මචන් අවුරුදු 5ක් බෝඩිමේ එකට හිටපු යාළුවා, ගිය සතියේ බැන්දා. අපි හය දෙනෙක් එකට බෝඩිමේ හිටියේ. පොර මට කිව්වේ නෑ වෙඩින් එක. බෝඩිමේ අනිත් 5 දෙනාට කියලා . පොටෝ දැක්ක ගමන් මම ෂොක් වුණා. පොර බදින දවසේ උදේ පාන්දර මට මැසේග් එකක් දාලා තිබ්බා, "මචන් මම අද බදිනවා..! මේ දවස් ටිකේ බිසී වෙලා හිටියේ" කියලා. මම තාම ඒකට රිප්ලයි එකක් දැම්මෙත් නෑ. මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ. ඒත් මෙතනදි මට මාර අවුලක් එනවා බං. මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.