ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම කියන්නෙ විහිලු කරන එක, කරගන්න එක අවුලක් නෑ. හැබැයි වැඩිය සීරියස් වෙන පැතිවලට යන්න එපා. සමහරු ඇස් රතුවෙන විහිලු වලදි අවුල් යනව. සමහරු එහෙම නෑ.
අනිත් දේ තමයි ඉතින් සමහර අයගෙ අතීතයන් එළියට දාන්න ඒ අය කැමති නෑ. ඒ මොක ද ඒක සමහර වෙලාවට ඒ අයට වේදනාවක් ගෙනදෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන හාර අවුස්සන එකත් හොඳ දෙයක් නෙමෙයි.
අනිත් දේ තමයි ඉතින් සමහර අය සමහර කියන දේවල් සීරියස් විදියට කිවුවට විහිලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒ වගේ දේවල් විහිලුවක් විදියට ම හිතනවනම් ගැටලු මතුවෙන්නෙ නෑ. තව දෙයක් ඉතින් මේ ඔන්ලයින් ජීවිතේ දේවල්වලට මුහුණ දෙන්න හිත හදාගන්න හොඳ තැනක්.
දැන් මං මේ කිවුව දේ වුණත් සමහරුන්ට හිතෙයි බයිල කියල, තව සමහරුන්ට හිතෙයි පැණි කියල (කොහොමත් මම පැණියා තමා) , තව සමහරුන්ට හිතෙයි පණ්ඩිත වාක්‍යය කියල (චුට්ටක් පණ්ඩිතත් තමයි), තව සමහරුන්ට හිතෙයි සම්පප්‍රලාප කියල (ඔය වචනේ තෙරුමනම් දන්නේ නෑ හැබැයි දැම්මට), තව සමහරුන්ට හිතෙයි ඕක තනිකර පිස්සෙක් කියල (චුට්ටක් එහෙමයි තමයි ඉතින්). ඒක තමයි මිනිසා එක එක ඒව දකින විදිය හා හිතන විදිය. ඒක ඉතින් අපේ විදියට සමාන වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.
නිකන් කිවුවෙ. අතහැරල දාන්න පුළවන් මේ පෝස්ට් එක. මට ඕන මඩක්, ඕන බයිටක් අවුලක් නෑ.