මාකටින් කැම්පේන් එක ගැන නම් දැනන් හිටියා. හැබැයි Coca Cola එකෙන් දුන්න ගේම් එක ගැන නම් මම කලින් දැනන් හිටියෙ නෑ. :shocked:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    EGB මාකටින් කැම්පේන් එක ගැන නම් දැනන් හිටියා. හැබැයි Coca Cola එකෙන් දුන්න ගේම් එක ගැන නම් මම කලින් දැනන් හිටියෙ නෑ. :shocked:


    ඇත්තද දන්නෙත් නෑ ඔව්ව. චරිත දිසානයකගේ කතාලු :P