කට්ටිය මතු කරපු ප්රශ්න වලට උත්තර..
අපි ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවේ ත්රෙඩ් එකේ කැමැත්ත පලකළ අනුපිලිවෙලට, ඒ කිව්වේ කණ්ඩායම් නායකයින් මුලදීම 5/ 5 වෙන්කරගත්ත සාමාජිකයෝ ඇරුනම අනිත් 40 දෙනාව දෙපැත්තට 20 ගානේ බෙදුවේ "මන් කැමතියි" පෝස්ට් එක දාපු අනුපිලිවෙලට
එහෙම අනුපිලිවෙලට බෙදද්දී 1,3,5 ආදී ඔත්තේ රටාවේ අය රමේෂ්ගේ පිලටත්, 2,4,6 ආදී ඉරට්ටේ රටාවේ අය ඉතිකගේ පිලටත් බෙදුවා. නමුත් අපේ වැරද්දකින් එක ලග පෝස්ට් දාපු දෙන්නෙක් ඉතිකගේ ටීම් එකට වැටුනා. ඒවගේම the killer සහ ipwicrama දෙපැත්තට මාරුවෙලා තිබුණා.
Rated R සාමාජිකයා "මන් කැමතියි" පෝස්ට් එකක් දාලා නෑනේ කියලා චෝදනාවක් ආවා
ඔව් අපිට සාමාජිකයින් තෝරාගැනීමේ ත්රෙඩ් එක අවසන් කරන විට හිටියේ සාමාජිකයෝ 48ක් විතරයි. ඒක නිසා අනිත් අයට කතාකරලා බැලුවා සාමාජිකයෙක් වෙන්න කැමතිද කියලා. රමේෂ් ජය ට මේක කිව්වම එයා කිව්වා අපේ පැත්තට ශමින්ද පිරිස් ගන්නම් කියලා. ඉතින් අපි ඉතිකට Rated R ව දුන්නා. ඒ දෙන්නත් එක්ක 50 සම්පුර්ණයි.
skymicro මෙම්බර් කියලා තිබ්බා එයා සාමාජිකයෙක් වෙන්න ඇහුවේ නෑ ඒවුනාට එයාව දාල කියලා. ඒකට sara531 උත්තර දීලා තිබ්බ නිසා මන් ආයි කියන්නේ නෑ.
ඊලග දේ තමයි ඉතික මිතිකයි අපියි සන්වාද මණ්ඩපේ හිටපු නිසා එයාට වාසි වෙන්න අපි වැඩ කලයි කියන චෝදනාව
ඒකට කියන්න තියෙන්නේ අපිට ඉතිකට උදව් කරලා ගන්න පුළුවන් කිසිම වාසියක් නෑ. අපිට රෙප් ගන්න ඕනෙනම් මේ වගේ තරගයක් සංවිධානය කරන්න යන්නේ නෑ. මේ තරගය නිසා අපිට
ලැබිච්ච රෙප් ගානට වඩා කැපිච්ච ගාන වැඩියි. අපිට ඉතිකට උදව් කරන්න කිසිම හේතුවක් නෑ
ඔන්න රමේෂ්ට උදව් කරයි කියලා චෝදනා කලානම් හිතන්න පුළුවන් free porn අකවුන්ට් එකක් ලබාගන්න උදව් කලා කියලා. එහෙම කලෙත් නෑ.
කොහොම ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවත් ටීම් දෙකේම 50 දෙනාටම තමන් කැමති ටීම් එකකට වෝට් කරන්න හැකියාව තියෙනවා.
ඒකනේ රමේෂ්ගේ සාමාජිකයෝ 7 දෙනෙකුම ඉතිකට වෝට් කරලා තියෙන්නේ
ඒ නිසා අපෙන් සිදුවූ අතපසුවිම එක් ටීම් එකක් දිනන්නත් අනෙක පරදින්නනත් හේතුවක් නෙමේ.
ඒ වගේම අපි සාමාජිකයෝ තෝරලා ඉවර උනාට පස්සේ වෙනම ත්රෙඩ් එකක් දැම්මා. ඒකෙදි ඔය ප්රශ්නේ අහන්න කාටවත් උවමනාවක් තිබ්බේ නෑ. අඩුම තරමේ poll එක යන කාලේවත් ඔයාලා කිව්වනම් ටීම් බෙදලා තියෙන හැටි අසාධාරණයි කියලා ඒකට විසදුමක් හදාගන්න තිබ්බා.
poll එක ඉවර උනාට පස්සේ චෝදනා කරලා වැඩක් නෑ.
ඒ වගේම අන්තිමට රිසල්ට් ෂිට් එකත් ටීම් ලිඩර්ස් ලා ok කලාට පස්සේ තමයි අපි ත්රෙඩ් එක දැම්මේ. ඒ වෙලාවෙවත් කිසිම නායකයෙකුගේ විරෝධයක් තිබ්බේ නෑ.
තරගයක් පැරදුනාට පස්සේ තරගේ අඩුපාඩු හොයලා තමන් පැරදුනේ ඒ නිසා කියන්න ගොඩක් අය කැමතියි.
ඉතික පැරදීගෙන එද්දී අපිට කිව්වේ එයාලට සල්ලි නෑ giveaway දෙන්න. සන්විධායක මණ්ඩලේ වහාම මේ giveaway දීම නවත්තන්න කියලා. ඒ වෙලාවේ අපි ඉතිකට කිව්වේ රමේෂ්ලා giveaway දෙන එකේ කිසි වැරද්දක් නෑ. ඔයාලට බැරිනම් අපිට කරන්න දෙයක් නෑ කියලා
ඒ වගේම තමයි දැන් රමේෂ්ලා පැරදුනාම ඒකට හේතුව වශයෙන් එල්ල කරන චෝදනාව කණ්ඩායම් සාමාජිකයෝ බෙදීම වැරදීයි කියලා. ඉතින් අපිට ඒකට කියන්නත් තියෙන්නේ ඔය තෝරපු සාමාජිකයෝ 50 දෙනාට තමන් කැමති පිලකට චන්දෙ දෙන්න පුළුවන්.. ඒ නිසා ඕගොල්ලෝ පැරදුනේ අපේ වරදකින් නෙමේ කියලා
ඕගොල්ලෝ දින්නනම් ඕවා හොයන්නෙත් නෑ...
ජය වගේම පරාජයත් සතුටින් භාරගන්න පුරුදුවෙන්න.
මේක පොඩි ඔන්ලයින් තරගයක් උනත් සිංහලයාගේ හැටි හොදට නිරුපනය වුන තරගයක්..