"හැම එක්කෙනයි" "නිවනයි" කියන්නේ මොකක්ද?
ඔයා ඔය අහන්නේ..
ඔයාට මිරිගුවක් පේනවා, ඒක ඇතුලේ තව අය ගොඩක් ඉන්නවා කියලත් පේනවා, ඒකේම ඇතුලේ ඉන්න ශ්‍රාස්තෘ කෙනෙන් කියපු ධහමක් තියෙනවා, ඒ ධහම අනුගමනය කරලා නිවන කියලා එකක් දකින්න පුලුවන් කියලත් තියෙනවා..
දැන් ඔයා අහනවා ඔයාට ඒ පේන මිරිගුවට ඇයි නිවන් දකින්න බැරි කියලා
"නිවන" කියන්නේ පෘටක්ජන ඔයාට දැනට, ඔය දකින මිරිගුව ඇතුලෙම පේන සහ ඔයා සකස් කර ගත්ත දෙයක්, ඒක නිකන් හීනයක් දකින එකෙක්ට හීනෙ ඇතුලේම පේන කෙනෙක් (බුදුන්) ඇවිත් හීනෙන් නැගිටින්න කියද්දි ඔයා ඔය හීනේ ඇතුලේ පේන අනිත් මිනිස්සුන්ට ඇයි නැගිටින්න බැරි කියලා අහනවා වගේ
මේ උපමාත් ගැලපෙන්නැහැ, මේ වගේ ලෞකික උපමා වලින් කොහොම කිව්වත් පෙන්නන්න පුලුවන් දෙයක් නෙමෙයි මේ, ඔයාම ගවේශනය කරලා දකින්න ඕනේ දෙයක්, එතෙන්දි තමයි හරි "නිවන" දකින්නේ, ඊට පස්සේ ඔය ප්‍රස්න ඔක්කොම නැති වෙනවා
ඕකටත් උඩ උත්තරේම තමයි
පේන හීනේ ඇතුලෙම තමයි.. "පාරමිතා" "තුන්තරා බෝධි".. ඔක්කොම තියෙන්නේ
අර උඩ කියලා තියෙන "ගැබුරුයි" කියන අභිධර්මයත් ඒ වගේම තමයි, පෙනීම සන්නා මාත්‍රයෙන් ගන්නැතුව අයෝනිසෝ මනසිකාරයෙන් (අසිහියෙන්) අවිද්යාවෙන් අරමුනු තුල බැස ගෙන තේරුම්, සන්කල්ප අවිද්යාව ඇතුලෙම සකස් කර ගෙන අවිද්යාව නානවා
සබ්බේ පෘටක්ජනා උන්මත්තකා කියන්නේ ඒ නිසා තමයි
------ Post added on Mar 26, 2025 at 4:11 PM