අභිදර්මය ඉගෙන ගන්න

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පටිචචසමුපපාදය අවබොද කරන්න ඔන, පටිචචසමුපපාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය දැක්කා වෙන්නෙ
    මේ පිළිබඳව තියන දේශනා මොනවා හරි තියනවාද ?

    බොහොම පින් යාලුවා

    යෝනිසෝ මනසිකාරෙන්
    මොකක් ගැන ද හිතන්න (මනසිකාරෙන්) ඕනේ ඉතින්

    නිවන් කියලා කියන්නේ සෝවාන් වෙන එකටද රහත් වෙන එකටද

    මම අහන්නේ සෝවාන් උනත් එයා නිවන් දැකපු කෙනෙක් කියලා සලකනවා ද
    (පස්සේ කාලෙක රහත් වෙන්න ඕනේ එක හරි)
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිවන් කියලා කියන්නේ සෝවාන් වෙන එකටද රහත් වෙන එකටද

    මම අහන්නේ සෝවාන් උනත් එයා නිවන් දැකපු කෙනෙක් කියලා සලකනවා ද
    (පස්සේ කාලෙක රහත් වෙන්න ඕනේ එක හරි)

    ඔව් සෝවාන් වෙනවා කියන්නේ නිවන් දකින එකට
    ඒත් සෝවාන් මාර්ග සිතයි, ඵල සිතුයි ඉවර වෙලා ආයේ ලෞකික සිත් ඇති වෙන්නේ, ආයේ ලෞකික ලෝකයටමයි එන්නේ, රහතන් වහන්සේ එහෙම නැහැ ලෞකික බාහිර ලෝකයෙන් (අවිද්යාවෙන්) මිදිලා ඉන්නේ හැමවෙලාවෙම
    ඒත් භාවනාව ප්‍රවීන කරපු සෝතාපන්න කෙනෙක්නම් අධිස්ථානයෙන් සෝවාන් ඵල සමාපත්තියට සමවැදිලා සමාපත්ති සුවයෙන් ඉන්න පුලුවන්, එතකොට ඇති වෙන්නෙත් ලෝකොත්තර ඵල සිත්

    කලින් අවිද්යාව තුල පිස්සු නටපු පෘථක්ජනයාට මුලින්ම විද්යාව පහල වෙන්නෙ/ ධර්මය අවබෝධ වෙන්නේ/ නිවන් දකින්නේ සෝවාන් වෙද්දි, කලින් කැලයක් ඇතුලේ අදුරේ අතපත ගගා ඉද්දි එක පාරට තඩි හෙනයක් ගහනවා වගේ, මුලු කැලේම ඒ ක්සනය තුල දකිනවා එයා, ඒ නිසා තමයි සම්මා දිට්ටිය පහල වෙන්නේ, හැබැයි ආයේ කලුවරයි 😋

    මොකක් ගැන ද හිතන්න (මනසිකාරෙන්) ඕනේ ඉතින්

    සෑම අරමුනකම යතා ස්වභාවය තමයි නිවන, හිතන්න "දෙයක්" නැහැ මෙතන, ඔයා දැන් මේක කියවද්දිත් මේ වචන දකිද්දිත් ඒ අරමුනු වල යතා ස්වභාවය තමයි නිවන, ඒත් අවිද්යාව තුල ඉන්න ඔයා මේක කියවලා "තේරුම්" ගන්නවා හෝ "තේරුම් ගන්න උත්සහ කරනවා", මේ අනිත්ය සන්නා ටිකක තේරුම් ගන්න තියෙන්නේ මොකක්ද? "දෙයක්" හෝ "පුද්ගලයෙක්" වශයෙන් ගන්න තියෙන්නේ මොකක්ද?
    වචනාර්ථයෙන් ගන්න එපා, වචන වලින් මේක පෙන්නන්න බැහැ
     
    • Love
    Reactions: amino

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    කරන එකක් කරලා ඉක්මනින් නිවන් දකින්න රෝස් අන්කල්, time is limited, I'm just messing around here yk


    https: //youtu.be/lVrCTe-3rGw?si=j_tV7o8Sweqy9qPr
    2:52 ඉදන් බලන්න, ලස්සනයි
    ------ Post added on Mar 27, 2025 at 8:39 PM

    ලින්ක් වැඩ නැ

    මේ නිවන ගැන මට හිතෙන දෙයක්. (Not directly related to the recent posts..). මේක ලෞකික භාශාවෙන් කතා කරන්නෙ :rolleyes:.
    Click bait title එකක් දැම්මොත්, "නිවන Overrated" ද :lol: ?

    මගේ ප්‍රශ්නය තමයි, අපි නිවනට මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි?
    මට හිතෙන විදියට number 1 reason එක සංසාරය. කවුරුහරි ඔප්පු කලොත්, සංසාරය කියල මගුලක් නැහැ, තියෙන්නෙ එක life time එකයි කියල, ඒ තියෙන එක life time එක මිනිස්සු නිවන වෙනුවෙන් කැප කරයිද?

    පෘතක්ජන අපිට නිවනට වටිනාකමක් දෙන්න බැ...දුන්නොත්, හරියට, පාට පේන්නෙ නති අන්දය රත්තරන් පාටට වටිනාකමක් දුන්න වගේ.

    ඒ වගේම සන්සාරේ අවුල පෙන්නෙත්, සන්සාරෙන් එපිට පේන කනාට...

    ඔය ඔක්කොම මාර්ග පල ලාබියෙකුට ඇරෙන්න, පෘතක්ජනයෙකුට ගෝචර වෙනදේවල් නෙවේ


    අපි අඩියක් පස්සට අරගෙන බලුවොත් ඇත්තටම හිත කියන්නෙ මොකද්ද (ඒක හදෙන විදිය මොකද්ද) කියල, දැනට ලොකෙ mainly ම පිලිගන්න මත දෙකක් තියෙනව.
    1. හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක්.
    2. හිත කියන්නේ වෙනම දෙයක් කියන එක. Dualism
    ගොඩක් වෙලාවට බෞද්ධයෝ විදියට අපි assume කරනව හිතක් වෙනම තියෙනව කියල (තියෙනව කියන්නේ නිත්‍යයි කියන එක නෙවෙයි). ඒක prove or disprove කරල නෑ තාම. ඒ කියන්නෙ theory 1 හරි යන්නත් chance තියෙනව.
    දැන් අපි assume කරමු theory 1 හරි සහ theory 2 වරදියි ක්යල. ඒ කියන්නෙ හිත කියන්නෙ Brain function නිසා emerge වෙන දෙයක් කියල. එතකොට, Brain function එක නවතුනාම (or brain එකෙ කොටස් අතරෙ communication නැති වුනාම, හිත උපදින්නෙ නැති වෙනව. (Like in General Anesthesia )

    නිවන තාම වලංගුද ? ඔව්. අපි ඔය නිවන සම්බන්දව කතා කරන දේවල්, ත්‍රිලක්ශනය, චතුරාර්ය සත්‍යය සේරම වලංගුයි.
    හැබැයි මෙන්න මේ සංකල්ප අවලංගු වෙනව,
    සංසාරය
    කර්ම විපාක -- අපි සාමාන්‍යයෙන් පිලිගන්න විපාක දෙන විදිය
    අපාය දිව්‍ය ලෝක -- මැරිලා අපාය දිව්‍ය ලෝක වලට යන සීන්

    ඔය කියපු අනික් සංකල්ප අවලංගු වෙනකොට සාම්ප්‍රදායිකව අපි නිවනට දෙන weight එක අඩු වෙනවා, එක නවත්තන්න බැහැ.

    හැබැයි ඔය මොන theory එක හරි ගියත් නිවන කියන එක වලංගුයි. බෞද්ධයෝ හැටියට අපි එක experience කරන්න ට්‍රයි කරන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒ ගමනේදී open minded ඉන්න ඕන. ශ්‍රද්ධාව නීවරනයක් කරගන්න එපා...

    බ්‍රේන් ෆන්ක්ශන්, ඒවා මේවා..ඔය ඔක්කොම එලියෙන් අල්ලන්න හදන දේවල්...බුදු දහමේ වෙන්නෙ..තමන්ගේ එක්ස්පිරියන්ස් එකෙන් අල්ලන එක..
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    909
    700
    93
    https:" "//
    " " space එක අයින් කරන්න, thumbnail එක වැටෙන නිසා space එකක් දැම්මේ
    අඩෝ! මම බලාපොරොත්තු උනේ නැහැ මචං මේ වගේ දෙයක් මේ video එකෙන්... අර ලැන් කල්ක් මාමට නොතේරෙන අකාලික බව සුප්පට හොඳට තේරෙනව "අතීතය, වර්තමානය, අනාගතය - මේ මොහොතෙ අවිද්‍යාව නිසා හටගන්නව"
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අඩෝ! මම බලාපොරොත්තු උනේ නැහැ මචං මේ වගේ දෙයක් මේ video එකෙන්... අර ලැන් කල්ක් මාමට නොතේරෙන අකාලික බව සුප්පට හොඳට තේරෙනව "අතීතය, වර්තමානය, අනාගතය - මේ මොහොතෙ අවිද්‍යාව නිසා හටගන්නව"

    ඒක තමයි බන් එලියෙන් මිනිස්සු මනින්න බැහැ කියන්නේ, මාත් පුදුම වුනා මේක දැකලා
     
    • Like
    Reactions: nuwan9999