1. Mr PERERA

    හත්තිකුඡ්ඡි~විහාරය

    හත්තිකුඡ්ඡි~විහාරය සිරිසඟ බෝ රජතුමා ගැන හැමෝම අහලා ඇති. ඇත්තටම සිරිසඟ බෝ රජතුමා හිස දන් දුන්නේ කොහේද? සමමර අය කියනවා අත්තනගල්ලේ විහාරයේ කියලා. තවත් සමහරු කියනවා අනුරාධපුරේ හත්තිකුඡ්ඡියේ කියලා. තවමත් ඇත්තටම මේ සිදුවීම වෙලා තියන්නේ කොහේද කියලා තහවුරු කරන සාධක නෑ. අද එලකිරි සංචාරකයා තුලින් මම...
  2. Mr PERERA

    කලූ~ගල

    මුලින්ම ස්තුතිවන්ත වෙනවා පුල්මුඩේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් කරපු හැමෝටම. එක පාරටම මාතෘකාව දැක්කාම කට්ටිය බලන්න ඇති මොකක්ද මේ කියලා. අද එලකිරි සංචාරකයා තුලින් ඔයාලාව එක්කන් යන්න හදන්නේ කළු ගල ආරන්‍ය සේනාසනයටයි. මේ සේනාසනය පිහිටලා තියෙන්නේ අගලවත්ත බදුරලියේ. සිංහරාජ වනපෙත් මායිමේ. මේ ගමන පහසු ගමනක්...
  3. Mr PERERA

    පුල්මුඩේ

    පොඩි කාලේ පරිසරය විශය ඔයාලාත් හදාරලා ඇති. ලංකාවේ සම්පත් ගැන චූටි කාලේ උගන්වනකොට ඛනිජ වැලි අඩංගු මුහුදු තීරයක් ලෙස ලංකාවේ නැගෙනහිර වෙරළ ගැන ඔයාලාට කියලා දීලා ඇති. පුල්මුඩේ කියන්නේ ලංකාවට ආර්ථික අතින් ඉමහත් වටිනාකමක් ඇති වෙරළ තීරයක්. එහෙම වෙලා තියෙන්නේ එහි ඇති මිල කල නොහැකි තරමේ වටිනා ඛනිජ වැලි...
  4. Mr PERERA

    kingdewi~ගේ~මතකයන්

    ඔයාලා කවුරුත් දන්නවා kingdewi ගැන. kingdewi කියන්නේ අපේ එලකිරි පවුලේ ඉන්න පැරණිම සාමාජිකයෙක්. ඕනෑම අවස්ථාවක එලකිරි එකේ කාටහරි උදවුවක් එහෙම ඕනෑ වෙච්ච වෙලාවට කිසි පැකිලීමක් නැතුව තමන්ට පුළුවන් උපරිමෙන් උදවු කරපු අපේම අයියා කෙනෙක්. kingdewi මගේ යාලුවෙක් උනේ අහම්බෙන්. මට ජීවිත කාලෙටම අමතක නොවෙන...
  5. Mr PERERA

    අංක~තහඩු~ගැන

    මීට කලින් RMV ගැන දාපු ත්‍රෙඩ් එක ඔයාලාට මතක ඇති. ඒ ත්‍රෙඩ් එකට ගොඩක් ප්‍රතිචාර තිබ්බා. ඒ හැමෝටම මුලින්ම ස්තුති කරන්න ඕනා. RMV එකට යන්න මිනිස්සු පෙළඹවෙන තවත් අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම සඳහා. වාහන ලියාපදිංචි කරන අය තමන්ගේ වාහන ලියාපදිංචි කරගන්නට යන්නේ නාරාහේන්පිට RMV එකටයි...
  6. Mr PERERA

    පුංචි~කතාවක්

    A giant ship engine failed. The ship's owners tried one expert after Another, but none of them could figure but how to fix the engine. Then they brought in an old man who had been fixing ships since he was a Young. He carried a large bag of tools with him, and when he arrived, he Immediately...
  7. Mr PERERA

    Rakwana

    සංචාරයට සුදුසු තවත් අපූරු ප්‍රදේශයක්. සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි රක්වාන පිහිටලා තියෙන්නේ. රක්වාන කදූ පන්තිය ගැන ඉස්කෝලේ අපිට උගනවලා තියනවා. මුහුදු මට්ටමින් මීටර 464ක් උසින් තමයි රක්වාන නගරය පිහිටලා තියෙන්නේ. සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන රක්වාන ප්‍රදේශයේ තෙන තෙන කුඩා දිය...
  8. Mr PERERA

    ගස්මයි~හොයන්නේ

    ගස්මයි~හොයන්නේ මාතෘකාව දැක්කාම කට්ටිය බැලුවද දන්නේ නෑ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. නුවරඑළියේ සංචාරයේ තවත් ලස්සන පින්තූර ටිකක් එලකිරි සංචාරකයා වෙනුවෙන් ඔයාලාට පෙන්නනයි මම හදන්නේ. මේ පාර මම පෝස්ට් කරන්න යන්නේ ගස්. ගස් වලත් අමුතුම ආට් එකක් තියනවා කියලා මට හිතුනේ නුවරඑළියේ ගියපු වෙලාවකයි...
  9. Mr PERERA

    ලංකාව~නොම්මර~01ට

    ලංකාව~නොම්මර~01ට අද ලෝක සංචාරක දිනය. සමහර විට හිතෙනවා ඇති අපිට කිසිම වැඩකට නැති දවසක්ද මේ කියලා. ඒත් මේ දවස අපිට ගොඩක් වැදගත්. ලෝකයේ දිර්ඝ කාලීන සංචාර වලට සුදුසු රටවල් අතරින් අංක එක බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියනවා. ඒ වගේම සංචාරයට සුදුසුම දිවයින හැටියටත් ලෝකය හදුන්වන්නේ අපේ පුංචි රට කියලා...
  10. Mr PERERA

    දෙණියාය~පුංචි~නුවරඑලිය

    දෙණියාය~පුංචි~නුවරඑලිය දෙණියායට කියන්නේ පුංචි නුවරඑලිය කියලා. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඒ තරමටම දෙණියාය කියන නගරය ලස්සනයි. බොහෝම සෞම්‍ය දේශගුණයක් තියෙන පලාතක්. දෙණියාය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙරවලේ. දෙණියායට යනවා නම් මාතරට ගිහිල්ලා එතනින් අකුරැස්ස පාරේ ගිහින් පිටබැද්දර, මොරවක හරහා දෙණියායට...
  11. Mr PERERA

    Ambewela (Small Newzealand)

    අඹේවෙල හෙවත් පුංචි නවසීලන්තය. අඹේවෙලට කියන්නේ පුංචි නවසීලන්තය කියලා. වෙන මොකවත් නිසා නෙවෙයි අඹේවෙල ෆාම් එක නිසා. ලංකාවේ විශාලතම තණබිම් තියෙන්නේ අඹේවෙල කියලා ඔයාලා දන්නවාද? අන්තිමට කෝච්චි...... අඹේවෙල දුම්රිය ස්ථානය
  12. Mr PERERA

    Morning @ Nuwara Eliya

    නුවර එලියේ යන්න අපි හැමෝම ආසයි. ඒ නුවර එලියේ ඇති සෞම්‍ය දේශගුණය නිසා. සීතලේ පොඩ්ඩක් දවල් වෙනකන් නිදියන්න අපි හැමෝම ආසයි. ඔයාලා දැකලා තියනවාද නුවර එලියට හිරු උදාවෙන අසිරිය. ගොඩක් අය දැකලා නෑ. උදේම නැගිටලා පොඩ්ඩක් සීතලේ ඇවිදින්න හැමෝම කම්මැලියි. හැමෝම ආසා නිදියා ගන්නයි. එහෙනම් කම්මැලි හැමෝටම...
  13. Mr PERERA

    Old Sri Lanka

    මහනුවර. මහනුවර දවල් පෙරහැර නුවර වැව. ඈතින් පේන දළඳා මාලිගාව. ශ්‍රී දළඳා මාලිගාව. රික්ෂෝ රස්සාව. මොක උනත් අන්තිමට කෝච්චියකින් ඉවර කරේ නැත්තම් නමට හරිත් නෑ හිතට හරිත් නෑ. :dull::dull::dull: එහෙනම් ඔන්න කෝච්චි මේ හපුතලේ රේල්පාර හදාගෙන යන හැටි. උමඟ...
  14. Mr PERERA

    තේ~වත්තක~ඇවිදයමු.

    තේ~වත්තක~ඇවිදයමු. ශ්‍රී ලංකාවී ප්‍රධානම අපනයන භෝගය තේ. තේ නිසා යැපෙන මිනිස් ජීවිත දස දහස් ගනනක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකයේ විශාලතම් තේ වෙන්දේසිය පැවැත්වෙන්නේත් අපේ මේ පුංචි රටේ කියලා ඔයාලා දන්නවාද? තවත් පැත්තකින් උඩරට කදූකරයට අමුතුම ලස්සනක් මේ තේ වගාව නිසා හිමි වෙලා තියෙනවා කීවොත් මම...
  15. Mr PERERA

    jkadithya is still not well

    අද හවස දැනගන්නට ලැබුනේ. :sorry: ආදිත්‍ය මල්ලිගේ ඇසේ ආයෙත් ප්‍රශ්ණයක් වෙලා. දවල් වෛද්‍යතුමා හමුවෙන්නට ගිහින් තියෙනවා. එතකොට කියලා තියෙනවා ඇස් ලෙඩ තියාගෙන පරිගණක තිරය දිහා වැඩි වෙලාවක් බලාගෙන සිටීම නිසා මේ තත්වය ඇතිවෙලා කියලා. සතියකට විතර පරිගණකය භාවිතා කිරීමෙන් වලකින්න කියලත් කියලා තියෙනවා...
  16. Mr PERERA

    Galle Matara High Speed Railway Track

    ගාල්ල සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පසුගිය අගෝස්තු 01 වෙනිදා සිට මාස 4ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබුවා. ඒ කොළඹ සිට මාතර දක්වා ඉදිවන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් අදියරක වැඩ නිම කිරීම සඳහා. ගාල්ල සිට මාතර දක්වා දුර සැතපුම් 28ක්. හරියටම පැයක දුම්රිය ගමනක්. කෝච්චියට මාතර...
  17. Mr PERERA

    Thalai Mannar Railway Track Work Will Be Started Soon

    ඔය ඉහල පින්තූරයේ තියෙන්නේ මන්නාරම් කෝච්චි පාලම. අවජාතක කොටින්ගේ කාලකන්නි වැඩක්. කොටි ත්‍රස්තයෝ ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියෙන් නැති කරපු තවත් කි.මී. 110ක් තමයි මැදවච්චියේ ඉඳලා තලේමන්නාරමට වෙනකන් කෝච්චි පාර. බොහෝම සතුටු හිතෙන කාරණයක් කියන්න ඕනා. උතුරු මිතුරු යාපනය දක්වා යාල්දේවී කෝච්චිය ධාවනය...
  18. Mr PERERA

    jkadithya Get Well Soon

    අපේ එලකිරි සංචාරකයා ඒ කියන්නේ,රස්තියාදුකාරයා (සමහරු කියනවා ජේ. කඩිතයා කියලත්) හැමෝම දන්නවානේ. ආදිත්‍ය මල්ලිට අසනීප වෙලා. :sorry: දරුණු විදියට ඇස්ලෙඩ හැදිලා කියලා තමයි මට දැනගන්නට ලැබුනේ. ආරංචිය ලැබුන ගමන් මම දුරකථන ඇමතුමක් දුන්නා. ඇස් ගොඩක් ඉදිමිලා, හරියට පේන්නේවත් නෑ, Computer Screen එකවත් බලා...
  19. Mr PERERA

    ඕං~පෝස්ටරේ

    අහම්බෙන් හම්බ වෙච්ච දෙයක්. ශ්‍රී ලංකා දුම්රිය සේවය මහජනයා අතර ප්‍රචලිත කිරීමට අතීතයේ යොදාගනා ලද වර්ණ දැන්වීමක්. මේ සිතුවම අතින් අඳින ලද එකක් බව ඔයාලා හැමෝටම පැහැදිලි ඇති. ගොඩාක් දුර්ලභ පෝස්ටරයක්. හිතුවා ඔයාලා එක්ක බෙදා ගන්නට. :):):)
  20. Mr PERERA

    පෙට්ටි~ආරක්ෂාකරගමු

    පෙට්ටි~ආරක්ෂාකරගමු ගොඩක් අය මගෙන් අහනවා මොකෝ හුඟ දවසකින් කෝච්චි ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ කියලා. සමහර අය කියනවා නම රැක ගන්න කෝච්චි ත්‍රෙඩ් එකක් දාන්න කියලා. ඉතින් හිතුවා කෝච්චි ගැන අහන්න බලන්න ෆෝරම් එකේ හැමෝම කැමති නිසා කෝච්චි ගැන මොනවා හරි හොයලා දාන්න ඕනා කියලා. රේල් පාරවල් ගැන දැම්මා...

    No contents