මචන් මගේ ගාව තියෙන්නේ 125 ST එක.
ඒක ගැන තමයි කලින් කට්ටිය කියලා තියෙන්නේ.
එන්ජින් එකෙ න් සද්දයක් ආවා මචන් 3000km විතර දුවලා තියෙනකොට.සර්විස් 3කට සහ 10000km සර්විස් එකට කම්පැනි දාලවත් bajaj කාරයොන්ට හදලා දෙන්න බැරි උනා.කොටින්ම කියනවනම් ඕකුන් මොකවත්ම දන්නේ නෑ.අන්තිමට මම හරිඳු ගම්ලත් මල්ලි අදුනන අයියා කෙනෙක්ට පෙන්නලා හදාගත්තේ.
ක්ලච් හබ් එකේ තියෙන බුෂ් එකක ඇදයක් තිබුනේ.
පස්සේ වයිබ්රේට් වෙන කේස් එකක් තිබුනා එකත් කම්පැනි එවුන්ට හදලා දෙන්න බැරි උනා.
ඒක කාර්බ් එකයි ටැංකියයි සුද්ද කරලා ටියුන් කලාට පස්සේ හරි ගියා.
දැනට 20000km දුවලා තියෙන්නේ.අවුරුදු 1 හමාරක් වෙනවා.මොන සද්ද බද්ද ආවත් මේ වෙනකන් මග හිටින්න වෙලා නෑ.දවස ගානේ දුවනවා බයික් එක.
කරුමේ කියන්නේ මචන් මගේ එකේ අවුල හැර වෙන මම බලපු කිසිම 125ST එකක මේ අවුල් නැති එක.40000km දුවපු XY නම්බර් එකෙත් එන්ජින් සවුන්ඩ් එක සුපිරි.
ලෙඩ ටික හදන්න කලිනුත් මම ඇති තරම් දුර දුවලා තියෙනවා.(100km ට වැඩි)
එක දිගට නොනවත්වා 155km
එක දවසක් ඇතුලත 330-340km
105kmph ටෙස්ට් කරලා තියෙනවා ක්ලච් හබ් එක හැදුවට පස්සේ.
ඒ උනාට මගේ සාමාන්‍යයෙන් මම යන උපරිම වේගය 60kmph.
ඉන්දියන්නේ හදිසියකට නවත්තගන්න පුළුවන් වේගයකින් යන්න එපැයි.
හෑන්ඩ්ලින් නම් සුපිරි.බ්‍රේක් වරදකුත් නෑ.දුර යන්න කිසි අවුලකුත් නෑ.සුව පහසුව අතින් 135LS එකට වඩා හොදයි.
සර්විස් කාරයෝ ගැනනම් සත පහකට විස්වාස කරන්න එපා.
කම්පැනි නම් මලාට දාන්න එපා.අත්දැකීමෙන් කියන්නේ.ලග ඉදලා සර්විස් එක කරගන්න පුළුවන් තැනකින් කරගන්න .
මොන බයික් එක ගත්තත් ලෙඩක් එන්න තියෙනවානම් එක අනිවා එයි.මගේ එකත් ගද්දි කිසිම අවුලක් තිබ්බේ නෑනේ