අපේ ගෙදර කෑම වලට් අවශ්‍ය වෙන මිරිස් කුඩු, කෑලි මිරිස් වගේ ඒවා අපි හදාගන්න විදිය ගැන තමයි මේ.
කඩේන් මිරිස් කුඩු, කෑලි මිරිස් ගද්දි ඒවායේ ගුණාත්මක භාවය සහ ගෙවන මුදල ගැන සැහීමකට පත්වෙන්න බැහැ.
සාමාන්‍යයෙන් කඩෙන් ගන්නකොට කෑලි මිරිස්, මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් දෙසීයට වැඩියි. කිලෝ එකක් ගද්දි රුපියල් 2,000 ක් වත් වෙනවා.
ඒ නිසා මම කරන්නේ මිරිස් කරල් අරගෙන රොඩු අයින් කරලා ඒවා තෙත රෙදි කෑල්ලකින් පිහලා වේලෙන එක දවසක් දෙකක්. ඊට පස්සේ නැටි කඩලා අයින් කරලා, කරල් ටික මිරිස් අඹරන මෝලට ගිහින් අවශ්‍ය පරිදි කෑලි මිරිස් සහ මිරිස් කුඩු හදා ගන්න එක. මිරිස් කරල් කිලෝ එකක් රුපියල් 900 ක් වගේ වෙන්නේ.
මේවායේ රොඩු අයින් කරලා වේලලා ගත්තම ඒක ග්‍රෑම් 900 ක් වගේ වෙනවා.
කුඩු කරගන්න යන්නේ රුපියල් 100 ට අඩුවෙන්.
ඉතින් මුදල එකට එකක් ලාබයි.
කඩේ මිරිස් කුඩු ග්‍රෑම් 100 ක් රුපියල් 200 ට වැඩියි. අපි මෙහම හදා ගද්දි වියදම රුපියල් 100 ක් වගේ. එකට එකක් අඩුයි.
අනික තමයි ලාබයට වඩා ගුණාත්මක බව සහ සැර වැඩියි.
ඉතිං අද උදේ මේ වැඩේ කරද්දී පහල පින්තුර ටික ගත්තේ.
ඔන්න අයින් කරපු රොඩු. පස් කැට, හිසකේ ගස්. ලෝම, ගොම් බෙටි පවා තියෙනවා.
අනික මිරිස් කරල් වල වගේ දුවිලි කුණු බැඳිලා තියෙන්නේ.
අපි කඩෙන් ගන්නකොට මේවා කොහොම හදනවද කියලා දන්නේ නැහැනේ.
ඉතිං ඔයලා මේ ගැන සැලකිලිමත් වෙන්න.
ඒ අස්සේ පොල් ගෙඩි ටිකකුත් වේලෙන්න දැම්මා. පොල්තෙල් හදා ගන්න.
- මාගේ වෙනත් ත්‍රෙඩ් -
1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්
2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්
3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්
8) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?
9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
11) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
11) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්
12) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
13) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
14) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්
15) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්
ස්තුතියි