L handle ekak abarune. But chrome vanadium eka awlak une naRatchet socket wrench eken allala nemeine abarune
L handle ekak abarune. But chrome vanadium eka awlak une naRatchet socket wrench eken allala nemeine abarune
මගෙනං තියෙන්නෙ 3/8" සෙට් එකක්... සාමාන්‍යයෙන් උපරිම 100nm කියල කියන්නෙ...
හැබැයි මගෙ තියෙන්නෙ චයිනීස් සෙට් එකක්. 60න් උඩටවත් ටෝක් එකක් දෙන්න තරම් රැචට් එක ශුවර් නෑ...
කොහොමටත් බ්‍රෑන්ඩඩ් වුනත් 70න් 80න් උඩට ටෝක් කරන්න රැචට් ගන්නෙ නෑ...
සුපිරිනෙ...
මගෙනං තියෙන්නෙ රු 6000ට ගත්ත, චයිනීස් සෙට් එකක්...
හැබැයි බරට වැඩ අරන් තියෙනව මේකෙන්...
Mage chinese ratchet eke ball eka penna dawasak lol: aye dagatta hebei.මගෙත් චයිනීස්, බ්‍රෑන්ඩ් එකකුත් ගහල තියෙනව මොකක්දෝ Liberty වගේ
කැඩුණෙ නං නෑ තාම
බෑ නේද මචං... 200ට අඩු යන්නෙ මතක විදිහට 150 වගේ... රැචට් එකට...Tools tika deepan yakadawalata..Owa glawana hi karana ekath ekthara andamaka pissuwak thamai.. Hadunoth honda karanna baa ithin
1/2 eka num tikak allana puluwan ne.. adu gane 300 Nm wath?
------ Post added on Jul 24, 2023 at 8:27 PM
මම දැකල තියෙන ගොඩක් රැචට් වල, උඩ බෝල පැනල වැල්ඩින් කරල තියෙන්නෙ...Mage chinese ratchet eke ball eka penna dawasak lol: aye dagatta hebei.
ape loku appachchi rata idan genawa tools box ekak tiyenawa eke badu thama ussan ene one unama
ඒකෙ මොකෝ අවුල...ඇයි බේක් පෑඩ් ?
ඕවනං දත් නැතිවෙන වැඩ....Apo owa nam kohomath garage ekakinma karaganna one ewa
Coil spring compressor ekak ehemath thiyenawada gedarama?
ක්‍රෑන්ක් පුලිය ගලවන්න ගැරේජ් වල අය,Suspension and Crank Pulley thamai oluwata enne.. wena num naa ne..
වෙන උන් brake හදුවහම තමයි බං sure නැත්තේ.. තමන්ම කරගන්න පුළුවන් ටික කර ගත්තාම හිතට හොඳයි. මේක ලොකු දෙයක් නෙවෙයිවැඩේ සුපිරියි... හැබැයි සාමාන්‍යයෙන් ඔයවගේ වැඩ කරන්නේ නැති අය නොකර ඉන්නවා නම් හොදයි මේක... මොකද බ්රේක් නේ... කොරන්න ගිහින් පොඩ්ඩක් මිස් උනොත් කොහෙ නවතීයිද දන්නේ නෑ...
Bmw model එක මොකක්ද?Nice write-up machan..
Thought I'll share a some extra details.
The caliper type above is called a 'Floating caliper'. Most of the time there`s only one piston (towards the inside of the car). There are two glide pins which helps the caliper to move and apply brake pressure from the outside pad as well.
Here`s a brake pad change I did over the weekend on my car.. This one is a "Fixed" type caliper. There are two pistons on both sides, the Caliper wont move.. "Fixed" type calipers are generally found on high performance brake applications (Brembo brakes etc... ).
This is also a very easy job, there are two pins holding the calipers in place, just need to punch the pins out to pull the pads out. Then new pads in, pins pushed in and we are done.
These are 345mm brake rotors in my car, so the rotor and pads are quite large.
![]()
![]()
![]()
Size difference of rear brake pads from a Honda CRV against those rear pads that i just replaced..
![]()
And also, if you want to change the brake rorots/disks as well, its generally just two bolts holding the caliper in place. Just remove the two bolts from the back and take the caliper out. Then can just pull the rotor out, replace with new rotor.
Can see the caliper taken out here in this picture (can see the two holes where the bolts go). This is a brake job for a front wheel drive car I did..
![]()
බෑ නේද මචං... 200ට අඩු යන්නෙ මතක විදිහට 150 වගේ... රැචට් එකට...
මගෙ සෙට් එකට බ්‍රෑන්ඩ් නේම් එකක්වත් නෑ ඉතිං...reasonable quality tool
මගෙ සෙට් එකට බ්‍රෑන්ඩ් නේම් එකක්වත් නෑ ඉතිං...
මේවයෙ හෙඩ් එක ප්ලේ වෙන විදිහට බරක් දෙන්න හිතෙන්නෙ නෑ...
ටික දවසකට කලින් වාහනේ බ්රේක් පෑඩ්ස් ටික මාරු කරල දැම්ම...
ඉතිං ඒ සම්බන්ධව,
පොඩි ටිප්ස් ටිකකුත් ඇතුලත් කරල නූලක් දිගඅරින්නයි මේ හදන්නෙ...
වීඩියෝ බලන්න අකමැති අයට මගේ පල් හෑල්ලකුත් එක්ක ෆොටෝ කෑලි ටිකක් තියෙනව,
ෆොටෝ බලන්න බැරි, @chirantha19890821 වගේ වයසක උන්දැලාට වීඩියෝ කෑල්ලකුත් තියෙනව...
මගෙනං අදහස,
ඔයාලට වාහනේ රෝදයක් ගලවල, ස්පෙයා වීල් එක දාගන්න හැකියාවක් තියෙන කෙනෙක්නං..,
මේ බ්රේක් පෑඩ් මාරු කරන වැඩෙත් තනියම කරගන්න පුලුවන් ජාතියෙ සරල වැඩක්...
මුලින්ම වාහනේ ජැක් කරල, රෝදෙ ගලව ගන්න...
ජැක් ස්ටෑන්ඩ් නැත්තං වාහනේ රෝද වලට ෆික්ස් වෙන්න අඩ තියල, ගලවපු රෝදෙ වාහනේ යටට දාන්න...
නැත්තං හදිස්සියෙ ජැක් එක ස්ලිප් වුනොත් ජැක් ස්ටෑන්ඩ් එකේ කර්තව්‍ය ඔයාට කරන්න වෙයි...
දැන් හිමිහිට බ්රේක් ෆෑඩ් එකට ඇහැ දාල බැලුවම,
අපිට බලාගන්න පුලුවන් මේක ගෙවිල තියෙන විදිහ...
ඔය පින්තූරෙ තියෙන මෙටල් පතුරුකෑල්ල තමයි බ්රේක් පෑඩ් වෙයා ඉන්ඩිකේටර්එක...
බ්රේක් පෑඩ් ගෙවුනම ඔය කෑල්ල බ්රේක් රොටර් එකේ ගෑවෙනව... එතකොට, බ්රේක් කරන වෙලාවට ගුත්තිලගෙ වීනා වාදනය වගේ කන්කලු නාදයක් එනව...
ඒකෙන් අපිට දැනගන්න පුලුවන් බ්රේක් ගෙවිල තියෙන්නෙ කියල...
ඔය කෑල්ලෙනුත් එහාට යන විදිහට පෑඩ් එක ඕනවට වඩා ගෙවිල තිබුණොත්, රොටර් එක ඩැමේජ් වෙලා ෆේස් කරන්න වෙන තත්වෙටම වැඩේ ඩල් වෙන්න පුලුවන්...
![]()
![]()
දැන් කැලිපරේ යට බෝල්ට් එක ගලවගන්න...
ගොඩක් වාහන වල 14mm බෝල්ට් එකක් තමයි එන්නෙ,
මේ ඇණේ ටිකක් තදයි.. ඒ නිසා ඕපන් රිංච් පාවිච්චි කරන්න එපා,
බොක්ස් ස්පැනර් හෝ රිං ටයිප් ස්පැනර් එකක් පාවිච්චි කරන්න...
("" ඒ කියන්නෙ මේ වගේ යතුරු වල කට ඇරුන පැත්ත නැතුව, මුද්ද වගේ තියෙන පැත්ත පාවිච්චි කරන්න... මේ චූටි ඉමෝජියෙ තියෙන්නෙ කම්බිනේශන් ස්පැනර් එකක්)
![]()
දැන් කැලිපර් එක උඩ පැත්තට උස්සගන්න පුලුවන්....
![]()
දැන් කැලිපර් ස්ප්‍රින්ස් දෙක,
සහ බ්රේක් පෑඩ් දෙක හිමිහිට ලොක් වලින් අයින්කරගන්න...
අලුත් පෑඩ් දාන්න කලින් අපිට, අලුත් පෑඩ්ස් වල ඝණකමට හරියන විදිහට බ්රේක් පිස්ටන් එක පස්සට තල්ලු කරන්න වෙනව....
මේක ඉස්කුරුප්පු නියනකින් ලිවර් කරල යවන්නත් පුලුවන්,,
හැබැයි බ්රේක් පිස්ටන් හෙඩ්, අත පය ඩැමේජ් කරගන්නෙ නැතුව ඒ වැඩේ කරන්න පුලුවන් සරල උපකරණයක් මම හදාගත්ත..
මේ වගේ පට්ටමකට පොටක් කපල, ඇණයක් දාගත්තම වැඩේ හරි පහසුයි...
මේ විදිහට කැලිපරේට අටෝල, ඇණේ තදකරනකොට පිස්ටන් එක ඇතුලට තදවෙනව.
![]()
![]()
පිස්ටන් එක පස්සට යනකොට, බ්රේක් ඔයිල් ලෙවල් එක වැඩිවෙනව... ඒක උතුරන්න එනවද කියල ඇහැ දාගෙන ඉන්න...
![]()
දැන් අලුත් බ්රේක් පෑඩ් දෙක ක්ලිප් වලට වැටෙන විදිහට, හරි පැත්ත බලල දාගන්න...
බ්රේක් පෑඩ් ස්ප්‍රින් තියානවනං ඒවත් බලල දාන්න... මේව එක එක වාහන වල එක එක විදිහට එන්න පුලුවන්. සමහර වාහන වල මෙහෙම ස්ප්‍රින් එන්නෙ නෑ... ස්ප්‍රන් එන වාහනයක්නං අනිවාර්යයෙන් බලල දාන්න...
![]()
මේ ස්ප්‍රින් ගොඩක් වෙලාවට කැඩිල තියෙන්න පුලුවන්. මොකද මේව රත් වෙනව, ෆැටිග්ෆේලියර් වෙන්න, ඉඩ කඩ වැඩියි... මක බාස්ල ගැලෙවුවම ඕව ආයෙ දාන්නෙ නැතුව තියෙන්නත් පුලුවන්...
මේ වාහනේ එක පැත්තක ස්ප්‍රින්ස් කැඩිල තිබුණ, මේ තියෙන්නෙ ඒ කැඩිල තිබුණ පැත්තෙයි, අනික් පැත්තෙ රෝදෙයි බ්රේක් පෑඩ් ගෙවිල තියෙන විදිහ... අඩුවෙන් ගෙවිල තියෙන්නෙ ස්ප්‍රින් තිබුණ පැත්තෙ පෑඩ් එක..
දැක්කනෙ වෙනස..
![]()
![]()
දැන් ඉතිං කැලිපර් එක හයි කරල, රෝදෙ හයිකරගත්තම වැඩේ අහවරයි... වාහනේ පාරට දාන්න කලින් රොටර් එක අතින් කරකවල බලන්න අවුලක් නැතුව කැරකෙනවද කියල...
බ්රේක් පැඩ්ල් එකත් දෙතුන් පාරක් පැඩ්ල් කරන්න... එතකොට තමයි ඔයිල් ප්‍රෙශර් වෙන්නෙ...
වැඩේ අහවරයි...
මෙන්න තියෙනව වීඩියෝව,
බලන්නකැමති අයට, මම මීට කලින් කරපු මැකනිකල් වැඩ...
https://elakiri.com/threads/වාහනේ-ඩිස්ට්‍රිබියුටරේ-ගලවමුද.2030805/
https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/
https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/
Ow danata mama karapu lokuma wade.. Front Axle eka galawala boot daapu eka.. Diff eken pannala.. Parana eka galawala regrease karala.. ayeth hi karaa. Hub bolt eka Impact wka tibba hinda lesi una.. naththun summa thamai..Apo owa nam kohomath garage ekakinma karaganna one ewa
Coil spring compressor ekak ehemath thiyenawada gedarama?
බොක්ස් සොකට් ගත්තම, ඩ්‍රයිවු සයිඩ් එක අනුව,@PHBhagya මචං ඔය rachet, wrench torque wrench, box කෑලි සෙට් කරන L හැඩේ එක .. මේවා ගැන පොඩ්ඩක් කියල දියන්කෝ.. පොඩි අවබෝධයක් තියනවා...
මේක..මේකද සෙට් එක
![]()
![]()
![]()
ඉතිං ඒ අදාල ටෝක් එක ටෝක් රින්ච් එකට දුන්නම,
ඒ ටෝක් එකෙන් එහාට රිංච් එක ස්ලිප් වෙනව, එහෙම නැත්තං "ටක්" ශබ්දයක් එනව, එහාමත් නැත්තං රිංච් එකේ මිටේ තියෙන පොඩි තිරේකින් ටෝක් එක ඩිස්ප්ලේ කරනව...
මේක..
https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i105612421.html
-
හම්මා... මරුනෙ.මං ගාව තියෙනව ඩීජිටල් ටෝක් රින්ච් ඇඩැප්ටර් එකක්
$25 වගේ මතක.හම්මා... මරුනෙ.
ගෙන්නුවද... කීයක් විතර වෙනවද ඕකක්..
ඒ වුනාට මරු මචං... බඩු තියෙනවනෙ...$25 වගේ මතක.
ගෙනාවත් හරි ඔයිල් නට් එකයි එයා ෆිල්ටර් බොක්ස් එකට එන හෝස් ක්ලිප් එකේ නට් එකයි විතරයි ටෝක් කරේ![]()
ඒකත් ඇත්ත හැබැයි ටෝක් රින්ච් කල් යනකොට කැලිබ්‍රේශන් වෙනස් වෙනව නේහ්? ඩිජිටල් ඒවගෙත් වෙනවද දන්නෑ.ඒ වුනාට මරු මචං... බඩු තියෙනවනෙ...
මටනං ටූල් කියන්නෙ ඉතිං රන් හා සමානයි...
බේක් ද බ්රේක් ද හරි?ඒකෙ මොකෝ අවුල...![]()
