මචන් මම උබේ සිතීමේ නිදහස සහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අභියෝගයට ලක් කරා කියලා හිතන්න එපා. මම එහෙම දෙයක් කරේ නෑ. සම්පූර්ණ නිදහස උබට තියෙනවා. උබට කැමති දෙයක් ගැන කැමති මතයක් දරන්න පුළුවන්. ඒත් මචන් ඒවා ප්‍රකාශ කිරීමේදි උබට ඒවා වැරදියි හෝ හරියි කියන එක ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන්න ඔනේ එහෙම නැතුව අනිත් අයගේ විශ්වාසයන් වලට කරන අභියෝගයක් වෙනවනෙ. හැම ආගමක්ම දර්ශනයක්ම විස්තර කෙරෙන මරණින් පසු කොටස අපිට මේ සාමාන්‍ය ජීවිතයෙදි කවදාවත් අවබෝධ කරගන්න කොහොමත් බැරි බව මම උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් අතීතයෙ ඇති වෙච්ච ඒ ඒ ආගම් හා දර්ශන අපේ පියවි ඇසට සාමාන්‍ය මනසට ගෝචර වෙන දේවල් ගැනත් විස්තර කෙරිලා තියෙනවනෙ. උදාහරණයක් විදිහට අපේ ශරීරය, අවුව වැස්ස, ඉර හඳ, පෘතුවිය, ග්‍රහලෝක වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වලින් කැමති ආගමකින් කැමති කොටසක් අරගෙන ප්‍රශ්ණයක් තියෙනව නම් අපි කතා කරමු. එහෙම නැතුව මරණින් පසු හෝ අධ්‍යාත්මික හැකියාවන් වගේ දේවල් අපේ සාමාන්‍ය මනසට ගෝචර නෑනේ. වෙනත් ආගමක කෙනෙක් තවත් ආගමක් මේ වගේ දේවල් ගැන කතා කරන එක තේරුමක් නෑ. මම උබට ආරාධනා කරනව එහෙම වැරදි දෙයක් බුදු දහමේ ත්‍රිපිටකය තුල උබ දකිනව නම් අපි එක්ක බෙදාගන්න කියලා. එතකොට අපිට සාමාන්‍ය මනසිකින් ඇහැට පෙනෙන විදිහට ඒවා ගැන කතා කරලා විසඳගන්න පුළුවන්.