Finally, I did it......Thanks to all

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුභ පතපු ගොඩ දෙනෙක් ඉන්නවා.වෙන වෙනම කොට් කරන්ඩ ගියොත් ත්‍රෙඩ් එක දිග වෙයි.ඒ හින්ද ඒ සේරටම පොදුවේ ස්තූතියි කියනවා.:love:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Mokakda bn product eka ochchama awl yana ubalage gewal wala ewnta.

    මට තේරෙන්නේ නෑ බන්.අපේ රටේ මිනිස්සුන්ගේ ඇටිට්යුඩ් වල අවුලක් තියෙනවා මට හිතෙන හැටියට.අපේ රටේ තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් නෙමේ.
    උදාහරණයක් අරන් කිව්වොත් අපේ රටේ කුඩ නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන ෆැක්ටරි දෙකක් මම දන්න තරමින්.එකක් රේන්කෝ අනිත් එක පෙන්ග්යුයින්.
    නමුත් ඔය ෆැක්ටරි මුලින් හදන්ඩ කලින් මම ඕක මුලින් හදන්ඩ ගත්ත කියමුකෝ.මට හදන්ඩ වෙන්නේ ගෙයි කොහෙ හරි කාඹර කෑල්ලක සේවකයෝ එක්කෙනෙක් දෙන්නෙක් දාගෙන.
    මිනිස්සු මට මොනව කියයිද? මාව කෙලින්ම පාච්චල් කරන්නේ කුඩ කාරයා කියලා.කෙලින්ම දෙකේ කොලේ තමා.
    ගොට්ටක් හැදුවොත් ගොටු කාරයා.
    මේකෙම එකෙක් මට කිව්ව මූ හදන්ඩ යන්නේ පුන්නක්කු . මූ පුන්නක්කු කාරයෙක් කිව්ව.
    හඳුන්කූරු හැදුවොත් ඕකා හඳුන්කූරු කාරයා.
    හැබැයි සිද්ධාලේප හරි බාක්ලීට්ලා හරි හඳුන් කූරු හැදුවට හඳුන්කූරු කාරයා කියනවද? නෑ.
    හැබැයි ඒ ටෙක්නෝලොජි එකම යූස් කරලා මම හැදුවොත්? මම හඳුන්කූරු කාරයා.

    අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ කටපාඩම් කරපු මනුස්සයට දිනුම දෙන උගත්කමට පමණක් සලකන අධ්‍යාපන ක්‍රමයක්. ඒකයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සේවා වලට වෙන්වෙලා තියෙන්නේ.ඒකයි අපේ රටේ අධ්‍යාපන පලදායිතාවය.ඒ හින්දයි අද ඉගෙනගෙන මිනිස්සු රට පනින්නේ.
    මන්ද මම වැරදි වෙන්ඩත් පුලුවන් . නමුත් ඕකයි තත්වය
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ජය වේවා මචන්, අනුන්ගේ යට ඉන්නේ නැතුව තමන්ගේ දෙයක් කරන එක සිරා.
    වැඩේ පටන් ගත්ත හැටි කියල දීපන්, (product එකේ නම ඕන නෑ, secret නම්)
    කොහොමට void එක අඳුර ගත්තේ, ජපන් අය set කර ගත්තේ කොහොමද?, capital එක හෙව්වේ කොහොමද? අවශ්‍ය බඩු import process එක හා marketing වගේ දේවල් ටිකක්


    ස්තූතියි.
    සීක්‍රට් නෑ බන්.නමුත් ටිකක් ස්ටැබ්ලිෂ් වෙනකන් කාලයක් සද්ද නැතුව නිහඬව කරගෙන යන්ඩ හිතන් ඉන්නේ.ඉල්ලුමෙන් 1%ක් වත් දීගන්ඩ මම ගාව බඩු නෑ. ඒහින්ද සද්ද නැතුව ටික කාලයක් හෙමින් යන්ඩ වෙනවා.

    කැපිටල් එක හෙව්වේ කියන්නේ මහා ලොකු කැපිටල් එකක් මේකට දාලා නෑ.ජොබ් එකෙන් අයින් වුනේ කැපිටල් එක හොයාගෙන.නමුත් අතර මැද්දදි ඒක මදි වෙලා ගෙදරින් ඉල්ල ගත්ත.
    මමම සේරම තනියෙම ඉගෙනගෙන තනියම හැඬල් කරගත්තු නිසා තමයි මේ තරම් ලෝ බජට් එකකින් මේ ටික ගොඩ දාගත්තේ.නමුත් පිටින් බඩු අරන් කරන්ඩ ගියා නම් අනිවා මේ වගේ තුන් ගුනයක්වත් වියදම් කරන්ඩ වේයි මට හිතෙන හැටියට.

    වොයිඩ් එක හඳුනාගන්න එක තමා බලන කෝණෙත් එක්ක සාපේක්ෂයි.විමසිලිමත් භාවය තමයි.
    සාමාන්‍යයෙන් බිස්නස් එකක් ඕක කොටස් තුනකට කැඩෙනවා.
    අයිඩියා ජෙනරේෂන් + එවැලුවේෂන් + එක්සිකියුෂන්

    මේ ඊයේ වෙච්ච සිරා සීන් එකක්ම උදාහරනයකට ගන්නම්.
    මම ඊයේ බයික් එකේ පෙට්‍රල් නැතුව කඩේකට ගියා පෙට්‍රල් බෝතලයක් ගහගන්ඩ. මුදලාලි හෙන බූලියකින් ගෙනත් පෙට්‍රල් බෝතලේට වත් කලේ.බූලියේ කට ලොකු වැඩිකමට බූලියේ පෙට්‍රල් පිරිලා තියෙනකොට ඔක්කොම පිටාර යනවා.ඒක වලක්වගන්ඩ කාඩ්බෝඩ් වලින් බූලියේ කරට දාලා තිබ්බ පොඩි ට්‍රේ එකක් හදාගෙන.ඒක කාඩ්බෝඩ් හන්ද පෙඟිලා පෙට්‍රල් වැක්කෙරෙනවා.

    අන්න මී කුණක්. ඒක තමයි අයිඩියා එක.
    ඊළඟට තියෙන්නේ එවැලුවේෂන් ඇන්ඩ් එක්සිකියුෂන් පාට් දෙක.

    එවැලුවේෂන් පාට් එකේදි මේක හදන්ඩ පුලුවන්ද කොහමද හැදෙන්ඩ ඕනේ මොනවද තියෙන අභියෝග මාර්කට් වැලිව් එකක් තියෙනවද මාර්කට් වැලිව් එකක් හදන්නේ කොහොමද ප්‍රඩක්ෂන් ප්‍රොසීඩියර් සහ කොස්ට් එක, මෝල්ඩ් එකට කොච්චර යනවද, කොහොමද මාජිනල් කොස්ට් කිය්යද? අනෙක් අයගෙන් අදහස් ගන්ඩ ඕනේ.
    ඔය විදිහට අනු මාතෘකා හදාගෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්ඩ ඕනේ.
    ඊළඟට තියෙන්නේ එක්සිකියුෂන් පාට් එක.
    එවැලුවේෂන් පාට් එකේදි ගණනය කිරීම් ක්‍රියාත්මක කිරීම ඊලඟට තියෙන්නේ. අයිඩියා එක ක්‍රියාත්මක භාවයට පත්වෙන්නේ මේ ස්ටේජ් එකේදි .
    ක්‍රියාත්මක කිරන්ඩ සල්ලි ඕනේ.නැත්තන් ඉන්වෙස්ටර් කෙනෙක් ඕනේ.මේ වගේ පොඩි දේවල් හදන්ඩ ලොකූ වියදම් යන්නේ නෑ.ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නව නම් එයාගේ ඉන්වෙස්ට් එක කීයද ? එයාගේ ප්‍රොෆිට් පර්සන්ටේජ් එක කීයද ? අවුරුදු කීයකටද ඉන්වෙස්ට් එක ? පුල් අවුට් කන්ඩිෂන් මොනවද? ඕවගේ දේවල් කතා කරලා ඇග්‍රීමන්ට් එකකට එන්ඩ ඕනේ.

    ටෙක්නිකල් ෆේලියර්ස් ,මැටීරියල් ෆේලියර්ස් එකී මෙකී නොකී සේරම එන්නේ මෙතනදි.ඉවසීම තියෙන්ඩ ඕනේ මෙතනදි.ඔවර්හෙඩ්ස් එන්ඩ පටන් ගන්නවා අනිවා.ඒවා හැඬල් කරගන්ඩ පුලුවන් වෙන්ඩ ඕනේ. මෙන්ටල් ස්ට්‍රෙන්ග්ත් එක අනිවා. වැරදෙන්ඩ වැරදෙන්ඩ අත අරින්ඩ නරකයි.වැරදීම් 100ක් තියෙනවා නම් ඊළඟ ටෙස්ටින් එකේදි ඒක අඩුමගානේ 90 කටවත් බස්ස ගන්ඩ ඕනේ.එහෙම ටිකෙන් ටික අන්තිම දක්වා ඇදන් යන්ඩ ඕනේ.

    ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝට්

    හව්ටු බිකම් ජෙනුයින් බිස්නස් මන්.

    ඕක යටතේ එන හැම රූල් එකක්ම ෆලෝ කරන්ඩ.
    තමුන් ජෙනුයින් වුනොත් විතරයි තවත් ඒ වගේම ජෙනුයින් බිස්නස් කරන අයව අඳුර ගන්ඩ පුලුවන්.විශේෂයෙන් චයින එක්ක බිස්නස් කරනකොට.මුලින් තමාට හැඬල් කරන්ඩ වෙන්නේ පුංචි කොන්ටිටි එකක් හින්ද කිසිම තැනකදි වැරදීම් වෙන්ඩ බෑ.විශේෂයෙන් නෙගෝෂියේෂන් වලදි පවා.චයිනීස් ෆැක්ටරිස් පුංචි කොන්ටිටි කෙයාර් කරන්නේ නෑ.
    හැබැයි ඔයා ජෙනියුන් විදිහට කතා කලොත් අනිවා ඔයාට උදව් කරනවා.බයින් ඇන්ඩ් සෙලින් වලට නම් උදව් කරන්නේ නෑ. හැබැයි ෆැක්ටරි ප්‍රඩක්ෂන් වලට නම් තමුන් එක්ක කතා කරද්දි ඒගොල්ලන්ට තේරෙනවා දෙගොල්ලන්ටම අනාගතයක් මේ බිස්නස් එකෙන් තියෙයි කියලා. ඒ හින්ද පුංචි කොන්ටිටි එකක් වුනත් ඒ ගොල්ලෝ උදව් නොකර ඉන්නේ නෑ.බිස්නස් කමියුනිකේශන් කියන්නේ ඉතින් ආයේ නෑ තිතටම තියෙන්ඩ ඕනේ.
    සර්ටිෆිකේෂන් ඇන්ඩ් වෙරිෆිකේෂන් ප්‍රොසීඩ්යර්ස් තියෙනවා ඒවා ඉගෙනගෙන ෆලෝ කරන්ඩ වෙනවා.
    මාර්කටින් මම තාම කරල නෑ.නමුත් එවැලුවේෂන් ප්‍රොසෙස් එකේදි මයික්‍රෝ ඉකොනොමික්ස් වලදි ඒවට අවශ්‍ය වෙන් කිරීම් සිද්ද කෙරෙනවා. එච්චර සංකීර්න වැඩිනම් ප්‍රඩක්ට් කොස්ට් එක 4 න් වැඩි කරලා එන ගාන ෆයිනල් කොස්ට් විදිහට දළ වශයෙන් අයිඩියා එකක් හදාගන්ඩ.

    තව දේවල් තියෙනවා ඉගෙන ගන්ඩ.මමත් හොයාගෙන ඉගෙනගෙන තමයි කරන්නේ.වන් මෑන් ෂෝ එකක් කරන්ඩ තරමට ස්ට්‍රෙන්ත් එකක් හදාගන්ඩ වෙනවා මුලදි. එකවුන්ට්ස් ,ලේබර් ප්‍රොසීඩියර්ස්,කස්ටම් ක්ලියරන්ස්,ටැක්ස් ඔය සේරම මගුල් ඉගෙන ගන්ඩ වෙච්ච හින්ද තමයි අවුරුදු 3ක් ගියේ. ආයේ නෑ ඉතින් රස්සාවක් නැති අපත ගානට වැටෙන්ඩ වෙනවා. කට්ට කියන්නේ ඉතින් ඒක තමයි. අතේ සතේ නැති කොල්ලෙක්ගේ හැටි ආයේ ඉතින් කියන්ඩ ඕනේ නෑනේ.ඔය කාලය තුල කෙලින්ම ෆේලියර් කෙනෙක්ගේ ස්වභාවය සම්පූර්ණෙන් තියෙන්නේ.කිසිම කෙනෙක් උඹව ගනන් ගන්නේ නෑ.පිල් විදහාගෙන රඟන මොනරු අස්සෙන් උඹට තෙමිච්ච කුකුලෙක් ගානට යන්ඩ වෙන්නේ.මොකද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් වැඩිපුර හැදෙන්නේ මොනරු.


     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    11.gif
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ උඹේ පාරෙ තාම අල්ලගෙන හොයාගෙන යන එකෙක් විදියට පට්ටම සන්තෝසයි බන්, කවදාහරි දවසක අපි හම්බවෙයි සමහරවිට ව්‍යාපාර සැසියක.:):):):)
     
    • Like
    Reactions: Melon8