Mokakda bn product eka ochchama awl yana ubalage gewal wala ewnta.
මට තේරෙන්නේ නෑ බන්.අපේ රටේ මිනිස්සුන්ගේ ඇටිට්යුඩ් වල අවුලක් තියෙනවා මට හිතෙන හැටියට.අපේ රටේ තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නෙමේ.
උදාහරණයක් අරන් කිව්වොත් අපේ රටේ කුඩ නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන ෆැක්ටරි දෙකක් මම දන්න තරමින්.එකක් රේන්කෝ අනිත් එක පෙන්ග්යුයින්.
නමුත් ඔය ෆැක්ටරි මුලින් හදන්ඩ කලින් මම ඕක මුලින් හදන්ඩ ගත්ත කියමුකෝ.මට හදන්ඩ වෙන්නේ ගෙයි කොහෙ හරි කාඹර කෑල්ලක සේවකයෝ එක්කෙනෙක් දෙන්නෙක් දාගෙන.
මිනිස්සු මට මොනව කියයිද? මාව කෙලින්ම පාච්චල් කරන්නේ කුඩ කාරයා කියලා.කෙලින්ම දෙකේ කොලේ තමා.
ගොට්ටක් හැදුවොත් ගොටු කාරයා.
මේකෙම එකෙක් මට කිව්ව මූ හදන්ඩ යන්නේ පුන්නක්කු . මූ පුන්නක්කු කාරයෙක් කිව්ව.
හඳුන්කූරු හැදුවොත් ඕකා හඳුන්කූරු කාරයා.
හැබැයි සිද්ධාලේප හරි බාක්ලීට්ලා හරි හඳුන් කූරු හැදුවට හඳුන්කූරු කාරයා කියනවද? නෑ.
හැබැයි ඒ ටෙක්නෝලොජි එකම යූස් කරලා මම හැදුවොත්? මම හඳුන්කූරු කාරයා.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ කටපාඩම් කරපු මනුස්සයට දිනුම දෙන උගත්කමට පමණක් සලකන අධ්‍යාපන ක්‍රමයක්. ඒකයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සේවා වලට වෙන්වෙලා තියෙන්නේ.ඒකයි අපේ රටේ අධ්‍යාපන පලදායිතාවය.ඒ හින්දයි අද ඉගෙනගෙන මිනිස්සු රට පනින්නේ.
මන්ද මම වැරදි වෙන්ඩත් පුලුවන් . නමුත් ඕකයි තත්වය