.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වන්නම් නටයි බෙරයෙන් තාලය අල්ලා....
    සෙල්ලම් කරයි ගස් වැල් ඉදහිට හොල්ලා....
    ලෙල්ලම් නොවී ආතල් ලොව ගෙනවිල්ලා...
    කොල්ලන් ඔහොමමයි ෆිට් එකෙ හිටපල්ලා :cool:
    11.gif
    අනිවා මචන් අපිනම් ෆිට් තම‍යි ඉතින්
    ආතල් එකේ ඉන්නව දැන් බමන මතින්
    නිවාඩු දින ලොකු වැඩකුත් නොමැති බැවින්
    ගලපා ලි‍යමු කවි පදවැල් ඒ විලසින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියට බිළිඳු මා වැනි ළඳරුවො දැකලා
    පණ වැනි කිවිය සුරැකින හැම සිත් බිඳිලා
    අවසන් ගමන් ගියොතින් මේ පද දැකලා
    මා කළ පවට එල්ලුම් ගස් නැත හැදිලා
    ඔ‍ය ති‍යෙන්නේ නි‍යමට කවි ගලපාලා
    ලි‍යමුකො දිගට ඔ‍ය ලෙසටම රසකරලා
    හිටි‍යෝතින් හැමදා බෑ බෑ කි‍යලා
    බෑම තම‍යි අ‍යි‍යේ ඵල නැත කි‍යලා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹේ නූලේ title එක හැරෙන්නට
    වෙනනම් කිසිම අවුලක් නෑ පෙනුනෙ මට
    title එකේ අවුලට පිලිතුරු දෙන්ට
    පොඩ්ඩක් ඉවසලා හිටපන් මේලෙසට



    එහෙනම් අයියේ ඒකට වෙන නමක් යොදා
    ඇදගෙන යමුද ත්‍රේඩ් දෙක කවි ටිකක් දමා
    ෆෝරම් දෙකක මේ ත්‍රේඩ් දෙක තියෙන නිසා
    අවුලක් වෙන්නේ නෑනේ තරගයක් නැතා......
     

    sithu_n

    Member
    Feb 22, 2008
    44
    1
    0
    අපිට සින්දු කවි කරන්න දෙයක් නැත
    අද කාලේ ගායකයොන් කරයි එය
    ඔන්න මලේ කියන්න බැරි උන් පමින
    කනව සබද රටේ මහරු සංගීතයම
    :sorry:

    මසුරන් දැමිය යුතු වේ සකි ඔබේ මුවට
    අමන නරි රැලක්රඟ දෙති සවන් සත
    දෙවියන් පවා පුදදෙන මියුලැසිය මත
    මාර පුතුන් අනුවන පහරති සැමත
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    onna mamath awai me nula hata
    eye re set unai wenath nulakata
    eke buwath meke kavi danakota
    kohoma balan innada meva mama

    welcome කිව්ව අයියේ ඔබ හට ඔන්න
    පස්සේ දැන ගත්තේ මේ නුලක් ගැන මෙමම
    මොකේ උනත් කවි කියනව නැති වෙන්න
    වස විස නැති කවි නම් රන් අගනේය....​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔ‍ය ති‍යෙන්නේ නි‍යමට කවි ගලපාලා
    ලි‍යමුකො දිගට ඔ‍ය ලෙසටම රසකරලා
    හිටි‍යෝතින් හැමදා බෑ බෑ කි‍යලා
    බෑම තම‍යි අ‍යි‍යේ ඵල නැත කි‍යලා

    අඹරන් අයිය බැරි වැඩ කරනා වේලේ
    මා නැති වුණේ පින හින්දයි ඒ කාලේ
    වත්මන දක්‍ෂයෝ නම් පටබඳිනා වේලේ
    ළිඳ වෙත බැ‍ඳෙන්නට මටනම් නැත ආලේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    onna mamath awai me nula hata
    eye re set unai wenath nulakata
    eke buwath meke kavi danakota
    kohoma balan innada meva mama
    රේඩි‍යෝවෙ පිස්සු කෙලින ජ‍යන්ත‍යා
    කවි ලි‍යන්න ඇවිත් ති‍යේ මේ ලෙසටා
    දිගටම ඇවිත් ලි‍යමුද කවි අනාත‍යා
    ඇදන් වරෙන් සැසාවවත් මේ දෙසටා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Repost බුවෝ පොඩ්ඩක් මේකත් බලපන්
    title එකේ අවුල කිව්වේ මේක මචන්
    එලකිරි‍යේ දුක්බර වූ අතීත‍යන්
    දැනගත්තට කිසිම පාඩුවක් නෑ බන්


    http://www.elakiri.com/forum/showthread.php?t=134913

    මොකක්ද අයියේ මේ ඔබ දුන් සීන් එක
    ලොකු ත්‍රේඩ් එකක් නේ සැහෙන්න හිට් උන
    මේකේ හිටපු ඩොලි අද පේන්නට නොමැති කල
    කියනවාද මට සීන් එක මම දන්නෑ මොනවත්ම....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඹරන් අයිය බැරි වැඩ කරනා වේලේ
    මා නැති වුණේ පින හින්දයි ඒ කාලේ
    වත්මන දක්‍ෂයෝ නම් පටබඳිනා වේලේ
    ළිඳ වෙත බැ‍ඳෙන්නට මටනම් නැත ආලේ

    කවි කියලා වත් ගෙන්නා ගන්නට බැරි උනු අයියා
    මෙන්න හොරෙන් අවිදින් මට නොකියාලා
    වැඩේ කැතයි අයියේ ඔබ නම් ගොබිලා
    තරහා නොගන් මම කීවේ විහිලුවටා....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඹරන් අයිය බැරි වැඩ කරනා වේලේ
    මා නැති වුණේ පින හින්දයි ඒ කාලේ
    වත්මන දක්‍ෂයෝ නම් පටබඳිනා වේලේ
    ළිඳ වෙත බැ‍ඳෙන්නට මටනම් නැත ආලේ
    දක්ෂ‍යො කිව්වේ අ‍යි‍යේ ඔබ අප හටද
    එහෙනම් ඒක මහ විහිලුවක් නොමවේද
    අපි මහ දක්ෂ‍යෝ වන්නේ කෙලෙසින්ද
    ‍යන්තම් මෙතන කවි‍යක් ලිවු හින්දදාද
    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රේඩි‍යෝවෙ පිස්සු කෙලින ජ‍යන්ත‍යා
    කවි ලි‍යන්න ඇවිත් ති‍යේ මේ ලෙසටා
    දිගටම ඇවිත් ලි‍යමුද කවි අනාත‍යා
    ඇදන් වරෙන් සැසාවවත් මේ දෙසටා

    onna ithin mage mala panagena enawa bola
    ada mama thowa adagena gos lin gatta wetha
    dama aninnema kakulen thoge pass wetha
    jabuk sadden linda pathulata watennata
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873523 said:
    මොකක්ද අයියේ මේ ඔබ දුන් සීන් එක
    ලොකු ත්‍රේඩ් එකක් නේ සැහෙන්න හිට් උන
    මේකේ හිටපු ඩොලි අද පේන්නට නොමැති කල
    කියනවාද මට සීන් එක මම දන්නෑ මොනවත්ම....​
    නිදහස් වෙලාවක එ‍ය කි‍යවා බලපන්
    ඒක දකිනකොට පට්ටම දුක‍යි මචන්
    Doly නංගි දැන් මේ ලොව හැරලා ගිහින්:(:(:(
    ඒක‍යි උඹට මම කිව් ඒ අවුල මචන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    onna ithin mage mala panagena enawa bola
    ada mama thowa adagena gos lin gatta wetha
    dama aninnema kakulen thoge pass wetha
    jabuk sadden linda pathulata watennata

    මොකද කියන්නේ අය්යේ ජයන්තයා
    දාමුද රෙක්ස් ගැට්ටෙන් පහලට ඇදලා
    ආයෙත් ගොඩ එන්නම බැරි වෙන ලෙසටා
    කොන්ක්‍රිට් දාලා වහමුද ලින් කට හනිකා....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිදහස් වෙලාවක එ‍ය කි‍යවා බලපන්
    ඒක දකිනකොට පට්ටම දුක‍යි මචන්
    Doly නංගි දැන් මේ ලොව හැරලා ගිහින්:(:(:(
    ඒක‍යි උඹට මම කිව් ඒ අවුල මචන්

    මම දන් නෑ අයියේ ඔය කිසිම දෙයක්
    සමා වෙයන් නන්ගියේ මට නැවත වරක්
    දෙවරක් නොහිත දැන්නම් මම කෙලෙසකවත්
    වහලා දානවා මගෙ එක හැකි විගසින්.....

    එහෙනම් අයියේ අපි මේ ලෙස කරමු
    මගේ කවි ටිකත් මේකට දමමු
    එකතු වෙලා මෙය ඉදිරියටම ගෙන දුවමු
    ඩොලි නැති අඩුව හැකිලෙස නැති කරමු..​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    onna ithin mage mala panagena enawa bola
    ada mama thowa adagena gos lin gatta wetha
    dama aninnema kakulen thoge pass wetha
    jabuk sadden linda pathulata watennata
    හැමදා ලිඳේ ඉන්නා මේ ජ‍යන්ත‍යා
    මාව දාන්නට එ‍යි ලිං ගැට්ට සො‍යා
    අනිත් එවුන් ලිං පතුලට දානු ති‍යා
    උඹ ගොඩ වරෙන් ලිං පතුලෙන් මුදුන සො‍යා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13873577 said:
    මොකද කියන්නේ අය්යේ ජයන්තයා
    දාමුද රෙක්ස් ගැට්ටෙන් පහලට ඇදලා
    ආයෙත් ගොඩ එන්නම බැරි වෙන ලෙසටා
    කොන්ක්‍රිට් දාලා වහමුද ලින් කට හනිකා....​
    මාව දාන්නට තොපි හිතුවා මදි‍ය
    Repost බුවෝ උඹවත් දානව ලිඳට
    හිටපන් පාඩුවේ බලාන උඹෙ වැඩ‍ය
    වැඩ වැරදෙ‍යි සෙට් වුනොතින් ජ‍යන්තට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොයුරනි මදක් මේ දෙස බලන්නේ
    අපි වෙන නූලකට මාරු වී ඇත්තේ
    මෙහි ඔබ කල කවි රස හිත් වල ඇත්තේ
    යට ඇති නූලෙන් දිගටම සෙට් වෙන්නේ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1444623

    මේ ලෙස මම දැම්ම අයියේ මගෙ නූලේ
    දැන් ඉතින් එය වහලා දමන්නේ
    බඩගිනි දැනේ දැන්නම් මට විගසින්නේ
    කාලා එන්නම් අයියේ මම එනතුරු නොම යන්නේ...​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාව දාන්නට තොපි හිතුවා මදි‍ය
    Repost බුවෝ උඹවත් දානව ලිඳට
    හිටපන් පාඩුවේ බලාන උඹෙ වැඩ‍ය
    වැඩ වැරදෙ‍යි සෙට් වුනොතින් ජ‍යන්තට



    එහෙනම් අයියේ දාමුද අපි ජයන්තයා
    කකුලෙන් උස්සලා ලිද ඇතුලට හනිකා
    ආයෙත් ගොඩට එන්නට බැරි එන ලෙසටා
    කොන්ක්‍රිට් දාමුද ගැට්ටට වහලා...​