ඇත්තටම මේක දාන්නේ ෆේක් Acc එක්කින්.
මගේ පෙනිස් ඉස්සරහින් අදින්න බෑ. ( පෙර සම ) පස්සට වෙන්නේ නෑ. ඒත් වේදනාවක් වක් මොකුත් නෑ. මූත්‍රා කිරීමේදී ඉස්සරහින් කුඩා ගෙඩියක් වගේ මතුවෙනවා. ඊට අමතරව කිසිම අවුලක් නම් නෑ.
ප්‍රශ්නේ තියෙන්නේ පිටුපසට නොවිම. මේ ගැන ගෙදරට කියන්න විදියකුත් නෑ. ඩොකෙක් හම්බ උනත් මොනා වෙයිද දන්නේ නෑනේ, ඔපරේෂන් කරත් ගෙදරට නොකියා කරන්න බෑනේ.
හිතලා හිතලා බැරිම තැන තමයි මේක දාන්නේ මචන්. ජෝක් එකටනම් ගන්න එපා.
හිතට මාර වදයක් මේක. පාඩම් කරන්නත් බෑ
ගූගල් කරාම එන්නෙත් පිලිකා හැදෙනවා සුන්නත් කරන්න වෙනවා වගේ දේවල්. මම ඔන්ලයින් ජොබ් කරන නිසා නිතර එළියට යැවෙන්නෙත් නෑ.
දැනට වයස 21 මාස 11 යි. 22ටත් කිට්ටුයි. මචන් මේ ගැන දන්න කෙනෙක් මට මේකට කරන්න දෙයක් කියනව ද? තව කල් හිටියොත් පිලිකා වෙයිද?
උදව් කරන අයට පින් මචන් මානසිකව වැටිල යුනි එක්සෑම් පවා අනාගන්න අවස්ථාවක මම ඉන්නේ


පිලීස් හෙල්ප්