ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සුන්දර ජෝන් අංකලයා තවත් වැඩක් පෙන්වයි, අනෙක් සුන්දර කිරි කළුවන් මීක් මික් කියයි.... 😏
    ස්තුතියි
     
    • Like
    Reactions: NRTG

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මම කලින් දවසක කිව්වනේ අපි ටින් මාළු (සැමන්) ගෙදරදීම හදාගන්නවා කියලා. ඔන්න අද ටිකක් හැදුවා. එකේ විස්තරේ තමයි පහලින් තියෙන්නේ.

    ඊයේ ලින්නා මාළු කිලෝ දෙකක් හම්බුනා. ඒ ටිකෙන් තමයි සැමන් හදා ගත්තේ.

    ඉස්සෙල්ලම ලින්නා මාළු වල ඔළුව වරල් ඉවත් කොට සුද්ද කරලා කෑලි දෙකකට කපා ගන්න. පොඩි ලින්නා මාළු නං කෑලි කපන්නේ නැතුවම ගත්තත් කමක් නෑ. මාළු කිලෝ දෙකම මම ගත්තා. එතන මාළු 10 ක් වගේ තිබුනා.

    ඊට පස්සේ සෝදලා අරගෙන දාගන්න ප්‍රෙෂර් කුකර් එකට.

    1.jpg


    ඒකට දාගන්න ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි.

    ඊට පස්සේ මාළු ටික වැහෙන්න ටිකක් වැඩිපුර වතුර දලා කවලම් කරලා ප්‍රෙෂර් කුකර් එකේ පියන වහලා ටිකක් වැඩි ගින්දරේ විනාඩි 15 ක් විතර තියාගන්න.

    2.jpg


    ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා තව විනාඩි 45 ක් වගේ මේක තම්බා ගන්න.

    එහෙම පැයකින් පස්සේ පින්තුරක් පහලින්.

    3.jpg


    මාළු හොදට තම්බිලා සැමන් ටින් මාළු වගේ වෙලා. ඔය පහල පින්තුරේ දැක්කම බලන්න පුළුවන් මාළු වල කටු නිකන්ම ගැලවිලා පොඩි වෙලා යන විදිය. ඒ කියන්නේ මේකේ පදම හරි.

    4.jpg


    ඊට පස්සේ භාජනයකට දාලා ඩීප් ෆ්‍රීසර් දාලා තියාගන්න පුළුවන් මාස ගානක් උනත්. අවශ්‍ය වෙලේට අරගෙන අයිස් යනකං තියලා තෙල් දාලා හරි හොද්දක් වගේ හරි නැත්තන් කට්ලට් වගේ කෑම හදන්න හරි ගන්න පුළුවන්.

    5.jpg


    6.jpg


    මේකේ ෆ්‍රිජ් එකේ තියද්දි එක්කෝ මාළු කුට්ටි ටික වෙනම, එකේ හොදි ටික වෙනම තියන්නත් පුළුවන්. මම නං ඒ දෙක එකටම දාන්නේ. එතකොට කල් යන්න යන්න රස වැඩියි.

    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-

    1) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    2) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    3) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    4) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    5) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    6) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    7) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    8) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    9) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    10) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    11) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
    කෝ බං TIN 🥫 එක? 🤔😉😂
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කොල්ලෝ අර කෑම රට ගෙනියන්න ටින් කරනවා නෙහ් . අන්න ඒ තැනකින් ඕව ටින් කර ගත්ත නම් රියල් ටින් මළු වගේ තියේවි නෙහ්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Thank you
    කොල්ලෝ අර කෑම රට ගෙනියන්න ටින් කරනවා නෙහ් . අන්න ඒ තැනකින් ඕව ටින් කර ගත්ත නම් රියල් ටින් මළු වගේ තියේවි නෙහ්
    ඔව් නේද.
    එහෙම කරලා බලන්න ඕනී දවසක