~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන්ස්ලා Yamaha DT50 යේ තෙල් කොච්චර වැඩද:confused:පාට්ස් එහෙම හොයාගන්න තියද:confused:
    එකක් ගන්න කියලා හිතක් පහල උනා.ලොකු ලොකු වැඩ වලට නෙවෙයි,ආතල් එකට රවුමක් දාන්න වගේ :Dවැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද:confused:

    මෙන්න මේ වගේ එකක් ගැන තමයි අදහස තියෙන්නේ :cool:
    http://ikman.lk/en/ad/yamaha-dt-50-2000-for-sale-kalutara

    Honda MTX 50CC 1992
    http://ikman.lk/en/ad/honda-mtx-50cc-1992-for-sale-badulla-2


    Yamaha DT 125 89R 1997 මේකේ තෙල් වැඩ කිරීම ,පාට්ස් සුලභත්වය එහෙම කොහොමද

    http://ikman.lk/en/ad/yamaha-dt-125-89r-1997-for-sale-kegalle

    TZR125 XLR125 වගේ ඒවත් තියනවා මේ ළඟ ගණන් වලට යන
    දන්නා කියන උදවියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි
    දැන්ම 250 අලුත් එකකට යන්න බෑ:(තාම ඉගෙනගන්න නිසා:)මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ:yes:එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ:sorry:

    DT125 බඩු නම් ගන්න තියෙනවා . . .
    MTX නම් නැත.
    තෙල් නම් 40න් එහා කරයි. ටියුනප් එක තමා . . .
    හොඳට තියෙන, දුවන එකක් ගනින් . . .
    අැණයක් හරි මිසින්ග් නම් අතෑරලා දාපන් . .
    TZR එකත් හොඳ ඔප්ෂන් එකක් . . .
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    DT125 බඩු නම් ගන්න තියෙනවා . . .
    MTX නම් නැත.
    තෙල් නම් 40න් එහා කරයි. ටියුනප් එක තමා . . .
    හොඳට තියෙන, දුවන එකක් ගනින් . . .
    අැණයක් හරි මිසින්ග් නම් අතෑරලා දාපන් . .
    TZR එකත් හොඳ ඔප්ෂන් එකක් . . .

    DT125 TZR 125 එහෙම ඉක්මන් එකේ තියෙන්නේ 50කට වගේ,දැනට මාකට් ප්‍රයිස් යන්නේ ඒ ගානටද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Pedrosaගේ සයිස් එකටම ගැලපෙන බයික් එක බන් . . .
    පට්ට චරිතයක් පොර නම් . . . අවුරුදු ගානක් තිස්සේ Repsol ටීම් එකේ සහයට ඩැනී . . . නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්නේ . . . එ් වුනාට ටැලන්ට් එකේ අඩුවක් නෑ . . .
    Aragon රේස් එක බැලුවද . . . රොසීට හිතාගන්න බැරිවෙන්න අැති මොකක්ද මේ වෙන්නේ කියලා . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    DT125 TZR 125 එහෙම ඉක්මන් එකේ තියෙන්නේ 50කට වගේ,දැනට මාකට් ප්‍රයිස් යන්නේ ඒ ගානටද?

    ඔව් බන් . . . ඔය බයික් වලින් 99%ම දැන් කාලා විනාශ කරලා තියෙන්නේ . . . හොඳ එකක් හොයන එක පට්ට අමාරුයි . . . TZR 125 හොඳට තියෙන එකක් පැද්ද නම් අායේ ඉන්දියන් එ්වා දිහා බලන්නේවත් නෑ . . . කරුමෙට එහෙම එකක් හොයාගන්න නෑ . . . හොඳටම තියෙන එ්වා එකක්වත් දෙන්නේ නෑ . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    80717.jpg


    2016-kawasaki-ninja-zx10r.jpg


    All new 2016 Ninja ZX10R

    With WSBK Technology as we expected . . .

    207hp? ? ? :shocked:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    80717.jpg


    2016-kawasaki-ninja-zx10r.jpg


    All new 2016 Ninja ZX10R

    With WSBK Technology as we expected . . .


    මං දැක්කා මං දැක්කා...:yes:

    R1, S1000 දෙකටම ගේම දෙන්න තමා මුන් හදන්නේ.. ට්‍රැක් එකටම ෆෝකස් කරල එවයි අනීවා.. :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං දැක්කා මං දැක්කා...:yes:

    R1, S1000 දෙකටම ගේම දෙන්න තමා මුන් හදන්නේ.. ට්‍රැක් එකටම ෆෝකස් කරල එවයි අනීවා.. :cool:

    දැනට රිලීස් කරලා තියෙන ස්පෙක්ස් අනුව මේක ට්‍රැක් එකටම ගහපු බයික් එකක් . . . සස්පෙන්ෂන් කෙලින්ම අරන් තියෙන්නේ WSBK බයික් එකෙන් . . . එන්ජින් එක හයි එන්ඩ් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ . . . තනිකරම රේසින්ග් වලට ගැලපෙන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් තියෙන්නේ . . . රේසින්ග් වලට ගැලපෙන Close Ratio, Casset Type ගියර්බොක්ස් . . .
    මුන් එනපොට හොඳ නෑ . . . S1000RR එකට බබා හම්බෙයි වගේ . . .
    නිවුස් යන්නේ 207hp කියලා . . . එහෙම උනොත් S1000RR එකට වලක් කපන් වැලලෙන්න වෙන්නේ . . .
    මං කලිනුත් කිව්වේ . . .H2R එක ගහලා සද්ද නැතුවේ ඉන්නේ වැඩි හොඳකට නෙමෙයි කියලා . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනට රිලීස් කරලා තියෙන ස්පෙක්ස් අනුව මේක ට්‍රැක් එකටම ගහපු බයික් එකක් . . . සස්පෙන්ෂන් කෙලින්ම අරන් තියෙන්නේ WSBK බයික් එකෙන් . . . එන්ජින් එක හයි එන්ඩ් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ . . . තනිකරම රේසින්ග් වලට ගැලපෙන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් තියෙන්නේ . . . රේසින්ග් වලට ගැලපෙන Close Ratio, Casset Type ගියර්බොක්ස් . . .
    මුන් එනපොට හොඳ නෑ . . . S1000RR එකට බබා හම්බෙයි වගේ . . .
    නිවුස් යන්නේ 207hp කියලා . . . එහෙම උනොත් S1000RR එකට වලක් කපන් වැලලෙන්න වෙන්නේ . . .
    මං කලිනුත් කිව්වේ . . .H2R එක ගහලා සද්ද නැතුවේ ඉන්නේ වැඩි හොඳකට නෙමෙයි කියලා . . .

    207hp Naturally aspirated :shocked::shocked:
    කොහොමත් ඉස්සර ඉඳන්ම කවසාකි එවුන් පස්සට වෙලා ඉන්න කැමති සෙට් එකක් නෙමේ බයික් වලින්.:yes:
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    දැනට රිලීස් කරලා තියෙන ස්පෙක්ස් අනුව මේක ට්‍රැක් එකටම ගහපු බයික් එකක් . . . සස්පෙන්ෂන් කෙලින්ම අරන් තියෙන්නේ WSBK බයික් එකෙන් . . . එන්ජින් එක හයි එන්ඩ් එකට තමා ඩිසයින් කරලා තියෙන්නේ . . . තනිකරම රේසින්ග් වලට ගැලපෙන ඉලෙක්ට්‍රොනික් සිස්ටම් තියෙන්නේ . . . රේසින්ග් වලට ගැලපෙන Close Ratio, Casset Type ගියර්බොක්ස් . . .
    මුන් එනපොට හොඳ නෑ . . . S1000RR එකට බබා හම්බෙයි වගේ . . .
    නිවුස් යන්නේ 207hp කියලා . . . එහෙම උනොත් S1000RR එකට වලක් කපන් වැලලෙන්න වෙන්නේ . . .
    මං කලිනුත් කිව්වේ . . .H2R එක ගහලා සද්ද නැතුවේ ඉන්නේ වැඩි හොඳකට නෙමෙයි කියලා . . .

    එතකොට හොන්ඩා එකෙන් හදපු RC211/12/13 වගේ බයික් දැන් නැත්තෙ ඇයි ?
    ඒවා කාලයක් හොඳම බයික් වෙලා තිබුනා නේද ?.
    ඒවායේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා නේද ?
    නැත්නම් මේවා තාම තියනවා (එහෙමත් නැත්නම් රිප්ලේස් වෙලා, එක්කො තාම හොන්ඩා දුවන්නේ 2014 හදපු RC213V මද) අපි දන්නේ නැද්ද.
    මම රේසින් ගැනනම් දන්නෙ නෑ. වැරැද්දක් තියනවානම් කියලා දියන් මචෝ.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    එතකොට හොන්ඩා එකෙන් හදපු RC211/12/13 වගේ බයික් දැන් නැත්තෙ ඇයි ?
    ඒවා කාලයක් හොඳම බයික් වෙලා තිබුනා නේද ?.
    ඒවායේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා නේද ?
    නැත්නම් මේවා තාම තියනවා (එහෙමත් නැත්නම් රිප්ලේස් වෙලා) අපි දන්නේ නැද්ද.
    මම රේසින් ගැනනම් දන්නෙ නෑ. වැරැද්දක් තියනවානම් කියලා දියන් මචෝ.


    Honda RC211V, RC212V, RC213V කියන්නේ මචං MotoGP ඉවෙන්ට් එක වෙනුවෙන් හදන බයික් එකක් . . . මේ බයික් එකක්වත් සල්ලි දීලා ගන්න, එහෙමත් නැත්තන් Production බයික් නෙමෙයි . . . මේවට කියන්නේ Proto Type බයික් කියලා . . විශේෂ අරමුණක් වෙනුවෙන් තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ . . . ඔ්වට අමතරව Yamaha M1, Kawasaki ZXRR, Suzuki GSXRR, Ducati Desmosdici GP, වගේ බයික් සියල්ල MotoGP වෙනුවෙන්ම පමණක් හදන එ්වා . . . අපි දකින CBR, GSXR,ZXR,R1 වලට වඩා සම්පූර්ණ වෙනස් බයික් මේවා . . . සාමාන්‍යයෙන් 230hp වඩා වැඩි පවර් එකක් තියෙනවා . . . උපරිම වේගය 340kmph වලට වඩා වැඩියි . . .
    කලින් කිව්වා වගේ මේවා සල්ලි දීලා ගන්න බෑ . . . හැබැයි ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න උන් වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නිසා ඔය බයික් වල තික්ෂණයෙන් පොඩ්ඩක් දාලා පාරේ පදින්න හදපු බයික් කීපයක් අාවා . . . හැබැයි සාමාන්‍ය Sport කාර් එකකටත් වඩා ගණන් . . . එ්වා තමයි Ducati Desmosdici RR, Honda RC213V-S වගේ බයික් . . .මේවා ලිමිටඩ් එඩිෂන් බයික් . . . බයික් පොඩි ප්‍රමාණයක් තමා හදන්නේ . . .

    බයික් රේසින්ග් කරන කෙනෙක්ට යන්න පුලුවන් ඉහළම තරඟය තමා MotoGP කියන්නේ . . . හරියට ඔලිම්පික් වගේ . . ඊළඟ තරඟය තමා WSBK, සුද්ද සිංහලෙන් නම් World Superbike Championship . . . මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ඉවෙන්ට් එකට පාවිච්චි කරන්න පුලුවන් Production කැටගරියට අයිති බයික් පමණයි. එ් කියන්නේ දැනට පවතින නීති අනුව වසරකට බයික් 1500කට වඩා නිෂ්පාදනය කරන බයික් විතරයි. (දැන් 1500ද කියලා හරියටම ෂුවර් නැහැ. . . කලින් නම් 1500 තිබ්බේ.)
    එ් කියන්නේ අපි පාරේ පදින්න ගන්න CBR1000RR, R1, GSX1000R, ZX10R, S1000RR, RSV4 වගේ බයික්ස් . . .
    මේවා අරන් ට්‍රැක් එකේ පදින්න පුලුවන් විදියට මොඩිෆයි කරනවා . . . මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන ඉසව් 4ක් තියෙනවා . එතැනිනුත් ඉවෙන්ට් 2ක් තමා අතිශයින්ම තරඟකාරීත්වයක් දකින්න ලැබෙන්නේ . .

    1. Superbike Championship : 1000cc (4 cylinder), 1200cc (2 cylinder)

    2. Super Sport Championship : 600cc (4 cylinder), 675cc (3 Cylinder), 750cc (2 cylinder) *මේ ලිමිට් එක 850cc කරා මතක විදියට*

    මේ කිව්ව ඉවෙන්ට් එකේ තමා ගොඩක් විට නිෂ්පාදකයෝ මරා ගන්නේ . . .
    90 ගණන් වල මේ ඉවෙන්ට් එක ටාගට් කරලම බයික් හැදුවා නිෂ්පාදකයෝ . . . එ් නිසා මේ ඉවෙන්ට් එකේ නීති වලට ගැලපෙන්න බයික් 1500ක් විතරක් හදපුවා තියෙනවා . . . එ් අතරින් Yamaha R7, Honda RVF750R (RC45), Honda VFR750R (RC30), Honda VTR1000R (RC51), Ducati 999R වගේ බයික් විශේෂයි . . . සාමාන්‍යයෙන් RC45 එහෙමත් නැත්තන් RVF750R බයික් එකක් විකිණෙන ගානට දැනට තියෙන 1000cc Japanese Sportbike 4ම ගන්න පුලුවන් Brand New . . .
    එහෙම ගන්නත් බයික් නෑ . . .

    සාමාන්‍යයෙන් RC45 බයික් එකක් ගත්තම ට්‍රැක් එකේ දුවන එකකයි, පාරේ පදින ( පාරේ පදින්නේ නෑ ගොඩක්විට) එකකුයි අතරේ ලොකු වෙනසක් නැහැ . . . මොකද එ් කාලේ තිබ්බ උපරිම තාක්ෂණය තමා බයික් වලට දැම්මේ . . .
    දැන් එහෙම නැහැ . . . ට්‍රැක් එකේ, එහෙමත් නැත්තන් WSBK දුවන CBR1000RR එකයි අපි ගන්න CBR1000RR එකයි අතරේ ලොකු වෙනස්කමක් තියෙනවා . . . අනික RC45, R7 වගේ හොයාගන්න අමාරුත් නැහැ . . .

    කෙසේ වෙතත් ඔය කිව්ව RC30,RC45,R7 වගේ බයික් දැනට තියෙන Superbike එකක් තරම් වේගවත් නැහැ . . . නමුත් මේවා තනිකරම රේසින්ග් සඳහාම ඉපදුනු බයික් . . . තනිකරම මිකැනිකල් බයික් . . . අලුත් බයික් වලින් වැඩ දාන අයට මේකක් දුන්නොත් කරකලා අතහැරියා වගේ . . . Traction Control, Wheelie Control, ABS, Active Suspension, blaa blaa මේවගේ නෑ . . . අවාසනාවකට ඔය බයික් එකක්වත් ලංකාවේ තියෙනවා කියලා වර්තාවෙලා නෑ . . . RC51 නම් 2ක් ලංකාවේ තියෙනවා කියලා කියනවා . . . එකක් නම් දැකලා තියෙනවා. . . ඔය වගේ බයික් එකක් පදින කොට දැනෙන විදිය ලංකාවේ එකෙක්ට නම් බලාගන්න තියෙන එකම අවස්ථාව NSR250R, VFR400R NC30, ZXR400, වගේ එකක් පදින එක . . . එ් අතින් මම නම් වාසනාවන්තයි. . .

    දැනට Production බයික් අතරින් Fastest Bike එක විදියට කප් එක ගහලා තියෙන්නේ BMW S1000RR එක . . . හැබැයි 2012 ඉඳන්ම Kawasaki ZX10R එක WSBK එකේ වැඩ පෙන්නනවා . . . හැබැයි පාරෙදි S1000RR හමුවේ අසරණ වෙනවා . .(Stock තත්ව යටතේදී) . . . හැමෝම බලන් ඉන්නේ ZX10R එක ඉස්සරහට එනකල් . . . කලින් කිව්වා වගේ 2016 එක 207hp උනොත් BMW S1KRR එකට බබා ලැබෙනවා . . . අලුත් R1M එකත් නරකම නැහැ . . . Honda, Suzuki දෙගොල්ලම තාම පිසුපෙල තමා ක්‍රීඩා කරන්නේ . .
    Ducati ගැන කියන්න දෙයක් නෑ . . . කන්ට්‍රෝල් කරගෙන පදින්න පුලුවන්නම් ගොඩ . . . මල පැනපු කුළු මිමෙක් වගේ . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    2015 MotoGP championship එකට භාවිතා කරන බයික්ස්

    1. Honda RC213V
    2. Yamaha M1
    3. Ducati Desmosdici GP15
    4. Suzuki GSX-RR
    5. Aprilia RS-GP

    2015 WSBK එකට භාවිතා කරන බයික්ස්

    Superbike Category

    1. Kawasaki ZX10R
    2. YamahaYZF R1
    3. Honda CBR1000RR SP
    4. Ducati Panigale R
    5. MV Agusta F4 RR
    6. BMW S1000RR
    7. Aprilia RSV4 RF
    8. Suzuki GSXR 1000

    Supersport Category

    1. Yamaha R6
    2. Kawasaki ZX6R
    3. MV Agusta F3 675
    4. Triumph 675R
    5. Suzuki GSXR 600
    6. Honda CBR600RR
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    Honda RC211V, RC212V, RC213V කියන්නේ මචං MotoGP ඉවෙන්ට් එක වෙනුවෙන් හදන බයික් එකක් . . . මේ බයික් එකක්වත් සල්ලි දීලා ගන්න, එහෙමත් නැත්තන් Production බයික් නෙමෙයි . . . මේවට කියන්නේ Proto Type බයික් කියලා . . විශේෂ අරමුණක් වෙනුවෙන් තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ . . . +++ etc.

    කලින් කිව්වා වගේ මේවා සල්ලි දීලා ගන්න බෑ . . . හැබැයි ඉතින් සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න උන් වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නිසා ඔය බයික් වල තික්ෂණයෙන් පොඩ්ඩක් දාලා පාරේ පදින්න හදපු බයික් කීපයක් අාවා . +++ etc.

    බයික් රේසින්ග් කරන කෙනෙක්ට යන්න පුලුවන් ඉහළම තරඟය තමා MotoGP කියන්නේ . . . හරියට ඔලිම්පික් වගේ . . ඊළඟ තරඟය තමා WSBK, සුද්ද සිංහලෙන් නම් World Superbike Championship . . . මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ඉවෙන්ට් එකට පාවිච්චි කරන්න පුලුවන් Production කැටගරියට අයිති බයික් පමණයි. +++ etc.

    උඹ නම් යකෙක් බන්. ඒ කොහොමහරි මුල ඉඳලම මගේ Bike රේසින් ගැන තිබුණ අවුල ලිහා ගත්තා.
    ස්තුතියි මචෝ මහන්සිය නොබලා ටයිප් කලාට.
    මට මෙන්න මේකත් පොඩ්ඩක් කියපන්, එතකොට WSBK 2015 standings වල SBK හොඳම රයිඩර් CBR පදින එකා,
    ඒ වගේම SSP වල 4, 10 ත් CBR පදින එවුන්.
    ඒත් Championship Standings වල SBK, SSP මුලින් ඉන්නෙ Kawasaki. මේකේ ස්ටෑන්ඩින්ග්ස් හදන්නෙ ටීම් වල පර්ෆෝමන්ස් අනුවද ?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උඹ නම් යකෙක් බන්. ඒ කොහොමහරි මුල ඉඳලම මගේ Bike රේසින් ගැන තිබුණ අවුල ලිහා ගත්තා.
    ස්තුතියි මචෝ මහන්සිය නොබලා ටයිප් කලාට.
    මට මෙන්න මේකත් පොඩ්ඩක් කියපන්, එතකොට WSBK 2015 standings වල SBK හොඳම රයිඩර් CBR පදින එකා,
    ඒ වගේම SSP වල 4, 10 ත් CBR පදින එවුන්.
    ඒත් Championship Standings වල SBK, SSP මුලින් ඉන්නෙ Kawasaki. මේකේ ස්ටෑන්ඩින්ග්ස් හදන්නෙ ටීම් වල පර්ෆෝමන්ස් අනුවද ?

    WSBK වල SBK, SSP, STK කැටගරි තුනේම Championship 2ක් තියෙනවා . . .
    එකක් Riders Championship, අනික Manufactures Championship එක . . .

    Riders Championship එකට ලකුණු ලැබෙන්නේ අදාල රයිඩර් තරඟය අවසන් කරන ස්ථානය අනුව . . .
    Manufactures Championship එකට ලකුණු ලැබෙන්නේ අදාල නිෂ්පාදකයාගේ බයික් තරඟය අවසන් කරන පිලිවෙල අනුව . . .
    උදාහරණයක් ගත්තොත්,
    අපි හිතමු අද තියෙන තරඟයෙදී XX කියන ටීම් එකේ X කියන රයිඩර් පළවෙනි තැන ගත්තා කියලා . . . දෙවැනි තැන YY ටීම් එකේ Y රයිඩර් ගන්නවා . . . දැන් X රයිඩර්ට ලකුණු 25ක් ලැබෙනවා . . . XX team එකටත් ලකුණු 25ක් ලැබෙනවා . . .YY team එකට ලකුණු 20යි, Y riderට ලකුණු20 යි . . . අපි හිතමු 3න් වෙනියට තරඟය ඉවර කරන්නේ YY ටීම් එකේම, Z කියන රයිඩර් කියලා . . . එතකොට Z රයිඩර්ට ලකුණු 16ක් ලැබෙනවා . . .YY ටීම් එකට තවත් ලකුණු 16 ක් ලැබෙනවා . . . ඉතුරු ස්ථාන ටික එකිනෙකට වෙනස් ටීම් වල රයිඩර්ලට ලැබුණා කියමුකෝ . . (AA,BB,CC . . . වගේ . .) . . . දැන් ඔකොම ලකුණු බැලුවම අද තරඟය අවසන් වෙනකොට,

    Riders Championship Standings
    1. X - XX Team - 25 points
    2. Y - YY Team - 20 points
    3. Z - YY Team - 16 points

    Manufactures Championship
    1. YY Team = 36 points
    2. XX team = 25 points

    ඔන්න ඔහොමයි ලකුණු ලැබෙන්නේ . . . එ් නිසයි සමහර අවස්ථාවල 1st වෙන රයිඩර්ගේ ටීම් එක 1st නොවෙන්නේ . . .

    මේ සැරේ නම් SBK, SSP දෙකේම Championship දෙකම Kawasaki Riders ලා සහ Kawasaki Team එක ගන්නේ . . .
     
    Last edited:
    • Like
    Reactions: laMir

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    WSBK වල SBK, SSP, STK කැටගරි තුනේම Championship 2ක් තියෙනවා . . .
    එකක් Riders Championship, අනික Manufactures Championship එක . ++ + etc. . .


    මේ සැරේ නම් SBK, SSP දෙකේම Championship දෙකම Kawasaki Riders ලා සහ Kawasaki Team එක ගන්නේ . . .

    එල ! ස්තුතියි ආයෙත්. උඹ මොනව හරි කියන්න ගිහාම මුල ඉඳ අගටම කියනවා මචෝ. ඕනි එකෙක්ට එක කමෙන්ට් එකෙන් තේරෙනවා වැඩේ.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල ! ස්තුතියි ආයෙත්. උඹ මොනව හරි කියන්න ගිහාම මුල ඉඳ අගටම කියනවා මචෝ. ඕනි එකෙක්ට එක කමෙන්ට් එකෙන් තේරෙනවා වැඩේ.

    එළ ! ! ! ලෝකේ තියෙන බහුතරයක් මොටර් රථ, බයික් තරඟ වල ඔය ක්‍රමය තමා පාවිච්චි කරන්නේ . . .
    MotoGP, F1, WTCC, BTCC, MXGP.... blaah blaah . . . .

    එ් වුනාට මේ පුරුද්ද නිසා මට සෑහෙන්න පාඩුවෙලා තියෙනවා . . . සෑහෙන්න බැනුම් අහලත් තියෙනවා . . . :rofl:
     
    Last edited:

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    එළ ! ! ! ලෝකේ තියෙන බහුතරයක් මොටර් රථ, බයික් තරඟ වල ඔය ක්‍රමය තමා පාවිච්චි කරන්නේ . . .
    MotoGP, F1, WTCC, BTCC, MXGP.... blaah blaah . . . .

    එ් වුනාට මේ පුරුද්ද නිසා මට සෑහෙන්න පාඩුවෙලා තියෙනවා . . . සෑහෙන්න බැනුම් අහලත් තියෙනවා . . . :rofl:

    ඒක නම් ඇත්ත වෙන්න ඇති මචෝ.
    මට තේරෙනවා, අපිත් මේ වැඩකරන වෙලාවෙනෙ කිරියට වෙලා ත්‍රෙඩ් කියව කියව කමෙන්ට් දම දමා ඉන්නෙ. ඉතින් උඹට තියන වගකීම් එක්ක බැනුම් අහන්න වෙන්නෙත් පොඩියට නෙමෙයි වෙන්න ඇති :sorry:.
    කොහොම හරි මට නම් මේ වැඩ වගේ නෙමෙයි අප්පා.. කාර් එකක්, බයික් එකක් ගැන කියව කියව ඉන්න තියන කොට :lol:.
    බැනුම් අහන්නෙ පස්සෙනෙ කියලමයි හිතෙන්නෙ:eek:.
    කොහොම හරි උඹ ලියල තියන ත්‍රෙඩ් ගැන ආයිත් කියන් දෙයක් නෑ, සුපිරි !
    මම ඒවට ස්තුතියි කියල පීඑම් කරලත් ඇති. එත් මචෝ උඹේ ඉන්බොක්ස් එක කොහොමත් 200+ අන්රීඩ් ඇත්තෙ. ඒවා කියවන්න වෙන්නෙ නෑනෙ, එහෙව් එකේ මෙතනම කියන්නම් ලියල තියන ත්‍රෙඩ් වලටත් ස්තුතියි කියල.