නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය දෑන් හිරේ ඉන්න 10 දෙනා තමා අර ලමයගේ නිදහසට මුලින්ම බාදා කලේ. ඒකට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත්තම අනිත් අයට දඩුවම ලෑබේනව. ඒක තමන් කෑමත්තේ කෙනෙක්ව රෑග් කරල කර ගත්ත දෙයක්.
    මගේ ගෘප් එකේ කෑම්පස් එකේ හිටපු ලොකුම සල්ලි කාරයා වගේම දුප්පත්ම එකෙකුත් හිටියා. අපි එකට කෑවා බිව්වා. වෙනසක් තිබුනේ නෑ. දෙවෙනි අවුරුද්දේ සමහරු වෙන පෑති වලට ගියා. අදටත් facebook එකේ සෙට් එකම එක group එකේ ඉන්නව. දෑන් ඌටත් වඩා සල්ලි කාරයො වෙච්ච දුප්පත් එවුන් ඉන්නව. එකක්වත් වෑඩක් නෑ තමන් ආපු වෑඩේ හරියට කරගත්තනම් ගොඩ. වෑරදුනොත් කවුරුත් නෑ

    සල්ලි තියන එකාව දුප්පත්ම එකාගේ තැනට බලෙන් ඇදලා දාල කෘතිමව සමානාත්මතාවක් හදන්න පුළුවන් කියල හිතන එකයි ලොකුම මෝඩකම බං.......හරි නම් වෙන්න ඕනේ අනිකා මොනවා ඇන්දත් ඇඳුමෙන් මිනිස්සු මනින්න බැරි බව තේරුම්ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් හදාගන්න උදව් වෙන එකයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් උසස් අධ්‍යාපන අමාත්යංශය හරි කැලණිය කැම්පස් එකේ පරිපාලනය හරි පලවෙනි වසරේ ගෑනු ළමයින්ට කලිසම් අඳින්න තහනම් කියල තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කිරීමේ බලය සීනියර් කට්ටියට බාරදීලද තියෙන්නේ?

    මොකද අපේ ඉස්කෝල වල නම් නීති හදන එක ඉහල පන්තිවල ළමයින්ට දීල තිබුනේ නෑ

    හයියෝ සල්ලි.:lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි තියන එකාව දුප්පත්ම එකාගේ තැනට බලෙන් ඇදලා දාල කෘතිමව සමානාත්මතාවක් හදන්න පුළුවන් කියල හිතන එකයි ලොකුම මෝඩකම බං.......හරි නම් වෙන්න ඕනේ අනිකා මොනවා ඇන්දත් ඇඳුමෙන් මිනිස්සු මනින්න බැරි බව තේරුම්ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් හදාගන්න උදව් වෙන එකයි

    :yes::yes::yes::yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    විශ්ව විද්‍යාලයක් කියන්නෙ වෙනම උපසන්ස්කෘතියක් තියෙන තැනක්නෙ මචන්. ඕක ගැන ඕන තරන් පොත් හිටන් තියෙනව. එතන ඔය වගේ දේවල් වෙනවා. සමහර ඒව ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් නෙමේ.

    ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්. අවු.10 ක් 12 ක් තිස්සෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. ඒ කෙල්ල ඔය දවස් ටික සායක් ඇදන් ගියානම් ඒ කෙල්ලටවත් , එතන ඉන්න අනිත් උන්ටවත් කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි :rofl:

    මෙතන තියෙන ලොකුම විහිලුව තමයි, මීට ඉස්සෙල්ල මහ දරුණු විදිහෙ rag සීන් ප්‍රසිද්ද උනත් මුකුත් කිව්වෙ නැති කාඩ්බෝඩ් වීරයො කෙල්ලෙක්ට සායක් ඇදන් එන්න කිව්වම කීබෝඩ් වීරයෝ වෙලා ඉන්න එක. ඒ උනාට උන්ගෙ fb වගේ බැලුවනම් කෙල්ලොන්ව කිච කර කර පෝස්ට් ශෙයාර් කරල ඇති. ඕකුන් තමයි කෙල්ලෙක් ඩෙනිමක් ඇදන් යද්දි ඒක බලල රෑට අත මරන්නෙ.

    සායක් ඇදන් එන්න කිව්වට කෑ ගහල වැඩක් නෑ. අඩුම ගානෙ පාරෙදි කෙල්ලෙක්ට කවුරුහරි කරදරයක් කරන්න ගියොත් ඒ වෙලාවට ඉදිරිපත් වෙයන්.

    (කවුද එකෙක් තඩි පින්තූරයක් දාලා රෙප් කපල. 5MB ද කොහෙද. ඌ හිතන් ඇති ඌ වගේ මමත් 29 කාඩ් දාලා ඉන්ටර්නෙට් යන එකෙක් කියල :rofl: පව් ඉතින්)

    ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි

    මෙහෙම වෙයිද ???
    :confused::confused:
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    බාහිර පෙනුමෙන්ද සමානාත්මතාවය ඇති කරන්න හදන්නේ ? :confused::confused:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Originally Posted by sudu4u View Post
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    උබලා campus එකේ සමනාත්වතාවය හදන්න යන හැටි නම් හරිම ෂෝක්
    උබට කිසිම අයිතියක් නැහැ තව කෙනෙක් අදින ඇදුමට බලපෑම් කරන්න
    එක උන්ගේ අයිතියක්
    උබලගේ තියෙන කුහක ගතිය තමා පෙන්වන්නේ මේ වගේ වැඩ වලින්
    උන් උබලට වඩා හොදට ඇදගෙන එද්දී උබලට මොකද්ද තියෙන අමාරුව

    campus එකේ එහෙම ඇදුමෙන් සමනාත්වතාවයක් තියෙන්න ඕනනම් ඒ තීරණය උබලට ගන්න කිසිම අයිතියක් නැහැ
    උබලට කව්ද අද්‍යාපනය සම්බන්දව පරිපාලන සහ විනය ක්‍රියාමාර්ග ගන්න අවසර දුන්නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොමන් rag සීසන් එකේ ඕක තිනවා ,මහා ලොකු දෙයක් නෙමේ ,මේ තැන ගොඩක් කමෙන්න්ට් කරලා තියෙන්නේ එක පාරක් වත් යුනි එකකට ගිය නැති අය කියල පේනවා ,ඔය කෙල්ල නම් අයිත් එවරයි අවුරුදු 4 තම
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි බන් උඹල පොලිසියෙන් කනට ගැහුවම මානව හිමිකම් ගැන 1000 talk දාන්නෙ. උඹල සංසාරේ පව් කරලා හරි හමන් ඇඳුමක් අඳින්න බැරුව ඉපදුනාට අනිත් උන් පලිද. කුහක වෙන්න එපා බන්. ඕක මානසික ලෙඩක්. පරපීඩන මානසිකත්වය. කට්ටියටම බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.

    ආපො උබල පුදුම ඉරිසියාවකින් කුහක කමෙන් ඉන්න ජාතියක් බන්, උන් ඉගෙන ගන්නව කියල උබල ඉරිසියා කරන්ඩ එපා. එක කනේ පාරකට කියනවන කියවිල්ල ගෑනු වගේ උදේ ඉදන් රෑවෙනක් රැ එලිවෙනක් උදේ පාන්දර ඉදන් විලාප තියෙනව ඔහොම කුහක වෙන්ඩ එපා යකුනෙ උබලට කැම්පස් යනඩ බැරි උනා කියන යන උන්ට ඉරිසියා කරල කුහකමේ පැලෙන්ඩ යන්ඩ එපා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කැම්පස් වල සමානාත්මතාව ඇති කිරීම සදහා රජය විසින් පහත ඇදුම නිර්දේශ කිරීමට යන බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි...

    මේය සැල වීමෙන් පසුව උද්ගෝශන වල යෙදී සිටි සිසුන් ඔල්වරසන් දුන් බවට අප වාර්ථාකරු පවසයි..

    මෙම වෙනසින් පසු සියලු සිසුන් පහත ආකාරයට පෙනෙනු ඇත.

    images
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නවක වදය දුන්නොත් වසර 10ක් හිරේට

    නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

    අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

    නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.

    නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.

    මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.
    දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්‍ෂ (ජේවීපී සහ පෙරටුගාමී) තමාගේ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගත හැකි ඔළුගෙඩි ගාන වැඩි කර ගැනීම. උදාහරණයකට කොළඹ තියෙන උද්ඝෝෂනයකට සහභාගී කරවිය හැකි සිසුන් ගාන වැඩි කර ගැනීම.
    රැග් එකේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි "බැච් ෆිට් එක" බැච් ෆිට් එක කියන්නෙ බැච් එකම එක මතයක ඉන්න ඕනෙ කියන එක. මතුපිටින් බැලුවම මේක හරි ෂෝක් දෙයක්. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන තැනුත් තියෙනව. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි බැච් එකම එකඟ වෙන "එක මතය" කාගෙ මතයද කියන එක. මේක බැච් එකේ බහුතරයකගේ මතය නෙවෙයි. බැච් එකේ දේශපාලනික පොරවල් ගෙ, මතය. ඔවුන් ගේ මතය අනෙක් අය වෙත ආරෝපණය කිරීමත්, ඊට අනුගත නොවෙන අය "අලයන්" ලෙස හංවඩු ගැසීමත් සිද්ධ වෙනවා.
    උදාහරණයකට ලිප්ටන් වටරවුමේ තියෙන X නම් දේශපාලන කරුණ වෙනුවෙන් තියෙන උද්ඝෝෂනයකට සහභාගී වෙන හැමෝම X ගැන උනන්දුවක් තියෙන අය වෙන්නම ඕනෙ නෑ. නමුත් අලයෙක් ලෙස හංවඩු ගැසීමෙන් බේරෙන්න ඔවුන්ට ඒකට යන්න වෙනව.
    ලංකාවෙ කැම්පස් වල ඉන්න බහුතරය ගම් වලින් හෝ අර්ධ නාගරික ප්‍රදේශ වලින් එන දුප්පත් හෝ පහළ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ළමයි. ඒ අතර නාගරික ධනවත් ළමයිනුත් එනවා. නමුත් ඔවුන් සුළුතරයක්.
    දැන් අර ඉහත කියපු ගම්බද සහ/හෝ දුප්පත් ළමයි තමාගෙ ජීවිත කාලය පුරාම විවිධ ආකාරයෙන් පසුව කියපු නාගරික සහ/හෝ ධනවත් සමාජය විසින් මාජිනලයිස් වුන අය. ඔවුන්ට ඒ සමාජය ගැන බියක් සහ වෛරයක් තියෙනවා.
    ඒ වගේම සමහර පීඨ වල කෝස් එක කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අඩු ළමයින්ට කෝස් එක කර ගැනීම පිළිබඳ බියක් තියෙනවා.
    මේ ප්‍රධාන කාරනා දෙක තමයි රැග් එක විසින් තම පැවැත්ම සඳහා භාවිතා කරන්නෙ.
    රැග් සීසන් එකේදි නවකයන්ට දෙන තෙල් වලදි මේ කරුණු දෙක භාවිතා කරනවා ඔවුන් රැග් එක කෙරෙහි ආකර්‍ෂනය කර ගන්න.
    නවකයන්ට ඔවුන් ගෙ සමාජ පසුබිම අමතක කරල "සරසවි උප සංස්කෘතියට" අනුගත වෙන්න කියනවා. රැග් සීසන් එකේදි තමාගෙ පාසැල මොකද්ද කියල ඇහුවොත් ඒකෙ නමින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ සඳහා සම්මත කරගත්ත අපහාසාත්මක යෙදුමක් පාවිච්චි කරන්න ඕනෙ. "අහවල් තැන අන්ඩර කඩේ". දෙමාපියන් ගෙ රැකියාවත් එහෙමයි. ඒ වගේම හැමෝම "යුනිෆෝම්" එකක් අඳින්න ඕනෙ. ඩෙනිම් බෑ. කෙල්ලො නම් චීත්ත ගවුම් විතරයි. සපත්තු බෑ. රබර් සෙරෙප්පු විතරයි.
    මේකෙ මුඛ්‍යය අරමුන තමයි හැමෝම සමාන තැනකට ගේන එක. නමුත් සැබෑ අරමුන තමයි අර කිව්ව ගැමි/දුප්පත් ළමයින් ගෙ නාගරික/ධනවත් සමාජය ගැන තියෙන බිය, සැකය සහ වෛරය එක්ස්ප්ලොයිට් කිරීම. "බලපල්ල අරුන් පොෂ් අලයො. උංගෙ සල්ලි බලය සහ සමාජ බලය ප්‍රදර්ශනය කරනවා. හැමදාම කරා වගේ උං මෙතනදිත් උඹලව මාජිනලයිස් කරයි. ඒක නොවෙන්න නම් උඹල එකතු වෙලා උන්ට ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනෙ. බලපල්ලා උඹලගෙ සීනියර් ල උඹල වෙනුවෙන් පෙනී සිටිනවා. උඹලව ආරක්‍ෂා කරනවා". ඕක තමයි යටින් යන තීම් එක.
    ඒ එක්කම කියනවා "ලෙචාල ඉන්නෙ උඹලව අන්නන්න බලාගෙන. ඉංග්‍රීසියෙන් ලෙකචර්ස් ගිහිල්ල උඹලට කෝස් එක ගොඩ දාන්න බෑ. ගොඩ යන්න නං කුප්පි ක්ලාස් යන්න ඕනෙ". කෝස් එක කම්ප්ලීට් කර ගන්න බැරි වෙයි කියන බය එක්ස්ප්ලොයිට් කරලා "අපි නැත්තං තොපි ෆේල්" කියල තීම් එක යවනව යටින්.
    මේ ෆියර්මොංගරින් උපක්‍රම වලින් අලුත් බැච් එකක අති බහුතරය "කැමැත්තෙන්" රැග් වෙන මට්ටමට ගේනවා (මේ ඇති කරන බය සහමුලින්ම අසත්‍යය නොවන බවත් ඒවට යම්කිසි පදනමක් තියෙන බවත් කියන්න ඕනෙ).
    ඊට පස්සෙ ඕන වෙනව සිස්ටම් එකට මුර බල්ලො. එතනදි තමයි අර මානසික රෝගී පකයල ටික එළියට එන්නෙ. උන් තමයි සිස්ටම් එක කඩන එවුන් ව හපා කන්න පාවිච්චි කරන්නෙ. කුණුහරුපෙන් බැනීමේ සිට බැච් එකේ කොන් කිරීම හරහා ඉතාමත් අශික්‍ෂිත උපක්‍රම දක්වා සියලු දේ පාවිච්චි කරනවා සිස්ටම් එකෙන් පනින එවුන් ආපහු ඇතුළට දාගන්න. මේ මුර බල්ලන් ගෙන් සෑහෙන පිරිසක් නවකයන් බවත් කියන්න ඕනෙ. මේ නවක මුර බල්ලො තමයි බැච් එකේ පොරවල් වෙන්නෙ. ඒ ප්‍රිවිලේජ් එක වෙනුවෙන් මේ මුර බල්ලො සිස්ටම් එක කඩන එවුන් ගැන ජේෂ්ඨයන්ට ඔත්තු සපයනවා. සිස්ටම් එක කඩන තමාගේ බැචාලට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරිනවා.
    ඊ ළඟට ඉන්නව මේක ආරක්‍ෂා කරන එවුන් ටික. උන් තමයි "රැග් එක හරි ෆන් මෙයාලා - කැම්පස් කාලෙ ඒවයෙන් මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ රැග් වෙච්ච ඒව තමයි. මේ ගොල්ලො කියනව වගේ මරාගෙන කන්නෙ නෑ අනේ. ඔය පොඩි පොඩි ගොංපාට් ටිකක් තමයි දෙන්නෙ. හරි ෂෝයි" වගේ කතා කියන්නෙ.
    මේ තමයි මීහරක් රැළ. උන් තාම දන්නෙ නෑ උන්ට ඇරිය කියල. මේ පිරිස අර ඉහත කියපු භීතිකාවට අහුවෙලා රැග් වෙලා එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ මානසික රෝගී පකයල ගෙ මානසික රෝග වෙනුවෙන් වධ බන්ධනයන්ට ලක් වුන අය. හැබැයි උන් ඒක දන්නෙ නෑ. සිස්ටම් එක කඩන්න ලොකුවට ට්‍රයි කරේ නැති නිසා "මරාගෙන කන රැග් එකකට" ලක් වෙලා නෑ. හැබැයි උන් දන්නෙ නෑ හැමෝමටම ඒවගේ මල් රැග් ලැබෙන්නෙ නෑ කියල.
    සිස්ටම් කඩන්න කැරලි කාර පුකේ උණක් තිබීම නිසා හෝ සිස්ටම් එකට අනුගත වෙන්න තරම් මානසිකත්වය ශක්තිමත් නොවීම නිසා හරියට අනුගත නොවෙන එවුන්ට අමානුෂික රැග් එකක් ලැබෙනවා. සමහර එවුන් මානසික රෝගී වෙනවා. දිවි නසා ගන්නව. කෝස් එක දාල යනවා. අර උඩ කියපු මල් රැග් කාපු මල් පොන්නයොන් ගෙ කතා වලින් ඒක වහනවා.
    අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.

    උපුටාගැනිමකි. සොර්ස්:බුකිය
     
    • Like
    Reactions: LazyLizard

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    රැග් එකේ ගුණ රැග් එක නිසා තමන්ට වුණු සෙතේ ගැන හුඟක් අය තරගෙට වගේ කියවන නිසා තමා මේ ටික කියන්න මටත් හිතුණේ. මමත් කැලණි කැම්පස් එකේ. අවුට් වුණේ 2014. හොස්ටල් නම් නෙමේ ඒත් පාරේ තොටේ රැග්වලට වගේම කොමන් රැග්වලටත් අහුවෙච්ච එකෙක්.
    ඒත් මේ සමහර ඇත්තෝ කියනවා වගේ කැම්පස් එකේ තැන් මොනවද ? කැම්පස් එකේ ලොක්කෝ කවුද ? කැම්පස් එකේ වැඩ කරන්නේ කොහොමද ? වගේම යාලු මිත්‍රාදීන් මම නම් ඇති කරගත්තේ රැග් එකට පින් සිද්ධ වෙන්න නම් නෙමේ.
    රැග් එකේ අමිහිරි මතක කියලා දෙයක් මට නැතත් ඒකෙන් ඇත්තටම සිද්ධ වුණේ අපිව බයිට් කරලා සින්නෝ ආතල් එකක් ගත්තු එකත්, උන්ට ගිය අවුරුද්දේ සිද්ධ වුණු දේවල්වලට ඇරියස් කවර් කරගැනිල්ලකුත් විතරයි. එහෙම නැත්නම් උන් ගොඩයන්න ට්‍රයි කරපු එක. ඒ අය අතුරින් තග නැතුව කුණුහරුප නැතුව අපිට දෙයක් කියාදෙන්න හැදුව සින්නෝ නොහිටියා නෙමේ. මට නම් අදත් මතක තියෙන්නේ උන්ව. නමෙන් මතක නැතත් මූණෙන් හරි මතක උන්ව.
    රැග් එක නිසා, කොමන් රැග් එකේ එක ටොපිය කෑවා කියලා එක බත් එක බෙරිවෙන්න අනලා කෑවා කියලා හිතවත් වෙච්ච මිනිස්සු නෑ මට. මම කැම්පස් එකේදී මිනිස්සු එක්ක හිතවත් වුණේ කථා බහ කරලා වගේම කරන්න පුලුවන් උදව්වක් කරලා. රැග් පටන් ගන්නත් කලින් අපේ එවුන් විතරක් හිටියේ ඔරියන්ටේෂන් මාසේ ඉවර වෙද්දී මම එහෙම කථා කරලම මිනිස්සු අඳුරගෙන හිටියේ. මං ගැන දන්න ඕනේ එකෙක් කියයි මගේ වැඩත් පාඩුකරගෙන සමහර වෙලාවට මම අනික් එවුන්ට උදව් කරපු හැටි. ඒ වගේමයි මම ලොකු ගැට්ටකින් හිටියේ නැහැ හැම එකා එක්කම හැම එකී එක්කම කථා කළා. අපේ බැච් එකේම හිටිය හොස්ටල් එකෙක් මට භීෂණයක් දාන්නත් ආවා මම පොර වෙන්න යනවා කියලා. ඒකට හේතුව වෙලා තිබුණේ මම හැම එකාම එක්ක විශේෂයෙන් කෙල්ලෝ එක්ක කථා කරන එක. ඒ වගෙමයි ගැට්ටෙන් ඉන්නවා කියලා කියන පොෂ් කෙල්ලෝ එක්ක වුණත් මම හිතවත් වුණේ කථා කරලා. එහෙම ගැට්ටක් උන්ට තිබුණෙත් නැහැ. සින්නෝ තමා ඒවා ඔළුවට දාලා තිබ්බෙත්.
    හොස්ටල් නොවුණා කියලා අපිට පොඩි කැපිල්ලක් තිබුණත් පළවෙනි අවුරුද්දේ රැග් සීසන් එකේ විතරක් නෙමේ ඊට පස්සෙත් තිබ්බ පිකට්වලට පවා මම ගියේ අපේකමට අපේ එවුන් නිසා. නැතුව රැග් එකක් නිසා නෙමේ.
    මම දන්න හොඳටම රැග් වුණු එවුනුත් ඒ කාලෙන් පස්සේ ආත්මාර්ථකාමී විදිහට තමන් විතරක් ගොඩයන්න නෝට් හංගපු හැටි නෝට් නොදී හිටපු හැටි පොත් හංගපු හැටි වගේම කේලම් පවා කියලා තමන්ගේම එවුන්ට කපපු හැටි මම දන්නවා.
    අපි සින්නෝ විදිහට අපේ පහළ බැච්වල එවුන්ට රැග් කරන්න ගියෙත් නැහැ. උන්ට පුලුවන් හැම වෙලාවෙම උදව් කළා විතරයි. අපේ පහළ බැච් එකේ හිස්ට්‍රි කරපු එවුන්ට අපි කොළඹ බලන්න ට්‍රිප් එකක් එක්කගෙන ගියා. කොළඹ නොදන්න නොදැකපු එවුන්ට අපි කොළඹ පෙන්නුවා. අපි උන්ගේ වෙල්කම් එකට ලී කෑලි ප්ලාස්ටික් කෑලි දුන්නේ නැහැ වැදගත් වෙන අධ්‍යාපනික පොත් දුන්නා. පහළ බැච් එකේ හැම එකාටම එකීටම අපේ බැච් එකෙන් එක් කෙනෙක් දුන්නා භාරකාරයෙක් විදිහට උදව් ඉල්ලගන්න.
    ඒක නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි අවුරුදු 13 ක් ඉස්කෝලේ ගිහින් අවුරුදු 20 ක් විතර මොකක් හරි ක්‍රමේකට හැදිච්ච එකෙක් මාස තුන හතරක රැග් එකකින් වෙනස් කරන්න පුලුවන් කියන එක බොරු වැඩක්. ටික කාලයක් යන්න කලින් හැංගුණු චරිතේ ආයේ එළියට එනවා. ඒ විතරක් නෙමේ රැග් කාලේ බුදු පොද්දෝ වගේ හිටපු එවුන් අවුරුද්දක් දෙකක් යද්දී කොච්චර තුප්පහි පොරවල් වෙනවද කියන එකත් අත්දැකීමෙන් මම දැකලා තියෙන දෙයක්.
    අපි කවුරුත් කැමති නැහැ අපිට කවුරුත් බනිනවට කුණුහරුප කියනවට තග දානවට. බුදු හාමුදුරුවෝ ජේසුතුමා පවා ඒ ගැන කියලා තියෙනවා. එහෙව් එකේ දැන් ඉන්න අය බුදුවෙලාද නැත්නම් දේව පුත්‍රයා වෙලාද දන්නේ නැහැ කියන්නේ ඒවා පස්සේ මතක් කරද්දී මිහිරි මතක හරි ෂෝයි කියලා වැදි බණ. මිහිරක් ඇති ඒත් මතක් කරගන්න ඒ වෙලේ කලිසමේ චූ යන ගාණට හිටිය හැටි. කැලණි කන්ද නගිද්දී පපුව නිකම් මෝලක් වගේ ගැහුණු හැටි හවස ලෙක්චර් ඉවර වෙලා ලෙක්චර් හෝල් එකෙන් එළියට එද්දී පපුව ගැහුණු හැටි.
    ඒක නිසා තග දම දමා කුණුහරුපෙන් බැන බැන පහළ එවුන් හදන්න යන්නේ නැතුව එක්කෝ පහළ එවුන්ට තමන් දන්න යමක් කරුණාවෙන් කියාදීලා උන්ට උදව් කරපල්ලා එහෙම බැරි නම් තමන්ගේ වැඩක් කරගෙන කැම්පස් එකෙන් අවුට් වෙයල්ලා.
    ඕවා කැම්පස් ඉන්නකම් තේරෙන්නේ නැහැ අවුට් වුණාම තේරෙන්නේ.....

    උපුටාගැනිම බුකියෙන්
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    ඇදුමෙන් කොහොමද බං සමානාත්මතාවය ඇති කරන්නේ? උබල සමානාත්මතාව ඇති කරන්න අඩුම විතරක් වෙනස් කරාම ඇතිද? මුළු ඔක්කොම එකම විදිහට ඇන්දා කියල දුප්පත්-පෝසත්, ගමේ-නගරේ කියන වෙනස පෙන්නේ නැති වෙන්නේ නෑ නේද?
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස මුනෙන් උනත් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් එහෙනං වෙස් මුණක් දාගෙන එන්න කියපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස කතා කරන විලාසයෙන් තේරෙනවා. සමානාත්මතාවය ඇති කරන්නන් වෙනම භාෂා විලාසයක් හදපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස හැසිරෙන විදිහෙන් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් විශේෂ විදිහකට හැසිරෙන්න කියපන්.
    උඹලගේ මානසික විකෘති ආශාවල් ඉටුකරගන්න ගෙනාපු වෙස් මුණක් විතරයි ඕක.

    අපිත් campus ගියා. එත් අපි කවදාවත් ඇදුමෙන් එක එකාව මැනලා කොන් කරේ නෑ. අපේ හිත්වල එහෙම එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ. උඹල එහෙම ඇදුමෙන් මිනිස්සු මනිනවනන් උඹලගේ මානසික තත්වේ හිතගත්තහැකි. අදටත් අපි අපේ batch එකේ ඕන එකෙක්ගේ විස්තර දන්නවා.

    දැන් lecturer නවක වදේට විරුධ්දයිනේ. ඒ උනාට ඒ මිනිස්සුත් ඉස්සර නවක වදේ විදල තියනවා. උබල නිකමට හිතුවද ඇයි ඒ මිනිස්සු ඒකට කැමති නැත්තේ කියල? ඒ මිනිස්සුත් දන්නවා ඉස්සර වගේ නවක වදේ සුන්දර දෙයක් නෙමෙයි කියලා.

    සල්ලි තියන එකාව දුප්පත්ම එකාගේ තැනට බලෙන් ඇදලා දාල කෘතිමව සමානාත්මතාවක් හදන්න පුළුවන් කියල හිතන එකයි ලොකුම මෝඩකම බං.......හරි නම් වෙන්න ඕනේ අනිකා මොනවා ඇන්දත් ඇඳුමෙන් මිනිස්සු මනින්න බැරි බව තේරුම්ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් හදාගන්න උදව් වෙන එකයි

    :yes::yes::yes:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඇදුමෙන් කොහොමද බං සමානාත්මතාවය ඇති කරන්නේ? උබල සමානාත්මතාව ඇති කරන්න අඩුම විතරක් වෙනස් කරාම ඇතිද? මුළු ඔක්කොම එකම විදිහට ඇන්දා කියල දුප්පත්-පෝසත්, ගමේ-නගරේ කියන වෙනස පෙන්නේ නැති වෙන්නේ නෑ නේද?
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස මුනෙන් උනත් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් එහෙනං වෙස් මුණක් දාගෙන එන්න කියපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස කතා කරන විලාසයෙන් තේරෙනවා. සමානාත්මතාවය ඇති කරන්නන් වෙනම භාෂා විලාසයක් හදපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස හැසිරෙන විදිහෙන් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් විශේෂ විදිහකට හැසිරෙන්න කියපන්.
    උඹලගේ මානසික විකෘති ආශාවල් ඉටුකරගන්න ගෙනාපු වෙස් මුණක් විතරයි ඕක.

    අපිත් campus ගියා. එත් අපි කවදාවත් ඇදුමෙන් එක එකාව මැනලා කොන් කරේ නෑ. අපේ හිත්වල එහෙම එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ. උඹල එහෙම ඇදුමෙන් මිනිස්සු මනිනවනන් උඹලගේ මානසික තත්වේ හිතගත්තහැකි. අදටත් අපි අපේ batch එකේ ඕන එකෙක්ගේ විස්තර දන්නවා.

    දැන් lecturer නවක වදේට විරුධ්දයිනේ. ඒ උනාට ඒ මිනිස්සුත් ඉස්සර නවක වදේ විදල තියනවා. උබල නිකමට හිතුවද ඇයි ඒ මිනිස්සු ඒකට කැමති නැත්තේ කියල? ඒ මිනිස්සුත් දන්නවා ඉස්සර වගේ නවක වදේ සුන්දර දෙයක් නෙමෙයි කියලා.

    මචං උඹේ උගත්කම ඒකෙන්ම පේනවා. උඹ මුල ඉද්න් කොමේනට් කියවන් වරේන්.
    මම කොහේවත් කීවෙි නැ ඇදුමෙන් විතරක් සමානාත්ව තාව හදන්වා කියලා. හොදට බලපන් ,මම එතන උදාහරණයක් දුන්නේ ඒ අපි දෙන්නගේ මට්ටමට. උඹ වාදේ කොනක් අල්ලන් නරි වාදන් දුන්නට වැඩක් නෑ බං.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඇදුමෙන් කොහොමද බං සමානාත්මතාවය ඇති කරන්නේ? උබල සමානාත්මතාව ඇති කරන්න අඩුම විතරක් වෙනස් කරාම ඇතිද? මුළු ඔක්කොම එකම විදිහට ඇන්දා කියල දුප්පත්-පෝසත්, ගමේ-නගරේ කියන වෙනස පෙන්නේ නැති වෙන්නේ නෑ නේද?
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස මුනෙන් උනත් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් එහෙනං වෙස් මුණක් දාගෙන එන්න කියපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස කතා කරන විලාසයෙන් තේරෙනවා. සමානාත්මතාවය ඇති කරන්නන් වෙනම භාෂා විලාසයක් හදපන්.
    දුෂ්කර පැත්තක එකෙක්ගෙයි නගරේ එකෙක්ගේ වෙනස හැසිරෙන විදිහෙන් පේනවා. සමානාත්මතාවය ඇති කරන්නන් විශේෂ විදිහකට හැසිරෙන්න කියපන්.
    උඹලගේ මානසික විකෘති ආශාවල් ඉටුකරගන්න ගෙනාපු වෙස් මුණක් විතරයි ඕක.

    අපිත් campus ගියා. එත් අපි කවදාවත් ඇදුමෙන් එක එකාව මැනලා කොන් කරේ නෑ. අපේ හිත්වල එහෙම එකක් ගෑවිලාවත් තිබ්බේ නෑ. උඹල එහෙම ඇදුමෙන් මිනිස්සු මනිනවනන් උඹලගේ මානසික තත්වේ හිතගත්තහැකි. අදටත් අපි අපේ batch එකේ ඕන එකෙක්ගේ විස්තර දන්නවා.

    දැන් lecturer නවක වදේට විරුධ්දයිනේ. ඒ උනාට ඒ මිනිස්සුත් ඉස්සර නවක වදේ විදල තියනවා. උබල නිකමට හිතුවද ඇයි ඒ මිනිස්සු ඒකට කැමති නැත්තේ කියල? ඒ මිනිස්සුත් දන්නවා ඉස්සර වගේ නවක වදේ සුන්දර දෙයක් නෙමෙයි කියලා.

    මචං උඹේ උගත්කම ඒකෙන්ම පේනවා. උඹ මුල ඉද්න් කොමේනට් කියවන් වරේන්.
    මම කොහේවත් කීවෙි නැ ඇදුමෙන් විතරක් සමානාත්ව තාව හදන්වා කියලා. හොදට බලපන් ,මම එතන උදාහරණයක් දුන්නේ ඒ අපි දෙන්නගේ මට්ටමට. උඹ වාදේ කොනක් අල්ලන් නරි වාදන් දුන්නට වැඩක් නෑ බං.

    මචං හැමකෙනාටම මොනවා හරි දුර්වල කමක් තියනවා, එක උළුප්පන එක වෙනවා සමාජයේ කොහොමත්. අපි හිතන්න ඔනි අනිත් මිනිස්සුන්ට අඩුම හානි වෙන දේ සමාජ ගතකරන්න. බොරැ වාද කරලා වැඩක් නැ මචං අනිත් දේවල් ගැන.