මිරිස් කරල් ටිකක් වේලෙන්න දැම්මා - පින්තුර ටිකක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අපේ ගෙදර කෑම වලට් අවශ්‍ය වෙන මිරිස් කුඩු, කෑලි මිරිස් වගේ ඒවා අපි හදාගන්න විදිය ගැන තමයි මේ.

    කඩේන් මිරිස් කුඩු, කෑලි මිරිස් ගද්දි ඒවායේ ගුණාත්මක භාවය සහ ගෙවන මුදල ගැන සැහීමකට පත්වෙන්න බැහැ.

    සාමාන්‍යයෙන් කඩෙන් ගන්නකොට කෑලි මිරිස්, මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් දෙසීයට වැඩියි. කිලෝ එකක් ගද්දි රුපියල් 2,000 ක් වත් වෙනවා.

    ඒ නිසා මම කරන්නේ මිරිස් කරල් අරගෙන රොඩු අයින් කරලා ඒවා තෙත රෙදි කෑල්ලකින් පිහලා වේලෙන එක දවසක් දෙකක්. ඊට පස්සේ නැටි කඩලා අයින් කරලා, කරල් ටික මිරිස් අඹරන මෝලට ගිහින් අවශ්‍ය පරිදි කෑලි මිරිස් සහ මිරිස් කුඩු හදා ගන්න එක. මිරිස් කරල් කිලෝ එකක් රුපියල් 900 ක් වගේ වෙන්නේ.

    මේවායේ රොඩු අයින් කරලා වේලලා ගත්තම ඒක ග්‍රෑම් 900 ක් වගේ වෙනවා.

    කුඩු කරගන්න යන්නේ රුපියල් 100 ට අඩුවෙන්.

    ඉතින් මුදල එකට එකක් ලාබයි.

    කඩේ මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 200 ට වැඩියි. අපි මෙහම හදා ගද්දි වියදම රුපියල් 100 ක් වගේ. එකට එකක් අඩුයි.

    අනික තමයි ලාබයට වඩා ගුණාත්මක බව සහ සැර වැඩියි.

    ඉතිං අද උදේ මේ වැඩේ කරද්දී පහල පින්තුර ටික ගත්තේ.

    1.jpg


    2.jpg


    ඔන්න අයින් කරපු රොඩු. පස් කැට, හිසකේ ගස්. ලෝම, ගොම් බෙටි පවා තියෙනවා.

    3.jpg


    4.jpg


    5.jpg


    අනික මිරිස් කරල් වල වගේ දුවිලි කුණු බැඳිලා තියෙන්නේ.

    අපි කඩෙන් ගන්නකොට මේවා කොහොම හදනවද කියලා දන්නේ නැහැනේ.

    ඉතිං ඔයලා මේ ගැන සැලකිලිමත් වෙන්න.

    ඒ අස්සේ පොල් ගෙඩි ටිකකුත් වේලෙන්න දැම්මා. පොල්තෙල් හදා ගන්න.

    6.jpg



    - මාගේ වෙනත් ත්‍රෙඩ් -

    1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්

    2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

    3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    8) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    11) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    12) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    13) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

    14) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    15) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්

    ස්තුතියි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඉන්දියන් මිරිස්වල කෙමිකල් නිසා ඔහොම කරන ඵක හොඳයි..
    ඔව්.
    මෙහෙම කරන්න කැමති, එත් අමාරු වැඩක් නෙ.
    මට වේලාව තියෙනවනේ.
    gammirisuth hadanawada ohoma?

    Gram 100ya 100ya ewapan nana!
    ගම්මිරිස් ඔහොම වේලලා හැදුවා. ඒක මිට වැඩිය මහන්සි වෙන්න ඕනි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,878
    8,985
    113
    35
    Spain
    gammirisuth hadanawada ohoma?

    Gram 100ya 100ya ewapan nana!
    අපේ අම්මා ගම්මිරිස් හැදුවේ නම් හොඳ ඇට වෙන්කරලා උනුවතුරේ තම්බල පොතු යවල ඊටපස්සේ වේලලා ගන්න එක. අමාරු වැඩක්. එත් සුදු ගම්මිරිස් හදන්නේ එහෙම. කළු ගම්මිරිස් නම් කෙලින්ම වේලනවා. තම්බන්නේ නැහැ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අපේ අම්මා ගම්මිරිස් හැදුවේ නම් හොඳ ඇට වෙන්කරලා උනුවතුරේ තම්බල පොතු යවල ඊටපස්සේ වේලලා ගන්න එක. අමාරු වැඩක්. එත් සුදු ගම්මිරිස් හදන්නේ එහෙම. කළු ගම්මිරිස් නම් කෙලින්ම වේලනවා. තම්බන්නේ නැහැ.
    අපි නං තම්බන්නේ නැහැ.
    කඩේ ප්‍රසන්න කුඩු 100 ග්‍රෑම් - 160 වගේ වෙන්නේ විජේ හොඳයි ප්‍රිලන් හොඳයි
    ඒ ගානට තියෙනවද?

    ග්‍රෑම් 100 ක් රු දෙසියට වැඩිනේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    අපි නං තම්බන්නේ නැහැ.

    ඒ ගානට තියෙනවද?

    ග්‍රෑම් 100 ක් රු දෙසියට වැඩිනේ
    230i , melo rahak nathi ewa.
    gewal wala gahana ewa thiye ekasiya ganan walata. samahara ewa hodai, samahara eya dye wage yanawa kama hadanakota
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    පොල් 750ml හොඳම එකෙන් 1,500.00 වගේ.... බාල එව්වා 650.00

    පොල් ගෙඩි කීයක් විතර යයි ද බෝතලයක් හිඳින්න.
    උපරිම පහක් වගේ යනවා.

    දැන් පොල් ගෙඩියක් රුපියල් 150 ක් වගේ වෙනවා. එතකොට දල වශයෙන් පොල් වලට වියදම 750 ක් වගේ වෙනවා.

    අපිට නං ගෙදර ගස් වල නිසා පොල් වලට වියදමක් නැහැ.

    මහන්සිය සහ තෙල් මෝලට දෙන්න ඕනි ගාන තමයි.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා.

    කැමති නං බලන්න.

    ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අපේ අම්මත් කරනව. ගම්මිරිසුත් ඔහොම කරනව. කඩෙන් ගන්නෙම නෑ..
    ඔව්. හොදට වේලලා ගන්න ඕනි. නැත්තං පුස් අල්ලනවා. ෆ්‍රිජ් එකේ දැම්මොත් මාස ගානක් තියා ගන්න පුළුවන්.
    උබේ life style එකට මම හෙන කැමතියි බන් .
    ස්තුතියි.
    apinath owa karanne nah ane api posh. iya paduru wala elala.
    ඔව්. පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නැහැනේ.