.
5. රදා/රජක
Castes in SL
Source – rajakacommunity.blogspot.com
රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.
ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.
මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.
උබට මචො තෙරෙනවනෙ කතන්දරෙ මු රජක = රදා කුලයෙ