Loan එකක් දාල ඉඩමක් ගන්න උපදෙස් ටිකක් ඕනේ...

qualcomm

Member
Sep 30, 2013
605
23
0
මෙහෙමෙ දේකුත් තියෙනවා.

බැන්කුවට ඔය විස්තර දුන්නහම ඒගොල්ලෝ තක්සේරු සමාගමකට පවරනවා තක්සේරුව කරන්න.
බැංකුවට ඕනා කරන්නේ අව්‍යාජ් වාර්තාවක්.

මගේ අත්දැකීම කියන්නම්.

මම ඉඩමක් සමග ගෙයක් ගත්තා බැංකු ණයක් යටතේ.

මම ගත්තේ ලක්ෂ 75 කට.
මම ලක්ෂ 55 ක ණයක් ගත්තා.

තක්සේරුවේදී ඉඩම සහ ගෙය ලක්ෂ 100 කට තක්සේරු කලා.
එතැනදී පාඩු වෙනවා මොකද මම තක්සේරු වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න වෙනවා.
මම බැංකුවට කිව්වා ගෙදර වටිනාකම අඩු කරන්න කියලා මොකද මම ගේ කඩනවා කියලා.
අනික මගේ වෙලාවට තියෙන ගෙදරට පාස් කරපු ප්ලෑනක් තිබ්බේ නැ.

ඒගොල්ලෝ පස්සේ ගෙදර වටිනාකම අයින් කරලා ලක්ෂ 20ක්. හැබැයි මම ගේ කැඩුවේ නෑ මගේ අදහස් වෙනස් කළා කියල ණය හම්බුනයින් පස්සේ.

තිබ්බ ගේ ම අලුත් කලා ලක්ෂ 8ක් විතර වියදම් කරලා.

මම ණය ගත්තේ කොමෙර්ෂල් බැංකුවෙන් 9.5% පොලියට.
අධ්‍යාපන සුදුසුකම් සහ වුර්තිය සලකලා බලලා "Professional Loan" එකක් හැටියට දුන්නේ .
අවශ්‍යනම් contact එක දෙන්නම්

macho mamath IESL member kenek.. enisa matath meka ganna puluwan wei neda
9.5% fixed rate da? floating rate da?
repayment period eka awurudu keeyada??
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    - ඉඩම ගන්න කලින් මොනවද හොයල බලන්න ඔනෙ දේවල්? (නඩු එහෙම තියෙන ඒව හොයාගන්න හැටී)

    ඉඩම ගන්න කලින් ඉඩමෙ පත්තිරු වාර්තාවක් ගන්න. අඩුම අවුරුදු 30ක වත් ගන්න..
    ඔප්පුව ලියාපදින්චිකල ලැන්ඩ් රෙජිස්ටර් එකෙන් ගත්තැකි...


    - මොනවද ඔන කරන ඩොකියුමන්ට්ස්?

    බැන්කුවකින් ලෝන් එකක් ගැනීමට නම්.....
    ඉඩම තමන්ගේ නමට තිබිය යුතුයි...
    වරිපනම් තමන්ගේ නමට තිබිය යුතුයි...
    මාසික ආදායම පෙන්විය යුතුයි...
    ඉඩමේ ප්ලැන රෙගිස්ටර් කර තිබිය යුතුයි...
    හිමිකම් සහතිකය ලබාගත යුතුයි..
    නොපැවරිමේ සහතිකය ලබාගත යුතුයි...
    වීති රේකා සහතිකය ලබාගත යුතුයි...
    වසර 30ක පත්තිරු ලබගතයුතුයි...


    - Loan එක ඉඩමෙ වටිනාකමින් කොච්චරක් වෙනකන් (%) දාන්න පුලුවන්ද?

    අපිට ඕන ඕන ගනන් දාලා තක්සේරු කරන්න බෑ...
    කලින් කියපු ලියකියවිලි ලැස්ති කරන් බැන්ක් එකේ ෆොරම් එක පුරවල දුන්නම තක්සේරු කරන්න බැන්ක් එකෙන් එනවා...
    ඒ තක්සේරු මුදල ලබාගත හැකියි.. නමුත් අදායමට වඩා වාරිකය වැඩිනම් සම්පුර්න තක්සේරුකල මුදලම ලැබෙන්නේ නෑ...
    මාසික ආදායම මාසික නය වාරිකයට සහ මාසික ජීවන වියදමට සමානවිය යුතුයි...
    උදාහරනයකට මාසික අදායම 60000 නම් වාරිකය 40000ක් වී මාසික ජීවන වියදම 20000ක් වුනාට ගැටලුවක් වෙන්නේ නෑ...


    - Loan එක පාස් වෙලා එනකන් ඉඩමෙ අයිතිකාරයට advance එකක් දීල රිසර්ව් කරගන්නෙ කොහොමද? ඇඩ්වාන්ස් දෙනකොට මොනවද ගන්න ඔන ලියකියවිලි (ඇඩ්වාන්ස් එක දුන්න කියල හදිස්සියෙවත් ඔප්පු කරන්න ඕන උනොත් පස්සේ)

    උඩ සදහන් කලේ අපිට අයිතිව ඇති ඉඩමකට ලෝන් එකක් ගැනීම සම්බන්දව..
    අත්තිකාරම් දෙනවනම් අනිවර්යෙන්ම ලෝයර් කෙනෙක් ඉදිරියේ ගිවිසුමක් සකසා අත්තිකාරම් දිය යුතුයි...
    ඉඩම අයිතිකරු ඔබට යම් මුදලක් අඩුවෙන් මාසෙකින් හෝ දෙක තුනකින් ගේවීමේ පොරොන්දුව මත ඔප්පු සකසා ලියාදෙනවනම්. ඔහු ඒ ගෙවිමට අදාල පොරොන්දු ප්‍රකාශයක් ලෝයර් කෙනෙක්ගෙන් සාදා ගත යුතුයි... ඔබ දිය යුතු මුදලට අදාලව මුද්දර ගාස්තු ලක්ශයකට 1000ක් වශයෙන් ඔබගේ මුදලින් ගෙවිය යුතුයි... ලක්ශ 10ක් පසුව දීමට පොරොන්දු වේ නම් 10000ක මුද්දර ගාස්තු ගෙවිය යුතුයි...



    ඔප්පුව ඔබවෙත ලියනවිට ඔප්පු ගාස්තු ඔබ ගෙවිය යුතුයි..
    ඔප්පුවේ දමන වටිනාකමෙන් 1% (සාදාරන ලෝයර් කෙනෙක්ගේ මුදල) ගෙවිය යුතුයි...
    ඔප්පුවේ වටිනාකමට සමානව මුද්දර ගාස්තු ගෙවිය යුතුයි..
    පලමු ලක්ශයට 2500ක් සහ අනෙකුත් වැඩිවෙන ලක්ශයකට 2000 බැගින් ගෙවිය යුතුවේ..
    උදාහරනයක් ලෙස ලක්ශ 10ක වටීනාකමක් ඇති දේපලකට ඔප්පුවක් සාදයි නම්, ලෝයර්ට 10000කුත් මුද්දර ගාස්තු 20500කුත් ගෙවිය යුතුයි...
    ඔප්පුවක් සැකසු පසු ලියාපදින්චි වී පැමිනීමට සති දෙකකට වැඩි කාලයක් ගතවේ.. මාස එකහමාරක් වුවද වියහැක.


    - Loan දාන්න හොඳම බැන්කුව? (NSB?)

    ගොඩක් බැන්කු හොදයි අවුලක් නෑ
    10+ Patta :cool:
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    macho mamath IESL member kenek.. enisa matath meka ganna puluwan wei neda
    9.5% fixed rate da? floating rate da?
    repayment period eka awurudu keeyada??

    9.5 fixed machan...
    10 yrs gewanna denne....
    profession eka ahanawa...
    un langa list ekak thiyenawa professions wala...
    mage profession eka thibbe naa un langa (ERP Specialist) passe office eken liyumak gaththa unge list eke consultant post ekata equal karala...


    Commercial Bank Ramanayake Mawatha branch ekata katha karanna 0112302141..
    eke manager lady kenek Ms.Thanusha kiyala....
    ethakota udaw karai...
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    apita housing loan ekak dala Land ekak ganna barida?
    Land eka 20 lak num apita hadanna inne house eke plan ekakuth ekkada loan ekata illanna wenne?