මචන් අපි ඊයේ පොඩි ෆන් එකක් ගන්න ගියා මාකෙලි ඇල්ලට.. ඉතින් මම මගේ Phone ඒකෙන් ගත්ත පොටෝ ටිකක් තමයි මේ.. පොඩි එඩිට් පාරකුත් දැම්ම... බලන්නකෝ කොහොමද කියල..
ගොඩක් ලස්සන ඇල්ලක් තමයි මාකෙලි අල්ල කියන්නේ.. ඇල්ල ළගනම් නාන්න බෑ මොකද එතන බිලි ගන්නවා.. නාන්න ඇල්ල උඩ තැනක් තියනවා. එතන නියමයි..
ඔයාලත් මතුගම පැත්තෙන් කොහේ හරි යනවනම් මතක ඇතිව මේ ඇල්ල බලල නාල යන්න.. මතුගම ඉඳල යනවනම් මතුගම අගලවත්ත පාරෙන් ගිහින්.. අගලවත්ත නගරයෙන් ලත්පඳුර පැත්තට යන්න.. ලත්පඳුර හන්දියෙන් මෝල්කාව හන්දියට යන්න එතන තියනවා බෝඩ් එකක් ගහල ඇල්ලට යන්න ඕන පැත්ත.. මෝල්කාව හන්දිය ළඟ ඉඳල ඇල්ලට ටික දුරයි..
මතක තියාගන්න ඕන ප්‍රදානම කාරණය තමයි අපි සොබාදහමේ සිරි නරබල විනෝද වෙනවා වගේම සොබාදහම රැකගන්නත් ඕන කියන එක.. ඒ හින්ද ඔයාල මේවගේ තැන් වල විනෝද වෙනකොට පරිසරය විනාශ වෙන විදියේ වැඩ කරන්න එපා.. 



මේවා බලල ඔයාලගේ අදහසුත් එක්කරල යන්න....


Last edited:

thawa thiyanawa mama dannam