෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රේඩ් එකනම් වැදගත් වෙනව දැනුම පෝෂණය කරගන්න වගේ ම විවිධ මතයන්, පර්යේෂණ, නිරීක්ෂණ ගැන අවබෝධයක් ලබා ගැනීමට. චිරාතන කාලයක සිට පැවතෙන විවිධ ඇදහිලි,විශ්වාස හා ශාස්ත්‍රයන් ගැන පුළුල් හා සාධනීය කතිකාවතක් ගොඩනැගෙයි කියල හිතෙනව.
     
    තෝ ගස් බලු කැරි පොන්සියා :rofl:
    කාණුවකට වදලා තියෙන්නේ

    උඹේ පූසා සුදු උනාට උඹේ අම්මගෙ පූසා කලුයි. :rofl::rofl::rofl:

    නිකන් පුක දී නසින්නේ නැතුව ගිහින් බල්ලෙක්ට පුක දීල හැමිනියන් පොන්න වෙසි.
    :cool:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    අමුතු ත්‍රෙඩ් එකක් :D

    මං නම් මෙව්වා ගැන මුකුත් දන්නෙත් නැ
    දැන ගන්න කැමැතියි
    ක්‍රියාත්මක කරන්න නම් ආසාවක් නැ
    ----------------------------------

    මට පේන විදියට නම්,
    ලංකාවෙ ගුප්ත කටයුතු සදහා ගොඩක්ම යන්නෙ කාන්තාවන් (පිරිමි නොයනවා නෙවෙයි)
    ----------------------------------
    මට තියෙන ප්‍රශ්න-
    ඇයි බහුතර කාන්තාවන් ගුප්ත කටයුතු වලට කැමති?
    ගුප්ත කටයුතු වලින් කරන්නෙ සිත ශක්තිමත් කරගැනිමක්ද?
    ----------------------------------

    මං නම් පිලිගන්නෙ
    ධර්මයේ හැසිරෙන්නා ධරමය විසින් රකී
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උඹේ පූසා සුදු උනාට උඹේ අම්මගෙ පූසා කලුයි. :rofl::rofl::rofl:

    නිකන් පුක දී නසින්නේ නැතුව ගිහින් බල්ලෙක්ට පුක දීල හැමිනියන් පොන්න වෙසි.
    :cool:

    :shocked::shocked:
    ඕව කැරි වැඩ:no:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ටියුස්ඩේ ලොබ්සාං රම්පා ලාමාතුමන් ගේ පොත කියවල තියනවා....
    එතුමන්ට පුළුවන් ඔය කියන විදියට කෙනෙක් වටා තියන ඛ්‍යාම ප්‍රභාලේඛය කියවන්න.............පොත සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ ජයසිරිමින් සුබසිංහ කියන මහත්මයා........

    එනව එනවා...මොකෝ එන්නැතුව......
    ගිය සිකුරාදා සසල හද විල් තෙර රේඩියෝ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාල තිබ්බා.....
    රේඩියෝ අහන එකා එළකිරි නෑවිත් ඉදී ද??:rolleyes:

    :D:D;):D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ටූල් යුස් කරල නලලෙ මැද හිල්කරල ,පස්සෙ අයිමත් එක වහනවා.ඊට පස්සෙ එයට පුලුවන් මිනිසුන්ගෙ වටෙ තියෙන රශ්මි වල පාට අනුව හොද කෙනෙක්ද නරක කෙනෙක්ද කියල හොය ගන්න එවගෙම වැඩිහිටි ලාමා වරුන් ඔහුට ඉක්මනට ටික කලයකදි ගොඩක් දෙවල් උගන්නනව මොහනය වගෙ දෙයක් කරලා.එක නැත්නම් බාවනා කරල අවබොද කරගන්න ඔන දෙයක්.

    උබ කමති නම් එ පොත අරගෙන කියවපන්.
    සරසවි බූක් ශොප් එකෙන් ගත්තෙ.මම එකෙ ISBN නම්බර් එක හෙට දෙන්නම්.

    මෙ එන්ග්ලිශ් ඊ බූක් එක.
    http://www.docdroid.net/gzeb/the-third-eye.pdf.html

    මම ටිකක් පොඩි කාලේ ඕක කියෙව්වේ මට තේරුනේ නෑ ඒ දවස් වල.. ඊට පස්සේ පොත හෙව්වා ලැබුනේ නෑ..:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මට පේන විදියට නම්,
    ලංකාවෙ ගුප්ත කටයුතු සදහා ගොඩක්ම යන්නෙ කාන්තාවන් (පිරිමි නොයනවා නෙවෙයි)
    ----------------------------------
    මට තියෙන ප්‍රශ්න-
    ඇයි බහුතර කාන්තාවන් ගුප්ත කටයුතු වලට කැමති?
    ගුප්ත කටයුතු වලින් කරන්නෙ සිත ශක්තිමත් කරගැනිමක්ද?
    ----------------------------------
    [/COLOR]

    ඕකට සරලම මනෝවිද්‍යාත්මක පිලිතුර මචන් ඊගෝ එක(ego) හොඳ උදාහරනයක් දෙන්නම්. මම මනෝවිද්‍යාව ඉගෙනගන්න කාලේ ඉගෙන ගත්ත දෙයක්.. මනෝ චිකිත්සනය සඳහා වැඩිපුරම යන්නේ ගෑනු පිරීමි ඉතාම සුලු පිරිසක් එන්නේ.(ජ්‍යොතිශ වේදින් හමුවෙනවටත් වඩා අඩුවෙන් පිරිමි මනෝ චිකිත්සනයට සම්භන්ධ වෙන්නේ) ඒකේ තේරුම පිරිමින්ට මානසික ආබාධ ගැටලූ නෑ කියන එක නෙමෙයිනේ.. නමුත් ඊගෝ එක නිසා පිරිමි හිතන්නේ සියල්ල තමාට තනියම කරගන්න පුලුවන් කියලා.. එයාලා උපදෙස් පතන්න තියන නැඹුරුව අඩුයි.. අන්න ඒකයි ප්‍රධාන හේතුව..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ප්‍රේතයන්ට වඩා බලවත් ඇස්වහ කටවහ
    ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

    zNCErOn.jpg

    ගසක බොහෝ‍ ගෙඩි සෑදී තිබේ. “අම්මෝ! මේ ගහේ තියෙන කොස්...” යැයි කෙනෙක් කියයි. මේ කියමන නිසා මින් මතුවට ඒ ගසෙහි කොස් සෑදීම නතර වේ. මෙසේ හොඳින් ඵල දැරූ ගස්වල ගෙඩි පොකුරු පිටින් කඩා වැටුණු අවස්ථා තිබේ. මේ වදන් ම තවත් කෙනෙකු ගේ මුවින් පිටවීමට පුළුවන. එහෙත් එහි කටවහක් නැත. කටවහක් වන්නේ ඇතැම් කාන්තාවක ගේ හෝ ඇතැම් පිරිමියකු ගේ මුවින් එසේ කීවේ නම් පමණක් බව මෙහිදී තේරුම් ‍ගත යුතුය.

    න සමාජයක ජීවත්වන මිනිසුන් ගේ මානසික තත්ත්වයන් විවිධාකාරය. එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. එහෙත් ඒ කවර ජන කොට්ඨාසයක වුවද, උගත් නූගත්, බලවත් දුබල, කුලීන කුලහීන, ගිහි පැවිදි ආදී කුමන කොටසකට බෙදී සිටින ජන සමූහයකට වුවද, කවර ආගමක් ධර්මයක් විශ්වාස කරන නොකරන අය වුවද විශ්වාස කරන එක හා සමාන දේ වේ. ඒ ඇස්වහ, කටවහ, හෝවහ, සිත්වහ ආදිය පිළිබඳව පවත්නා විශ්වාසයන්ය. පෙරදිග, අපරදිග ආදී බෙදීමකින් තොරව, ගෝත්‍රික ලෙස බෙදී සිටි ප්‍රාථමික සංස්කෘතික අවදිවල පවා ජීවත්වන කණ්ඩායම් දෙස බැලූවිට මෙම වහවීම් පිළිබඳව විශ්වාසයක් පැවැති බව පැහැදිලිය.

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව අවධානය යොමු කරමු. උන්වහන්සේ දහම් කරුණු ඉදිරිපත් කරන්නේ එක්තරා ආකාරයක පිළිවෙළක් ඇතිකිරීමෙනි. එනම් යම් රූපගත කිරීමක් වැනි අපූර්ව පිළිවෙළක් එහි තිබේ. සරලව පැහැදිලි කරනවා නම් උන්වහන්සේ ගේ දහම් කොට්ඨාස මාත්‍රා පහෙන් පහට බෙදා දැක්වේ. ඊට හේතුව රාගී නොවී වීතරාගී කොට දේශනා කිරීමය. ධම්මචක්ක වැනි දේශනාවන්‍හි දී වඩාත් ආශිර්වාද ලෙස දේශනා කරන්නේ මාත්‍රා දෙකෙන් දෙකටය. මෙසේ ඛණ්ඩනය කොට පිරිත් දේශනා කරන්නේ ‘කටවහ’ නැති කොට ‘ආශිර්වාද’ ගැන්වීමටය.

    වචනයෙන් මෙසේ කළ හැකි නම් එහි අනෙක් පැත්ත තේරුම් ගැනීම ද අපහසු නොවේ. එනම් ආශිර්වාදයක් නොමැති, අනිවාර්යයෙන්ම ව්‍යසනයට හේතුවන විපත්ති කාරක දේ මුවින් කිව ‍හැකිය. එවැනි දේ හඳුන්වන්නේ ‘කටවහ’ යනුවෙනි. එහෙත් සමහර විට කෙනෙක් එවැනි දෙයක් හොඳ හිතින් කීවා සේ අපට තේරේ.

    ගසක බොහෝ‍ ගෙඩි සෑදී තිබේ.

    “අම්මෝ! මේ ගහේ තියෙන කොස්...” යැයි කෙනෙක් කියයි. මේ කියමන නිසා මින් මතුවට ඒ ගසෙහි කොස් සෑදීම නතර වේ. මෙසේ හොඳින් ඵල දැරූ ගස්වල ගෙඩි පොකුරු පිටින් කඩා වැටුණු අවස්ථා තිබේ. මේ වදන් ම තවත් කෙනෙකු ගේ මුවින් පිටවීමට පුළුවන. එහෙත් එහි කටවහක් නැත. කටවහක් වන්නේ ඇතැම් කාන්තාවක ගේ හෝ ඇතැම් පිරිමියකු ගේ මුවින් එසේ කීවේ නම් පමණක් බව මෙහිදී තේරුම් ‍ගත යුතුය. ගසක ඵල දරා තිබෙනු දැක එහි සුන්දරත්වය, අසිරිය දැක ප්‍රසාද සිතින් යුතුව ‘ඔබ ගේ අත් ගුණේ හොඳයි. කොච්චර දෙයක් ද ඔය කොස් ගහේ ගෙඩි හැදී තිබීම. ඔබට හොඳ ආර්ථික ශක්තියක් ඇති කර ගන්න පුළුවන්. දරුවන්ටත් ඇතිතරම් කෑමට පුළුවන්...” ආදී ලෙස කියන්නට පුළුවන. එම ප්‍රකාශයෙහි කටවහක් නැත. ගස ද නිරුපද්‍රිතය. කටවහ ඇතිවන්නේ දූෂ්‍ය සිතින් යමක් ප්‍රකාශ කිරීම තුළය.

    “අපිටත් කොස් ගහක් තියෙනවා. එකම පනා පතුරක් නෑ. මේ ගහේ බැලුවොත් තුන්සිය හැටපස් දවසෙම කොස්ගෙඩි. පවුලට නොවෙයි ගමටම සෑහෙනවා. ඒ විතරක් ද මේ මිනිස්සු වරකා ගෙඩි ටිකත් විකුණනවා..” ආදී ලෙස දූෂ්‍ය සිතින් කරන ප්‍රකාශය නිසැකවම කටවහක් වේ. සිත දූෂ්‍ය වූ මවුපියන් ගේ මුවින් වුවද දරුවෙකුට විශේෂ අවස්ථාවක යමක් කියවුණේ නම් එය කටවහක් විය හැකිය. මෙය සිදුවන්නේ කෙසේද යන්න කෙනෙකුට සිතා ගැනීමට පවා නොහැකි වීමට පුළුවන.

    කලකට පෙර දකුණු පළාතේ එක්තරා ගම් පියසක නිවෙසක දුවණියක් වැඩිවියට පත්විය. දින කිහිපයකින් රෙදි නැන්දා විසින් නහවා ගෙට ගත් ඇය සළු පිළි අන්දා නෑදෑයන් ඉදිරියට ගෙන යන්නී ඉතා රූපශ්‍රී ඇතිව උන්නාය. මේ දියණිය ගේ පියා ‍ගමේ ප්‍රසිද්ධ වූයේ කටවහ ඇති පුද්ගලයෙක් ලෙසය. දින කිහිපයකින් නොදුටු දියණිය සාලයට ගොඩ වූ විට ඇය දුටු පියා කීවේ “අනේ! මගෙ දුව අද මොන තරම් ලස්සන ද” යනුවෙනි. කිසිම ලෙඩක් දුකක් නොවූ ඒ දැරිය ඒ මොහොතේම ඉණෙන් පහළ පණ නැති තත්ත්වයට පත්විය. අද ඇය වැඩිහිටි කාන්තාවකි. ඇය මුහුණ දී සිටින අසරණ තත්ත්වය, ඒ සිදුවීම ප්‍රායෝගිකවම සිදුවුණේ කෙසේද යන්න ඒ ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා දනිති. ‘කටවහ’ නිසා සිදුවන විපත්තීන් පිළිබඳ මෙවැනි කතා ඕනෑ ගමක, රටක සුලබය. මේවැනි සිදුවීම් ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ සාධක ඕනෑ තරම් තිබේ.

    ඇස්වහ ද එලෙසය. බිලිඳු දරුවන්ට කළු සහ සුදු පාටින් පබළු අමුණා ගෙලෙහි, ඉණෙහි බැදීමෙන්, නළලත කළු පැහැති තිලකයක් තැබීමෙන් අපේක්ෂා කරන්නේ ඇස්වහ වැදීමෙන් වැළැක්වීමය. සමාජ පිළිගැනීම වන්නේ මවු කිරි ටික පවා කෙනෙක් බලා සිටිනා තැනක නොදිය යුතු බවටය. මනුෂ්‍යයෙක් තබා තිරිසන් සත්ත්වයෙක් බලා සිටින තැනක එසේ දරුවා පෝෂ්‍ය කිරීමෙන් වළකින්නේ ඇස්වහ වීමෙන් කිරි අපථ්‍ය වීමේ දෝෂ ඇතිවේ යැයි බියෙනි. මෙවැනි වහවීම් ඇති කාන්තාවන් මෙන්ම පුරුෂයන් අතර ද දැකිය හැකි සුවිශේෂී ලක්ෂණ වේ. ඔවුන් ගේ බැල්ම මඳක් වපරය. යම් කෙනකු දෙස හෝ යමක් දෙස සෘජුවම බලන ස්වභාවය පෙන්නුම් නොකරයි. ප්‍රශංසාත්මක නොවේ. තමන්ට මේ මේ දේ අහිමිය. එහෙත් අනුන්ට හිමිය යන සිතිවිල්ලෙන් නිරන්තරයෙන් තැවේ. එනම් තමන් ගේ හා අනුන්ගේ දේ සාපේක්ෂව බලයි. මනසින් ද වැටී ඇත. එවන් ඇසකින් කුඩා දරුවෙක් දෙස නෙත් හෙළුවේ නම් දරුවා ගේ සිරුරෙහි බිබිළි හටගනී. ක්ෂණයකින් අනතුරට ලක්වේ. එවැනි අවස්ථාවන්ට ද නිදසුන් සුලබය.

    ගිහි පිරිස් අතර පමණක් නොව ඉතා කලාතුරකින් වුවද සිවුරු දරාගත් අය කෙරෙහි පවා එවැනි අවස්ථා තිබේ. අප කුඩා කල විසූ විහාරස්ථානයෙහි සාමාන්‍ය පමණට වඩා සුවිසල් ගස්ලබු ගසක් තිබුණි. විශේෂත්වය එහි අතු බෙදී තිබීමය. බෙදුණු සෑම අත්තකම බොහෝ ඵලය. දිනක් අප, කුඩා සාමණේරවරු එක්ව උණ බටයකින් එහි පැසුණු ගෙඩි කඩමින් සිටියෙමු. එතැනට පැමිණි සිවුරු දරාගත් කෙනෙක්,

    “බලන්නකො පුතේ! මේ ගහේ තියෙන ගෙඩි”යි කියත්ම ක්ෂණයකින් ගහේ අතු දෙකක්ම කැඩී බිම වැටුණි. එහෙත් අතුවලට දරාගත නොහැකි තරම් ගෙඩි තිබුණේ ද නැත.

    මේ පුවත විහාරස්ථානයෙහි ‍ෙලාකු හාමුදුරුවන් වහන්සේට දැන්වීමෙන් පසු උන්වහන්සේ විමසුවේ අසවල් කෙනා එතැන සිටියා ද, කුමක් හෝ පැවසුවාද යනුවෙනි. අප ‘ඔව්'යැයි කී සැණින් උන්වහන්සේ පැවසුවේ ‘එහෙම නම් පුදුම වන්නට දෙයක් නෑ. ඔවැනි අය වත්ත මායිමකටවත් ගෙන යන්න හොඳ නෑ'යි මම කලින් කියා තිබුණේ ඒ නිසයි” යනුවෙනි.

    මෙවැනි නිදර්ශන ගෙන දක්වන්නේ කිසිවකු අපහාසයට උපහාසයට ලක් කරන අදහසකින් නොවේ. ජීවත් වීමේ දී මේ සියලු දේ පිළිබඳව දැනුම්වත් වීම අප ගේ යහපතට හේතු වන හෙයිනි. යමක් දුටු විට, කෙනෙක් දුටු විට තවත් කෙනෙක් සුසුම්ලයි. දෙනෙතින් සෘජුව නොබලයි. වදනින් යමක් නොකියයි. එහෙත් සුසුම් හෙළයි. ලොකු හුස්මක් හෙළා පපුව සැහැල්ලු කර ගනියි. මේ නිසා ඇතිවන වහ සිත්වහය.

    සිත්වහ, කටවහ, ඇස්වහ යන මේ කවර අවස්ථාවකට වුවද ප්‍රතිකර්ම තිබේ. වතුර කළයක් මතුරා ගැනීම ඉන් එක් ක්‍රියාවකි. මෙය ඔබට හොඳින් අත්හදා බැලීමට ද පුළුවන. කපු පුළුං ස්වල්පයක් දැමූ වතුර කළයකට මතුරා හොඳින් කොළ පැහැ ගැන්වුණු දෙහි කොළ අත්තක් ගෙන තුන්වරුවක් (අද දවසේ දහවල්, සවස සහ පසුදා උදෑසන) කළයට දමා කරකවන්න. මෙසේ ඇස්වහට කටවහට හෝ සිත් වහට මතුරන අවස්ථාවක දී දෙහිඅත්ත අරගෙන බැලූ විට පුල්ලි ගතිය ඇතිවී, තැම්බී කහ පැහැගැන්වී තිබෙනු ඔබට දැකගත හැකිය. සිතෙහි සැකයක් වේ නම් තවත් කළයකට (මැතිරීමක් නොමැති) දෙහි අත්තක් දමා එයට ද එසේ සිදුවී තිබේ දැයි විමසන්න. එය කිසිදු වෙනසකට ලක් නොවී තිබෙනු ඔබට දැක ගත හැකිය.

    ඇස්වහ, කටවහට, මතුරවා ගන්නා ගුරුන්නාන්සේ කෙනෙකුගෙන්, මෑණියකගෙන් හෝ ස්වාමීන් වහන්සේ නමකගෙන් එය ඉල්ලාගෙන ඔබට නිරීක්ෂණය කළ හැකිය. කිසිදු වහවීමක් නොවේ නම් දෙහි අත්තට වෙනසක් සිදු වන්නේ ද නැත. මේවා සමාජයේ ජීවත්වන විට ඉතා ප්‍රායෝගික දේ ය. භික්ෂූන් වහන්සේ ලෙස අපි ‘භාෂණය’ ප්‍රයෝජනයට ගනිමින් දහම් දේශනා පවත්වන විට ජනයා අතර ප්‍රියත්වයට පත්වෙමු. එසේම දහස් ගණන් ජනයාගේ ආශිර්වාද ලබමු. එහෙත් සැබෑවටම සිතෙහි පිරිසිදුකමක් නැති, මනස නිවැරැදිව පවිත්‍රත්වයට පත්කරගත්තේ නැති කෙනෙක් එවැනි තැනක හිඳ “අනේ! අපූරු බණ. දැක්කම හරිම සිරියාවයි” වැනි වදන් කියති. සැබැවින්ම එය උදම්ඇනීමක් විය හැකියි. බොහෝ දෙනෙක් මෙසේ ප්‍රකාශ කරන අතරේ සිත පවිත්‍ර නොවූ කෙනාගේ ප්‍රකාශය නිසා උගුර වණ වී, තොල කට පැලී බොහෝ අපහසුතාවට පත්වන හිමිවරු සිටිති. කොපමණ වෛද්‍ය ප්‍රතිකාර කළ ද එමඟින් සුවයක් ලැබෙන්නේ නැත. එහෙත් දෙහි ගෙඩියක් කපා, වතුර මතුරවා, පිරිත් කියවා ආශිර්වාද කළ පසු රෝග දුරු වී අපමණ ශාන්තියක් ලැබේ. උගුරෙහි වේදනා, දිවෙහි පැලීම්, තොල් පැලීම් ක්ෂණයකින් සුව ‍ෙව්. මෙසේ විවිධ දේ අප හමුවේ තිබේ. වැදගත් වන්නේ ඒ සඳහා නිවැරැදි ක්‍රමයකට, නිවැරැදි පුද්ගලයකුගෙන් නිවැරැදි ආශිර්වාදය ලබාගැනීමට අප දක්ෂවීමය.

    එමෙන්ම මෙවැනි දේ නැති බවට වාද විවාද පවත්වනවාට වඩා, එසේත් නැතිනම් එවැනි පුද්ගල චරිත සොයමින් අවමානයට ලක් කරනවාට වඩා මාස දෙකතුනකට වරක් හෝ ආශිර්වාදයක් ලබා ගැනීම වැදගත්ය. විශේෂයෙන් තමන් සමාජයේ වැඩ කරන කෙනෙක් නම්, ඉහළට යන කෙනෙක් නම්, කැපී පෙනෙන කෙනෙක් නම් ඔබ තුනුරුවන්ට වඩාත් සමීප විය යුතුය. දෙවියන්ගේ ආශිර්වාදයට සමීප විය යුතුය. මවුපියන් ඇසුරේ ජීවත් විය යුතුය. එවිට ඔබට සියලු දෝෂයන්ගෙන් මිදීමට ආශිර්වාද ලද හැකිය.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියල හිතනවා .... :)
    all the best ... !!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    man gaawath manthara tikak tiyenawa.
    next time giyama ape paramparawe inna anthima puruk walin deyak laba ganna ona.eth awankawama kiwwoth mama bayai oya dewal igena ganna.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    man gaawath manthara tikak tiyenawa.
    next time giyama ape paramparawe inna anthima puruk walin deyak laba ganna ona.eth awankawama kiwwoth mama bayai oya dewal igena ganna.

    මන්තර සාස්තරේ අභාවයට යන එකක්.. පරම්පරාවලින් එන අය රැක ගත්තේ නැත්තන් මේක ඉක්මනටම ඉවරවෙල යයි.. අපි වගේ කීප දෙනක් දතකාගෙන උත්සහ කරාට වැඩක් නෑ..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නෑ නෙව......:dull:
    ඉදහං කෝ කුකුල්ලු සෙට් එකක් ඉන්නව ඔත්තුව දෙඥ්ඥං.....
    හදේ තිබුනත් හොයා ගනියි උන් ටික.......

    ela loku dheyak hoyala dunnoth oka .habei sinhala traslation eka
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැකැත් රාල;17087746 said:
    මන්තර සාස්තරේ අභාවයට යන එකක්.. පරම්පරාවලින් එන අය රැක ගත්තේ නැත්තන් මේක ඉක්මනටම ඉවරවෙල යයි.. අපි වගේ කීප දෙනක් දතකාගෙන උත්සහ කරාට වැඩක් නෑ..
    ow aniwa mama ipadune beliatte thaattha weligama mama podi kale dekapu dewal mathak weddi age hirigadu pipenawa eth dan nam sellam madu wage towilayak unath.okkoma winasha wela gihin.kanagatui
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ow aniwa mama ipadune beliatte thaattha weligama mama podi kale dekapu dewal mathak weddi age hirigadu pipenawa eth dan nam sellam madu wage towilayak unath.okkoma winasha wela gihin.kanagatui

    අපේ පරන සාත්තර විනාශ වෙනවට ආස කලු සුද්දෝ ටිකක් අවාසනාවට බිහිවෙලා ඉන්නවා බන්..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    නැකැත් රාල;17087539 said:
    ඕකට සරලම මනෝවිද්‍යාත්මක පිලිතුර මචන් ඊගෝ එක(ego) හොඳ උදාහරනයක් දෙන්නම්. මම මනෝවිද්‍යාව ඉගෙනගන්න කාලේ ඉගෙන ගත්ත දෙයක්.. මනෝ චිකිත්සනය සඳහා වැඩිපුරම යන්නේ ගෑනු පිරීමි ඉතාම සුලු පිරිසක් එන්නේ.(ජ්‍යොතිශ වේදින් හමුවෙනවටත් වඩා අඩුවෙන් පිරිමි මනෝ චිකිත්සනයට සම්භන්ධ වෙන්නේ) ඒකේ තේරුම පිරිමින්ට මානසික ආබාධ ගැටලූ නෑ කියන එක නෙමෙයිනේ.. නමුත් ඊගෝ එක නිසා පිරිමි හිතන්නේ සියල්ල තමාට තනියම කරගන්න පුලුවන් කියලා.. එයාලා උපදෙස් පතන්න තියන නැඹුරුව අඩුයි.. අන්න ඒකයි ප්‍රධාන හේතුව..
    :) ela
     
    Never Ever

    Member
    May 26, 2014
    32
    3
    0
    නැකැත් රාල;17087588 said:
    ප්‍රේතයන්ට වඩා බලවත් ඇස්වහ කටවහ
    ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

    zNCErOn.jpg

    ගසක බොහෝ‍ ගෙඩි සෑදී තිබේ. “අම්මෝ! මේ ගහේ තියෙන කොස්...” යැයි කෙනෙක් කියයි. මේ කියමන නිසා මින් මතුවට ඒ ගසෙහි කොස් සෑදීම නතර වේ. මෙසේ හොඳින් ඵල දැරූ ගස්වල ගෙඩි පොකුරු පිටින් කඩා වැටුණු අවස්ථා තිබේ. මේ වදන් ම තවත් කෙනෙකු ගේ මුවින් පිටවීමට පුළුවන. එහෙත් එහි කටවහක් නැත. කටවහක් වන්නේ ඇතැම් කාන්තාවක ගේ හෝ ඇතැම් පිරිමියකු ගේ මුවින් එසේ කීවේ නම් පමණක් බව මෙහිදී තේරුම් ‍ගත යුතුය.

    න සමාජයක ජීවත්වන මිනිසුන් ගේ මානසික තත්ත්වයන් විවිධාකාරය. එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය. එහෙත් ඒ කවර ජන කොට්ඨාසයක වුවද, උගත් නූගත්, බලවත් දුබල, කුලීන කුලහීන, ගිහි පැවිදි ආදී කුමන කොටසකට බෙදී සිටින ජන සමූහයකට වුවද, කවර ආගමක් ධර්මයක් විශ්වාස කරන නොකරන අය වුවද විශ්වාස කරන එක හා සමාන දේ වේ. ඒ ඇස්වහ, කටවහ, හෝවහ, සිත්වහ ආදිය පිළිබඳව පවත්නා විශ්වාසයන්ය. පෙරදිග, අපරදිග ආදී බෙදීමකින් තොරව, ගෝත්‍රික ලෙස බෙදී සිටි ප්‍රාථමික සංස්කෘතික අවදිවල පවා ජීවත්වන කණ්ඩායම් දෙස බැලූවිට මෙම වහවීම් පිළිබඳව විශ්වාසයක් පැවැති බව පැහැදිලිය.

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව අවධානය යොමු කරමු. උන්වහන්සේ දහම් කරුණු ඉදිරිපත් කරන්නේ එක්තරා ආකාරයක පිළිවෙළක් ඇතිකිරීමෙනි. එනම් යම් රූපගත කිරීමක් වැනි අපූර්ව පිළිවෙළක් එහි තිබේ. සරලව පැහැදිලි කරනවා නම් උන්වහන්සේ ගේ දහම් කොට්ඨාස මාත්‍රා පහෙන් පහට බෙදා දැක්වේ. ඊට හේතුව රාගී නොවී වීතරාගී කොට දේශනා කිරීමය. ධම්මචක්ක වැනි දේශනාවන්‍හි දී වඩාත් ආශිර්වාද ලෙස දේශනා කරන්නේ මාත්‍රා දෙකෙන් දෙකටය. මෙසේ ඛණ්ඩනය කොට පිරිත් දේශනා කරන්නේ ‘කටවහ’ නැති කොට ‘ආශිර්වාද’

    එමෙන්ම මෙවැනි දේ නැති බවට වාද විවාද පවත්වනවාට වඩා, එසේත් නැතිනම් එවැනි පුද්ගල චරිත සොයමින් අවමානයට ලක් කරනවාට වඩා මාස දෙකතුනකට වරක් හෝ ආශිර්වාදයක් ලබා ගැනීම වැදගත්ය. විශේෂයෙන් තමන් සමාජයේ වැඩ කරන කෙනෙක් නම්, ඉහළට යන කෙනෙක් නම්, කැපී පෙනෙන කෙනෙක් නම් ඔබ තුනුරුවන්ට වඩාත් සමීප විය යුතුය. දෙවියන්ගේ ආශිර්වාදයට සමීප විය යුතුය. මවුපියන් ඇසුරේ ජීවත් විය යුතුය. එවිට ඔබට සියලු දෝෂයන්ගෙන් මිදීමට ආශිර්වාද ලද හැකිය.
    Meka nam etta
    Samaharu innawa wachanen kiya ganna beri unath es karalawala hithuwath ethi anith kenawa settapochchi wenna
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Meka nam etta
    Samaharu innawa wachanen kiya ganna beri unath es karalawala hithuwath ethi anith kenawa settapochchi wenna

    ඔව් බන් මගේ යාලුවෙක් හිටියා උ ගෙදර ඇවිත් ගියදාට පහු වෙනිදා අපේ බල්ල අනිවා ලෙඩ වෙනවා.. ඌටත් එහෙම කටවහ සීන් එකක් තියනවා